
සැදෑ කළුවර ගලන
අදුරු ගොම්මන් වෙලේ
නගේ නුඹ ඇයි තනිව
මේ වීදි කෙලවරේ
නගරයම සුර ලොවක
වෙස් ගන්න මේ පැයේ
හෙමි හෙමින් අඩි තියා
දසත නෙත් යොමන්නේ
නෙක පාට විදුලියට
නුඹ වශී වී වගේ
නගේ නුඹ දන්නවද ?
මතු පිටින් නුඹ දකින
මේ සුන්දරත්වය මැද්දෙ
මහ පොලොව නුහුලනා
අපරාධ මංකොල්ල
මේ නගරෙ සිදුවෙනව
උඹ උනත් තව ටිකෙන්
උන්ගෙ ගොදුරක් වෙන්න
බොහෝ විට ඉඩ තියේ
දයාබර නැගණියේ
නිශාචර හෝරාව
එලබෙන්න පෙරාතුව
අඩිය ඉක්මන කරල
හනි හනික ඉගිලියන්
පංති ගොස් පමා වුන
පොඩි එකී එනතුරා
ඉඳිකඩුලු ලඟට වී
අම්ම ඇති මඟ බලන්