
සැදෑ කළුවර ගලන
අදුරු ගොම්මන් වෙලේ
නගේ නුඹ ඇයි තනිව
මේ වීදි කෙලවරේ
නගරයම සුර ලොවක
වෙස් ගන්න මේ පැයේ
හෙමි හෙමින් අඩි තියා
දසත නෙත් යොමන්නේ
නෙක පාට විදුලියට
නුඹ වශී වී වගේ
නගේ නුඹ දන්නවද ?
මතු පිටින් නුඹ දකින
මේ සුන්දරත්වය මැද්දෙ
මහ පොලොව නුහුලනා
අපරාධ මංකොල්ල
මේ නගරෙ සිදුවෙනව
උඹ උනත් තව ටිකෙන්
උන්ගෙ ගොදුරක් වෙන්න
බොහෝ විට ඉඩ තියේ
දයාබර නැගණියේ
නිශාචර හෝරාව
එලබෙන්න පෙරාතුව
අඩිය ඉක්මන කරල
හනි හනික ඉගිලියන්
පංති ගොස් පමා වුන
පොඩි එකී එනතුරා
ඉඳිකඩුලු ලඟට වී
අම්ම ඇති මඟ බලන්
ලස්සන කවි පෙලක් කාව්‍යා අක්කේ...
ReplyDeleteස්තූති දිනේශ් මල්ලි
Deleteගැඹුරුයි! එ් තරමටම ලස්සනයි! :)
ReplyDeleteස්තූති ඔබටත්
Deleteහරිම ලස්සනයි!!! වෙනස්!!! වටිනා උපදෙස්..
ReplyDeleteස්තූති හිතූ ඔයාටත්
Deleteලස්සනයි .....
ReplyDeleteලස්සනට වඩා හරිම අර්ථවත්...මොකද අපේ කෙල්ලෝ හිතන්නේ රැ වෙලා පාරවල් දිගේ යන එකත දවල් යනවා වගේමයි කියල..උන් දන්නේ නෑ පාරවල් අයිනේ රෑ වෙනකොට හිවල්ලු ඉන්නවා කියන ඒක...
ඔව් ඇත්තටම අපි ඉස්කෝලෙ , පංති ගිය කාලෙටත් වඩා වැඩි නිදහසක් අද යුවතියන් අත්විඳිනවා.ඒත් වෙලාවක් කලාවක් නැතුව යුවතියක් මහමග රස්තියාදු වීමෙන් අනිසි ප්‍රථිපල අත් වෙන්න පුලුවන්
Deleteලස්සනයි යාලු..හිතන්න දෙයක්!
ReplyDeleteම්ම්ම් ඔව්
Deleteලස්සනයි යාලු! හිතන්න දෙයක්!
ReplyDeleteහොද උපදෙස් නම් තමයි.ඒත් වැඩේ කියන්නේ කවුරුත් ඕවා පිළිපදින්නේ නෑනේ.කෙල්ලෝ ටියුෂන් එනවා කියලා ඇවිත් වල බහිනවා කොච්චර අපි දැකලා තියෙනවාද?
ReplyDeleteඔව් අද හැදෙන අය ටිකක් වෙනස් එයාලට මොනා හරි වෙන්නම ඕනෙ අවබොධ කරගන්න, ඒත් එතකොට පමා වැඩි වෙන්න පුලුවන්
Deleteලස්සනයි!! යතාර්ථවාදි යි....
ReplyDeleteබොහොම ස්තූති
Deleteහම්ම් කවියෙන් කියල තියෙන්නෙනම් සම්පූර්ණ ඇත්ත . හොඳ අදහසක් කවී ..
ReplyDelete…
ස්තූති ගිම්හානී
Deleteඅම්මෝ දැන් කාලෙට ගැලපෙනම කවියක් අක්කේ.
ReplyDeleteඔව් ඒ නිසාමයි ගැහැණු ළමයින්ට මෙහෙම දෙයක් ලියන්න හිතුනෙත්
Deletenaraka naha
ReplyDeleteස්තූතී
Deleteලස්සන කවියක් අක්කේ.. මම ගිය සෙනසුරාදා පොඩි වැඩකට ගිහින් එනකොට රෑ වුනා.. රෑ අටට විතර වැස්සේ ඇවිදගෙන ආපු හැටි මතක් වුනා මේක කියවන කොට..
ReplyDeleteම්ම්ම්ම් එහෙමද
Deleteහ්ම්....ලස්සනයි...
ReplyDeleteස්තූතී
Deleteපද පෙලේ වචන වලට වැඩි යමක් කියන්නට උත්සාහ කරලා තියනවා කියලා හිතුණා.
ReplyDelete"හෙමි හෙමින් අඩි තියා දසත නෙත් යොමන්නේ"// මට මුලින් හිතුණේ මේ කියන්නෙ රාත්‍රී වැඩමුරය නිමාවී අන්තිම බසයත් මඟහැරුණු ගමෙන් නගරයට ආ තරුණියක් ගැන කියලයි.. හෙමි හෙමින් නුහුරින් අඩි තියන්නේ තවම ඇයට සිදාදිය නුහුරු නිසා..
ඒත් අන්තිම ටික කියවද්දී තමා තේරුණේ මේ ලියලා තියෙන්නේ ටියුෂන් වලට නගරයට ගිය නැඟෙනියක් ගැන කියලා... කාලීනව ගොඩාක් වටින ඔවදන් ටිකක්...!
ස්තූතී තොටියා... මට මෙහෙම දෙයක් ලියන්න හිතට හිතුනෙත් මම හැමදාමත් වගේ දකින දෙවල් නිසා.අතිරේක පංති ඉවර වෙලා වගේ වගක් නැතුව කරුවල වැටෙනකන්ම පාරවල් ගානේ රස්තියාදු වෙන ගැහැණු ළමයි මම අනන්ත දකිනවා අන්න එයාලා දිහා බලන් ඉන්නකොට මට හිතුන දෙයක් තමා මේ අකුරු කලේ
Deleteඅද දවසේ සමාජ යතාර්ථය තමයි මේ.. කලාතුරකින් දකින විධිහේ වටිනා කවිපෙලක්..
ReplyDeleteබොහොම ස්තූති ඔබට
Deleteමටත් මතකයි දවසක් අපෙ අක්ක පන්ති ඇරිලා එන්න හවස් උනා කියල බය වෙලා ඇඩුවා .
ReplyDeleteම්ම්ම්ම්ම්ම්ම්ම්
Deleteමට ඔය වගේ අදහසක් නාවේ ඇයි කියල හිතෙනව
ReplyDeleteස්තූති ඔබට
Deleteයතාර්ථය ලස්සන කවියකින් විස්තර කරලා.. නියමයි කාවියා :)
ReplyDeleteස්තූති යාලූ
Deleteනියමයි....ලස්සන කවි ටිකක්
ReplyDeleteඔයාටත් ස්තූතී
Deleteවිවිධ හේතු නිසා රාත්‍රියට මහමග තනිවෙන ගැහැනු දරුවෝ අපි දකිනවා.... ඒ හැමෝටම වටිනා උපදේශයක්....
ReplyDeleteහ්ම්ම් ඔව්...
Deleteලස්සන කවියක්
ReplyDeleteස්තූති ඔබට
Deletelassanama lassanayi kaviyo
ReplyDeleteස්තූති උමා මෙහෙට ආවට
Deleteහොද පදරචනයක්....,
ReplyDeleteස්තූති ඔබට
Deleteලස්සනට ලියලා තියෙනව.
ReplyDeleteලස්සන කවි පේලියක්
ReplyDeleteස්තූති කෝරලේ මහත්තයා
Deleteසරළයි සුන්දරයි. හරි තාත්විකයි.මේ කව කියවු සැනින් මං මගේ ඳඟමලු දෙක ළඟට අරන් පෙන්නුවා.පොඩ්ඩිට නම් තාම මේව තේරුම් ගන්න අමාරුයි.ඒත් ලොක්කිගේ හිතට වැදුනා කියලා තේරුණා.
ReplyDeletehttp://samakayawate.blogspot.com
ස්තූති නලීන් අයියේ... ඇත්තටම මේක එයාලට පෙන්නුවා කිව්වම මට ගොඩක් සතුටු හිතුනා.
Deleteමට නම් කවි දිරවන්නෙම නෑනෙ. ඒත් මේක නම් තේරුනා.
ReplyDelete(මේ මම කොල්ලා. ගැහැනු ලමයි අස්සට ජොයින් උනාට කමක් නැද්ද? වෙනදා නම් හොඳ බ්ලොගයක් දැක්කම එකෙන්ම ෆලෝ තමයි. ඒත් මෙතෙන්දි ලැජ්ජයි ලැජ්ජයි වගේ. ගෑනු ලමයින්ටම හදපු එකක්නෙ?)
ශා .... කස්ටිය එකතුවෙලා සුපිරි වැඩක් පටන් අරන් තියෙන්නේ. මරේ මරු....
ReplyDeleteඅයිස් සයිබරයේ කරක්ගහන්නේ සෑහෙන කාලෙකින් නිසා අදයි මේ බ්ලොගේ දැක්කේ. ඒකත් මරු දවසක...
මොකෝ අද ජාත්‍යන්තර ගැහැණු ළමයින්ගේ දවසනේ... එහෙනම් ජය වේවා කෙල්ලනේ! :D
වර්ථමාන සාමාඡය ලස්සනට කියල තියනවා අක්ෙක්
ReplyDeleteලස්සනයි අක්කේ :)
ReplyDeleteමගේ හඳවතටම දැනෙන්වා.හැඟිම්බරයි.මටත් ඉන්නේ නංගි නිසා.ඔබට ජය!
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
බොහොම හැඟිම් බර කවක්
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
හරිම සුන්දරයි. හරිම ලස්සට ලියලා තියෙනවා. ඔබට සුබ පතනවා. තෙරුවන් සරණයි !!!
ReplyDeleteලස්සන කවියක් ආසාවෙන් කියෙව්වා. ඔබට සුබ පතමි
ReplyDelete