Tuesday, July 10, 2012

ඔයාට, මට, එයාට අයිති නුඹ....




හැම දරැවෙක්ම හෙළන් ඇති
හැම ගැහැණියක්ම නාස්ති කරලා ඇති
හැම පිරිමියෙක්ම සඟවන්න ඇති
හැම කෙනෙක්ම වට්ටලා ඇති
මක්නිසාදයත්
එය කිසිවකුට අමුත්තකු නොවන නිසා...
ආදරයට
සතුටට
වේදනාවට
දුකට
එය උරැම නිසා...
මෙලොව උපදින්නටත් පෙරත්
මරණයෙන් පසුත්
ජිවිතය පුරා අප අතර
සැරිසරන
සැම මිනිස් නෙතක්ම
එහි රස ගුණ හදුනන්න ඇති





කඳුළු











43 comments:

  1. දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්....

    ReplyDelete
    Replies
    1. එකනේ බට්ටියෝ...

      Delete
  2. කදුලු කොයි තරම් නම් අපෙ ජීවිත වලට සමීපද !

    ReplyDelete
    Replies
    1. කඳුලයි, තනිකමයි, ආදරේයි වෙන්කරන්න බැරි තරමට අපේ ජිවිත වලට සමිපයි :)

      Delete
  3. හ්ම්..කඳුළ තරම් සමීප හිතවතෙක් තව කොහේ ඇද්ද

    ReplyDelete
  4. කදුලු නොහෙලපු නෙත් දෙකක් මෙලොව නැතුව ඇති ..හිතේ දුකක් තෙරපෙන වෙලාවට
    …කදුලු හෙලුවම පුදුම සහනයක් දැනෙනවා වෙලාවකට .

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.... ඇත්ත :) :) :)

      Delete
  5. නෙතු අතර සැගව
    නෙතු අතරම ගලන
    ඇස් පියන් බොද කරන
    එකම එක කදුළු බිදුව..

    හිතේ තෙරපෙන සිතුම් අතර
    වචනයෙන් නොකී සිතුවිළි වල
    ගැගුම් කැටි කර ගලා ගිය
    එකම එක කඳුළු බිදුව..

    ReplyDelete
    Replies
    1. කවදාවත්ම එකම එක ඇස් දෙකකින් කඳුළු දකින්න අකමැති. ඒ ඔයාගේ ඇස් දෙකෙන්... ජිවිතේ තියෙනකම් ඔය ඇස් දෙකට කඳුළු උරැම වෙන එකක් නෑ. ඉර හඳ වගේ ඒ ගැන විශ්වාසයි. :)

      Delete
    2. +++++++++++++++++ ඔහොම යං ජය

      Delete
  6. ලස්සනයි!

    ReplyDelete
  7. කඳුලැල් සලා...
    කඳුල ඉතින් සමාවෙයන්...
    කඳුලු ගංගා ගලා....
    කඳුලු බිඳක්....

    ඔන්න කඳුලු සිංදු.............

    ReplyDelete
    Replies
    1. කඳුලැල් උහුලන්...
      කඳුළු දෙනෙතින්...

      තවත් ඇති ඉතින්..... ;)

      Delete
  8. කදුල තරම් අපේ ජීවිතය ගැන දන්න වෙන කවුරුත් නැහැ යාළු...කදුල තරම් ජීවිතයට සමීප කෙනෙකුත් නැහැ යාළු...

    ReplyDelete
    Replies
    1. ඇයි සිත්තමි එච්චර බරපතලව එහෙම කිවුවෙ....

      Delete
    2. යෙස් යෙස් යෙස්...............

      Delete
  9. හ්ම්ම්ම්ම්......

    ReplyDelete
  10. හිත සැහැල්ලු වෙන හොදම දෙයක් තමා මට නම් කඳුලු.....

    ReplyDelete
    Replies
    1. මට දැන් තහනම් කඳුළු :)

      Delete
  11. දුකට සතුටට දෙකට කඳුලය

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.... :)

      Delete
  12. ගොඩක් දුකක් ආවමත් ඇස් අගට එන්නේ කඳුළු බින්දුවක්. ගොඩක් සතුටක් ආවමත් ඇස් එන්නෙත් කඳුළු බින්දුවක්

    ReplyDelete
    Replies
    1. :) ඔව් එක ඇත්ත

      Delete
  13. කඳුළු මටනම් ,
    වෙලාවකට ළඟම යාළුවෙක්...
    තවත් වෙලාවකට
    මහම මහ වෛරක්කාරයෙක්!!!

    ReplyDelete
    Replies
    1. එහෙමද :( හා හා හිතුවා බලන්නකෝ :))))))

      Delete
  14. කදුළු මතින් ගොඩ නැගුනු ජීවිතයක් තම කවද හරි කදුළු වල අගය වගේම ජීවිතේ සැබෑ සාර්ථකත්වය ලබා ගන්නෙත්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.... මමත් එක පිලිගන්නවා.

      Delete
  15. අඬාගෙන ඉපදිලා අඬවගෙන මැරිල යන අපිට මුළු ජීව්ත කාලෙටම උරුම කඳුල විතරයි.ලස්සන නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. තැන්කු කස්ස...

      Delete
  16. හැම පිරිමියෙක්ම සඟවන්න ඇති......................

    ReplyDelete
  17. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!

    ReplyDelete
  18. ඒසේම වේවා !!!!! වෙන මොනව හරි ලැබේවා :ඩී

    ReplyDelete
  19. දුකට සැපට එකට ඉන්න මිත්‍රයා නේ අක්කේ
    "කඳුළු"

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.... එකනේ පුබුදු මල්ලියෝ.

      Delete
  20. ඒකනම් අමූලික ඇත්ත අෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. හික් හික් එහෙනම් කමක් නෑ ;)

      Delete
  21. ජිවිතේ මොනදේ නැතිවුනත් නැතිවෙන්නැති එකම දේ කදුළු විතරමයි....

    ReplyDelete
  22. මේක මගහැරුනනේ... කවි පෙළ හොඳයි.

    ReplyDelete
  23. උඹට ණයගැති මන්
    හැමදාම මගේ ජීවිතේ
    හැම එකාම යනකොටත්
    උඹ ගියේ නෑ මගේ ලඟින්
    ඉඳලා හිටලා වැටිනා තමයි
    කම්මුල් තෙමාගෙන මගේ..
    ඒත් තාමත් උඹ ඉන්නවා
    කඳුළු මගේ ලඟින්..

    ලස්සන කවියක් මහි..

    ReplyDelete

අපේ සිනිඳු හිත් වල හයියට, මොනා හරි කියලා යන්න... ඔයාලාගෙ ශක්තිය හුඟාක් වටීවී....