මේ ගැහැනු ළමයි බ්ලොග් එකට ලියන 2වෙනි ලිපියයි. ඒත් ඒක මෙහෙම ලිපියක් වේවි කියලානම් හිතුවෙ නෑ.. ඇත්තටම මට ඕනෙ කලේ ගැහැනු ළමයි වෙනුවෙන් යමක් කියන්නයි.දැන් කට්ටිය බලයි ගැහැනු ළමයි බ්ලොග් එක නවත්වන්නද යන්නෙ කියලා..:D නෑ.. ඒක එහෙම වෙන්නෙ නෑ..
මේ බ්ලොග් එක දිගටම ලියාගෙන යනවා.. බාධක, ප්‍රශ්න,හිත් රිදවීම් ජීවිතේට මූණ දෙද්දිත් අත්දකින දේවල් වෙච්චිකොට, බ්ලොග් එකක් ලියාගෙන යද්දි ඔහොම දේවල් වලට මූණ දෙන්න වීම බොහොම සාමාන්‍යයි. ඒ නිසා නියම ජයග්‍රහණය රඳා පවතින්නෙ උත්සාහය, අධිෂ්ඨානය සහ බාධක හමුවේ නොසැලී හිදීම තුළ බව දන්න ගැහැනු ළමයි අපි, මේක දිගටම ලියාගෙන යනවා.මොන බාධකය ආවත් අපි මේ පටන්ගත්තු වැඩේ දිගටම කරගෙන යනවා.
ඊලඟට කියන්න ඕනෙ වැදගත්ම දෙයක් තමා, මේ "ගැහැනු ළමයි" බ්ලොග් එක ගැන. මේ බ්ලොග් එකේ අරමුණ ගැන සමහර අයගෙ හිත් වල වැරදි ආකල්පයක්, සිතුවිල්ලක් තියෙන්න පුළුවන්.මේක මේ බ්ලොග් අවකාශෙ ඉන්න පිරිමි ළමයින්ට,පිරිමි පාර්ශවයට මඩ ගහන්න, ඔවුන් හෙළාදකින්න, චරිත ඝාතනය කරන්න, අපහසුතාවයට ලක් කරන්න ලියන බ්ලොග් අඩවියක්වත්, ස්ත්‍රීවාදී සංකල්පයක් විතරක්ම පෙරදැරි කරගෙන ලියන බ්ලොග් අඩවියක්වත් නෙවෙයි. බ්ලොග් අවකාශෙ සමකාලීන, එක වයස් පරතර වල කීපදෙනෙක් එකතුවෙලා, විනෝදය, සතුට වගේම ගැහැනු ළමයිගේ අදහස්, ආකල්ප, සිතුවිලි, හීන වගේම ගැහැනු ළමයින්ගෙ හිත් ගැන කතා කරන්න ලියන බ්ලොග් අඩවියක්. නමුත් මේ බ්ලොග් එකේ ඊට අමතරව, විවිධ කතා, සමාජ ගත විවිධ සිද්ධි, ගීත, සාහිත්‍ය වගේ විවිධ පරාස ඔස්සේත් ලිපි ලියන්න, කතා කරන්න තමයි අපි උත්සාහ කරමින් හිටියෙ.
මේ බ්ලොග් එක තාම පටන්ගත්තා විතරයි. තාමත් අපි අඩුපාඩු හදාගනිමින්, එන්න එන්න ලියන දේවල් වල ගුණාත්මක බව වැඩි කරගන්න සිතමින් මූලික අවදියේ ගත කරන බ්ලොග් අඩවියක්. ඉතින් තවමත් අපි බ්ලොග් අවකාශෙට තරමක් හරි පරණ වුනත්, මේ බ්ලොග් එක නම් තාම අලුත්. අපිට තව කල යුතු සහ, කිරීමට දේවල් හුඟාක් තියෙනවා.ඉතින් මේ බ්ලොග් එක දිහා බැලුවාම කෙනෙක්ට සෑහීමකට පත්වෙන්න පුළුවන් තරම් දෙයක් තියෙන්නත් ,නොතියෙන්නත් පුළුවන්.ඒ අපේ බ්ලොග් එක ගැන..
ඊළඟ කාරණාව තමයි, මේ බ්ලොග් එක ලියන්න එකතුවුනු අපි. අපි මේ බ්ලොග් අවකාශෙ මහා ලොකුම ලොකු චරිත නෙවෙයි. බ්ලොග් තරු නෙවෙයි. ඒක එහෙමයි කියලා අපි හිතාගෙනවත්, එහෙමයි කියලා කියන්නෙවත් නෑ. හුදෙක්ම ආත්ම තෘප්තිය වෙනුවෙන් බ්ලොග් ලියන අපි කීපදෙනෙක් එකතුවෙලා පටන්ගත්තු මේ බ්ලොග් එක හදන්න, මූලික අඩිතාලම හදාගත්තෙ මම, වර්ණා, ප්‍රාර්ථනා අක්කා වගේම සිහින මදාරා එකතු වෙලායි. අපි මේ බ්ලොග් එක හදලා,ලස්සන කරලා,අනිත් අයටත් කියලා ,අනිත් අයගෙනුත් අදහස් අරගෙන තමා මේක පටන් ගත්තෙ. ඊටපස්සෙ අපි මේකට කුමාරිහාමි අක්කා, පිටස්තරී, දඟමල්ල,බට්ටි සහ අනූ ව එකතු කරගත්තා.ඉතින් මේක ආරම්භයේදි ඇඩ්මින් ලා විදියට වර්ණාත්, ප්‍රාර්ථනා අක්කාත්, මමත් මූලික වුනා. නමුත් ඇත්තටම මෙතනදි අපි කාටවත් සමඅයිතීන් ලබා දුන්නෙ නෑ කියන්න බෑ.. මොකද අපි බ්ලොග් එක වෙනුවෙන් හදාගත්ත ගෲප් එකේ තියෙන පෝස්ට් වලින්, චැට් වලින් ඒක තහවුරු වෙනවා. අපි හැමදෙයක්ම හැම කෙනෙක්ම කතා බහ කරලා කණ්ඩායමක් විදියටයි වැඩ කලේ. පළවෙනි පෝස්ට් එක ලිව්වෙත් මමයි ප්‍රාර්ථනා අක්කායි එකතුවෙලා , අක්කාගෙ අදහස් වලට මමත් අදහස් කියලා එකතුවෙලා තමයි අපි ඒක ලියලා Draft කලේ. ඊටත් පස්සෙ වර්ණා, සිහින මදාරා වගේ වපි මූනූ පොතේ බ්ලොග් එක වෙනුවෙන් හදාගත්තු ගෲප් එකත් එක්ක ,නිතර මුහු වුනු අනිත් අයටත් කියලා, ඒ අයගෙ අදහසුත් අරගෙන තමා අවසානෙදි ලිපිය පබ්ලිෂ් කලේ. මම, සිහින මදාරා, පිටස්තරී , වර්ණා ,කුමාරිහාමි අක්කා අපි හැමෝම ලිපියක් ලියලා ඒක අනිත් අයට පෙන්නලා, ඒකට දාන්න ඕනෙ පින්තූරෙ පවා අනිත් අයගෙ අදහස් අරගෙන තමා අවසානෙදි ලිපිය පබ්ලිශ් කලේ. ඉතින් මේක කණ්ඩායම් වැඩක් නෙවෙයිද?. අපි වැඩ කලේ එකතුවෙලා.( එතනදි අනූ කාන්චනා අපේ කිසිම සාකාච්ඡාවකට, කිසිම ගෲප් පෝස්ට් එහෙකට අදහසක් දක්වන්න එකතුවුනේ නෑ. එතනදි අපි හිතුවෙ අනූ ට වැඩ අධික කම නිසා, වෙලාවක් මද කම නිසා කියලයි. ඉතින් අපි ඇයව සාධාරණිකරණය කලේ එහෙමයි.)
ඊලඟට විශේෂයෙන් අපි ඇඩ්මින් වුනා කියලා ,අපිට ඕනෙ විදියට විතරක් හැමදේම වෙන්න ඕනෙ කියලා අපි අපේ අයිතිවාසිකම් ගැන කෑගැහුවෙ නෑ. කුමාරිහාමි අක්කා වුනත් මුලින්ම ලිපියක් ලියන්න කිව්වාම, අපි හැමෝගෙන්ම අහලා "නඟාලා මම මොකක් ගැනද ලියන්න ඕනෙ?" වගේ අපෙනුත් අදහස් අහලා තමයි ලිව්වෙ. එයා අක්කා කෙනෙක් නිසා, අක්කලා නංගිලාගෙන් අවසර ගන්න ඕනෙ නෑ කියලා , අයිතිවාසිකම් , සම අයිතීන් ,අනං මනං ,ගැන කතා කලේ නෑ. අපි එකතුවෙලා වැඩ කලේ.කොටින්ම කුමාරිහාමි අක්කාගෙ ලිපියෙ නම පවා අපි දැම්මෙ එකතුවෙලා. එතනදි කුමාරිහාමි අක්කා, එයා ලියපු ලිපියට එයා කැමති නමක් දාන්න ඕනෙ කියලා, අයිතීන් ගැන කතා කලේ නෑ. අපි උත්සාහ කලේ එකතුවෙලා වැඩ කරන්න. ඔව් අපි එහෙම කළා.ඉතින් මෙතනදි මේ ඊයේ දවස වෙනක්ම්, කිසිම කෙනෙක් තමන්ගෙ අයිතීන් ගැන කිය කිය ,මේ තිබුණු කණ්ඩායම්, සාමූහික හැඟීම නැතිකරගන්න උත්සාහ කලේ නෑ.මම මේකෙ ඇඩ්මින් කෙනෙක් කියලා මටත් අමතක වෙලයි තිබුණේ. මොකද මම එහෙම දෙයක් ඔළුවට දාගෙන නොහිටි නිසායි. මට තිබුණෙ "ගැහැනු ළමයි " කියන්නෙ අපේ බ්ලොග් අඩවියක් කියන අදහස පමණයි.
ඊලඟට අනූ කාන්චනා ගේ ප්‍රශ්නෙ දිහාවට හැරෙන්නම්. මොකද මම මේ ලිපිය ලියන්න මූලික වුනේ ඇය නිසා.ඊයෙ හවස අහම්බෙන් මම මූණූ පොතට ආපු වෙලාවෙ තමයි මේ ප්‍රශ්නෙ ගැන දැනගත්තෙ.ඒවෙලාවෙ අනූ මට කිව්වා එයාගෙ පෙම්වතාගෙ කමෙන්ට් එකක් එයා ලිව්ව ලිපියෙ ,ඒ වෙලාවෙම, ඒ ක්ෂ්ණිකයෙන් , ඇසිපිය හෙලන මොහොතින් බ්ලොග් එකේ පල නොවීම නිසා, ඔහුට ඉවසගන්න බැරිව ,අනූට බ්ලොග් එකෙන් අයින් වෙන්න කියන බව. (ඒ මොහොතේ තමයි මම දැනග්ත්තෙ අනූ අපේ බ්ලොග් එකට ලිපියක් ලියලා බව).එතනදි මම වර්ණාවත්, ප්‍රාර්ථනා අක්කාවත් සම්බන්ධකරගෙන මොනාහරි දෙයක් කරන්න උත්සාහ කලා. නමුත් අනූ ට ඒ වෙන තුරු ඉවසන්න බැරි බව කිව්වා. එයාගෙ පෙම්වතාට ඒ වෙනතුරු ඉවසන්න බැරිලු.ඉතින් මමත් අසරණ වුනා.
නමුත් මට එවෙලෙ අනූගේ අසරණ කමත් දැනුනා. මොකද මමත් ඔය ගින්නට පිච්චිලා තියෙන නිසා ,මට ඇයව දැනුනා. ආදරේ කරන කෙනෙක් අහිමි වේවී කියන බය කොයිතරම්ද කියලා මට දැනිලා තිබුණු නිසා , මට අනූ ව තේරුම් ගන්න පුළුවන් වුනා. ආදරේදි හැම කෙනෙක්ම එක විදිය නොවන බවත් දැනගෙන හිටියා. මිනිස්සු විවිධාකාරයි කියලා මම තේරුම් අරන් හිටියා.ඒ නිසාම මම මේකට විසදූමක් හෙව්වා.ඒත් ක්ෂණිකයෙන් මගේ හිතට මහ පුදුම වේදනාවක් දැනුනා. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි, අනූ මට එව්ව "ඉවත්වීම" කියන එයාගේ පොස්ට් එකේ ලින්ක් එක නිසා.ලිපියක් ලියලා මුළු බ්ලොග් අවකාශෙටම අණබෙර ගහලා, ඉවත්වෙලා යන්න තරම් ලොකුම ලොකු ප්‍රශ්නයක් නොවුණූ මේ සිදුවීම කතා බහ කරලා විසඳගන්න තිබුණා අපිට. ඒත් අනූ ඉස්සර වුනා. ඒ පොස්ට් එකේ වචන, ඒ ලියපු ශෛලිය ,වගේම අන්තර්ගතය තුළ එක හෙළාම ඇගිල්ල දික් කරලා තිබුණෙ අපිට නිසා ,මටත් ඇතිවුනේ කළකිරීමක්.මෙච්චර කාලයකට මේ බ්ලොග් අවකාශෙ කිසිම කෙනෙක්ට හිතාමතා වරදක් වෙන්න දුන්නෙ නැති මම ඒ ගැන කම්පා වුනා.
අවසානේදි අනූගෙ පෞද්ගලික බ්ලොග් එකටවත්, අපේ ගැහැණු ළමයි බ්ලොග් එකටවත් කවදාවත් ඇවිල්ලා නැති පිරිසක්, ඇනෝ ලා පිරිසක්, ඒ වගේම ඇවිලෙන ගින්නට පිදුරු දාන්න බලන් උන්නු පිරිසක්, අවස්ථාවෙන් මදි නොකියන්න ප්‍රයෝජන ගත්තා.ඒ නිසාවෙන් මේක ලියන අපිට, ගැහැණු ළමයි බ්ලොග් අඩවියට, අනූට විතරක් නෙවෙයි, ඇගේ සදාදරණීය පෙම්වතාටත් කළු පැල්ලමක් එකතුවුනා.මොකද මෙතනදි එක එක්කෙනා මේ ප්‍රශ්නෙ දිහා බැලුවෙ එක එක කෝණ වලින්.. එක එක විදියට. ඒ නිසා ඔවුන්ට වැරදිකරුවො විදියට පෙනුනේත් එක එක පාර්ශව.සමහරු ඇඩ්මින්ලාට බැන්නා. සමහරු අනූට බැන්නා. සමහරු ඇගේ පෙම්වතාට දොස් කිව්වා.ඔය විදියට එක එක්කෙනා , එක එක විදියට මේකෙ දොස් දැක්කා.ඒත්, ඒකට අපිට ඔවුන්ට දොස් කියන්නත් බෑ. මොකද ඒක මනුස්ස ස්වභාවය. එක අත්තෙ වැහුවාට කුරුල්ලො ඔක්කොම එක වගේ නෑ. මිනිස්සු වෙච්චි අපිත් එහෙමයි. බ්ලොග් ලිව්වාට අපි හැමෝම එක වගේ නෑ නේද?
අනිත් කාරණාව වුනේ කමෙන්ට්ස් මොඩරේට් කිරීම ගැන. ඇත්තටම සාමූහිකව ලියන බ්ලොග් එකක කමෙන්ට්ස් මොඩරේට් කරන්න අපි යොමුවෙන්න හේතු කීපයක්ම තිබ්බා. ඒ තමා
- මේ බ්ලොග් එක ලියන්නෙ ගැහැනු ළමයි කීපදෙනෙක් එකතු වෙලා නිසා.
- විවිධ මානසික මට්ටම් වල විවිධ අය බ්ලොග් කියවන නිසාත්, කමෙන්ට්ස් ලෙස සමහර කියවන්න පිළිකුල් ,අසභ්‍ය වචන ලැබෙන්න ඉඩකඩ තිබෙන්න පුලුවන් කියා උපකල්පනය කල නිසා.
- එක් අයකුගේ පෝස්ට් එහෙකට එහෙම නරක දෙයක් වැටුනොත්, මුළු බ්ලොග් එකටම එය බලපාන නිසා.නිකන් හිත් නරක් කරගන්න කලින් මොඩරේට් කරන එක හොද නිසා.
මෙන්න මේ කාරණා අපේ බ්ලොග් එකේ කමෙන්ට්ස් මොඩරේට් කරන්න හේතු වුනා. ඒකෙ ලොකු වරදක් මම දකින්නෙ නෑ. මොකද බ්ලොග් අවකාශෙ බොහෝ දෙනෙක් කමෙන්ට්ස් මොඩරේට් කරලා තියෙන නිසා, බ්ලොග් කියවන අයට ඒක අමුත්තක් වෙන්න කොහෙත්ම විදියක් නෑ.
(ගැහැනු ළමයි ලියන බහුතරයක් දෙනා නම් කමෙන්ට්ස් මොඩරේට් ,තමන්ගෙ පෞද්ගලික බ්ලොග් අඩවි වල භාවිතා කරන්නෙ නෑ. නමුත් මේ බ්ලොග් එකේ එහෙම කරන්න හේතු තිබුණා.)
අනික,සාමන්‍යෙන් අපේ රටේ එක සිස්ටම් එකක් තියෙනවා. ඒ තමයි කවුරුහරි කෙනෙක් දෙයක් අලුතෙන් කරන්න පටන් ගත්තොත්, අපේ බහුතරයක් මිනිස්සු කරන්නෙ ඒ දේට අකුල් හෙලන එක, ඒක පාගන එක, හිනා වෙන එක, නෝන්ඩි කරන එක. ඊටපස්සෙ ඒ දේ නතර කරන්න නොයෙක් දේවල් කරනවා..මොන දේ කරලාත් නතර කරන්න බැරි වුනාම, දිනුම් කණුව ළඟටම කිට්ටු කරද්දි , අපේ මිනිස්සු කරන්නෙ, අර කපන්න බැරි අත ඉඹින එකයි. ඒක මේ රටේ සිස්ටම් එකක්.මේ බ්ලොග් වලටත් , කොයි දේටත් ඒක පොදුයි..
ඉතින්, කොහොම වුනත් අපේ ගැහැනු ළමයි බ්ලොග් එක නිසා, අනූගෙ පෞදගලික ජීවිතේට ඇතිවුනූ ප්‍රශ්නය ගැන, අපේ ගැහැනු ළමයි බ්ලොග් අඩවියේ සමස්ථ ගැහැණු ළමයි අපි ,කණගාටුව ප්‍රකාශ කරනවා.
ඒ වගේම අපෙන් සිදුවුනු අතපසුවීමක් නිසා පළ කරන්න නොහැකිවුනු ඔබේ පෙම්වතාගේ ආදරණීය කමෙන්ටුව පිළීබඳව සමාව ඉල්ලනවා. අනූ කියන විදියට, ඇගේ සම අයිතිය ලබා නොදුන් අපි වරදරකරුවෝ. ඒ වගේම ආත්ම හතක් යනතුරාවට ඇය ළඟ රැඳෙන්න පෙරුම් පුරන, කමෙන්ටුව පලවෙන තුරු එක මාස 7ක්, දවස් 7ක් නෙවෙයි පැය 7ක් ඉවසගන්න බැරි ඇගේ නොඉවසිලිමත් සදාදරණිය පෙම්වතා කියන පරිදි අපි වරදකරුවෝ. ඉතින් ඔබ දෙදෙනා කියන පරිදි වරදකරුවන් වුනු අප අතින් නැවතත් වතාවක් එවන් වරදක් නොවෙන්න අපි වග බලාගන්නම්..මමත්, වර්ණාත්, ප්‍රා අක්කාත් දවල් වරුව අන්තර්ජාලයේ නොරැඳෙන නිසා කමෙන්ට්ස් පබ්ලිශ් කරන්න ප්‍රමාද වීම අපේ අතපසුවීමක් නිසා ඒ වෙනුවෙන් නැවතත් කණගාටුව ප්‍රකාශ කරනවා.
අපි හැමෝම සර්ව සම්පූර්ණ නෑ.. මේ ලියන මම, ගැහැනු ළමයි අපි, කමෙන්ට් කරපු ඇනෝලා, අනිත් බ්ලොග් කියවන අය... අපි මිනිස්සු කවුරුත් සර්වසම්පූර්ණ නෑ.. ඉතින් වැරදීම්, අතපසුවීම්, අඩු පාඩු අපි කාටත් පොදුයි. මෙතුවක් කාලයට, අවුරුද්දක් පුරාවට මම මේ බ්ලොග් අවකාශෙ කිසිම කෙනෙක්ට මඩ ගහන්න, පහර ගහන්න, නින්දා කරන්න , වෛර කරන්න , තරහ වෙන්න පෙළඹිලා නෑ.. අදටත් එහෙමයි. එදා මෙදා තුර මට හමුවුනු හැම බ්ලොග්කරුවෙක්ටම මම බොහොම ගරු කරනවා. ඒ වගේම සොඳුරුතම මිනිසුන් ඉන්න මේ බ්ලොග් අවකාශෙට මම ආදරෙයි. ගැහැනු ළමයි අපි ආදරෙයි.අපි බ්ලොග් අවකාශයම එකම පවුලක් නෙවෙයිද?. ඉතින් පවුල් ඇතුලේ පුංචි පුංචි ප්‍රශ්න ඇති වෙනවා. නමුත් ඒ හැම ප්‍රශ්නයක්ම විසඳන්න අපි උසාවි යන්නෙ, නඩු කියන්නෙ නෑනෙ? ඉතින් මින් මතුවටත් අපි පුංචි පුංචි ප්‍රශ්න කතා බහ කරලා විසඳගන්න බලමු නේද?
ප්‍රශ්නයක් වුනාම, දෙයක් වුනාම එක එක්කෙනා හැසිරෙන විදියත් වෙනස්නෙ. ආවේගශීලි වෙන්න පුලුවන්, දුක්වෙන්න පුළුවන්, අඬන්න පුළුවන්, තරහ ගන්න පුළුවන්.. ඉතින් එහෙම වෙලාවකට අපෙන් ගිලිහෙන වචන නිසා, අදහස් නිසා කාටහරි හිත් රිදවීමක්, දුකක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඊයෙත් එහෙම දෙයක් වුනානම්, ඒ පිළිබඳවත් අපේ බලවත් කණගාටුව..
මේ ලිපිය ලිව්වෙ කිසිම වෛරී අරමුණකින්, තරහකින් නෙවෙයි. ඒවගේම අපි නිවැරදියි, අපි අතින් අතපසුවීම් වුනේ නෑ කියන්න නෙවෙයි. ඒ වගේම අනූ වැරදියි කියන්නත් නෙවෙයි.ඇගේ පෙම්වතා වැරදියි කියන්නත් නෙවෙයි.සිදුවුනේ මොකක් නමුත් වැරදි දෙයක්.. ඒ නිසා ඒ වරද නැවත ඇති නොවෙන්න වගබලාගන්න ඕනෙ වගේම , අපි කාගෙ කාගෙත් හිත් වල යම් හෝ වැරදි වැටහීමක් තියෙනවානම් ඒක නැති කරන්නයි ඕනෙ වුනේ.
කණ්ඩායමක් විදියට වැඩ කරද්දි, ඒ කණ්ඩායමත් එක්ක එකට ගලාගෙන යන්න, මුහු වෙන්න අමාරු අය මඟදි හැලෙනවා. ඒක ලෝකෙටම පොදු ධර්මතාවයක්. සාමූහික වැඩ කරගෙන යද්දි පුංචි පුංචි අවුල්, මත ගැටීම් ඇතිවෙනවා. ඒක බොහොම සුලභ දෙයක්. ලෝකෙ ඕනම බැදීමක් ඇතුලේ එහෙම දේවල් වෙනවා.මේකත් එවැනි බොහොම සුළු දෙයක්. ඉතින් කොහොම වුනත් අනූ අපෙන් ගිලිහීම පිළිබඳව කණගාටුයි. නමුත් එයා කියන විදියට, "ගැහැනු ළමයි නිසා , නිකන් මොකටද ප්‍රශ්න දාගන්නෙ කියලා " නිසාත්, ඇගේ යහපත වෙනුවෙන් ඇය ගත්තු තීරණයක් නිසාත් ,අපිට සතුටුයි!!!
අවසාන වශයෙන් පවුල් පන්සල්(ද?) කියන ලිපියට හුඟාක් ස්තූතියි අනූ.. පලවෙනි සහ අවසාන ලිපිය විදියට ලියපු ඒ ලිපියට අපි ඔයාට හුඟාක් ස්තූති කරනවා. අපි කිසිම තරහක් නෑ ඔයත් එක්ක. ඒ වගේම මේ බ්ලොග් අවකාශෙ ඔයා පුලුවන් කාලයක් රැඳෙන්න කියලා සුභ පතනවා.
ඒ වගේම අනූ කිව්ව විදියටම, පන්සලක තියෙන පූජනීයත්වය, ඒ නිසංසල ,පින්බර, දැහැමි ,නිවුනු බව, නිදහස් බව ඔබේ පවුලෙත් රැදේවා කියලා එක සිතින්ම අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා ඔයාට...!! ජීවිතේ හැමදාම, ඔයාගෙ පවුල තුළ තියෙන ඔය ශක්තිමත් බැදීම රැදේවා කියලාත් ප්‍රාර්ථනා කරන ගමන්,
ගැහැනු ළමයි අපි, තව තවත් ඉදිරියටම යනවා...
ජය වේවා!!