හ්ම්ම්... ඔන්න ඉස්
ඉස්සෙල්ලම ගැහැණු ළමයි බ්ලොග් එකේ අනූ ලියන ලිපිය තමයි මේ. අපේ කෙල්ලො සෙට් එක මේ
වෙද්දී දෙවෙනි වටයත් පටන් අරං. ඒත් අවාරෙට පොල් වැටෙනවා වගේ එහෙමත් නැත්නම් හාවා
හඳ දකිනවා වගේ බ්ලොග් ලියන මට තාම මේකෙ කිසිම දෙයක් ලියාගන්න බැරි උණා. දැන් කට්ටියම
ඒකට මට සමාවෙලා මේ ලිපිය කියවමු නේද?
---------------------------------------------------------------------------------------------------
ඉස්සර කාලේ පිරිමියෙක්
ගැහැණියෙක්ව කරකාර බඳින එකට කියපු ලස්සන වචනයක් තිබුණා.ඒ තමා පවුල් පන්සල් වෙනවා
කියන එක. (මේ වචනෙ මතක් උනේ අපේ බ්ලොග් අවකාශෙ අයිය කෙනෙක් මට චැට් එකේදී මේක කියල
මට විහිලු කළා නේ.. J)
ඇත්තටම මේ වචනෙ, එහෙම නැත්නම් මේ යෙදුමේ තේරුම මොකක්ද? ඔයාලා
කවදාහරි ඒකෙ අදහස හොයන්න උත්සහ කළාද?
මගේ අදහස අනුව පවුල්
පන්සල් වෙනවා කියන්නෙ විවාහ ජීවිතය තුළ වඩාත් තැන්පත් වෙනවා වගේ අදහසක්. ඒ කියන්නෙ
තනිකඩව උන්නු කාලේ වගේ නැතිව තමා විශ්වාස කරගෙන තව කෙනෙක් ජීවත් වෙනවාය කියන හැඟීම
ඇතිව වගකීමක් ඇතිව ජීවිතය සකස් කරගන්නවා කියන එක.අම්ම තාත්තා යටතේ ඉන්න කාලේ නටපු
පිස්සු විවාහ උනාට පස්සෙ කරන්න බෑ. අන්න ඒකයි මේ පවුල් පන්සල් කියන වචනෙ එක්ක මගෙ
ඔලුවට එන අදහස...
මේ සම්බන්ධව මම අහපු
කතාවක් කියන්නම්. ඇත්තම ඇත්ත කතාවක්. හොඳට අහගන්න.
මේ කතාවේ කථා නායිකාවට
අපි නිශායා කියමු. මේ නිශායා කියන්නෙ ගොඩක් ලස්සන ගොඩක්ම ලස්සන කෙල්ලෙක්. එයාගෙ
අම්ම නැතිවෙද්දී එයා අට වසරෙ. එයාගෙ තාත්තා මහ සල්ලිකාරයෙක්. අවුරුදු දහ තුනේදී
අම්ම නැතිවුණු නිශායට ඒ අඩුව ඒ අඩුව පොඩ්ඩක්වත් දැනෙන්න තාත්තා ඉඩ තිබ්බේ නෑ. සේරම
අතට පයට කරලා දෙන්න වැඩකාරයො හිටියා. කොටින්ම කියනවා නම් විවාහ වන වයසට එනකල්ම
තමන්ගේ උදේ කිරි එක හදාගන්නවත් සිද්ධවුණේ නෑ. කොහොමහරි මේ අතරේ ලංකාවේ පෞද්ගලික
ගුවන් විදුලි නාලිකාවක නිවේදකයෙක් වුණු තරුණ පිරිමි ළමයෙක් එක්ක නිශායා සම්බන්ධයක්
ඇති කර ගන්නවා. එයාට අපි සනිල් කියල කියමු. ඉතින් කොහොමහරි මේ සනිල් නිශායා තරම්
වත්පොහොසත්කම් ඇති කෙනෙක් නෙමෙයි. සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක කෙනෙක්. ආදරය
අන්ධයි කියනවලුනෙ නේද? ඒ නිසා ගෙදරින් එල්ලවෙන දැඩි විරෝධතා මධ්‍යයේ
නිශායා මේ සම්බන්ධය දිගටම කරගෙන යනවා. ටික කාලයක් නෙමේ. ආසන්න වශයෙන් අවුරුදු
අටක්.
අන්තිමේදී නිශායා
තමන්ගේ තාත්තව අත හැරලා, ගෙදර අත හැරලා, නෑදෑයෝ
අත හැරලා සනිල් එක්ක විවාහ වෙනවා. වුණාට පස්සෙ ගෙදර උදවියත් නිශායව ආදරයෙන් පිළිගන්නවා.
ගෙදර ඉන්නකල් වළඳක්
අතින් නාල්ලපු නිශායා තමන්ගේ ස්වාමියා වෙනුවෙන්, තමන්ගේ
ආදරය වෙනුවෙන් පාන්දර 5 ට නැගිටලා ඉවුම් පිහුම්, ගෙදර දොර
වැඩ කටයුතු කරලා ලෑස්ති වෙලා රැකියාවටත් යනවා.
මේ අතර සනිල්ට විදේශ ගත
වෙන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ අවස්ථාවේ සනිල් විදේශගත වෙනවා. ඒ වගේම ටික කාලයකින්
තමන්ගේ ප්‍රියම්බිකාව - නිශායා ඇයවත් තමන්ගේ රටට ගෙන්න ගන්නවා. මේ දෙන්නා බොහොම
සමඟියෙන් සාමයෙන් කාලය ගත කරනවා.
ඔය අතර තුර නිශායාත්
රැකියාවකට සම්බන්ධ වෙනවා. ටික කාලයක් ගත වෙනවා. එක් දිනක් මෙම රැකියා ස්ථානයේ රාත්‍රී
සාදයක් සඳහා සහභාගී වීමට අවස්තාවක් යෙදෙනවා. ඒ සාදය සඳහා ඇය තනිව සහභාගී වෙනවා.
එයින් යක්ෂාවේශ වෙන සනිල්- ඇගේ සැමියා එයම හේතුවක් කරගෙන ඇයව දිගින් දිගටම
අපහසුතාවයට පත්කරනවා. ඇය සමීපයේ සිටින අවස්ථා වල වෙනත් ගැහැණුන්ට දුරකථන ඇමතුම්
ලබාගෙන, තමා ඔවුන් සමඟ යහන් ගත වී කළ කී දෑ කොක් හඬලා
සිනාසෙමින් ඔවුන් සමඟ පවසනවා. ඒ විතරක් නොවෙයි,ඇය ඒ ගැන
ප්‍රශ්න කිරීමට ගිය විට ඇගේ ගෙල මිරිකීමට පවා තැත් කරනවා.
මේ වන විට ඒ දෙදෙනා
දික්කසාදය සඳහා සූදානම් වී හමාරයි. මේ අපේ කථා නායිකාව නිශායා ලංකාවට ගියත් ඇගේ
සැමියා සනිල් ඇයට ඉන්න හිටින්නට තැන් අහිමි කරලා ඉවරයි. ඒ මොකද? ඇය ගණිකා වෘත්තියේ යෙදෙන බවත් රාත්‍රී සමාජ ශාලා වල රඟන බවත් ඔහු
ලංකාවේ නෑදෑයන්ට දන්වලා. ඔන්න ඉතින් අවුරුදු අටක ආදරයක අරුමේ. කෝ ඉතින් පවුල්
පන්සල් වුණාද? නෑ...
අච්චර වස්තු, සැප සම්පත්, දේපොළ තියෙද්දී ඒ හැම එකම එපා
කියලා දමල ගහල ආව ගෑණි කියන ගුණේවත් තිබුණේ නෑ මේ සනිල්ට. ඇත්තටම ඒ කතාව ඇහුවාම මට
ඇති වුනේ ලොකු කණගාටුවක් සහ පිළිකුලක්. කණගාටුව නිශායා ගැන. පිළිකුල සනිල් ගැන.
මේ ලෝකේ හැම
ගැහැණියෙකුගේම හැම පිරිමියෙකුගේම නැත්නම් හැම කෙල්ලගේම හැම කොල්ලගේම කතාව මේක
නොවෙන්න පුළුවන්. මම එහෙමයි කියලා කියන්නෙත් නෑ. නමුත් මේ කතාව සනිල්- නිශායා
දෙන්නගේ විතරයි කියලා කියන්නත් මට බෑ. පොඩි පොඩි වෙනස්කම් සහිතව මේ වගේ සිද්ධි
ඕනෑතරම් ඔයාල අහල දැකල ඇතිනේ. දැන් මේ සිද්ධියේ උනේ මොකක්ද? ප්‍රධානකොටම සැකය. තමන්ගේ බිරිඳ ගැන සැකය. (ළඟ හිටියොත් අයිශ්වර්යා
පරාදයි කියන මට්ටමේ ලස්සනක් තිබ්බ නිසා වෙන්න ඇති සැකය එතරම් ප්‍රභල වුණේ. එහෙම
නැතිව නිශාය කළුම කළු කැතම කැත කෙල්ලෙක් වෙලා තනියම පාටියකට ගියා කියලා සනිල් වගේ
කොල්ලෙක් කලබල වෙන එකක් නෑ)
ඉතින් මේ සැකය තියෙන තැන
පවුලක් පන්සලක් වෙන්නේ කොහොමද? අපායක්
වෙනවා මිස. අන්තිමට වුණෙත් ඒකම තමයි. L
දැන් මොහොතකට කල්පනා කරලා
බලන්න ලංකාවේ කලාකරුවෝ කලාකාරිනියෝ ගැන. කීදෙනෙකුගේ නම් පවුල් අවුල් වෙලාද කියලා
ගොසිප් සයිට් වලට ගියොත් බලාගන්න පුළුවන් පිංතුරත් එක්කම.. ඉතින් කලාකරුවෝ කිව්වම
රටේ පිළිගන්න කොට්ඨාශයක් වෙච්චි කොට ඔය වගේ දේවල් ඔබින්නේ නෑ.
(තමන්ගේ තත්ත්වය රැකගෙන වැදගත් විදියට ජීවත් වෙන කලාකරුවන්ට අපහාසයක් කළා නොවෙයි.
එයාලට කවදත් මගේ ආචාරය)
හැම මිනිහෙක්ම බලන්
ඉන්නේ තමන් ළඟ ඉන්න එකාට වැරදෙනකල්. හිනා වෙන්න. හූ කියන්න. කකුලෙන් ඇදලා
වට්ටන්න.පොඩි වරදක් ඇති වට්ටලා පාගලාම දාන්න. ඒ නිසා හැමවිටම කල්පනාකාරී වෙන්න ඕන.
ආදරය කරන අය, විවාහ වෙන්න ඉන්න අය, විවාහ වෙලා ඉන්න අය
හිතනවා, පතනවා මම මගේ සහකාරයාට/
සහකාරියට පණ වගේ ආදරෙයි කියලා. නමුත් එය සිතුවිල්ලට හෝ වචනයට පමණක් ප්‍රමාණවත්
මදි. විශ්වාසය කියන දේ දැඩිව තිබිය යුතුමයි. සැකය ආවොත් පරාදයි. පවුල අපායක් වෙන
එක වළක්වන්න බෑ කාටවත්.
මීළඟට මගේ ආදරය සම්බන්ධ
ජීවිත අත්දැකීම් කීපයකුත් මේකටම එකතු කරන්නම්. මගේ කලින් ආදරය මට නැතිවෙලා තිබුණු කාලයේ තමා මම බ්ලොග්
කෙරුවාවට ආවේ. ගොඩක් ආදර කතා වල වගේ (මම හිතන හැටියට J ) මට
ඔහුව හමුවුණේ අහම්බෙන් වගේ. ඒ කාලයේ ආදරයක අවශ්‍යතාව මට දැනිලා තිබුණත් ඒ ගැන හෙළි
කරන්න මම මැලි උණා වගේම සමහරු මගෙන් බලාපොරොත්තු වුණේ ආදරය නෙමේ. වෙනත් දේවල්.
ඉතින් ඒ දේවල් එක්ක හේදිලා ගිහින් තිබුණු මගේ ආදර බලාපොරොත්තු ආයෙමත් අළුත් උණේ
ඔහුව මුණ ගැහුණට පස්සෙ. ආදරය කළත් නොකළත් බොරුවක් කිරීමේ අදහසක් මා තුළ නැති නිසා
මගේ කතාව ඔහුට කිව්වා. එය සාවධානව අසා සිටි පසුවයි ඔහු මට කැමති කිව්වේ.
අප දෙදෙනාම සිටින්නේ
ලංකාවේ වුවත් ඔහු ඉන්නේ මගෙන් ගොඩක් ඈත. ආසන්න වශයෙන් කිලෝමීටර් 100ක දුරක්.
සම්බන්ධතාවයට මාස තුන ඉක්මවුවත් හමුවී ඇත්තේ අතැඟිලි වලටත් වඩා අඩු වාර ගණනක්. එසේ
වුවත් ඔහු කෙරේ මා ගැන කිසිදු අවිශ්වාසයක් නෑ. ඔහුටත් එසේමයි. අප අතර රණ්ඩු ඇති
නොවනවා නොවේ. නමුත් ඒවා මිනී මරා ගන්නා තරම් දුර දිග යාමට අප ඉඩ දෙන්නේ නෑ. දුරින්
හිටියත්, හමුවීමට ඉඩක් නොමැති වුවත් අන්‍යොන්‍ය
විශ්වාසය තුළ අප දෙදෙනා ජීවත් වෙනවා.
ආදරය කළ වසර ගණනින්
විවාහ ජීවිතයේ සාර්ථකත්වය මනින්නට බැහැ. කෙටි කාලයක් තුළදී වුවත් අදාළ පුද්ගලයා
පිළිබඳ තමා ඇති කරගන්නා ස්වයං තක්සේරුව ගොඩක් වටිනවා. තේරුම් ගැනීම ඉතා වැදගත්.
ඉතින් මා අදහස් කරන්නේ එයයි. එය එසේ වූවා නම් අදටත් සනිල්-නිශායා කැදැල්ල පන්සලක් නොවේද?
අන්තිම වශයෙන් මේ ලිපියේ
අන්තර්ගතය කරුණු කීපයකට ගොණු කරන්නට සිතුණා.
v තමාට කොයි තරම් ආදරේ
කිව්වත්, ආදරේ කළත් පුද්ගලයා කවුද කියන එක නියමාකාරව
තේරුම් ගන්න.
v ආදර ජීවිතය හෝ විවාහ ජීවිතය
තුළට සැකය කියන විෂබීජය ගාවගන්න එපා. ගෙන්න ගන්න විදියේ වැඩ සිද්ධ කරන්නත් එපා.
v අන්‍යොන්‍ය අවබෝධය හා
විශ්වාසය ඉතා වැදගත්. ඒ දෙක නැත්නම් කොයි තරම් උගත්කම්, තානාන්තර තිබුණත් සතපහක වැඩක් නෑ.
v තමාව විශ්වාස කරලා ජීවත්
වෙන කෙනාට කිසිම විදියක දුකක් දෙන්න එපා.
ඔය ටික ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම පොදුවේ කිව්වේ. දැන් කියන්නෙ
පිරිමි අයට විශේෂයෙන්
v දවසක් හරි තමන්ට ආදරේ කරපු
කෙනාට අර කතාවේ සනිල් නිමාශාට කරපු විදියේ පාරේ බැහැල යන්න බැරි විදියේ වැඩක් නම්
කරන්න එපා.( හිතන්නවත් එපා. හරි පව්)
ආදරේ කියන්නෙ උතුම්
දෙයක්. විවාහය කියන්නෙ පිවිතුරු බැඳීමක්. පන්සලක් කියන්නෙ පූජනීය ස්ථානයක්. ඒ
ඔක්කොම එකට ඈඳුනේ ඒ නිසයි. ඉතින් ආදරේ කරන හැමෝගෙම, විවාහ
වෙලා ඉන්න හැමෝගෙම ජීවිත පන්සලක්ම කරගන්න. ඒක පන්සලක් කරගන්න පුළුවනුත් ඔයාටමයි,
අපායක් කරගන්න පුළුවනුත් ඔයාටමයි.
මේ මගේ අදහස්. එහෙනම්
ගැහැණු ළමයි බ්ලොගේ මගේ පළමු ලිපිය ලියලා ඉවරයි. ඔන්න මං ගියා.
ගොඩක් වටිනා අදහස් ටිකක් අනු..
ReplyDeleteඅවිශ්වාසය ඇති තැන ආදරයට ඉඩ අඩුයි කියන එකයි මගේ මතයත්..අනික ආදරේ කරන කාලේ තමන්ගේ ආදරවන්තයාගේ වැරදි දැකලා එවා පස්සේ හදාගන්නවා කියන එක තමා ලොකුම මෝඩ කම.. උගන්නලා එවා හදාගන්න පුලුවන් නම් එකක්..එත් එක දිගින් දිගටම කරනවා නම් එ කෙනා විවාහ ජිවිතේට නම් එතරම් සුදුසු නැහැ..රටටම පේන්න මඟුල් කාලා මාස දෙකෙන් තුනේන් ගෙදර එන්න වෙන්නේ කසාදේ දික් කසාදේ කරගෙන තම ගොඩක් දුරට.
තමන්ට ගැලපෙනම කෙනා හොයන්නත් බැහැ..එත් අඩුගානේ තමගේ සිතුම් පැතුම් වලට ගැලපෙන වටිනකමක් දෙන්න පුලුවන් කෙනෙක් එක්ක ජිවිතේ බේදාගන්න එක තම ගොඩක් හොද..
අර පහලම දලා තියෙන ඉල්ලිම නම් ඇත්තම ඔනි..තමන්ට දවසක් හරි ආදරේ කරපු කෙනෙක්ට පාරක බැහැල යන්න බැරි වෙන්න දෙයක් කරන එක මහ පව්.
ඔන්න මම එක.
ReplyDeleteඔයා කියපු දේ සහතික ඇත්ත. තේරුම් ගැනීම අවබෝදය තමා වැදගත්ම දේ...
එක?
Deleteඔයා ඇත්ත ඇති සැටියෙන්ම පෙන්වලාදීම ගැන මන් හදවතින්ම සතුටු වෙනවා. පවුලක් පන්සලක් කරගන්න දන්නේ නැත්තේ ජීවිතේකට පන්සලකට පය නොගහපු අය කියලයි මගේ මතය.
ReplyDeleteසංචාරක දිවියක් ගත කරපු භික්ෂූන් වහන්සේලා ස්ථීර වාසස්ථානවලට එළඹීමත් එක්ක ස්ථාවර වීම අරුතින් ඒක පන්සල වුණා.....
ReplyDeleteඔබ කිව්ව විදිහටම පවුල් පන්සල් වීම තුළිනුත් ඉදිරිපත් කෙරුනේ අයාලේ ගිය හෝ අරමුණක් නැතිව කටයුතු කළ ජීවිතය විවාහයෙන් පවුලක් ඇතිකරගැනීම නිසා ස්ථාවර තත්වයට එහෙමත් නැත්නම් වගකීමෙන් කටයුතු කළ යුතු තත්වයට පත්වීමයි
වටිනා කියන විස්තරයක්...
ReplyDeleteබොහොම වටිනා වැදගත් ලිපියක්.ආදර සම්බන්ධයකදී මේ විශ්වාසය සහ එකිනෙකා කෙරේ තියෙන අවබෝධය බොහොම වැදගත්.මම මේක කියන්නේ අත්දැකීමෙන්මයි.මම මගේ කුලුඳුල් ප්‍රේමය විවාහය දක්වා අරන් ආපු කෙනෙක්.අපි මුණගැහුනේ අන්තර්ජාලයෙන් එයා තමා අන්තර්ජාලයේ චැට් රෑම් එකකදි මුලින්ම මට Hi කියපු පිරිමි කෙනා.අපි අවුරුද්දකට වැඩි කාලයක් එකෙනෙකා මුණ නොගැසී ආදරය කලා.ඒත් අපි අතර ලොකු විශ්වාසයක් සහ බැඳීමක් තිබුනා.ගොඩාක් ප්‍රශ්න වලට තාඩන පීඩන වලට මුහුණ දීලා අවසානයේ මේ මෑතකදී අපි අපේ ප්‍රේමය ජය ගත්තා.අද අපි බොහොම සතුටින් ඉන්නවා. ඒ සතුටට එකම හේතුව විශ්වාසය කැපවීම සහ අවබෝධය.
ReplyDeleteසැකය සැකය සැකය .....හැමදේකටම මුල් වෙන්නේ ඕක ...
ReplyDelete"ආදරය කළ වසර ගණනින් විවාහ ජීවිතයේ සාර්ථකත්වය මනින්නට බැහැ. කෙටි කාලයක් තුළදී වුවත් අදාළ පුද්ගලයා පිළිබඳ තමා ඇති කරගන්නා ස්වයං තක්සේරුව ගොඩක් වටිනවා. තේරුම් ගැනීම ඉතා වැදගත්. "
ReplyDeleteමේ ටික නම් සහතික ඇත්ත..
මේ පිළිබද කීමට දේවල් සෑහෙන්න ඇති නිසාම...හ්ම්...කිසිත් නොකියමි...
මම නං දන්න තරමින් "පවුලක් පන්සලක් වෙනව" කියන්නෙ වෙනත් දේකට. කෙනෙකුගෙ බඳින වයස ආවම එක්කෝ "පවුල් වෙන්න"(විවාහ වෙන්න) නැත්නම් "පන්සල්" වෙන්න(මහණවෙන්න) කියලයි කියන්නෙ. ඔය දෙකෙන් එකක් තෝරගන්න කියලයි කියන්නෙ. ඒකටයි පවුල් පන්සල් කතාව තියෙන්නෙ.
ReplyDeleteමමත් අද මේ පැත්තට ආව නිසා ඔයාගේ මුල්ම පෝස්ට් එක තමයි මමත් මුලින්ම බැලුවේ..ඇත්තටම ගොඩක් වටින ලිපියක්..ආදරේ තේරුම් අරගෙන ආදරේ කරන්නේ කියෙන් කී දෙනාද..හැම වෙලේම සැකයක් අවිශ්වාසයක් තියන් ආදරේ කරන එක උගුරට හොරා බේත් බොනවා වගේ වැඩක් මමත් හිතන්නේ..එහෙම ආදරේ කරන්න ගිහින් විදින්න තියන ජීවිතේ විදව විදව ඉන්නවා..ආදරේ කරනවා නම් ඒ ආදරේ විශ්වාස කරන්නත් පුළුවන් වෙන්න ඔනා..එහෙම ආදරේකට මම හිතන්නේ ආයුෂ වැඩි..ඔයා කිව්වා වගේම දවසක් හරි ආදරේ කලා නම් ඒ ආදරේ විනාශ කරන එකනම් මහ පව් වැඩක්..හොදම දේ අවබෝධයක් ඇතිව බැදීමක් ඇති කර ගන්න එකයි..එහෙම බැදිමකට කාව්‍යා අක්කිගේ කතාවත් හොද උදාහරනයක් කියලා තියනවා....
ReplyDeleteඅනු මට ඔයාගේ පෙම්වතා වෙන්න ලැබීම ගැන මට මන් ගැනම ගොඩක් සතුටුයි.. අපි දෙන්න ගේ ආලයට මාස 3ක් උනත්.. අපි ගොඩක් ආදරෙන් ලං උනා... මගේ ආදරේ මගේ පණ තියෙන කම් ඔයා වෙනුවෙන් මන් පුද කරනවා මගේ වස්තුව.. මගේ ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ.මම ඔයාට ආත්ම 7ක් යනකම් ම ගොඩක් ආදරේ කරනවා මගේ පණ.
ReplyDeleteඅහෝ...රෝමියෝ.....!!!!!!
Deleteහ්ම්ම්ම්ම්ම්ම්..............
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
සැකය නිසා තමයි ප්‍රශ්ණ කියන දේවල් ගොඩක් ඇති වෙන්නේ.. අනූ කියපු කතාවේ නිශායාට උන දේ නම් කොහෙත්ම අනුමත කරන්න බෑ..
ReplyDeleteAnu Kanchana
Delete~~~ ඉවත්වීම ~~~
දැන් සිද්ධ වෙන්න යන්නේ මම කවදාවත් හිතපු නැති දෙයක්... ඒ තමා මම ගැහැණු ළමයි බ්ලොග් එකේ ලියන්නියන් අතරින් ඉවත් වෙන එක.
තාම බ්ලොග් එකේ වැටිලා තියෙන්නේ ලිපි 9 යි. එයින් මගේ අතින් ලියවුනු ලිපියකට තියෙන්නේ එකම එකයි. ඒ තමා මම ඊයේ රෑ 12.30ට විතර දාපු පෝස්ට් එක.
ඒකට හේතුව මම මගේ ආදරවන්තයාට බොහොම ඇවිටිලි කරලා කරලා කරලා බලන්න කිව්ව, මම ලියපු ලිපියට ඔහු දැමූ ආදරණීය කමෙන්ටුව මේ වන තුරු පළ නොවීම. ඊට හේතුව කමෙන්ට් මොඩරේෂන් දැමීම වෙන්න ඇති. මම නම් එය භාවිතා කරන්නේ නෑ.. නමුත් ලියන අය හැමටම ඇඩ්මින් බලතල ලබා දී තිබුණා නම් මගේ ලිපිය වෙනුවෙන් ලද කමෙන්ටු මට පළ කිරීමට හැකිව තිබුණා. නමුත් මෙය සකස් කර ඇති ආකාරය අනුව අපට ලිවීම පමණයි කල හැකි.
ඔහු ගෙනෙන තර්කය "මගේ ගැහැණු ළමයා ලියූ ලිපියට කමෙන්ට් කිරීමට මම වෙන කාගෙන්හරි අවසර ගන්න ඕනද?" කියන එකයි. එවිට මා අසරණයි. කරන්නට දෙයක් නෑ. ඔහු මට තරයේ දැනුම් දුන්නා මේ කණ්ඩායමෙන් ඉවත් වන ලෙස. ඉතින් මම ලියූ පළමු ලිපියම අවසන් ලිපිය බවට පත් වේයැයි මම සිහිනෙකින් වත් සිතුවේ නෑ.. දැන් කටයුතු යෙදී ඇත්තේ එලෙසයි. බ්ලොග් එකේ ලිපියක් නිසා මට ඔහු අහිමි කර ගැනීමට බැහැ.
තමන් විසින් ලියන ලද ලිපියට ලැබෙන ප්‍රතිචාර පළ කිරීමේ අයිතිය ලැබෙන දවසක මා නැවතත් ඒ සඳහා යොමු කිරීමට කැමති බව ඔහු කියනවා. නමුත් පටන් ගත් වැඩේ ලත් තැනම ලොප් වූ පසු මට ආයෙත් ඒමට හිතක් නැහැ. කරුණාකර මට සමාවෙන්න. මගේ පාඩුවේ මගේ බ්ලොග් එක ලියාගෙන ඉන්න එක කෝකටත් හොඳයි නේද? නැතිනම් නිකන් බොරුවට ප්‍රශ්නනේ..
මා ඉවත් කර වෙනත් බ්ලොග් ලියන්නියක් කණ්ඩායමට ඇතුළු කර ගන්නා ලෙස ඇඩ්මින් වෙත දන්වා සිටීම හැර මට කරන්නට දෙයක් නෑ. දුකයි. ගොඩක් දුකයි... ගොඩක්ම දුකයි... කරන්න දෙයක් නෑ නෑ නෑ මයි. ඉතින් මම යනවා... ෆේස්බුක් එකෙන් නෙමෙයි. අනූගේ ලෝකය බ්ලොග් එකෙනුත් නෙමෙයි... ගැහැණු ළමයි බ්ලොග් එකෙන් විතරයි.
මෙයට අනු කාන්චන්ගේ ආදරවන්තයා
This comment has been removed by the author.
Deleteහරිද දැනුම් දීම ඉවරද? එහෙනම් ටටා
Deleteවර්ණා
Delete:P
පවුල් පන්සල් වුනාම මෙහෙම දැනුම් දීම් එපැයි!! නියම උදාහරනයක්...
DeleteරනාMay 9, 2012 11:29 PM
Deleteලේඛිකාවෝ 9ක් ඉන්නවා...
එක්කෙනෙක්ගෙන් ලිපි තුනක් ගානේ ආවොත්, ලිපි 27ක් වෙනවා.
එච්චර ඕනේ නෑ...
ලිපි 25ක් ලියන්න.
25වෙනි ලිපිය වැටුන දවසට ඇවිත් සුබපතන්නම්....
ජය වේවා!!!
Reply
Replies
අනූMay 10, 2012 1:14 PM
25 වෙනකල් ඉන්න ඕනයැ ඕකට..
AnonymousMay 18, 2012 11:10 AM
පුලුවන්නම් 25ක් ලියලා පෙන්වන්නයි කියන්නෙ.
මොකද? ගෑණු සෙට් එකකට වැඩිකල් එකට ඉන්න අමාරුයි.
සමහර මෝඩ ගස් අයින් කරන එකමයි හොඳ :පි
Deleteවලියක් කොහෙද අබේපාල මාමා එතන..:P
Deleteමේ බ්ලොග් එක පටන්ගනිද්දි සුභ පතන්නවත් ආපු නැති එවුන්, වලියක් , අවුලක් ඇතිවුනාමනම් මෙන්න බොලේ රොත්ත පිටින් සෙට් වෙලා..
අනේ අපොයි කිව්වාලූ..!!!!අලුතෙන් බ්ලොග් අවකාශෙට එන අයට තැනක් හදලා දෙන්න කෙසේවෙතත්, ඉන්න එවුන්ව එලවලා දාන්න නම්, අබේපාල මාමා හරි පුරසිද්ධයි නොවැ... ඔහොම යාං... කෝ....
අම්මපා, ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ තරං needy ජාතියක් නම් ලෝකේ කොහෙවත් නැතුව ඇති. ලෝකෙටම පේන්න ලව් කලේ නැත්තන් ලව් නෙවෙයි ද මන්ද.
Deleteයකෝ ලව් කරන ඒක ප්‍රසිද්දියේ බ්ලොග් අස්සේ කරන්න තොපිලට ලජ්ජා නැද්ද? ආදරේ ප්‍රකාශ කරන්න ඕනේ නම් අර රූම් එකකට ගිහින් කොරපියව්. මෙතන ඇවිල්ල හැම එකාටම පේන්න ලොකු කමට අනේ පනේ වස්තුවේ රත්තරනේ ටෝක්ස් දානවා, කොමෙන්ට් එකක් පබ්ලිෂ් වෙනකල් ඉවසගෙන ඉන්න බැහැ. අපි හැමෝම ඒ කොමෙන්ට් එක දැක්කේ නැත්තන් පවුලත් කඩෙන සයිස් එකක් වගේ අන්තිමට අඩාගෙන දුවනවා. යකෝ අපිට උඹලගේ පුද්ගලික කොමෙන්ට්ස් වැඩක් නැහැ. පුද්ගලික කොමෙන්ට්ස් දෙන්න ඕනේ නම් කාඩ් එකක ලියල දීපිය. ගෑනිගේ ලිපිනය දන්නවනේ.
Ane buwee tharawa wenna epa, mama athal eke meka kiyogena kiyogena yanakota.... ekapaara gal berek wadunane?
ReplyDeleteLassanata galagena gohin muhudata wetunanam thamai hoda... Prasiddiye kiwwata pol hema gahanna epa, bellata daganna redi welath nethiwei mata.
විශ්වාසය කියන්නෙ හැම බැඳීමකම මූලික අඩිතාලම.ඒක නැත්තං කිසිම බැඳීමක් ඇත්ත නෙමෙයි!
ReplyDeleteසනිල් කරපු දේ නම් වැරදියි.ඒත් ගෑල්ලමයට තිබ්බ ඒ පාටියට යන්න කලින් මහත්තයගෙන් අහල බලන්න ඒ ගැන.මොකද එයයි එතනදි වැරදි.චූටිම චූටි දේකින් තමයි ලොකු ප්‍රශ්න ඔක්කොම පටන් ගන්නෙ.
(මේ කාන්තා විමුක්ති සංගම් වල ඈයො කියන කතා අහන්න එපා ගෑල්ලමයි හරිය.ඒ එක්කෙනෙක්වත් සාර්තක පවුලක් තියෙන අය නෙමෙයි) :D
විශ්වාසය කියන්නෙ හැම බැඳීමකම මූලික අඩිතාලම.ඒක නැත්තං කිසිම බැඳීමක් ඇත්ත නෙමෙයි!
ReplyDeleteසනිල් කරපු දේ නම් වැරදියි.ඒත් ගෑල්ලමයට තිබ්බ ඒ පාටියට යන්න කලින් මහත්තයගෙන් අහල බලන්න ඒ ගැන.මොකද එයයි එතනදි වැරදි.චූටිම චූටි දේකින් තමයි ලොකු ප්‍රශ්න ඔක්කොම පටන් ගන්නෙ.
(මේ කාන්තා විමුක්ති සංගම් වල ඈයො කියන කතා අහන්න එපා ගෑල්ලමයි හරිය.ඒ එක්කෙනෙක්වත් සාර්තක පවුලක් තියෙන අය නෙමෙයි) :D
බැඳීම් නැති තරමට හිත නිදහස් මටනම්
ReplyDeleteඔන්න ඔ්ක තමයි මමත් කියන්න ගියෙ!
Deleteඔහොම්මම බැඳගනින් මයෙ පුතේ
Deleteඋඹ කියනකං හිටියෙ! LMFAO :D
Deleteබලන්න මේ තරම් වැදගත් ලිපියක කොමෙන්ට් මොඩරේට් කරලා අනූගේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ කොමෙන්ට් එක පරක්කු කරන්න තරම් ඉරිසියයි වර්ණා.
ReplyDeleteane ow mama kiyanne naha eerisiyaawa :/
Deleteමේ සම්බන්දව අදහස් පල කිරීමට ගොස් එක පාරක් ඇදගෙන නාන්න සිදුවූ නිසාම මේ සම්බන්දව නම් මම කිසිම අදහසක් පල නොකරමි. (ගැහැණු ළමයි බ්ලොගයේ නොවේ) කීමට ඇත්තේ එක් දෙයක් පමණි. දිගටම ඔහොම යාන් ඔහොම යාන් අනූ.........
ReplyDeleteහයියෝ ඇවිලන ගින්නත පිදුරු දාන උන් තමා වැඩි....සැලෙන්ද එපා...කරන් පලයල්ලා...හරි දේ කරන උන්ට කවදාවත් වරදින් නෑ...
ReplyDeletecoment nokarami
ReplyDeleteඔන්න මන් මෙ පැත්තට අව..දිගට ම ලියන්න මම එනව් බලන්න..
ReplyDelete