මම ගැහැනු ළමයෙක්..!!
ඔව්., මේ ලෝකේ ජීවත්වෙන තවත් එක ගැහැනු ළමයෙක්....ආදරේ ජීවිතේ කරගෙන ඇස් දෙකෙන් ආදරේ විතරක්ම දකින්න කැමති සමනලියක් වගේ සැහැල්ලුවෙන් මේ ලෝකේ පුරා ඇවිදින්න හදන තවත් එක ගැහැනු ළමයෙක්..පුංචි පුංචි දේවල් වලටත් හිත රිදවගෙන ඇස්දෙක පිරෙන්න කදුලු පුරවගෙන පැත්තකට වෙලා තනියම අඬන ගැහැනු ළමයෙක්..කටින් පිටවෙන වචනයක් ගානේ දෙපාරක් හිතන වචනෙකින්වත් කාගෙවත් හිත නොරිද්දන අහිංසකව තැම්පත්ව ජිවිතය අරගෙන යන ගැහැනු ළමයෙක්..කෙනෙක්ගේ දුකක්, කරදරයක්, වේදනාවක් තමන්ගේ කරගෙන ඒ වෙනුවෙන් තැවෙන්න ,විදවන්න පුළුවන් ගැහැනු ළමයෙක්..කටක් ඇරලා වචනයක් කියන්නේ නැති ,ඔලුව උස්සලා කෙනෙක් දිහා බලන්නේ නැති හැමදේම නිෂ්ශබ්දව විද දරා ගන්න, ඒත් මේ ලෝකේම මේ සමාජෙම ජීවත්වෙන ගැහැනු ළමයෙක්......
මේ ඉන්නේ ඇත්තම ගැහැනු ළමයෙක්.බැලු බැල්මට නම් කා ගෙත් හිත යනවා ආදරේ හිතෙනවා එහෙම නේද..? බොහොම අහිංසකව ජිවිතේ ගෙනියන මේ වගේ ළමයෙක්ට ඇත්තටම කවුද අකමැති.හරි දැන් ඔයාලම කියන්න, හිතන්න මේ දේ නේද සමාජයේ කවුරුත් ගැහැනු ළමයෙක් තුලින් දකින්න කැමති..? මේ විදිහේ තැම්පත් කමක් නේද මේ ලෝකයා කියන්න හදන්නේ..?ගෑනු ළමයෙක් කිව්ව ගමන් ඔයාලගේ හිතේ ඇදෙන්නෙ මෙහෙම සියුමැලි, සෞම්‍ය, රූපයක් නේද? සමහරවිට මම වැරදිත් ඇති, ඔයා දන්න දා ඉදන් හිතේ ඇඳන් ඉන්න රූපයක් ඇති, ඦායාවක් ඇති.. ගෑනු ළමයෙක් කිව්ව ගමන් ඔයාට මතක් වෙන්නෙ ඔයාගෙ හිතේ ඇඳිලා තියෙන ඒ මනඃකල්පිත චිත්‍රේ වෙන්න ඇති...ඔව්.. වෙන්න පුළුවන්නෙක එක එක්කෙනා වෙනස්.. එක එක අයගේ අදහස් වෙනස්.. විවිධාකාරයි.. ඉතින්, ගෑනු ළමයෙක් කිව්වාම හිතේ ඇඳෙන අදහස්, ප්‍රතිරූපත් ඒ වගේම වෙනස් ඇති....
නමුත් ඇත්තටම ඒ විදිහට විතරක්ම ගැහැණු ළමයෙක් ජිවත්වුනාම ඇතිද..? ඒ තරම් අහිංසකව, බොළඳව, සියුමැලිව, බියගුළුව, තැන්පත්ව,ඕනෙම දෙයක් ඉදිරියෙ මුනිවත රැකගෙන, හරිම යටහත් පහත්ව විතරක් ජීවත් වුනාම ඇතිද..??අද සමාජය එක්ක මේ විදිහට ජීවත්වෙන එක හොදද..?මේ විදිහේ හැදියාවක් විතරමද ගැහැනු ළමයෙක් තුළ තියෙන්න ඕනී..?
ඔව්..., වෙන්න පුළුවන්..ඇත්තටම ගැහැනු ළමයෙක්ගේ කල් ක්‍රියාවක, හැදියාවක මේ දේවල් තිබිය යුතුයි.ඒක මම නැහැයි කියන්න හදනවා නෙමෙයි. මොකද නියම ගැහැනු ළමයෙක් විදිහට (මේ සමාජේ පිළිගන්න විදියට,සදාචාරාත්මක පසුබිමක , සංස්කෘතිය රැකගෙන) මේ සමාජයේ ජීවත් වෙන්න හොද හැදියාවක් අනිවාර්යෙන්ම ඕන බව හැම කෙනෙක්ම පිළිගන්න නිසා..නමුත් මේ විදිහටම ජීවත් වෙන්න ගියොත් ඒක අමාරු වෙන්නත් පුළුවන් නේද??.
මොකද මේ ජීවිතයේ ගැහැනු ළමයෙක් විදිහට ඕනම දේකට මුහුණ දෙන්නත් පුරුදු වුනේ නැත්තම්?? එහෙම වුනොත් මොකද වෙන්නෙ??ඇත්තටම ජීවිතේ ඕනාවට වඩා බොලඳ විදිහට ගෙවන්න ගියොත් ඒ ජිවිතේ නීරස වෙන්න පුළුවන් නේද? මංදා, මම හිතන්නෙ එහෙමයි.. මැරෙනකම්ම, ඒ මොහොත වෙනකම් ම ගෑණු ළමයෙක්ට, ගැහැණියකට නානාවිධ ප්‍රශ්න වලට මූණ දෙන්න වේවී..ඔව්.. එහෙම වෙනවා.. ඉතින් මේ ප්‍රශ්න වලට මූන දෙන්න, ධෛර්‍යෙන් ඒ දේවල් ජය ගන්න, ගෑනු ළමයෙක්ට හැකියාවක් තියෙන්න ඕනෙ නේද??
ආදරේ, හීන, බලාපොරොත්තු මේ දේවල් ගැහැණු ළමයෙක්ගේ ජීවිතේක තියනවා වැඩියි.නමුත් ඒ දේවල් වලට විතරක්ම යටවෙලා ජීවත් වෙන්නත් අමාරුයි.
"උදාහරණයක් විදිහට මම ආදරේ ගන්නම්.මේ ආදරේ පුංචි කාලේ ඉඳන් ගෙදරක අම්මගෙන් තාත්තාගෙන් වැඩිපුරම හොයන්නේ ගැහැනු ළමයි.ඒක නිසානේ, පොඩ්ඩක් අම්මා තාත්තා සැරවුනොත් මුල්ලකට ගිහිල්ලා නොකා නොබි පැය ගාණක් යනකම් අඬන්නේ.ඒ මොකද ඒ වෙලාවට හිතෙනවා අම්මා තාත්තා අපිට ආදරේ නැහැ කියලා.ඉතින් ඔය මානසික මට්ටමින් හැදෙන වැඩෙන ගැහැනු ළමයෙක් අර අපේ අම්මලා කියනවා වගේ කරදඩු උස්මහත් වුනාට පස්සෙවත් වෙනසක් වෙන්නෙ නම් නැහැ.ඉතින් ඒක නිසාම ඒ පුංචි කාලේ දි අම්මගෙන් තාත්තාගෙන් බලාපොරොත්තු වුන ආදරේ තමයි ලොකු වුනාම තව කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නෙත්.
ඒක එහෙම නෙවෙයි කියන්න පුළුවන්ද?ඉතින් එදා අම්මා තාත්තා ආදරේ නැහැ කියලා හිතලා නොකා නොබි අඬපු ගෑනු ළමයා ,පස්සෙ කාලෙකදි තමන්ගේ ආදරේ නැතිවුනාම ඉවසගන්න බැරිව මැරෙන්න හදනවා.ආදරේ කියන්නේ ජීවිතේක පටන් ගැන්මක් මිස අවසානයක් නෙමෙයි කියලා තේරුම් ගන්න ශක්තියක් ඒ මොහොතේ ඇත්තටම නැතුව යනවා.අනිත් එක හිතන්නේ ආදරේ කොහොම හරි ලබා ගන්නම ඕනි කියලා.නමුත් ආදරේ කියන්නේ ඇත්තටම පරිත්‍යාගයක්.ඉතින් නොලැබුණ ආදරයක් වෙනුවෙන් තැවෙන විදවන එක මහ මෝඩ වැඩක්. (ඔන්න මම කියන්නේ නැහැ ආදරේ වෙනුවෙන් දුක් වෙන්න එපා කියලා නම්.මම මේ කියන්නේ නැති වුනත් ඒ ආදරේ වෙනුවෙන් ජීවත් වෙන්න කියලයි) නමුත් මේ දේ නොතේරෙන්නේ සමහරවිට ගැහැනු ළමයෙක් විදිහට ජීවිතේ ගැන අවබෝධයක් හරි හැටි නැති නිසානේ.යථාර්තයට මූන දෙන්න ආත්මශක්තිය මදිකම නිසානෙ.ඒක නිසා මේ ජීවිතේ ගැහැනු ළමයෙක් විදිහට බොළඳ වෙලා, හීන ලෝක වල ජීවත් වෙලා, බලාපොරොත්තු කඳු විතරක්ම ගොඩගහගෙන ඉදලා,තීරණයක් ගන්න, ඒවා ක්‍රියාත්මක කරගන්න, බැරුව සමාජෙට මූණ දෙන්න නොදැනනම් ජිවත් වෙන්න ඇත්තටම අමාරුයි... ඔව්...හුඟාක් අමාරුවෙයි...."
හීන ලෝක මවාගෙන ,ඒ වගේ උඩ පැන පැන ජීවත් වුනාට කමක් නැහැ.නමුත් කවදම හරි දවසක ඒවා කඩාගෙන වැටෙන බවත් හොද හැටි තේරුම් අරගෙන ඉන්න ඕනී. (හීන ලෝක මවා ගත්තට කමක් නැහැ කිව්වේ නම් ගැහැනු ළමයෙක් සාමාන්‍යයෙන් කොහොමත් හීන බලන්න ආස නිසයි) ඇත්තටම තමන්ගෙ හැදියාව තුල මොන විදිහේ ක්‍රියා කලාපයක් තිබුණත්, මේ මහ පොළවේ පය ගහලා ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕනී.හැබැයි ඉතින් පුංචි පුංචි දේවල් වලටත් හොටු පෙරාගෙන අඬලා නම් ඒ දේ කරන්න කවමදාවත් බැරිවෙයි.කඳුලූ කියන්නෙ කිසිම වටිනාකමක් නැති, නිකන්ම නිකන් බොරුවක් විතරක් විදියට ගලාගෙන යන්න දෙන එක අපරාදයක්.. ඒ කඳුළකට වුනත් වටිනාකමක් දෙන එකයි යුතුකම.ඒ නිසා ගැහැනු ළමයෙක් විදිහට අනාගතේට මුහුණ දෙන්න මේ හිත තුල හොද ආත්ම ශක්තියක් ගොඩ නගා ගන්න ඕනේ... තමන් දුර්වලයි කියලා මොහොතකට හරි දැනුනොත්, ඒ මොහොතේ ඉදන්ම උත්සාහ කරන්න ඕනෙ ,ඒ දුර්වලකම ජය ගන්න.
ඒ විතරක්ද,ඉස්සර නම් ගැහැනු ළමයෙක් කියන්නේ ගෙදරකට බරක්ලු.නමුත් අද නම් ඒ දේ ගොඩක් වෙනස් වෙලා තියනවා.ඒත් මේ වෙනස තියෙන්නේ ටික දෙනෙක් අතර විතරයි.එහෙම වෙන්නේ නැතිව හැම කෙනෙක්ම හොද ආත්ම තෘප්තියක් එක්ක වැඩ කරන්න පුරුදු වුනොත් ගැහැනු ළමයෙක් විදිහට අනාගතේට තනියම වුනත් මුහුණ දෙන්න හැකියාවක් ඇති කර ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.කොහොමටත් මේ ජීවිතේ අපි කාටවත්ම බරක් වෙන්න ඔනීත් නැහැනේ...එහෙම නේද..?
ඉතින් මමත් ගැහැනු ළමයෙක් විදිහට අවසාන වශයෙන් ඔයාලට කියන්න කැමති විදින්න තියෙන ජිවිතේ විදවන්නේ නැතිව, මේ සමාජයට බයේ පෑගිලා ජිවත් වෙන්න උත්සහ කරන්නේ නැතිව ,හොද අවබෝධයක් ඇතිව ,නියම ගැහැණු ළමයෙක් විදිහට ජිවිතේට මුහුණ දෙන්න කියලා....ගැහැණු හිතකට කරනන් බැරි දෙයක් නෑ.
මේ ලෝකෙ වෙනස් වුනු හුඟාක් තැන් වල යෝධ ගැහැනු ආත්ම වැලලිලා හරි තිබිලා තියෙනවා. ඒ වගේම ගැහැනු හිතක් ධෛර්‍යමත් වුනොත්, දෙයක් කරනවා කියලා හිතුවොත්, දෙයක් වෙනුවෙන් සටනට ආවොත්..... ,දිනලාම තමයි නවතින්නෙ... එහෙම දේවල් ඉතිහාසයෙන් පවා ඔප්පු වෙලා තියෙනවා..
ඉතින්, ආදරණීය ගැහැනු ළමයිනේ.... මේ ජීවිතේ ඔයාලා ඉස්සරහට තිබ්බ පයක් ආපස්සට තියන්න හිතන්න එපා.. මොන බාධක ආවත්.. නොසැලීම ඉදිරියටම යන්න....!!!
ජය වේවා!!
ඉතින්, ආදරණීය ගැහැනු ළමයිනේ.... මේ ජීවිතේ ඔයාලා ඉස්සරහට තිබ්බ පයක් ආපස්සට තියන්න හිතන්න එපා.. මොන බාධක ආවත්.. නොසැලීම ඉදිරියටම යන්න....!!!
ReplyDeleteඒ කතාව ඇත්ත
ඔව්..ඒ කතාව ඇත්තම ඇත්ත යාලු....
Deleteaniwa..aniwa... :D digatama yamu... jaya wewa,... !!!
ReplyDeleteඅනිවා...ගැහැණු ළමයි දිගටම යනවා...ඔයාටත් ජය..!!
Deleteම්ම් තවත් අලුත් සාමාජීකාවක් ඇවිත් අපි එක්ක සිතුවිලි බෙදා ගන්න. ඉතින් සුභ පැතුම් ඔයාට
ReplyDeleteඔව් තවත් ගැහැණු ළමයෙක්...ස්තුතියි අක්කියෝ....
Deleteමුල්ම ටික කියවන යනකොට හිතුනේ යකඩෝ අද කාලේ මෙහෙම ගැහැණු ළමයි ඉන්න පුලුවන්ද කියල. හිටියත් 10000 කට 1 ක් විතර ඇති මගේ හිතේ. කෙල්ලෝ වගේම කොල්ලොත් ආදරේ නැති වෙනකොට දුක් වෙනවා, ඒක හැටි.
ReplyDeleteසිතුවිලි දැහැනට මගේ සුභ පැතුම්. ඔයත් මේ ඉස්සරහට තිබ්බ පය ආපස්සට නම් තියන්න හිතන්න එපා.. දිගටම ලියන්නෝ.
ඔව් ඔයාගේ කතාව ඇත්ත යාලු මම ඒක නැහැයි කියන්නේ නැහැ...
Deleteකවදාවත්ම ඉස්සරහට තිබ්බ පය ආපස්සට තියන්නේ නැහැ ..ස්තුතියි ඔයාට....
හ්ම්ම්ම්ම්ම්...
ReplyDeleteජයවේවා!!!!!
හ්ම්ම්ම්ම්ම් කිව්ව වේ ඇයි කියලා නම් තේරුනේ නැහැ යාලු...
Deleteඔයාටත් ජය..!!
අපෙ අප්පච්චි නම් කියන්නෙ ගැහැනු ළමයි පිරිමි ලමයින්ට වඩා හිතින් ගොඩක් ශක්තිමත් කියලා... මගේ යාළුවෝ වුනත් එයාලාගේ පෙම්වතුන් ගැන කියන්නෙ එහෙම තමයි...
ReplyDeleteගැහැනු ළමයි ගැහැනු ගතිය තියන් නැඟී සිටියට කම් නෑ... අහිංසක , බොළඳ කියන්නේ හැංඟිලා පෑඟිලා ඉන්නවා කියන එක නෙවේ..:)
කඳුළු එක්ක හිනාවෙනකොට ගෑනු ළමයි ලස්සනයි.....
ගැහැනු ළමයි කියන්නෙ අන්න ඒ වගේ අය තමයි...
ලස්සන පොස්ට් එකක්.. ^_^
ඔයාගේ අප්පච්චි කිව්ව දේ හරි..අනිත් එක අහිංසක , බොළඳ කියන්නේ හැංඟිලා පෑඟිලා ඉන්නවා කියන එක නෙවේ ඒක ඇත්ත..හැබැයි ඕනාවට වඩා බොළඳ වෙලා මේ ජිවිතේට මුණ දෙන්න අමාරුවෙයි කියලයි මම කියන්න උත්සහ කලේ...
Deleteකොහොම වෙතත් ස්තුතියි යාලු....
ඇත්ත!
ReplyDeleteඔව්..ඇත්තම ඇත්ත..!!
Deletenice :)
ReplyDeleteස්තුතියි...
Deleteමුලම ටික බලද්දි කොනකුට හිතාගන්න බැරිවෙයි මේ වගේ අයත් අද කාලෙ ඉන්නවද කියලා හරියට සිතුම් පැතුම්ට හිතුන වගේ...එහෙම හිතෙන එකේ වරදකුත් නෑ අද කාලෙ හැටියට හැබැයි එහෙම අය ඕනි තරම් ඉන්නවා සමාජයේ ඉස්මතුවෙලා පේන්නෙ නෑ.මොකද මේ වගේ ගැහැණු ළමයින්ට සමාජයේ ඉස්මතු වෙලා පේන්න ඉන්න කැමති නෑ..ඇත්තටම සිතුවිලිත් මේ වගේ කෙනෙක්.කිව්ව විදියටම
ReplyDeleteකටින් පිටවෙන වචනයක් ගානේ දෙපාරක් හිතන වචනෙකින්වත් කාගෙවත් හිත නොරිද්දන අහිංසකව තැම්පත්ව ජිවිතය අරගෙන යන ගැහැනු ළමයෙක්..කෙනෙක්ගේ දුකක්, කරදරයක්, වේදනාවක් තමන්ගේ කරගෙන ඒ වෙනුවෙන් තැවෙන්න ,විදවන්න පුළුවන් ගැහැනු ළමයෙක්..කටක් ඇරලා වචනයක් කියන්නේ නැති ,ඔලුව උස්සලා කෙනෙක් දිහා බලන්නේ නැති හැමදේම නිෂ්ශබ්දව විද දරා ගන්න, ඒත් මේ ලෝකේම මේ සමාජෙම ජීවත්වෙන ගැහැනු ළමයෙක්......
අත්තටම අවසානෙට දීපු ආදර්ශය හුගක්ම වටිනවා
ආදරණීය ගැහැනු ළමයිනේ.... මේ ජීවිතේ ඔයාලා ඉස්සරහට තිබ්බ පයක් ආපස්සට තියන්න හිතන්න එපා.. මොන බාධක ආවත්.. නොසැලීම ඉදිරියටම යන්න....!!!
සුභ පතනවා ආදරණීය සිතුවිලි ඔයාටත් බ්ලොග් ජීවිතයට අළුතින්ම එක්වුණ සාමාජිකාවක් විදියට ගැහැණු ළමයි බ්ලොග් එකට පය තියලා ඔයා පටන් ගත්ත ගමනේදීත් පය ආපස්සට නොතියා ඉදිරියට යන්න.හරවත් සාරවත් ලිපි ඉදිරියටත් නිර්මාණය කරන්න ශක්තිය ඔබට ලැබේවා...
බ්ලොග් එක කරන අනිත් අයටත් සුභ පැතුම්.....
ඔයාට ගොඩක් ස්තුතියි මගේ අක්කියෝ...
Deleteඒ වගේම බ්ලොග් එකේ ගැහැණු ළමයි හැමෝම වෙනුවෙන් ඔයාගේ සුභ පැතුම පිළිගන්නවා....
අපි ඉතින් ගෑල්ලමයි ආස්සරේ කරන එකක්යෑ....
ReplyDeleteඅද තමා ඕං එයාලා ගැන ඉගෙන ගත්තේ... :)
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
අහහ්..අදවත් එහෙනම් රජා ඒ ගැන ඉගෙන ගත්තු එක ගැන සතුටුයි....
Deleteදරාගැනීම , අවස්ථානුකූලව වෙනස්වීම, අතහැරිම, ඔව්වා පිරිමින්ට වඩා හොදට ගෑණු කරනවා
ReplyDelete+++++
Deleteමමත් උත්සහ කලේ නොසැලි ජිවිතේට මුහුණ දෙන්න ගැහැණු ළමයි අපි පුරුදු වෙමු කියන්නයි....
Deleteකාලෙකින් මේ පැත්තේ ආවේ.. වෙනස් වෙලා නොවැ.. අලුත් මුණක් වගේ!!
ReplyDeleteඅලුත් මුණක් වුනත් වෙනසක් නෑ මේ අපි ගැහැණු ළමයිමයි යාලු....!!
Deleteඉතින්, ආදරණීය ගැහැනු ළමයිනේ.... මේ ජීවිතේ ඔයාලා ඉස්සරහට තිබ්බ පයක් ආපස්සට තියන්න හිතන්න එපා.. මොන බාධක ආවත්.. නොසැලීම ඉදිරියටම යන්න....!!!
ReplyDeleteඔව්..හැමදාමත් මේ ගැහැණු ළමයි ඉදිරියටම යනවා....!!
Deleteස්තුතියි යාලු....
අලුත් අදහස් වලින් බොහෝ කාලයක් "ගැහැනු ළමයි" සරසවන්න ලැබේවා.
ReplyDeleteමම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්
ස්තුතියි යාලු....
Deleteම්ම්..
ReplyDeleteඇත්ත ඇත්ත....................
ආදරේ නැති වෙලා ගියාම අඬන්නෙ ගෑල්ලමයි විතරක් නම් නෙමෙයි හැබැයි............. :/
Get up girls!make ur steps!
and never look back...
Good Luck!!!
//..ආදරේ නැති වෙලා ගියාම අඬන්නෙ ගෑල්ලමයි විතරක් නම් නෙමෙයි ..// ඒක ඇත්ත මමත් ඒක පිළිගන්නවා...
Deleteස්තුතියි යාලු....
සාදරයෙන් පිලිගන්නවා සිතුවිලිව, පලවෙනි ලිපියම මට ගොඩාක් හිත් ගත්තා.
ReplyDeleteසුභ පැතුම්
ස්තුතියි අක්කියෝ....
Deleteසිතුවිලි අපේ ගැහැනු ළමයි අතරට හුඟාක් ආදරෙන් පිළිගන්නවා... :)
ReplyDeleteලස්සන ලිපියක්.. වටින අදහසක්!!
මේ ලිපිය ලස්සන කර ගන්න ලැබුනේ අක්කි නිසා..ඒ ගැන ස්තුතියි කරන්න වචන නැති තරම්.. මට හුඟාක් සතුටුයි ගැහැණු ළමයි අතරට එන්න ලැබුණ එකට නම්....
Deleteහ්ම්ම් පරක්කු වෙලා මේ පැත්තට ආවත් අද මට හරිම සතුටුයි. මෙච්චර කල් මම සිතුවිලි නංගිගේ නොදැකපුම පැත්තක් මේ පෝස්ට් එකෙන් දැක්කා. ජය වේවා නංගි :))
ReplyDeleteපරක්කු වෙලා වුනත් අයියා මේ පැත්තට ආපු එකට මටත් සතුටුයි...මේ දේට මට පාර පෙන්නපු ඔයාටත් ගොඩක් ස්තුතියි අයියේ....
Deleteඔයාටත් ජය..!!
රෙපා මාත් පරක්කු උනානේ ,.,දැන් ඉතින් හැමදාම එනවා ,., දන්න දන්න කෙල්ලො ටිකටත් මාගෙ සිංදුටත් නැරඹිය යුතු බ්ලොග් එකක් ,., නියමයි ,. අක්කේ ... ජයෙන් ජය.....
ReplyDeleteඇත්තටම කියවගෙන යනකොට හිතනවාට පෙනවාට වඩා වැඩි දෙයක් ගැහැණු ළමයෙක්ගේ හිතේ
ReplyDeleteතියෙනවා කියලා දැනුණා.. ගැහැණු ළමයෙක් ටිකක් අහිංසකවත් සියුමැලිවත් ඉන්නවා නම් කවුරුත් ආසයි...
එත් ඒ ළමයා බොලදව බියගුලුවත් වෙලා ඉන්න ඕනි නෑ... අපි හැමෝම හරිම නිදහසෙන් සතුටින් මේ ලෝකේ ඉන්න ඕනි...
ඔයා හරිම ලස්සනට හිතට වදින විදිහට කතාව ලියලා තියෙනවා sd යාළු...
තව තවත් දිගටම ලියන්නකෝ... අපෙනුත් සුබ පැතුම්!
Obata jayama wewa..suba pathum
ReplyDelete