Friday, June 22, 2012

අඬන්න........

මම ලිහිණි. බ්ලොග් සමාජෙට නවකයෙක්. මේ මගේ පළමු ලිපිය ගැහැනු ළමයි බ්ලොග් අවකාශෙට ලියන.







හිනා වෙන්න එපා 
අඬන්න
ඒ ඇයි?
මම නැති වුනොත්?
මෝඩි එහෙම වෙන්නේ නැහැ
මම නැති වුනොත් අපේ පැටියට
හොඳ අප්පච්චියෙක් වෙන්න
පිස්සුද මොනාද මේ කියන්නේ
ඔයයි අපේ පැටියයි
දෙන්නම තව ටිකකින් මගේ ළඟ.........
මගේ පැතුම ඒකයි
අනේ රත්තරන්
අපේ පැටියට මාව නැති වෙයි. 
මට ගොඩාක් බයයි
කටවහගෙන ඉන්නවා.
ඔයාව දැන් තියේටර් එකට ගනී
මම ඔයාට ගොඩාක් ආදරෙයි..
මමත්.. මාව බය කරන්න එපා.....






.......................................................................




මට කනගාටුයි මිස්ටර් ජිවක..
ඔයාගේ වයිෆ් ව බේරගන්න අපිට බැරි වුනා.........................




46 comments:

  1. කවදාවත් හීනෙකින්වත් කාටවත් මෙහෙම වෙන්න එපා..ඇත්තටම ලස්සනයි ඒ වගේම හුගක් සංවේදියි....

    තවත් ලස්සන නිර්මාණ කරන්න බ්ලොග් අවකාශයේ දිගු ගමනක් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ළුනා කරනවා..!!

    ReplyDelete
    Replies
    1. සිතුවිලි දැහැනට ස්තුතියි
      කවදාවත් වෙන්නනම් එපා. එත් මගේ කෙනෙක්ට මෙහෙම වුනා.

      Delete
  2. ඇත්තටම ඔය වගේ දෙයක් අහන්න ලැබුනාම මොන වගේ මානසික තත්වයක් ඇති වෙයිද? :((

    ලිහිනිටත් බ්ලොග් අවකාශයේ දිග ගමනක් යන්න සුභ පතනවා...

    ReplyDelete
    Replies
    1. රේප් මහත්තයාටත් ගොඩාක් ස්තුතියි.
      මානසිකත්වය නම් ගොඩාක් දුර්වල වෙනවා ඔහොම දෙයක් උනොත්

      Delete
  3. මීට පස්සෙ ජීවිතේ..........................................................
    ?
    ?
    ?
    ?
    ?
    ?

    ReplyDelete
  4. ලස්සනයි ගොඩක් සංවේදියි දිගු ගමනකට සුබ පැතුම් ..........

    ReplyDelete
  5. අනේ ඇගම හිරි වැටුනා... ඇත්තමයි මෙහෙම දෙවල්ල්නම් නිර්මානෙකින්වත් කියවන්න වෙන්න එපා

    ReplyDelete
    Replies
    1. නිර්මාණයක් තමයි, එත් ඇත්ත සිද්දියක්

      Delete
  6. දැංකාලෙ විද්‍යාව දියුණුයි නොවැ.

    ReplyDelete
    Replies
    1. එකඟයි! අද සිටින තැන එහි ගමනාන්තය නොවූවත්! .................... <3

      Delete
    2. විද්‍යාව දියුණු වුනත් ඉරණම වෙනස් නොවූ කෙනෙක්

      Delete
  7. අළුත් යාළුවෙන් එකතු වෙලා තියෙන්නේ මේ කල්ලියට..

    ලස්සන අදහසක්.. බලාපොරොත්තු නොවෙන දෙයක් අහන්න උනාම ඒ ජීවිත වලට මොනවාවන් වෙයිද?

    ReplyDelete
    Replies
    1. ඔව්ව් අලුත් කෙනෙක්...

      ඒ වගේ ජිවිතයක් හතුරෙක්ටවත් එපා

      Delete
  8. පැටියාගේ අම්ම කොහොමද දැන ගත්තේ පැටියට පැටියාගේ අම්ම නැති වෙයිම කියල. හීනෙකින්වත් හිතන්න හොඳ දෙයක් නෙමෙයි.
    අලුත් ලේඛිකාවට සුභ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. එයා දැනගත්තේ වෛද්‍ය වරුන්ගෙන්. ඇයට දරුණු රෝගයක්.

      Delete
  9. අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
    ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එලිය වුනී
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
    පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී

    සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
    කුසයේ නොදැරුවත් දිවි බර මට දැනුනේ
    මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
    පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ

    මවකට මුවාවී නුඹ වෙත දිරි දුන්නේ
    මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
    පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
    අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ

    ReplyDelete
  10. දැං නං මේවා වෙනවා අඩුයි මයේ හිතේ...
    ලස්සනයි..
    ජයවේවා!!!!!

    ReplyDelete
    Replies
    1. වෙන්නේ නැත්තෙමත් නැහැ. කරුම පඩිසන් දෙනවා. :(

      Delete
  11. එහෙම වෙන්න නම් එපා කාටත්..

    අලුත් ලියන්නියට සුබ පැතුම්..දිගටම ලියමු.. :)

    ReplyDelete
    Replies
    1. ඔව්ව් හතුරෙක්ටව්ටැහැ එපා.

      ගොඩාක් ස්තුත්යි සහෝදරි

      Delete
  12. දුකයි අප්පා :(
    දිගටම ලියන්න..

    ReplyDelete
  13. ජිවිතේ කියන එක ඇතුළේ මෙහෙම දේවලුත් නැතුවාම නෙමෙයිනේ :(

    ReplyDelete
  14. සංවේදී පෝස්ටුවක්!!! හදවතටම කතා කරපු ආරම්භයක්!!! ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් සතුටුයි. ජය වේවා ඔයාටත්

      Delete
  15. මවකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ
    ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ
    ඔබෙන් සිඟිති පුතේ මගෙ පාලුව මැකේ

    අප දෙන්නා අඳුරු ලොවැක තනිකරදා පුතේ
    නුබෙ අම්මා දිවිය ලෝකෙ ගියා චූටි පුතේ

    මා හටදී ඔයා ඈ සුර ලොව ගියා//

    හිතේ තියන පාලු ගතිය මග හරින්න පුතේ
    සුර කුමරුන් සමගින් ඔබ හිනහෙනවද පුතේ//

    සුරවිමනට වැදී මගෙ රන් කඳ නිදී//

    පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම උනේ
    කොහොමද මම සිහි කරන්නෙ පුතුගෙ උපන් දිනේ

    නිදා ගන්න පුතේ තාත්තගෙ අතේ //

    තවමත් කිරි සුවඳ දැනෙයි ඔබෙ සිලිටි ගතේ
    ඔබ නැතිනම් මම දැනටත් මැරී ඇතෙයි පුතේ //
    පියාගෙ ජීවිතේ ඔබේ ළඟයි පුතේ

    ලොකු උනාම අම්මා ගැන අහන්නෙපා පුතේ
    එතකොට මගෙ දෙනෙත් වලට කඳුලු පිරෙයි පුතේ
    දොයි දොයි දොයි පුතේ බයි බයි බයි පුතේ //

    ReplyDelete
    Replies
    1. මේක මගේ යාලුවෙඋත් නිතරම කියන සින්දුවක්

      Delete
  16. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  17. කාටවත් වෙන්න නම් එපා මෙහෙම දෙයක්.. බ්ලොග් කලාවේ දිගු ගමනකට සුබ පැතුම්!

    ReplyDelete
  18. විද්‍යාව දියුණුයි කිව්වට අනන්තවත් තවමත් අම්මල නැතිවෙනවා අපි නොදන්නවා වුණාට.එත් කවමදාවක්වත් මෙවැනි දෙයක්නම් කිසිම අම්මෙකුට නොම වේවා..

    බ්ලොග් ආගන්තුකීට ජය වේවා

    ReplyDelete
    Replies
    1. අැත්ත
      1. ඉස්සර තරම් නොවෙයි.
      2. විද්‍යාව දියුනු උනාට මිනිස්සු දියුනු නැත්තං (විශේෂයෙන් දැනුම හා පහසුකම්) කරන්න දෙයක් නෑ!

      Delete
    2. වෛද්‍ය වරියන්ටත් ඔය සිද්දියට මුහුණ දෙන්න වුනා මගේ ලගම කෙනෙක්ට. කොච්චර දියුණු වුනත් වෙලාව තමයි

      Delete
  19. අනේ....!!! මුල ටික කියවද්දී අග මෙහෙම වෙයි කියල හිතුවෙම නැහැ..දිගටම ලියන්න ඔයා ලස්සනට ලියනවා

    ReplyDelete

අපේ සිනිඳු හිත් වල හයියට, මොනා හරි කියලා යන්න... ඔයාලාගෙ ශක්තිය හුඟාක් වටීවී....