අපි හැමෝටම අපිටම කියල ලෝකයක් තියනවා.
ඒ ලොකේ ඉන්නෙ, සුලු චරිත ගානක්. සමහරවිට ඔයයි මායි විතරක් වෙන්නත් පුලුවං.
එක පුද්ගලයෙක්ගෙ වෙන්ව යාමක් ජීවිතයට තදින්ම දැනෙන්න ඒක ලොකු හේතුවක් වෙන්න ඇති.
තෙත ඉහුන සුළඟ යට
ඉරා පද එකින් එක
විසිකරමි
බොල් සුලඟට
ඇහිදගන්නට
නුඹට
සුවඳකට ඇමිණ එන
මතක සලකුණු අතර
අතරමන් වෙන්න
පාර පෙන්වන්නද නුඹට
මොහොතකට
එහෙම එක මොහොතකට
නුඹ යන්න....
කිසිවකුත් නොඇසු ලෙස
කිසිකුත් නොදුටු ලෙස
පුරුදු තනිකම
උරුම කර මට...
නුඹේ වෙන්වීම මට තදින්ම දැනෙන්න ඇත්තෙ නුඔ මගෙ ලෝකෙම නිසා වෙන්න ඇති. යන්න යද්දිත් තවත් නුඹ ලඟම ඉන්න හිතෙන්නෙත් ඒ නිසාම වෙන්න ඇති....
ඒත්........
ලබන සතියට .....
ලබන සතියට .....
පියේහි විප්පයෝගෝ දුක්ඛෝ
ReplyDeleteඒකනම් ඇත්ත යාලුවා.සමහර වෙලාවට ඹ්ක වර්ගය ගනය වෙන වෙලාවලුත් තියෙනවා
Deleteලස්සන කවියක්!
ReplyDeleteහමුවීම නං ශෝක්! වෙන්වීම දුකක්! හැබැයි මේ දෙකම එකක්!
ස්තූතියි යාලුවා.අලිය තනි උනාට යමක් කමක් දන්නවනෙ :)
Deleteනිකංයැ තනි! :D
Deleteඒ කියන්නෙ වෙන් වීම ලබන සතියට ??
ReplyDeleteහොඳ ආරම්භයක්.. !!
වෙන්වීමද දන්නෑ අපි බලමු.
Deleteවෙන්වීම දුකක් නිසානේ
ReplyDeleteහමුවන්නේ
නැති නමි ජීවිතේ
කිසිගතියක් නැත්තේ
දුක+සතුට=ඡීවිතය :)
Deleteහ්ම්ම් දුක තමා ඒත් ඉතින් පතාගෙන ආපු විදිය .
ReplyDeleteඑහෙමවත් හිත හදාගමු :) දුක උනත් මොනා කරන්නද?
Deleteඒකනේ කව්ද කියල තියෙන්නේ "අප හමුවීම වෙන්වීම දෝ ආදරේ" කියල :/
ReplyDeleteඅනේමන්ද ඉතින් හමුවෙනකොට තියෙන සතුට හමුනොවෙනකොට, වෙන්වෙනකොට අපෙන් ඈත වෙන්නේ හරි පුදුම විදියට නේ ..
:((((((((((((
Deleteහමුවීමක් තුල රැදි සුන්දරත්වය
ReplyDeleteවෙන්වීමක් තුල වියකී යාහැක
වෙන්වීම කොමාවක් නම් බලාපොරොත්තුවත් සතුටක් වෙනවලුනෙ :)
Delete“සුවඳකට ඇමිණ එන
ReplyDeleteමතක සලකුණු අතර
අතරමන් වෙන්න
පාර පෙන්වන්නද නුඹට
මොහොතකට
එහෙම එක මොහොතකට“
ඇත්තටම ලස්සනයි.....
ස්තූතියි අක්කියෝ(අක්කියෙක්ද දන්නෑ):)
Deleteහමු උනොත් වෙන්වීම ඒකාන්තයි.
ReplyDeleteහ්ම්ම් :(
Deleteඅමුතු වෙනසක් දකිනවා මේ කවි පෙලේ..
ReplyDeleteපිටස්තරී බ්ලොග් වලට අළුත් නේද? ලස්සනයි.. බලමුකෝ ඉතිරියත්..
ස්තූතියි යාලු අලුත් නෑ නැත්තෙත් නෑ :)
Deleteඅනේ මන්දා.... මට ඔය වෙන්වෙන සීන් පේනකොට ඇග නලියනවා :-(
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
හයියෝ
Deleteඑසේම වේවා!
ලබන සතියෙත් බලලම ඉමු නේද?
ReplyDeleteඑක එක බ්ලොග් වල සැරි සරද්දි අහම්බෙන් මේ බ්ලොග් එක හම්බුනේ. බැලින්නම් දන්න කියන අයනෙ මෙ ඉන්නේ.ඔන්න මමත් ආවා මේ පැත්තට හොදේ
ReplyDeleteඑන්න එන්න ආදරෙන් පිලිගන්නවා.
Deleteහමුවීමකදී කවදහරි වෙන්නත් වෙනවා කියලා හිතට දැනෙනවනම්...
ReplyDeleteඑහෙම නොහිතෙන එක හොදයි යාලු නැත්නම් කවදාවත් හමුවීමක් නොවෙන්න තිබුනා :)
Deleteහමුවුනොත් දවසක.......... වෙන්වෙන්න වෙනවාමයි.....
ReplyDeleteඉතුරු කොටස් එනතුරු බලන් ඉන්න මම හිතූ!!!
දුක වුනත්, අමුතු ගතියක් මේ පදවල තියෙනවා පිටස්තරී!!
ස්තූතියි සහෝ ආයිත් ලියන්න කල උදව්වට ස්තූතියි හිතූ
Deleteසුභ පැතුම් සහෝදරි... ලස්සන කවි පෙළ.. ඉතුරු කොටසත් බලමුකෝ
ReplyDeleteස්තූතියි සහෝදරී :)
Deleteලස්සන කවියක්..
ReplyDeleteස්තූතියි අක්කියෝ
Deleteහ්ම්ම්.....
ReplyDeleteහමුවීම ප්‍රේමය නොවේ
වෙන්වීම ප්‍රේමය වගයි....
~~~***දඟ මල්ල***~~~
දඟ මල්ලත් දන්න දේවල් :)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteපාර පෙන්වන්නද නුඹට
ReplyDeleteමොහොතකට
'''ලස්සනයි'''
වෙන්වීමක් නැතිව හමුවීමත්
ReplyDeleteහමුවීමක් නැතිව වෙන්වීමත් නොමැත.. :)
ලස්සන කවි පෙළක්..!
යන අය ට අපි යන්න දෙමු.. ඉන්න අයව කවදාවත් නැති නොකර..
ReplyDelete