Tuesday, May 29, 2012

මතකයන් දිගේ....




අපි හැමෝටම අපිටම කියල ලෝකයක් තියනවා.
ඒ ලොකේ ඉන්නෙ, සුලු චරිත ගානක්. සමහරවිට ඔයයි මායි විතරක් වෙන්නත් පුලුවං.
එක පුද්ගලයෙක්ගෙ වෙන්ව යාමක් ජීවිතයට තදින්ම දැනෙන්න ඒක ලොකු හේතුවක් වෙන්න ඇති.

තෙත ඉහුන සුළඟ යට
ඉරා පද එකින් එක
විසිකරමි
බොල් සුලඟට
ඇහිදගන්නට
නුඹට

සුවඳකට ඇමිණ එන
මතක සලකුණු අතර
අතරමන් වෙන්න
පාර පෙන්වන්නද නුඹට
මොහොතකට
එහෙම එක මොහොතකට

නුඹ යන්න....
කිසිවකුත් නොඇසු ලෙස
කිසිකුත් නොදුටු ලෙස
පුරුදු තනිකම
උරුම කර මට...

නුඹේ වෙන්වීම මට තදින්ම දැනෙන්න ඇත්තෙ නුඔ මගෙ ලෝකෙම නිසා වෙන්න ඇති. යන්න යද්දිත් තවත් නුඹ ලඟම ඉන්න හිතෙන්නෙත් ඒ නිසාම වෙන්න ඇති....

ඒත්........


ලබන සතියට .....

40 comments:

  1. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත යාලුවා.සමහර වෙලාවට ඹ්ක වර්ගය ගනය වෙන වෙලාවලුත් තියෙනවා

      Delete
  2. ලස්සන කවියක්!
    හමුවීම නං ශෝක්! වෙන්වීම දුකක්! හැබැයි මේ දෙකම එකක්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලුවා.අලිය තනි උනාට යමක් කමක් දන්නවනෙ :)

      Delete
  3. ඒ කියන්නෙ වෙන් වීම ලබන සතියට ??

    හොඳ ආරම්භයක්.. !!

    ReplyDelete
    Replies
    1. වෙන්වීමද දන්නෑ අපි බලමු.

      Delete
  4. වෙන්වීම දුකක් නිසානේ
    හමුවන්නේ
    නැති නමි ජීවිතේ
    කිසිගතියක් නැත්තේ

    ReplyDelete
  5. හ්ම්ම් දුක තමා ඒත් ඉතින් පතාගෙන ආපු විදිය .

    ReplyDelete
    Replies
    1. එහෙමවත් හිත හදාගමු :) දුක උනත් මොනා කරන්නද?

      Delete
  6. ඒකනේ කව්ද කියල තියෙන්නේ "අප හමුවීම වෙන්වීම දෝ ආදරේ" කියල :/
    අනේමන්ද ඉතින් හමුවෙනකොට තියෙන සතුට හමුනොවෙනකොට, වෙන්වෙනකොට අපෙන් ඈත වෙන්නේ හරි පුදුම විදියට නේ ..

    ReplyDelete
  7. හමුවීමක් තුල රැදි සුන්දරත්වය
    වෙන්වීමක් තුල වියකී යාහැක

    ReplyDelete
    Replies
    1. වෙන්වීම කොමාවක් නම් බලාපොරොත්තුවත් සතුටක් වෙනවලුනෙ :)

      Delete
  8. “සුවඳකට ඇමිණ එන
    මතක සලකුණු අතර
    අතරමන් වෙන්න
    පාර පෙන්වන්නද නුඹට
    මොහොතකට
    එහෙම එක මොහොතකට“

    ඇත්තටම ලස්සනයි.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කියෝ(අක්කියෙක්ද දන්නෑ):)

      Delete
  9. හමු උනොත් වෙන්වීම ඒකාන්තයි.

    ReplyDelete
  10. අමුතු වෙනසක් දකිනවා මේ කවි පෙලේ..

    පිටස්තරී බ්ලොග් වලට අළුත් නේද? ලස්සනයි.. බලමුකෝ ඉතිරියත්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලු අලුත් නෑ නැත්තෙත් නෑ :)

      Delete
  11. අනේ මන්දා.... මට ඔය වෙන්වෙන සීන් පේනකොට ඇග නලියනවා :-(

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  12. ලබන සතියෙත් බලලම ඉමු නේද?

    ReplyDelete
  13. එක එක බ්ලොග් වල සැරි සරද්දි අහම්බෙන් මේ බ්ලොග් එක හම්බුනේ. බැලින්නම් දන්න කියන අයනෙ මෙ ඉන්නේ.ඔන්න මමත් ආවා මේ පැත්තට හොදේ

    ReplyDelete
    Replies
    1. එන්න එන්න ආදරෙන් පිලිගන්නවා.

      Delete
  14. හමුවීමකදී කවදහරි වෙන්නත් වෙනවා කියලා හිතට දැනෙනවනම්...

    ReplyDelete
    Replies
    1. එහෙම නොහිතෙන එක හොදයි යාලු නැත්නම් කවදාවත් හමුවීමක් නොවෙන්න තිබුනා :)

      Delete
  15. හමුවුනොත් දවසක.......... වෙන්වෙන්න වෙනවාමයි.....

    ඉතුරු කොටස් එනතුරු බලන් ඉන්න මම හිතූ!!!

    දුක වුනත්, අමුතු ගතියක් මේ පදවල තියෙනවා පිටස්තරී!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ ආයිත් ලියන්න කල උදව්වට ස්තූතියි හිතූ

      Delete
  16. සුභ පැතුම් සහෝදරි... ලස්සන කවි පෙළ.. ඉතුරු කොටසත් බලමුකෝ

    ReplyDelete
  17. ලස්සන කවියක්..

    ReplyDelete
  18. හ්ම්ම්.....

    හමුවීම ප්‍රේමය නොවේ
    වෙන්වීම ප්‍රේමය වගයි....

    ~~~***දඟ මල්ල***~~~

    ReplyDelete
    Replies
    1. දඟ මල්ලත් දන්න දේවල් :)

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. පාර පෙන්වන්නද නුඹට
    මොහොතකට
    '''ලස්සනයි'''

    ReplyDelete
  21. වෙන්වීමක් නැතිව හමුවීමත්
    හමුවීමක් නැතිව වෙන්වීමත් නොමැත.. :)
    ලස්සන කවි පෙළක්..!

    ReplyDelete
  22. යන අය ට අපි යන්න දෙමු.. ඉන්න අයව කවදාවත් නැති නොකර..

    ReplyDelete

අපේ සිනිඳු හිත් වල හයියට, මොනා හරි කියලා යන්න... ඔයාලාගෙ ශක්තිය හුඟාක් වටීවී....