ගැහැනු ළමයින්ගේ
බ්ලොග් එකේ මම ලියන පළවෙනි පෝස්ට් එක. ලියන්නේ මොනවද කියලා දහ අතේ කල්පනා කරද්දී
හිතුනේ මගේ අම්මා ගැන මුලින්ම ලියන්න ඕන කියලා. මොකද මගේ ජීවිතේ මට ඉන්න යකඩ
ගැහැනිය ඇය නිසා.
ඉවසීම, අනේ මන්දා මට
නම් තවමත් ඉවසීම කියන්නේ මොකද්ද කියලා හොයා ගන්න බැරි වුනා. එත් අම්මා කියන්නේ
ගැහැනියෙක් වුනහම ඉවසීම තියෙන්න ඕනලු. ඒ ඉවසීමට සීමාවක් නෑ කියලා. වෙලාවකට හිතෙනවා
අම්මා හරි කියලා. මට අද තාවනතුරු මගේ අම්මා තරම් ඉවසපු කෙනෙක් මේ ලෝකෙ මුණ ගැහිලා
නෑ.
අම්මා ඉපදෙන්නේ හතර
දෙනෙක් වෙච්ච පවුලේ තුන්වෙනියා වෙලා. පෙර පාසල් යන වයසටත් එන්න කලියෙන් හදිස්සියේම
සීයා ඒ කියන්නේ අම්මගේ තාත්තා ගහකින් වැටිලා නැති වෙනවා. ඊට පස්සේ අත්තම්මා තවත්
කසාදයක් කර ගත්තට පස්සේ අම්මව ඥාති ගෙදරක නතර කරනවා. අම්ම නම් කියන්නේ එහෙම කලේ
අත්තම්මට කන්න බොන්න දෙන්න බැරි නිසා
කියලා. ඉතිං ඥාති ගෙදරක හිටියත් ඉගෙන ගන්න තියෙන හීනේ බොදවෙලා ගිහින් ඒ
ගෙදර ඉන්න පාසල් යන ළමයි හතර දෙනාගේ වැඩ පල කරල ගෙදර අනිත් වැඩත් කරන්න සිද්ධ වෙලා
තියෙන්නේ අම්මට. ඒත් කවම දාවත් එයා ඒ ලබපු දේට වෛර කරලා නෑ. හැම දේම පුදුමාකාර
විදියට ඉවස ගෙන ජීවිතේට මුහුණු දීලා. ඉතිං ඔය විදිය හැල හැප්පීම් එක්ක නව යෞවනයට
එද්දී හීන ගොඩක් මවාගෙන තමයි තමන්ගේ ආදරේ සොයා ගෙන හිටපු ගෙදරින් පියාඹලා ඇවිත්
තියෙන්නේ. ඒත් තාත්තා ලගට ආවට පස්සේ වුනේ කඹලෙන් ලිපට වැටුන වගේ දෙයක්. දරුවෝ තුන්
දෙනත් ඉස්කෝලේ යවලා අනිත් හැම වියදමක්ම කරන ගමන් තාත්තට උදේට වැසිකිළියට යන්න
ගෙනැත් දෙන දුම්වැටියේ ඉදලා හවසට දාන රේස් තුන්ඩුවට පවා සල්ලි දෙන්න වුනේ මගේ
අම්මට. මහන්සිවෙලා අනුන්ගෙ වළං පිගං හොදලා හැම දේම කලත් උයා ගනිපු බත් පත කන්න
ලැබුනේ එහෙමත් දවසක විතරයි. ඒ වගේම ගුටි කෑමෙන් බැනුම් ඇහීමෙන් සීමාවකුත් නෑ.
හ්ම්
..................
ඒත් ඉතිං මේ තරම්
කරදර වින්දත් කවම දාවත් අම්මා හිතුවේ නෑ තාත්තගෙන් දික්කසාද වෙලා තනියම එයා සැපෙන්
ජීවත් වෙන්න ඕන කියලා. හැම දුකක්ම එයා එයාගේ පපුවේ ඇතුලේ හිර කරගෙන පුදුමාකාර
ඉවසීමකින් වැඩ කලා. මම පුංචි කාලේ අම්මා ඉවසනවා වැඩී ඇයි මේ තරම් ඉවසන්නේ
කියලා රණ්ඩු වුන කෑගහපු වෙලාවල් ඕන තරම්. ඒත් අද මම මගේ අම්මගේ ඉවසීම ගැන ආඩම්බර
වෙනවා. අම්මා එහෙම ඉවසුවේ නැත්නම් අපිට මොනවා වෙයිද? මේ වෙද්දී අපි කොහේ ඉදීද? ඒත්
අම්මගේ ඉවසීම නිසා අපේ පවුල රැකුනා. මේ වෙද්දී සම්පූර්ණයෙන්ම තාත්තා බීමත් නතර
කරලා.ඒත් අම්මා තවමත් කොළඹට වෙලා දුක් විදින්නේ නොබී හිටියත් තාත්ගේ තියෙන ඉක්මන්
කේන්තිය තවම අඩු වෙලා නැති නිසා. ඒත් මම විශ්වාස කරනවා අම්මගේ ඉවසීමේ අග්‍රඵලය ඇයට
ඇගේ සැදෑසමයෙදී උපරිමයෙන්‍ම විදින්න ලැබෙයි කියලා. පුංචි දේටත් දික්කසාද වෙන යුගයක
මෙතරම් ඉවසූ මගේ අම්මා යකඩ ගැහැනියක් නොවේද .....
අනිවා ...ඒ ඉවසීම,ගෙදර බුදුන් පදවිය ...මේ ඔක්කොම අම්මට..ඒ ඉවසීම කාටවත්ම දරන්න බැරිවෙයි ....එත් ඒ ඉවසීම අපි වෙනුවෙන් අපේ අම්මල උහුලනවා ..ඒ වගේම තමයි ..අද ඔයාගේ අම්ම ඔයාල දිහා බලල හිනා වෙනවා ඇති ...මොකද ඒ අම්මගේ හය්යෙන් හදපු වදපු ඔයාල නිසා..ඒ වගේම තමයි අපි හැමෝගෙම අම්මලත් ...මේ වචන පෙළ ඔයාගේ අම්මටත් ,මේ ලෝකේ ඉන්න සියලු අම්මාවරුන්ටත් උපහාරයක් වේවා
ReplyDeleteස්තූතියි යාළුවේ. ඔයාගේ වචන හැම අම්මෙක්ටම උපහාරයක්ම වේවා!
Deleteහ්ම්ම්ම් .. බට්ටි අම්මා ගැන විස්තර මට කලිනුත් කියනවා
ReplyDeleteමම අහල තියනවා ගැහැණිය විටක මල් පෙත්තක් තරම් සුමුදු වන අතර විටක යකඩයක් තරමත ශක්තිමත් කියලා... මේ ඒ කථාවට හොඳ උදාහරණයක්.....
ඒ වගේම මේවගේ මවක් ලබපු බට්ටිත්.. බට්ටි වගේ දුවක් ලබපු අම්මත් ඇත්තටම වාසනාවන්තයි
සුදු අයියා ඉතිං මගේ පවුලේ විස්තර දන්නවනේ.
Deleteමම හුගක් පිං කරලා මගේ අම්මා වගේ අම්මෙක් ලබන්න.
සත්තකින්ම අම්මා යකඩ ගැහැනියක්......
ReplyDeleteස්තූතියි නංගියෝ...
Deleteඉවසීම...මේ ගැන කතා කරන්න වචන මදි. අම්මාගේ කීම හැමදාම හරි කෙල්ලෙක් /ගැහැනියක් ජිවිත කාලේ ඇතුලතදී ජිවත් වෙන්න කොච්චර ඉවසන්න වෙනවද කියන එක ගැන කියලා වැඩක් නෑ...
ReplyDelete//පුංචි දේටත් දික්කසාද වෙන යුගයක මෙතරම් ඉවසූ මගේ අම්මා යකඩ ගැහැනියක් නොවේද .....// මේ කතාව සහතික ඇත්ත අක්කේ...අද සමාජේ පොඩි දෙයක් උනත් ඇති මිනිස්සුනට දික්කසාද වෙන්න..ඒ අතින් බලනකොට ඔයාගේ අම්මා මල් තියලා වදින්න ඕන චරිතයක්...අද සමාජයේ මේ වගේ චරිත් කියක් නම් ඇත්ද? එදාවෙල්ල කන්න නැතුව.ඒ අහිංසක,දිරියවන්ත අම්මට අක්කා කියනවා වගේ ඉවසීමේ අග්‍රඵලය ඇයට ඇගේ සැදෑසමයෙදී උපරිමයෙන්‍ම විදින්න ලැබෙනන කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...ඇත්තටම බට්ටි අක්කා ඒ වගේ අම්ම කෙන්ක්ගේ දුවෙක් වීම ගැන හුගක් සතුටු වෙන්න...ඒ දිරියවන්ත ඉවසිලිවන්ත අම්මටයි,දුවටයි හැමදාමත් ජය..!!!
කෙනෙක් ගෙන මම ඉවසීම ගැන ඇහුවහම කිව්වේ ඒක තියෙන පහසුකම් මත වෙනස් වෙනවා කියලා. විවාහයකදි වුනත් කාන්තාවට තනියම ඉන්න ශක්තියක් තියෙනවනම් ඉවසන ප්‍රමාණය අඩු වෙනවලූ. මුකුත්ම නැති අය ඉවසනවා වැඩීලු.ඒත් මම කිව්වා එහෙම වුනා නම් අපේ අම්මට ඕන නම් සේරම අත ඇරලා පාඩුවේ කොළඹට වෙලා ඉන්න තිබුණ නේද කියලා. මට නම් හරියටම හිතා ගන්න බෑ.
Deleteස්තූතියි නංගියෝ....
ඉවසීම කියන්නෙ ප්‍රශස්ත මට්ටමකින් තියාගන්න ඔ්න එකක්! අඩුවෙන් තිබ්බත් කේස්! වැඩියෙන් තිබ්බත් කේස්! .............
ReplyDeleteමටත් තාවම බැරි වුනා ඉවසීම හදා ගන්න. අම්මගෙන් බැනුම් අහන්නෙම ඕකට
Deleteඅපේ අම්ම එක්ක ලොකු සමානකමක්....!!!
ReplyDeleteඑහෙනම් මගේ අම්ම ගැන කිව්ව දේවල් නංගිට හොදටම දැනෙන්න ඇති.
Deleteඉස්සර අම්මලා හැමෝම තුල මේ ඉවසීමේ ගුණය තිබ්බා . ඒත් දැන්නම් මේ ඉව්සීමේ ගුණය ඇත්තේම නැති තරම් . බොහෝ ප්‍රශ්න ව්ලට මුල මේ ඉවසීමේ ගුණය අඩු කම . මේ බ්ලොග් අවකාශය තුලත් මම මේ දේ හොදින් දකිනවා .
ReplyDeleteඒක නම් ඇත්ත අක්කේ. අපේ ගැහැනු ළමයි බ්ලොග් එක පුළුවන් උපරිමයෙන්ම ඒ අඩුපාඩුව මග අරින් පුළුවන් දේවල් හැමෝටම කියල දෙනවා.
Deleteඉවසන දනා රුපු යුදයට ජය කොඩිය,,,,
ReplyDeleteඅම්මලා එහෙමයි අක්කේ, එත් හැම අම්මා කෙනෙක්ම ඔහොම ඉවසන්නේ නැහැ. ඒ අතින් අක්කා වාසනාවන්තයි. මටත් ඒ වාසනාව තියෙනවා. මගේ අම්මාත් මට රන් කඳක්..........
ඔව් නංගියෝ මගේ ජීවිතේ එකත් අම්මා දෙකත් අම්මා තුනත් අම්මා..
Deleteහැම අම්මා කෙනෙක්ම තමන්ගේ ළමයින් වෙනුවෙන් ගොඩක් දේවල් ඉවසනවා... අපේ අම්මත්. ඒත් අක්කගේ අම්මා පුංචි කාලේ ඉදලම ඉවසීම ටිකෙන් ටිකෙන් පුරුදුකරගෙන ආපූ කෙනෙක්. අදටත් හැමදේම ඉවසන්නේ ඒ නිසා. ඒත් දැන් සතුටු වෙනවා ඇති... තමන්ගේ ළමයින් දිහා බලලා.
ReplyDelete// පුංචි දේටත් දික්කසාද වෙන යුගයක මෙතරම් ඉවසූ මගේ අම්මා යකඩ ගැහැනියක් නොවේද ....
අනිවාර්යෙන්ම යකඩ ගැහැණියක්...
අපේ අම්මා හුගක් අහිංසකයි. අනිත් හැම සහොදරයම ඉගෙන ගනිද්දි එයාට ඒ වාසනාව අහිමි වුනා කියලා චුට්ටක්වත් හිතන්නේ නෑ. අම්මගෙ හිත පුදුමාකාරයි.
Deleteඔව් බට්ටි, ඔයා කියනවා වගෙ පවුලක් ගොඩ නගන්න අම්මා කෙනෙකුගෙ ඉවසීම සහ කැපකිරීම ඉතාමත්ම වැදගත්. ඇත්තෙටම මාත් දැකලා තියනවා, අපේ පවුල් ප්‍රශ්න වලදි අපෙ අම්මා ගොඩාක් ඉවසගෙන එවා විසඳන හැටි... එ ඉවසිල්ලෙන් කොටසක්වත් මට තියනවද?...එක තහවුරු කරන්න නම් තාම මට පුළුවන්කමක් නැ අනෙ...:P
ReplyDeleteඑ ඉවසිල්ලෙන් කොටසක්වත් මට තියනවද?.මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නෙමයි. මට අම්මා කියන්නේ කුකුල් කේන්තිකාරි කියලා. හැබැයි එවෙලෙට විතරයි.
Deleteහදවතින්ම දරු දුක දන්න දරුවන්ට පනවගේ ආදරේ කරන අම්මලා මගේ අම්මා වගේ කප්පරක් දේවල් හිතේ හිරකරගෙන ඉවසනවා ඇති දරුවන්ගේ අනාගතේ ගැන හිතලා.
මට මතක් උනෙත් මගේ අම්මව......
ReplyDeleteසතුටුයි නංගියෝ..
Deleteහෆෝයි නංගි නෙවෙයි....................................................................................
Deleteහැක හැක හැක
Deleteබට්ටියේ එ අම්මා වගේම හැම අම්මා කෙනෙක් ගාවම ඉවසිම පුදුමයි....
ReplyDeleteඔව් අක්කියෝ. ඒත් අද කාලේ අම්මලගෙ නම් ඔය දේ හුගක්ම අඩුයි.
Deleteලමයි වෙනුවෙන් ඉවසන අම්මල කරන්නෙ ලොකු කැප කිරීමක්. ඔයාගෙ අම්මත් ඒ වගේ කියල පේනව.
ReplyDeleteමේ අඩවියට ආවේ අදයි.
ලියන අපි
ප්‍රාර්ථනා
හිතුවක්කාරි
පුංචි කුමාරිහාමි
මහි
අනූ
වර්ණා
බට්ටි
බුදු අම්මෝ බය හිතෙනව!
මොකද අනේ මේ රාජ් අයියා නම් ටික දැකලා බයවෙලා. අනේ ඔන්න අපි නම් අලී අහිංසකයි...
Deleteරාජ් මොකෝ බය වෙලා ... :D
Deleteඅම්මා තමයි අදත් මට ඕනිම දෙකට මුණ දෙන්න ශක්තිය දුන්නේ ................
ReplyDeleteමටත් මතක් වුන මගේ අම්මාව.. අම්මා කෙනෙක්ගෙ ඉවසීම මහ ආශ්චර්‍යක්!!!
ReplyDeleteසංවේදි ලිපියක් අක්කෙ!!
ගොඩක් අම්මලාගේ කතාව බොහෝ දුරට සමානයි. මම හිතන්නේ ඒ ඔබේ අම්මා විතරක් නෙමේ යාලුවා......
ReplyDeleteලස්සන ලිපියක් බට්ටි අක්කේ.. හරිම සංවේදියි..මටත් ඉන්නෙ ඔයාට වගේම ඉවසීම වැඩිම අම්ම කෙනෙක් අම්ම මට කියන්නෙත් ගැහැණියෙක් පුරුදු වෙන්න ඕනි එකම දේ ඉවසීම නැත්තම් ජීවිතේ නාස්ති වෙයි කියල..කොච්චර උත්සාහ කලත් මට කරන්නම බැරි දේ ඒක..නමුත් දැන්නම් අම්මා කියල කියලම ටිකක් ඉවසන්න පුරුදු වෙලා..කොහොම නමුත් හිතූ කිව්ව වගේ අම්මා කෙනෙක්ගෙ ඉවසීම මහ ආශ්චර්‍යක්!!!
ReplyDeleteමං මේක කියෙව්වා කැම්පස් එකේදි... එල!!!
ReplyDeleteඑන්න පරක්කු උනා..අද ගෙදර ආවේ..
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
වටින ලිපියක් බට්ටි. හැම අම්මා කෙනෙක්ම මෙහෙම උනා නම් දරුවෝ කවදාවත් අසරන වෙන්නේ නෑ..
ReplyDelete