කෙල්ලොන්ගේ හිත් පුදුමාකාරයි. වෙලාවකට බොලඳයි. තවත් වෙලාවකට ගලක් වගේ හයියයි. හිතුවක්කාරයි, හුරතල් , අහිංසකයි ඒ වගේම නපුරුයි. සමහරු කියන්නේ කෙල්ලොන්ව තේරුම් ගන්න එක අමාරුයි කියලා.. ඔවු වෙන්නත් ඇති. ඉතින් තේරුම් ගන්න අමාරුයි කියලා හිතන් ඉන්න මේ හුරතල්, අහිංසක දඩබ්බර දඟකාර කෙල්ලොන්ගේ හිත් වලට එබිලා බලන්න ඔයාලා කැමතිද. උදේ පිපුන මල් වගේ සුවඳ දෙන ඒ හිත් හරිම සුන්දරයි, පිවිතුරුයි. ඒ හිත් වල පිරිලා තියෙන බලාපොරොත්තු, හීන, සිතුම් පැතුම් . ඒ හැම එකක්ම උදේම මල් වලට වැටෙන පිණි බිඳු වගේ නැවුම් ඒ වගේම පිවිතුරුයි. කෙල්ලොන්ගේ හිත් ගැන, කෙල්ලොන්ගේ ෆැශන් ගැන, කෙල්ලොන්ගේ ආකල්ප ගැන, හිතන පතන විදිය ගැන, කෙල්ලෝ ආස කරන හැම දෙයක් ගැනම කියන්න වෙන් වුන අපේම තැනයි මේ. මෙහෙම බ්ලොග් එකක් ලියන්න මුලින්ම අදහසක් ආවේ වර්ණා නංගිට. ඉතින් ඒ අදහසේ ප්‍රතිඵලයක් විදියට අපි හැමෝගෙම එකතුවෙන් හැදුන අපේම තැනයි "ගැහැණු ළමයි"
කෙල්ලොන්ගේ හිතුම් පැතුම් ගැන කෙල්ලෝ තරමට දන්න වෙන කවුරුත්ම නෑ.
ඉතින් අපේම සිතුම් පැතුම් ගැන එකම තැනක අකුරු කරන්නේ අපේ ගැහැණු හිත් පොකුර,
හිතුවක්කාරී
වර්ණා
වර්ණා
සිහින මදාරා
නෙත්පානි
දඟ මල්ල
බට්ටි
බට්ටි
අනූ
පුංචි කුමාරිහාමි
සහ මම ප්‍රාර්ථනා
ගොළු හදවතේ දම්මිලා, ගම්පෙරලියේ නන්දලා, ගැහැණු ළමයි නවකථාවේ සෝමේලා, කුසුම්ලා, විරාගයේ බතීලා,සරාලා, බොඳ මීදුම් සංසලාලා, අදටත් අපි අතර ඉන්නවා. අකුරෙන් අකුර අමුණන මේ ලස්සන හිත් හැම එකකම කියවන ඔයාලා හැම කෙනෙක් අතරෙම චපල දම්මි කෙනෙක්, අහිංසක නන්දා කෙනෙක්, ආදරේ ලඟම තිබිලත් ලබාගන්න බැරි සරා කෙනෙක්,තේරුම් ගන්න බැරි හැඟීම් ගොන්නක් කරපින්නගත්තු බතී කෙනෙක්. හැම පුංචි දේකටම ඇස් වලින් කඳුළු කඩන් හැලෙන සංසලා කෙනෙක්, තෙරක් නොපෙනෙන ජීවිත ගමනේ කොහේ හරි මඟ වැරදිලා අසරණ වුන සෝමේ කෙනෙක්, මහාමෙරක් බර දරාගෙන හිනා වෙන ,හිතේ හයියෙන් ජීවිතේ ජයගන්න කුසුම් කෙනෙක් ඉන්නවා ඇති කොහේම හරි හැංගිලා.
ඉතින් ඒ වගේ හැඟීම් එක්ක අඬන, හිනාවෙන, කවිකාර මනමාල කෙල්ලොන්ගේ හිත් වල හීන මල් පොකුරු නෙලන්න, සුන්දරම වයසක සුන්දරම අවධියක ගෙවෙන අපේ ජීවිත ගැන කියන්න දේවල් ඕනේ තරම්, ඔයාලා අහගෙන ඉන්නවා නම් කියන්නම් ඒ හැමදේම. ලස්සන හීන අහුලන කෙල්ලනේ ඔයාලා හැමෝටමයි මේ ආරාධනාව. එන්න අපිත් එක්ක එකතු වෙන්න. අදහස් බෙදාගන්න.
කෙල්ලොන්ගේ සියුමැලි හිත් විනිවිද දකින්න කැමති , ආදරණිය කොල්ලනේ ඔයාලටත් අවසරයි මේ පැත්තට එන්න... එන්න ඇවිත් මල් පෙති වගේ හිත් නොතලා යන්න...කැමතිනම් අපි දකින හීනෙක වීරයෙක් වෙන්න, නැත්තම් අපේ හීන බොඳකරන දුෂ්ටයෙක් වෙන්න..කොහොම කොයි විදියකට අපිව පිළිගත්තාත්, මේ සදාදරණිය ඇරයුම ඔයාලා හැමෝටමයි......
බොළඳයි කියලා හිතාගෙන ඉන්න ඒ සියුමැලි හිත් ලඟ කළු ගල් පවා පෙරලන්න තරමට තියෙන ශක්තිය ගැන,අධිශ්ඨානය ගැන ඔයාලට කියන්න අපි ලෑස්තියි. කොල්ලනේ මේක තවත් බොළඳ නවකථාවක්වත්, කඳුළු පෙර පෙරා අඬන බ්ලොග් ඒකක්වත් නෙවෙයි. ඔයාලා එක එක පාට කණ්නාඩි වලින් බලන කෙල්ලන්ගේ ලෝකය අවංකව , ඇත්ත ඇති සැටියෙන් කියවෙන බ්ලොග් එකක්..
කෙල්ලෙක් කිව්වගමන්, බොළදයි කියල හංවඩුගහන සමාජෙක, අලුතෙන් දෙයක් කරන්න යද්දිම කකුලෙන් ඇදල බිමට දාන්න හදන, කෙල්ලෙක්ගෙ බොළදකමකට, දුකකට හැඟීම් වලට හිනා වෙන යකඩ හිත් වලට මේ ගැහැණු හිත පොකුරෙ එකතුව නොරිස්සාවී
ඒත් අපි නොනැවතී යනවා..ඉස්සරහටම....
කප්පරක් හීන, කප්පරක් දුක්, මහමෙරක් තරම් බලාපොරොත්තු, ඔය පුංචි හිත් ඇතුළෙ හිරකරන් දුක් විදිනවාද?ඔයත් ජිවිතේ පුංචිම පුංචි ප්‍රශ්නයක් හමුවේ, මහා ගොඩාරියක් දුකින් ඉන්නවාද? නැගිටගන්න වාරුවක් නැතිව, ජීවිතේ දිනන්න පාරක් පේන්නෙ නැතිව, අනාගතේට බයේ හැංගිලා ඉන්න අහිංසක පුංචි කෙල්ලක්ද?කාටවත් කියාගන්න බැරිව හිතේ හිරවෙලා තියෙන දුක කියන්න තැනක් හොයනවාද? ඔයාගෙ හිත නොතලා , වාරු දෙන්න පුළුවන් හිතක් හොයනවාද? එහෙනම් ඔයාටයි මේ සහෝදරත්වයේ දෑත... එන්න... අපිත් එක්ක අත්වැල් බැදගන්න.. මොහොතකට හරි ඔයාගෙ හිතට සැනසුමක් දෙන්න, අපි ඉන්නම් ඔයා එක්කම.....
පුංචි පිණි බිඳු ගොඩකට ඉර එළියෙන් ඇබින්ඳක් වැටුනම පාට හතක් එක්ක ලස්සන දේදුන්නක් මැවෙන්නේ නිරායාසයෙන්
ඉතින් ඒ දේදුන්න අපි වෙන්නම්, ඔයාලා ලෑස්තිද ඔයාලගේ හිරු එළියෙන් බිඳක් දීලා ඒ දේදුන්න පාට කරන්න අන්නත බාධා, දුක් කම්කටොළු මැද ජීවිතේ දිනන පාර හොයාගෙන සටන් කරන, මුළු ලෝකෙම එකතුවෙලා පස්සෙන් පස්සට අදින්න හදද්දිත් ඉසරහට යන්න වෙර යොදන, දිරිය කෙල්ලෙනේ ... ජීවිතේ දිනාගන්න ඔයාල වින්ද දුක, ඒ ධෛර්ර්යය ගැන කියලා තවත් පරඬැල් හිත් ගොඩකට හයියක් වෙන්න ඔයාලටත් අවසර........
පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා..අපිත් එකක් පටන් ගන්නවා පිරිමි ළමයි කියලා....
ReplyDeleteගුඩ් අයිඩියා .........
Deleteපිරිමින්ට විතරයි :D
Deleteඑහෙනම් 18+ වෙන්ටැති හිකිස්
Delete__සිහින මදාරා___
මේ අර ලඟදීම වෙනව කිව්ව සීන් එක වෙන්ටැ! :)
ReplyDeleteඋණුසුම් සුභපැතුම්!
හොඳ වැඩක්! මොකද සිත සියල්ලට ප්‍රධාන බැවින්! :)
බොහොම ස්තුති යාලු
Deleteඋණුසුම්... සිගරට් වගේ දුම් දාන සුභ පැතුම්... ලඟදිම අපෙනුත් අලුත් වැඩක් බලාගෙන ඉන්නෝ :D
ReplyDeleteකොපි කැට්
Deleteමං හිතුව ඊළඟට ඔහොම වැඩක් කරයි කියලා....
Deleteහුටා.... මේකයි තත්වෙ නේද? අපේ අළුත් වැඩෙත් ළගදීම එලිදකියි..... බලාගෙන ඉන්නකෝ...
ReplyDeleteඅපෙන් බලාගෙන කොපි කරාට අළුත් වැඩක් වෙන්නේ නෑනේ අයියේ.. හී හී
Deleteඅපේ එක අළුත්ම වැඩක් නංගි. හෙට බලන්නකෝ....
Deleteඑල එල.....
ReplyDeleteමොන කතන්දර තිබුනත් පටන් අරගෙන තියෙන්නෙ හොද වැඩක් වගෙයි.
ගොඩක් දුර ගමනක් යන්න මගෙනුත් සුභ පැතුම් ඔන්න...!!!
බොහොම ස්තුති යාලු
Deleteඔන්න එහෙනං අපෙනුත් උණුසුම් සුභ පැතුම් හොදේ ...
ReplyDeleteඔන්න එහෙනං අපෙනුත් උණුසුම් සුභ පැතුම් හොදේ ...
ReplyDeleteබොහොම ස්තුති යාලු
Deleteසඳකිඳුරත් මුලු හිතින්ම මේ ලස්සන හිත් වලට සුභපතන ගමන්ම ඕන් මේකෙ නිත්‍ය ලැගුම් කාරයෙකුත් වෙනව අද ඉඳන් :))))
ReplyDeleteබොහොම ස්තුති මල්ලියා
Deleteමම නම් හිතුවෙම තවත් ලව් ස්ටෝරි තියෙන බ්ලොග් එකක් වෙයි කියල. එත්, මේක තවත් බොළඳ නවකථාවක්වත්, කඳුළු පෙර පෙරා අඬන බ්ලොග් ඒකක්වත් නෙවෙයි කීම ගැන සතුටුයි...
ReplyDeleteමට ඉතිං එන්න අවසර නෑ... කෙල්ලොන්ගේ සියුමැලි හිත් විනිවිද දකින්න කැමති කියන කාණ්ඩෙට මම අයිති නෑනෙ. මම අයිති යකඩ වගේ, තනියම ගමකට ගහන්න තරම් හිත් තියෙන කෙල්ලො දකින්න කැමති කාණ්ඩෙටනෙ...
අනිත් අතට දුකකට හැඟීම් වලට හිනා වෙන එකට කිට්ටු පුරුද්දකුත් මට අඩු නැතුව තියෙනව :)
කොහොම වුනත් පටන්ගත්තු වැඩේ හිතුවටත් වඩා හොඳට කරගෙන යන්න ලැබේවා!.. කියල අවංකවම ප්‍රාර්ථනා කරනව :)
හැමෝටම එන්න අවසර තියෙනවා
Deleteකෝ කෙල්ලෝ ගොඩාක් එක්ක කලාට තවම කෙල්ලෙක් කමෙන්ට් දාල නැහැනේ. හැබැයි කට්ටිය එකතුවෙලා මල් වගේ ඉන්න කොල්ලොන්ගේ හිත් රිදවන කතන්දර අනම් මනං දැම්මොත් නේ බලා ගන්නේ.
ReplyDeleteදිගු ගමනකට මගෙන් සුභ පැතුම් ඔයාල හැම දෙනාටම.
හොද ප්‍රශ්නයක් අසාර් අයියේ!!! ;)
Deleteහික්ස්ස් කවුද හෆ්ෆා මල් වගේ කොල්ලෝ?? :p
ඇයි අපි කමෙන්ට් දාලා නැද්ද? :/
Deleteඔන්න අසර් ආපු ගමන් අපිව බය කරන්න හදන්නේ..මේ පාර ලේසි නෑ. කෙල්ලො ගොඩක්..
Deleteඅනිවා.... හිතූ ගේ ප්‍රශ්නයම මටත් තියෙනවා.....
Delete"දේදුන්න කෝ" කියා බස් හෝල්ට් එකේ දුවෙක් ඉන්න අම්මෙකුගෙන අසා, කුඩ පාරක් කා ඇත්තෙමි. එදා සිට මා දේදුණු නම් ප්‍රිය නොකරයි.
ReplyDeleteඅහ්හ් හිහි
Deleteඅළුත් දෙයක් අපේක්‍ෂාකරනවා..
ReplyDelete//ඒ ධෛර්ර්යය ගැන කියලා තවත් පරඬැල් හිත් ගොඩකට හයියක් වෙන්න//
මොනව උනත් ඒ වාක්‍යය නම් උපරිමයි.. ඒ විදිහටම වැඩෙත් කෙරෙයි කියල බලාපොරොත්තු වෙනවා... ජයෙන් ජය!! "සාර්ථක දිගු ගමනකට" ආසිරි !!!!
බොහොම ස්තුති යාලු
Deleteඅහම්බෙන් දැක්කෙ මේ බ්ලොග් එක.... කට්ටියක්ම සෙට්වෙලා...හොඳයි හොඳයි.. ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම
ReplyDeleteබොහොම ස්තුති යාලු
Deleteප්‍රවීන ලේඛන කණ්ඩායමක් නෙ මෙතන ඉන්නෙ හිතුවක්කාරී, වර්ණා, සිහින මදාරා, නෙත්පානි, දඟමල්ල, අනූ , නන්දු ,පුංචි කුමාරිහාමි,සහ ප්‍රාර්ථනා අපූරු අදහසක්! Go ahead! Wish you all the best..:)
ReplyDeleteබොහොම ස්තුති යාලු.. අපි සැමදා ඔබ සමගයි හිකිස්
Deleteමගේ සුභ පැතුම්....!
ReplyDeleteබොහොම ස්තුති අයියා
Deleteසියළු දේ සාර්ථක වේවා !!!
ReplyDeleteඅයාපත් දේ දනින් වැටෙවා !!!
ඔබලාට ජය !!!
බොහොම ස්තුති යාලු
Deleteලේඛිකාවෝ 9ක් ඉන්නවා...
ReplyDeleteඑක්කෙනෙක්ගෙන් ලිපි තුනක් ගානේ ආවොත්, ලිපි 27ක් වෙනවා.
එච්චර ඕනේ නෑ...
ලිපි 25ක් ලියන්න.
25වෙනි ලිපිය වැටුන දවසට ඇවිත් සුබපතන්නම්....
ජය වේවා!!!
25 වෙනකල් ඉන්න ඕනයැ ඕකට..
Deleteපුලුවන්නම් 25ක් ලියලා පෙන්වන්නයි කියන්නෙ.
Deleteමොකද? ගෑණු සෙට් එකකට වැඩිකල් එකට ඉන්න අමාරුයි.
onna 25 weni comment eka magen.. Akkala set ekata bokken ma wish karanawa.. Ela kiri samaga pol thel wage wadak denna labewaa...
ReplyDeleteබොහොම ස්තුති මල්ලි
Deleteෂා.............. එහෙනම් මේකයි මේ හොරේ නේද? නියමයි ළමායි !!!!!!!!! ඔන්න හද පතුලෙන්ම සහය පල කළා සහ සතුට පල කළා :-)
ReplyDeleteබොහොම ස්තුති අක්කේ දිගටම එන්න හොඳේ
DeleteAah honday neh!
ReplyDeleteApinam langadiima nemey tikaka kaalekin wadak karannay inne! Monaa unath subapathum! :)
අහ්හ් ඇත්තද :පි
Deleteබොහොම ස්තුති යාලු
මේ තැබූ අලුත් පියවරින්.. සියලු බාධක ජය ගෙන ඉදිරියටම යන්න...
ReplyDeleteහැමදෙනාටම හදපිරි සුබ පැතුම්...!!!! :) :) :) :)
ජය වේ..!!!
ඔන්න අපි එහෙනම් වැඩ පටන් ගත්තා.. ගෑණු ලමයිට ජය වේවා.
ReplyDeleteජය වේවා!!!
Deleteසුබ පැතුම් ! :)))
ReplyDeleteස්තූතියි සුදු අක්කෙ!
Deleteමමත් එනවා ඕකට..
ReplyDeleteසංගමෙටද?
Deleteකට්ටියටම උණුසුම් සුබ පැතුම් !! ඒක නෙවෙයි හරි වචනෙ "ගැහැනු" නේද? ජය!
ReplyDeleteමයෙ හිතට එන එව්වා මෙතැන ලියන්න බැ.. බැනුම් අහන්න වෙන නිසා :D
ReplyDeleteසුභ පැතුම්.. !! :D
සුභ පැතුම් ඔයාල හැමෝටම..
ReplyDeleteසුභ පැතුම් ඔයාල හැමෝටම..
ReplyDeleteඑල එල ඔන්න මගෙත් උණුසුම් සුභ පැතුම් පාට දහයේ දේදුන්නට. දහයයි කිව්වට ඉන්නේ නවයයිද මංදා.... :D :D
ReplyDeleteප්‍රාර්ථනා නංගි, මේක ඇඩ්මින්ලා පැත්ත පලාතකවත් එන්නේ නැති තවත් සිතුවිලි පවුරක් නම් කරන්න එපා.... :P :P
Deleteසිතුවිලි පවුරට එහෙම වෙලා නෑනේ අයියේ.. ඇඩ්මින්ලා නැත්නම් කොහොමද කමෙන්ට් එකක්වත් පබ්ලිශ් වෙන්නේ.. ස්තූතියි සුභ පැතුමට..
Deleteහෆ්ෆටසිලි!! මෙයාලා සුභ පතන්නෙ හෙන අමුතු ව්ඉදියටනෙ..;)
Deleteනෝනාවරුනි මට පොඩ්ඩක් වෙන්න සමා
ReplyDeleteමූණු පොතේ මෙය දැකලයි ආවෙ මෙමා
අලුත් වැඩක් හින්දම මා මුහුණ යොමා
කවියෙන් සුබ පතමි පොඩ්ඩක් වුනත් පමා
ජය..........!
අහම්බෙන් කොමෙන්ට් එකක දැකලයි ආවේ...ඔන්න අපිත් දිගටම කියවනවා..මම මෙතනට එනකොට හිතුවේ ගැහැණු ළමයි කතා පොතේ මොකක් හරි කියලයි.එත් බලන් යද්දී ඊට වඩා ලස්සන හොද වැඩක් පාටයි.හදවතින්ම සුබපැතුම් සහෝදරියෝ සියලු දෙනාටම...මොනවා උනත් හොද දෙයක් කරයි කියලා හිතනවා...:)
ReplyDeleteමේක හලි අසාධාරණයි...මේක සම්පූර්ණයෙන්ම ඉස්තිරී ආධිපත්‍යද මොකද්ද එක මොකද්ද එකක් කිරීමක්...ඇයි අපි කළුද...අපිටත් ඕනි තැනක්...ඒ වුනත් ඉතින් අළුත් වැඩේට සුභ නොපතත් බෑනේ...ඕං එහෙනම් පැතුවා සුභ....
ReplyDeleteමගෙනුත් උණුසුම් සුබ පැතුම්.. කාලෙකට පස්සෙ බ්ලොග් 1ක් පැත්තෙ ආවෙ. fb ලින්ක් එක දැක්ක ගමන් ඇවිත් බලන්න ආසා හිතුනා. ආයිමත් සුබ පැතුම්. කියවන්න එන්නම්කො.
ReplyDeleteමගෙනුත් උණුසුම් සුබ පැතුම්.. කාලෙකට පස්සෙ බ්ලොග් 1ක් පැත්තෙ ආවෙ. fb ලින්ක් එක දැක්ක ගමන් ඇවිත් බලන්න ආසා හිතුනා. ආයිමත් සුබ පැතුම්. කියවන්න එන්නම්කො.
ReplyDeleteඔන්න එහෙනම් ම්මත් මේ පැත්තට ගොඩ උනා... හොද උත්සාහයක්.. ලස්ස්න ගමනක් යන්න ලැබෙන්න කියලා සුභ පතනවා..
ReplyDelete"කැමතිනම් අපි දකින හීනෙක වීරයෙක් වෙන්න,"
Deleteමේ අපිටත් බැරිදෝ???
උත්සහ කරලා බලන්ඩෝ :පි
Deleteපාට පාට දේදුන්න හැමදාමත් එක වගේ ලස්සන කරන්න ඔන්න මේ නංගිලාට මගෙන් උණුසුම් සුබ පැතුම්.. :)
ReplyDeleteela wadak..... niyamayi ape suba pathum... (deva)
ReplyDeleteගැහැනු ළමයින්ට ජය වේවා....!
ReplyDeleteHappaaaaa..... mn nathi tikata welaa thiyena dewal. E ye tamai dana gatta maath meka innawa kyla...
ReplyDeleteBohoma isthuthiyi hamotama :))
Niwadu paaduwak thibba welawaka maath post dannamko. Xam 1n pase nm aniwaa enawa...
~~**Daga Malla**~~~
මගේ උණුසුම් සුබ පැතුම්....!!!!!
ReplyDeleteජයෙන් ජය ගැහැණු ළමයිනේ.....
ReplyDeleteනියම වැඩක්..
ReplyDeleteගැහැනු ළමයින්ට ජය වේවා! :) :) :)
උණුසුම් සුභපැතුම්!
ReplyDeleteබතීලා සරාලා නන්දාලා දම්මිලා අපි අතර හිටියට වර්ෂාලා අපි අතර නැද්ද? අරවින්දලා ජිනදාසලා පියල්ලා සුගත්ලා අතර ..... මට ඕන මහීන් වෙන්න.....
ReplyDeleteඉතින් කියන්න. මහීන්ට ඔයගොල්ලන්ගෙ ලෝකෙ ඉඩක් නැද්ද? එහෙම නම් මම යන්නම්....
මහීන් වෙන්න ඕනානම් බයෝ ඩේටා එකක් යොමු කරලා බලන්ඩ ප්‍රා ට :පි
Deleteමම කොහොමද එවන්නේ???? කෝ මේ ප්‍රා... උත්තර දෙන්නකෝ...
Deleteඅක්කි මෙන්නෝ.......
Deleteදිගටම ලියන්න...කියවන්න ගොඩාක් ආසාවෙන් බලන් ඉන්නවා අපි...ජය වේවා!!!
ReplyDeleteහැමෝටම බොහොම ස්තුති :)
ReplyDeleteදිගටම ලියයි කියල හිතනවා . . .
ReplyDeleteඔව් අපි දිගටම ලියනවා!! ස්තූතියි චූටී!! :)
Deleteඑකතු වෙලා ඉන්න ගැහැණු ලමයි ටික දැක්කම හරි සතුටක් ඇති උනා .
ReplyDeleteකාටත් කියවා රස විදිය හැකි ලස්සන ලිපි ලියන ගැහැණු ලමයි ටික .
බ්ලොග් අවකාශයේ දිගු ගමනක් යාමට ශක්තිය ලැබේවා!
දිගටම ලියන්න .
හුඟාක්ම ස්තූතියි අක්කෙ!! හැමදාමත් වගේ අපිව දිරිමත් කරනවාට ගැහැණු ළමයි අපි ඔක්කොමගේම ස්තූතිය!!!
Deleteආදර්ශවත් ආරම්භයක්. සුභපැතුම්!
ReplyDelete-අම්බි
ප.ලි. පුද්ගලික ලිපි එවීම සදහා e-ලිපිනයක් ලබාදෙන්නේනම් හොදයි නේද?
ස්තූතියි දිරිගැන්වීමට!!!අනිවාර්‍යෙන්ම e-ලිපිනයක් ලබාදෙන්නම්!!!
Delete