Wednesday, May 9, 2012

මල් කැකුළ විකසිත වුනු වගයි



කෙල්ලොන්ගේ හිත් පුදුමාකාරයි. වෙලාවකට බොලඳයි. තවත් වෙලාවකට ගලක් වගේ හයියයි. හිතුවක්කාරයි, හුරතල් , අහිංසකයි ඒ වගේම නපුරුයි. සමහරු කියන්නේ කෙල්ලොන්ව තේරුම් ගන්න එක අමාරුයි කියලා.. ඔවු වෙන්නත් ඇති. ඉතින් තේරුම් ගන්න අමාරුයි කියලා හිතන් ඉන්න මේ හුරතල්, අහිංසක දඩබ්බර දඟකාර කෙල්ලොන්ගේ හිත් වලට එබිලා බලන්න ඔයාලා කැමතිද. උදේ පිපුන මල් වගේ සුවඳ දෙන ඒ හිත් හරිම සුන්දරයි, පිවිතුරුයි. ඒ හිත් වල පිරිලා තියෙන බලාපොරොත්තු, හීන, සිතුම් පැතුම් . ඒ හැම එකක්ම උදේම මල් වලට වැටෙන පිණි බිඳු වගේ නැවුම් ඒ වගේම පිවිතුරුයි. කෙල්ලොන්ගේ හිත් ගැන, කෙල්ලොන්ගේ ෆැශන් ගැන, කෙල්ලොන්ගේ ආකල්ප ගැන, හිතන පතන විදිය ගැන, කෙල්ලෝ ආස කරන හැම දෙයක් ගැනම කියන්න වෙන් වුන අපේම තැනයි මේ. මෙහෙම බ්ලොග් එකක් ලියන්න මුලින්ම අදහසක් ආවේ වර්ණා නංගිට. ඉතින් ඒ අදහසේ ප්‍රතිඵලයක් විදියට අපි හැමෝගෙම එකතුවෙන් හැදුන අපේම තැනයි "ගැහැණු ළමයි"
කෙල්ලොන්ගේ හිතුම් පැතුම් ගැන කෙල්ලෝ තරමට දන්න වෙන කවුරුත්ම නෑ. 

ඉතින් අපේම සිතුම් පැතුම් ගැන එකම තැනක අකුරු කරන්නේ අපේ ගැහැණු  හිත් පොකුර,
හිතුවක්කාරී
වර්ණා
සිහින මදාරා
නෙත්පානි
දඟ මල්ල
බට්ටි
අනූ
පුංචි කුමාරිහාමි
සහ මම ප්‍රාර්ථනා

ගොළු හදවතේ දම්මිලා, ගම්පෙරලියේ නන්දලා, ගැහැණු ළමයි නවකථාවේ සෝමේලා, කුසුම්ලා, විරාගයේ බතීලා,සරාලා, බොඳ මීදුම් සංසලාලා, අදටත් අපි අතර ඉන්නවා. අකුරෙන් අකුර අමුණන මේ ලස්සන හිත් හැම එකකම කියවන ඔයාලා හැම කෙනෙක් අතරෙම චපල දම්මි කෙනෙක්, අහිංසක නන්දා කෙනෙක්, ආදරේ ලඟම තිබිලත් ලබාගන්න බැරි සරා කෙනෙක්,තේරුම් ගන්න බැරි හැඟීම් ගොන්නක් කරපින්නගත්තු බතී කෙනෙක්. හැම පුංචි දේකටම ඇස් වලින් කඳුළු කඩන් හැලෙන සංසලා කෙනෙක්, තෙරක් නොපෙනෙන ජීවිත ගමනේ කොහේ හරි මඟ වැරදිලා අසරණ වුන සෝමේ කෙනෙක්, මහාමෙරක් බර දරාගෙන හිනා වෙන ,හිතේ හයියෙන් ජීවිතේ ජයගන්න කුසුම් කෙනෙක් ඉන්නවා ඇති කොහේම හරි හැංගිලා. 

ඉතින් ඒ වගේ හැඟීම් එක්ක අඬන, හිනාවෙන, කවිකාර මනමාල කෙල්ලොන්ගේ හිත් වල හීන මල් පොකුරු නෙලන්න, සුන්දරම වයසක සුන්දරම අවධියක ගෙවෙන අපේ ජීවිත ගැන කියන්න දේවල් ඕනේ තරම්, ඔයාලා අහගෙන ඉන්නවා නම් කියන්නම් ඒ හැමදේම. ලස්සන හීන අහුලන කෙල්ලනේ ඔයාලා හැමෝටමයි මේ ආරාධනාව. එන්න අපිත් එක්ක එකතු වෙන්න. අදහස් බෙදාගන්න. 

කෙල්ලොන්ගේ සියුමැලි හිත් විනිවිද දකින්න කැමති , ආදරණිය කොල්ලනේ ඔයාලටත් අවසරයි මේ පැත්තට එන්න... එන්න ඇවිත් මල් පෙති වගේ හිත් නොතලා යන්න...කැමතිනම් අපි දකින හීනෙක වීරයෙක් වෙන්න, නැත්තම් අපේ හීන බොඳකරන දුෂ්ටයෙක් වෙන්න..කොහොම කොයි විදියකට අපිව පිළිගත්තාත්, මේ සදාදරණිය ඇරයුම ඔයාලා හැමෝටමයි......

බොළඳයි කියලා හිතාගෙන ඉන්න ඒ සියුමැලි හිත් ලඟ කළු ගල් පවා පෙරලන්න තරමට තියෙන ශක්තිය ගැන,අධිශ්ඨානය ගැන ඔයාලට කියන්න අපි ලෑස්තියි. කොල්ලනේ මේක තවත් බොළඳ නවකථාවක්වත්, කඳුළු පෙර පෙරා අඬන බ්ලොග් ඒකක්වත් නෙවෙයි. ඔයාලා එක එක පාට  කණ්නාඩි වලින් බලන කෙල්ලන්ගේ ලෝකය අවංකව , ඇත්ත ඇති සැටියෙන් කියවෙන බ්ලොග් එකක්.. 

කෙල්ලෙක් කිව්වගමන්, බොළදයි කියල හංවඩුගහන සමාජෙක, අලුතෙන් දෙයක් කරන්න යද්දිම කකුලෙන් ඇදල බිමට දාන්න හදන, කෙල්ලෙක්ගෙ බොළදකමකට, දුකකට හැඟීම් වලට හිනා වෙන යකඩ හිත් වලට මේ ගැහැණු හිත පොකුරෙ එකතුව නොරිස්සාවී
ඒත් අපි නොනැවතී යනවා..ඉස්සරහටම....

කප්පරක් හීන, කප්පරක් දුක්, මහමෙරක් තරම් බලාපොරොත්තු, ඔය පුංචි හිත් ඇතුළෙ හිරකරන් දුක් විදිනවාද?ඔයත් ජිවිතේ පුංචිම පුංචි ප්‍රශ්නයක් හමුවේ, මහා ගොඩාරියක් දුකින් ඉන්නවාද? නැගිටගන්න වාරුවක් නැතිව, ජීවිතේ දිනන්න පාරක් පේන්නෙ නැතිව, අනාගතේට බයේ හැංගිලා ඉන්න අහිංසක පුංචි කෙල්ලක්ද?කාටවත් කියාගන්න බැරිව හිතේ හිරවෙලා තියෙන දුක කියන්න තැනක් හොයනවාද? ඔයාගෙ හිත නොතලා , වාරු දෙන්න පුළුවන් හිතක් හොයනවාද? එහෙනම් ඔයාටයි මේ සහෝදරත්වයේ දෑත... එන්න... අපිත් එක්ක අත්වැල් බැදගන්න.. මොහොතකට හරි ඔයාගෙ හිතට සැනසුමක් දෙන්න, අපි ඉන්නම් ඔයා එක්කම.....

පුංචි පිණි බිඳු ගොඩකට ඉර එළියෙන් ඇබින්ඳක් වැ‍ටුනම පාට හතක් එක්ක ලස්සන දේදුන්නක් මැවෙන්නේ නිරායාසයෙන්
ඉතින් ඒ දේදුන්න අපි වෙන්නම්, ඔයාලා ලෑස්තිද ඔයාලගේ හිරු එළියෙන් බිඳක් දීලා ඒ දේදුන්න පාට කරන්න අන්නත බාධා, දුක් කම්කටොළු මැද ජීවිතේ දිනන පාර හොයාගෙන සටන් කරන, මුළු ලෝකෙම එකතුවෙලා පස්සෙන් පස්සට අදින්න හදද්දිත් ඉසරහට යන්න වෙර යොදන, දිරිය කෙල්ලෙනේ ... ජීවිතේ දිනාගන්න ඔයාල වින්ද දුක, ඒ ධෛර්ර්යය ගැන කියලා තවත් පරඬැල් හිත් ගොඩකට හයියක් වෙන්න ඔයාලටත් අවසර........

90 comments:

  1. පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා..අපිත් එකක් පටන් ගන්නවා පිරිමි ළමයි කියලා....

    ReplyDelete
    Replies
    1. එහෙනම් 18+ වෙන්ටැති හිකිස්

      __සිහින මදාරා___

      Delete
  2. තනි අලියාMay 9, 2012 at 10:32 PM

    මේ අර ලඟදීම වෙනව කිව්ව සීන් එක වෙන්ටැ! :)

    උණුසුම් සුභපැතුම්!
    හොඳ වැඩක්! මොකද සිත සියල්ලට ප්‍රධාන බැවින්! :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති යාලු

      Delete
  3. උණුසුම්... සිගරට් වගේ දුම් දාන සුභ පැතුම්... ලඟදිම අපෙනුත් අලුත් වැඩක් බලාගෙන ඉන්නෝ :D

    ReplyDelete
    Replies
    1. මං හිතුව ඊළඟට ඔහොම වැඩක් කරයි කියලා....

      Delete
  4. හුටා.... මේකයි තත්වෙ නේද? අපේ අළුත් වැඩෙත් ළගදීම එලිදකියි..... බලාගෙන ඉන්නකෝ...

    ReplyDelete
    Replies
    1. අපෙන් බලාගෙන කොපි කරාට අළුත් වැඩක් වෙන්නේ නෑනේ අයියේ.. හී හී

      Delete
    2. අපේ එක අළුත්ම වැඩක් නංගි. හෙට බලන්නකෝ....

      Delete
  5. එල එල.....
    මොන කතන්දර තිබුනත් පටන් අරගෙන තියෙන්නෙ හොද වැඩක් වගෙයි.
    ගොඩක් දුර ගමනක් යන්න මගෙනුත් සුභ පැතුම් ඔන්න...!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති යාලු

      Delete
  6. ඔන්න එහෙනං අපෙනුත් උණුසුම් සුභ පැතුම් හොදේ ...

    ReplyDelete
  7. ඔන්න එහෙනං අපෙනුත් උණුසුම් සුභ පැතුම් හොදේ ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති යාලු

      Delete
  8. සඳකිඳුරත් මුලු හිතින්ම මේ ලස්සන හිත් වලට සුභපතන ගමන්ම ඕන් මේකෙ නිත්‍ය ලැගුම් කාරයෙකුත් වෙනව අද ඉඳන් :))))

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති මල්ලියා

      Delete
  9. මම නම් හිතුවෙම තවත් ලව් ස්ටෝරි තියෙන බ්ලොග් එකක් වෙයි කියල. එත්, මේක තවත් බොළඳ නවකථාවක්වත්, කඳුළු පෙර පෙරා අඬන බ්ලොග් ඒකක්වත් නෙවෙයි කීම ගැන සතුටුයි...

    මට ඉතිං එන්න අවසර නෑ... කෙල්ලොන්ගේ සියුමැලි හිත් විනිවිද දකින්න කැමති කියන කාණ්ඩෙට මම අයිති නෑනෙ. මම අයිති යකඩ වගේ, තනියම ගමකට ගහන්න තරම් හිත් තියෙන කෙල්ලො දකින්න කැමති කාණ්ඩෙටනෙ...

    අනිත් අතට දුකකට හැඟීම් වලට හිනා වෙන එකට කිට්ටු පුරුද්දකුත් මට අඩු නැතුව තියෙනව :)

    කොහොම වුනත් පටන්ගත්තු වැඩේ හිතුවටත් වඩා හොඳට කරගෙන යන්න ලැබේවා!.. කියල අවංකවම ප්‍රාර්ථනා කරනව :)

    ReplyDelete
    Replies
    1. හැමෝටම එන්න අවසර තියෙනවා

      Delete
  10. කෝ කෙල්ලෝ ගොඩාක් එක්ක කලාට තවම කෙල්ලෙක් කමෙන්ට් දාල නැහැනේ. හැබැයි කට්ටිය එකතුවෙලා මල් වගේ ඉන්න කොල්ලොන්ගේ හිත් රිදවන කතන්දර අනම් මනං දැම්මොත් නේ බලා ගන්නේ.

    දිගු ගමනකට මගෙන් සුභ පැතුම් ඔයාල හැම දෙනාටම.

    ReplyDelete
    Replies
    1. හොද ප්‍රශ්නයක් අසාර් අයියේ!!! ;)

      හික්ස්ස් කවුද හෆ්ෆා මල් වගේ කොල්ලෝ?? :p

      Delete
    2. ඇයි අපි කමෙන්ට් දාලා නැද්ද? :/

      Delete
    3. ඔන්න අසර් ආපු ගමන් අපිව බය කරන්න හදන්නේ..මේ පාර ලේසි නෑ. කෙල්ලො ගොඩක්..

      Delete
    4. අනිවා.... හිතූ ගේ ප්‍රශ්නයම මටත් තියෙනවා.....

      Delete
  11. "දේදුන්න කෝ" කියා බස් හෝල්ට් එකේ දුවෙක් ඉන්න අම්මෙකුගෙන අසා, කුඩ පාරක් කා ඇත්තෙමි. එදා සිට මා දේදුණු නම් ප්‍රිය නොකරයි.

    ReplyDelete
  12. අළුත් දෙයක් අපේක්‍ෂාකරනවා..
    //ඒ ධෛර්ර්යය ගැන කියලා තවත් පරඬැල් හිත් ගොඩකට හයියක් වෙන්න//
    මොනව උනත් ඒ වාක්‍යය නම් උපරිමයි.. ඒ විදිහටම වැඩෙත් කෙරෙයි කියල බලාපොරොත්තු වෙනවා... ‍ජයෙන් ජය!! "සාර්ථක දිගු ගමනක‍ට" ආසිරි !!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති යාලු

      Delete
  13. අහම්බෙන් දැක්කෙ මේ බ්ලොග් එක.... කට්ටියක්ම සෙට්වෙලා...හොඳයි හොඳයි.. ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති යාලු

      Delete
  14. ප්‍රවීන ලේඛන කණ්ඩායමක් නෙ මෙතන ඉන්නෙ හිතුවක්කාරී, වර්ණා, සිහින මදාරා, නෙත්පානි, දඟමල්ල, අනූ , නන්දු ,පුංචි කුමාරිහාමි,සහ ප්‍රාර්ථනා අපූරු අදහසක්! Go ahead! Wish you all the best..:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති යාලු.. අපි සැමදා ඔබ සමගයි හිකිස්‌

      Delete
  15. මගේ සුභ පැතුම්....!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති අයියා

      Delete
  16. සියළු දේ සාර්ථක වේවා !!!

    අයාපත් දේ දනින් වැටෙවා !!!

    ඔබලාට ජය !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති යාලු

      Delete
  17. ලේඛිකාවෝ 9ක් ඉන්නවා...
    එක්කෙනෙක්ගෙන් ලිපි තුනක් ගානේ ආවොත්, ලිපි 27ක් වෙනවා.
    එච්චර ඕනේ නෑ...
    ලිපි 25ක් ලියන්න.
    25වෙනි ලිපිය වැටුන දවසට ඇවිත් සුබපතන්නම්....

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. 25 වෙනකල් ඉන්න ඕනයැ ඕකට..

      Delete
    2. පුලුවන්නම් 25ක් ලියලා පෙන්වන්නයි කියන්නෙ.

      මොකද? ගෑණු සෙට් එකකට වැඩිකල් එකට ඉන්න අමාරුයි.

      Delete
  18. onna 25 weni comment eka magen.. Akkala set ekata bokken ma wish karanawa.. Ela kiri samaga pol thel wage wadak denna labewaa...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති මල්ලි

      Delete
  19. ෂා.............. එහෙනම් මේකයි මේ හොරේ නේද? නියමයි ළමායි !!!!!!!!! ඔන්න හද පතුලෙන්ම සහය පල කළා සහ සතුට පල කළා :-)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති අක්කේ දිගටම එන්න හොඳේ

      Delete
  20. Aah honday neh!
    Apinam langadiima nemey tikaka kaalekin wadak karannay inne! Monaa unath subapathum! :)

    ReplyDelete
    Replies
    1. අහ්හ් ඇත්තද :පි
      බොහොම ස්තුති යාලු

      Delete
  21. මේ තැබූ අලුත් පියවරින්.. සියලු බාධක ජය ගෙන ඉදිරියටම යන්න...
    හැමදෙනාටම හදපිරි සුබ පැතුම්...!!!! :) :) :) :)
    ජය වේ..!!!

    ReplyDelete
  22. ඔන්න අපි එහෙනම් වැඩ පටන් ගත්තා.. ගෑණු ලමයිට ජය වේවා.

    ReplyDelete
  23. සුබ පැතුම් ! :)))

    ReplyDelete
  24. මමත් එනවා ඕකට..

    ReplyDelete
  25. කට්ටියටම උණුසුම් සුබ පැතුම් !! ඒක නෙවෙයි හරි වචනෙ "ගැහැනු" නේද? ජය!

    ReplyDelete
  26. මයෙ හිතට එන එව්වා මෙතැන ලියන්න බැ.. බැනුම් අහන්න වෙන නිසා :D
    සුභ පැතුම්.. !! :D

    ReplyDelete
  27. සුභ පැතුම් ඔයාල හැමෝටම..

    ReplyDelete
  28. සුභ පැතුම් ඔයාල හැමෝටම..

    ReplyDelete
  29. එල එල ඔන්න මගෙත් උණුසුම් සුභ පැතුම් පාට දහයේ දේදුන්නට. දහයයි කිව්වට ඉන්නේ නවයයිද මංදා.... :D :D

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනා නංගි, මේක ඇඩ්මින්ලා පැත්ත පලාතකවත් එන්නේ නැති තවත් සිතුවිලි පවුරක් නම් කරන්න එපා.... :P :P

      Delete
    2. සිතුවිලි පවුරට එහෙම වෙලා නෑනේ අයියේ.. ඇඩ්මින්ලා නැත්නම් කොහොමද කමෙන්ට් එකක්වත් පබ්ලිශ් වෙන්නේ.. ස්තූතියි සුභ පැතුමට..

      Delete
    3. හෆ්ෆටසිලි!! මෙයාලා සුභ පතන්නෙ හෙන අමුතු ව්ඉදියටනෙ..;)

      Delete
  30. නෝනාවරුනි මට පොඩ්ඩක් වෙන්න සමා
    මූණු පොතේ මෙය දැකලයි ආවෙ මෙමා
    අලුත් වැඩක් හින්දම මා මුහුණ යොමා
    කවියෙන් සුබ පතමි පොඩ්ඩක් වුනත් පමා

    ජය..........!

    ReplyDelete
  31. අහම්බෙන් කොමෙන්ට් එකක දැකලයි ආවේ...ඔන්න අපිත් දිගටම කියවනවා..මම මෙතනට එනකොට හිතුවේ ගැහැණු ළමයි කතා පොතේ මොකක් හරි කියලයි.එත් බලන් යද්දී ඊට වඩා ලස්සන හොද වැඩක් පාටයි.හදවතින්ම සුබපැතුම් සහෝදරියෝ සියලු දෙනාටම...මොනවා උනත් හොද දෙයක් කරයි කියලා හිතනවා...:)

    ReplyDelete
  32. මේක හලි අසාධාරණයි...මේක සම්පූර්ණයෙන්ම ඉස්තිරී ආධිපත්‍යද මොකද්ද එක මොකද්ද එකක් කිරීමක්...ඇයි අපි කළුද...අපිටත් ඕනි තැනක්...ඒ වුනත් ඉතින් අළුත් වැඩේට සුභ නොපතත් බෑනේ...ඕං එහෙනම් පැතුවා සුභ....

    ReplyDelete
  33. මගෙනුත් උණුසුම් සුබ පැතුම්.. කාලෙකට පස්සෙ බ්ලොග් 1ක් පැත්තෙ ආවෙ. fb ලින්ක් එක දැක්ක ගමන් ඇවිත් බලන්න ආසා හිතුනා. ආයිමත් සුබ පැතුම්. කියවන්න එන්නම්කො.

    ReplyDelete
  34. මගෙනුත් උණුසුම් සුබ පැතුම්.. කාලෙකට පස්සෙ බ්ලොග් 1ක් පැත්තෙ ආවෙ. fb ලින්ක් එක දැක්ක ගමන් ඇවිත් බලන්න ආසා හිතුනා. ආයිමත් සුබ පැතුම්. කියවන්න එන්නම්කො.

    ReplyDelete
  35. ඔන්න එහෙනම් ම්මත් මේ පැත්තට ගොඩ උනා... හොද උත්සාහයක්.. ලස්ස්න ගමනක් යන්න ලැබෙන්න කියලා සුභ පතනවා..

    ReplyDelete
    Replies
    1. "කැමතිනම් අපි දකින හීනෙක වීරයෙක් වෙන්න,"

      මේ අපිටත් බැරිදෝ???

      Delete
    2. උත්සහ කරලා බලන්ඩෝ :පි

      Delete
  36. පාට පාට දේදුන්න හැමදාමත් එක වගේ ලස්සන කරන්න ඔන්න මේ නංගිලාට මගෙන් උණුසුම් සුබ පැතුම්.. :)

    ReplyDelete
  37. ela wadak..... niyamayi ape suba pathum... (deva)

    ReplyDelete
  38. ගැහැනු ළමයින්ට ජය වේවා....!

    ReplyDelete
  39. Happaaaaa..... mn nathi tikata welaa thiyena dewal. E ye tamai dana gatta maath meka innawa kyla...
    Bohoma isthuthiyi hamotama :))

    Niwadu paaduwak thibba welawaka maath post dannamko. Xam 1n pase nm aniwaa enawa...

    ~~**Daga Malla**~~~

    ReplyDelete
  40. මගේ උණුසුම් සුබ පැතුම්....!!!!!

    ReplyDelete
  41. ජයෙන් ජය ගැහැණු ළමයිනේ.....

    ReplyDelete
  42. නියම වැඩක්..
    …ගැහැනු ළමයින්ට ජය වේවා! :) :) :)

    ReplyDelete
  43. උණුසුම් සුභපැතුම්!

    ReplyDelete
  44. බතීලා සරාලා නන්දාලා දම්මිලා අපි අතර හිටියට වර්ෂාලා අපි අතර නැද්ද? අරවින්දලා ජිනදාසලා පියල්ලා සුගත්ලා අතර ..... මට ඕන මහීන් වෙන්න.....

    …ඉතින් කියන්න. මහීන්ට ඔයගොල්ලන්ගෙ ලෝකෙ ඉඩක් නැද්ද? එහෙම නම් මම යන්නම්....

    ReplyDelete
    Replies
    1. මහීන් වෙන්න ඕනානම් බයෝ ඩේටා එකක් යොමු කරලා බලන්ඩ ප්‍රා ට :පි

      Delete
    2. මම කොහොමද එවන්නේ???? කෝ මේ ප්‍රා... උත්තර දෙන්නකෝ...

      Delete
  45. දිගටම ලියන්න...කියවන්න ගොඩාක් ආසාවෙන් බලන් ඉන්නවා අපි...ජය වේවා!!!

    ReplyDelete
  46. හැමෝටම බොහොම ස්තුති :)

    ReplyDelete
  47. දිගටම ලියයි කියල හිතනවා . . .

    ReplyDelete
    Replies
    1. ඔව් අපි දිගටම ලියනවා!! ස්තූතියි චූටී!! :)

      Delete
  48. එකතු වෙලා ඉන්න ගැහැණු ලමයි ටික දැක්කම හරි සතුටක් ඇති උනා .
    …කාටත් කියවා රස විදිය හැකි ලස්සන ලිපි ලියන ගැහැණු ලමයි ටික .
    බ්ලොග් අවකාශයේ දිගු ගමනක් යාමට ශක්තිය ලැබේවා!
    …දිගටම ලියන්න .

    ReplyDelete
    Replies
    1. හුඟාක්ම ස්තූතියි අක්කෙ!! හැමදාමත් වගේ අපිව දිරිමත් කරනවාට ගැහැණු ළමයි අපි ඔක්කොමගේම ස්තූතිය!!!

      Delete
  49. ආදර්ශවත් ආරම්භයක්. සුභපැතුම්!

    -අම්බි

    ප.ලි. පුද්ගලික ලිපි එවීම සදහා e-ලිපිනයක් ලබාදෙන්නේනම් හොදයි නේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිරිගැන්වීමට!!!අනිවාර්‍යෙන්ම e-ලිපිනයක් ලබාදෙන්නම්!!!

      Delete

අපේ සිනිඳු හිත් වල හයියට, මොනා හරි කියලා යන්න... ඔයාලාගෙ ශක්තිය හුඟාක් වටීවී....