අම්මා… අම්මා කියන්නෙ ලෝකෙ තියෙන සුන්දරම වචන වලින් එකක්. ඒ නිසාම මල් වගේ සුන්දර ගැහැණු ළමයි කීපදෙනෙක් එකතුවෙලා ලියන, අපේ සුන්දර බ්ලොග් අඩවියේ දෙවෙනි ලිපිය ව්දියට, මේ ලෝකෙ උත්ත්රීතරම, සුන්දරම සහ ශක්තිවන්තම ගැහැණු හිත ගැන ලියන්න හිතුවා.
ඔයා ඉක්මනටම මගේ ලඟට එන්න පැටියෝ කියලා කෑ ගහලා නොකිව්වට අම්මා කෙනෙක් තමන්ගේ කුසේ ඉන්න දරුවා තමන්ගේ අතට එනකන් ඉන්නේ පුදුම ආසාවකින්.ඒ දරුවට තමන්ගෙම අතින් වැඩ දාපු ඇඳුම් මහන්නේ ඒ ආදරෙත් එකතු කරලා.ඉපදෙන්න ඉන්න දරුවාගෙ ලෝකෙ ලස්සන කරන්න අම්මා කෙනෙක් ඇඟිලි ගනිනවා.ලෙඩක් දුකක් හැදුනත් නිදි නොබලා , ඒ වෙනුවෙන් දුක් වෙන්නෙ අම්මා කෙනෙක්ගෙ පපුවෙ දරුවො වෙනුවෙන් තියන ඒ අසීමිත් දරු කැක්කුම නිසාමයි.හරියටම දැනිලා, විඳලා නැති වුනත්, අම්මා කෙනෙක්ගෙ හිතේ ඇති වෙන ඒ ආදරේ පාට තේරුම්ගන්න බැරිකමක් අපිට නෑ නේද?හරියටම ඒ හැඟීම් විඳගන්න අපිත් අම්මා කෙනෙක් වුනු දාකට පුළුවන් වෙයි.
පුංචි කාලෙ මොන්ටිසෝරියට එක්කගෙන ගිහින් , පළවෙනිම දවසෙදි , අම්මාව දාලා ඉන්න බෑ කියලා පුංචි දරුවා කෑ ගගහා අඬද්දි, තමන්ගෙ ඇහැක් වගේ තුරුලෙම හොවාගෙන පරිස්සම් කරපු දරු පැටියා දාලා යන්න බැරුව, මොන්ටිසෝරියේ දොර ළඟට වෙලා ඇස් වල කඳුලු පුරෝගෙන හැංගිලා ඉන්න අම්මලා මොන තරම් ඉන්නවාද, ඉන්න ඇත්ද?
එහෙම වෙලාවට දරාගන්න බැරිම තැන, තමන්ගේ දරුවට පේන තැනකින් පුටුවක් තියාගෙන තමන්ගේ දරුවා බලන බලන සැරේට එයා දිහා ආදරෙන් බලාගෙන ඉන්න බව පෙන්නන්න අව්ව වැස්සවත් නොතකා බඩගින්නේ තමන්ගේ කාලය වැය කරන්න අම්මලා කොච්චර ඉන්නවද? අපි පොඩි කාලේ අපේ අම්මලත් එහෙම නේද?
ගැහැණියකට මේ ලෝකෙ ලබන්න පුළුවන් උතුම්ම පදවිය මොකක්ද ඇහුවොත් ඕනෙම කෙනෙක් දෙන උත්තරේ , “මව් පදවිය” කියන එකනම් නිසැකයි. මොකද අම්මා කෙනෙක්ගෙ ගුණ කඳ අනන්තයි, අපමණයි. ඒ වගේම අම්මා කෙනෙක්ගෙ ආදරේ ගැන, අම්මා කෙනෙක්ගෙ ගුණ වර්ණාව ගැන කියලා, ලියලා ඉවර කරන්න බැරි තරම්. ඒ තරමට අම්මාගෙ ආදරේ අසමසමයි. ලෝකය පවතින්නේ හිරුගේ එළියෙනුත්, මවගේ කිරි වලිනුත් බව කියලා තියෙන්නෙත් ඒ නිසාම වෙන්න ඕනෙ.මේ ලෝකෙට ගැහැනු ළමයෙක් වෙලා ඉපදුනානම්, අම්මා කෙනෙක් වෙලා මැරෙන එක තරම් තවත් උතුම් සිහිනයක් කෙල්ලෙක්ට නැතුවත් ඇති.
ජීවිතේ මොන තරම් , සතුටින් සැහැල්ලුවෙන් කාලෙ ගත කරන ගැහැනු ළමයෙක්ට වුනත්, දවසක විවාහය කියන බැදීමට යට වෙලා, අම්මා කියන ඒ උත්තරීතර පදවියට උරුමකම් කියන්න ලැබුණාම, ඒ ජීවිත මුලුමනින්ම වෙනස් වෙනවා. මට මතකයි අපේ උසස්පෙළ ටියුෂන් පන්තියක සර් කෙනෙක් කිව්වා ඉස්සර මෙහෙම කතාවක්.. “ ගැහැනු කෙනෙක්ට පුදුම ශක්තියක් තියෙනවා.. සමහර වෙලාවට පිරිමියෙක්ටත් වඩා ලොකු ආත්ම ශක්තියක් තියෙනවා. මේ දැන් ඉන්න ඇබිතුරු කෙල්ලන්ට නෙවෙයි. මුන්ට නම් පිස්සු. ඒත් මුන්ටත් දවසක ඒ ශක්තිය එනවා.හොදම උදාහරණෙ ගෙදර අම්මා.. අම්මා කෙනෙක්ට ලොකු ශක්තියක් තියෙනවා. හැම කෙල්ලෙක්ටම දවසක ඒ ශක්තිය එනවා.ලෝකයක් වෙනස් කරන්න තරම් ඒ ශක්තිය බලවත්” ඇත්ත කතාවක් නේද?අම්මා කෙනෙක්ගෙ ශක්තිය උපරිමයි. මේ අපේ රටේම මොනතරම් අම්මාලා තමන්ගෙ පවුල වෙනුවෙන්, දරුවො වෙනුවෙන් අනන්ත අප්‍රමාන දුක් ගැහැට විඳිනවාද?ජීවිතේ අන්තිම අඩියේ ඉඳලාත් ජීවත් වෙන්න බැරි තරමට ප්‍රශ්න උඩු දුවලා තියෙද්දිත්,ජීවත් වෙන්න වෙර දරන, දරුවන්ගෙ ලෝක ලස්සන කරන්න සටන් කරන අම්මාලා මොනතරම් ඉන්නවාද?
පුංචි කාලේ ඉඳලාම තමන්ගේ දරුවන්ගේ කැත කුණු අතගාලා කවලා පොවලා අම්මා කෙනෙක් දරුවෙක් හදන්නේ පුදුම ආදරේකින්, සෙනෙහසකින්. මොන දේ වෙනස් වුනත් කවදාවත්ම දාලා යන්නේ නැති, දරුවෙක්ගෙ ජීවිතේට ලැබෙන වෙනස් නොවෙන එකම කෙනාත් ආදරණීය අම්මාමයි. තමන්ගේ දරුවා තමන්ට මොන විදියට සැලකුවත් අම්මා කෙනෙක්ගේ හිතේ ඒ දරුවා වෙනුවෙන් තියෙන ආදරය සෙනෙහස එක බිඳක්වත් අඩු වීමක් වෙන්නේ නෑ. තමන්ගේ ඇඟේ නහරයක් නහරයක් පාසා දුවන ලේ තමන්ගේ දරුවා වෙනුවෙන් කිරි වෙන්න තරමේ සෙනෙහසක් අම්මා කෙනෙක් ලඟ තියෙනවා. ඒ ලේ කිරි වල උණුසුමෙන් ලොකු මහත් වෙන දරුවෙක් දිහා බලලා අම්මා කෙනෙක් ලබන්නේ මේ ලෝකේ වෙන කවුරුත්ම නොලබන උතුම් සතුටක්. මාස දහයක් තිස්සේ තමන්ගේ කුසේ වැඩෙන දරුවා ටිකෙන් ටික ලොකුවෙන හැටි, පයින් ගහන හැටි දැනෙනකොට අම්මා කෙනෙක්ට දැනෙන හැඟීම කොයි තරම් නම් සොඳුරු ඇත්ද? ඒ දිහා බලාගෙන අම්ම කෙනෙක් කොයිතරම් සතුටු වෙනවාද?
ඔයා ඉක්මනටම මගේ ලඟට එන්න පැටියෝ කියලා කෑ ගහලා නොකිව්වට අම්මා කෙනෙක් තමන්ගේ කුසේ ඉන්න දරුවා තමන්ගේ අතට එනකන් ඉන්නේ පුදුම ආසාවකින්.ඒ දරුවට තමන්ගෙම අතින් වැඩ දාපු ඇඳුම් මහන්නේ ඒ ආදරෙත් එකතු කරලා.ඉපදෙන්න ඉන්න දරුවාගෙ ලෝකෙ ලස්සන කරන්න අම්මා කෙනෙක් ඇඟිලි ගනිනවා.ලෙඩක් දුකක් හැදුනත් නිදි නොබලා , ඒ වෙනුවෙන් දුක් වෙන්නෙ අම්මා කෙනෙක්ගෙ පපුවෙ දරුවො වෙනුවෙන් තියන ඒ අසීමිත් දරු කැක්කුම නිසාමයි.හරියටම දැනිලා, විඳලා නැති වුනත්, අම්මා කෙනෙක්ගෙ හිතේ ඇති වෙන ඒ ආදරේ පාට තේරුම්ගන්න බැරිකමක් අපිට නෑ නේද?හරියටම ඒ හැඟීම් විඳගන්න අපිත් අම්මා කෙනෙක් වුනු දාකට පුළුවන් වෙයි.
පුංචි කාලෙ මොන්ටිසෝරියට එක්කගෙන ගිහින් , පළවෙනිම දවසෙදි , අම්මාව දාලා ඉන්න බෑ කියලා පුංචි දරුවා කෑ ගගහා අඬද්දි, තමන්ගෙ ඇහැක් වගේ තුරුලෙම හොවාගෙන පරිස්සම් කරපු දරු පැටියා දාලා යන්න බැරුව, මොන්ටිසෝරියේ දොර ළඟට වෙලා ඇස් වල කඳුලු පුරෝගෙන හැංගිලා ඉන්න අම්මලා මොන තරම් ඉන්නවාද, ඉන්න ඇත්ද?
එහෙම වෙලාවට දරාගන්න බැරිම තැන, තමන්ගේ දරුවට පේන තැනකින් පුටුවක් තියාගෙන තමන්ගේ දරුවා බලන බලන සැරේට එයා දිහා ආදරෙන් බලාගෙන ඉන්න බව පෙන්නන්න අව්ව වැස්සවත් නොතකා බඩගින්නේ තමන්ගේ කාලය වැය කරන්න අම්මලා කොච්චර ඉන්නවද? අපි පොඩි කාලේ අපේ අම්මලත් එහෙම නේද?
දරුවෙක් මේ ලෝකෙ එළිය දුටුව දවසෙ ඉඳන් පටන්ගන්න අම්මාගේ වගකීම් වල ඉවරයක් නෑ.. ලේ කිරි කරලා පොවලා,ඒ දරුවො ලොකු මහත් කරලා, උගන්වලා, රස්සා වලටත් දාලා, කසාදත් බන්දලා දුන්නට පස්සෙවත්, අම්මා කෙනෙක්ගෙ ඒ වගකීම් ගොන්න ඉවරයක් වෙන්නෙ නෑ..ඊටත් පස්සෙ දරුවන්ගෙ දරුවොත් උස් මහත් කරලා, ඒ දරුවන්ගෙ වැඩත් කරලා, ඉවරයක් නැති වගකීම් ගොඩාක් ඉෂ්ඨ කරලා තමයි ජීවිතේ කෙළවර වෙන්නෙ. ඒ තරම් වගකීම් ගොඩාක් තමන්ගෙ පිට පටවගෙන ඉන්න තරම් අම්මා කෙනෙක්ගෙ ශක්තියට තවත් උදාහරණ කොහෙද?
ඒ කෙටි ගමන් මඟ ඇතුළෙදිත් අම්මා කෙනෙක්ට තවත් මොනතරම් නම් බාධක, දුක් කම්කටොළු, නින්දා අපහාස විඳින්න සිද්ධ වෙනවාද? විවාහ ජීවිතේ ඇතුලේ පුංචි පුංචි බාධා, දරුවන්ගෙ කටයුතු වල ප්‍රශ්න, සමාජෙන් එල්ල වෙන බලපෑම්, අඟ හිඟකම්.. මේ හැම දෙයක්ම බිදගෙන දරුවන්ගෙ ජීවිත දිනවන්න, තමන්ගෙ පවුල නැගිට්ටවන්න අම්මා කෙනෙක් මොන තරම් ධෙර්‍යවන්ත වෙන්න ඕනෙද?
අදටත් මහ පාරකට බැහැලා බැලුවොත් ,අවුකාෂ්ඨකේ, දරුවො වෙනුවෙන් දාඩිය හෙලන අම්මාලා ඕනෙතරම් දැකගන්න පුලුවන්. බඩට හරියට නොකා, දාඩිය මහන්සිය නොබලා, දරුවන්ගේ ලෝකේ ලස්සන කරන්න එක සොච්චමක් හොයාගන්න දුක් විඳින අම්මා කෙනෙක්ගෙ ආත්ම ධෛර්‍ය ලියන්න වචන නැතිවෙයි. සමහරවිට දෙවයේ සරදමකට, ජීවිතේට ලැබුණු හව්හරණ වෙච්චි ,තමන්ගෙ දයාබර සැමියාගේ වෙන්වීම, වියෝව නිසාම තනි වෙච්ච, පවුලකම බර කරට අරගෙන දිවි ගෙවන අම්මාලාගෙ කතාව අපි හිතනවටත් වඩා හුගාක් දුක්බර ඇති. එහෙම අම්මා කෙනෙක් ජීවිතෙන් පැනලා යන්නෙ නැතුව තමන්ගෙ දරුවො වෙනුවෙන් කරන කැපවීමට වන්දි ගෙවන්න කිසිම කෙනෙක්ට බෑ..
වෙලාවකට යාළුවෙක්, වෙලාවකට අක්කා කෙනෙක්, වෙලාවකට ගුරුවරියක්, තවත් වෙලාවකට පුංචි ළමයෙක් වගේ අම්මා අපේ ජීවිත වලට සමීපයි.තමන්ගේ දරුවෙක් විභාග වලට පාඩම් කරද්දි ,තනිය මකන්න ඉන්නෙ,ඒ වගේම සැරෙන් සැරේට කෝපි ,තේ හදලා දෙන්නෙ, දරුවගේ හැම ඕනේ එපාකමක්ම හොයලා තමන්ගේ නින්ද පවා දරුවෝ වෙනුවෙන් කැප කරලා මහන්සි වෙන්නේ, අම්මා කෙනෙක්ම විතරයි. අපේ අම්මලාත් එහෙමමයි නේද? ඔව්. හැම අම්මෙක්ම එහෙම වෙන්න ඕනෙ.
ඉස්කෝලෙ තෑගි උත්සවේදී, ක්‍රීඩා උත්සවේදී, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආව ගමන්, උසස් පෙළ ප්‍රතිඵල ආපු වෙලාවෙදි,කැම්පස් තේරුනාම, උපාධි උත්සවේදී මේ විදියට දරුවෙක්ගෙ හැම සාර්ථකත්වයක්ම, හැම සතුටක්ම ළඟ ඉස්සෙල්ලාම තෙත් වෙන්නෙ අම්මාගෙ ඇස්. ඒත්, සතුටක්, ජයග්‍රහණයක් ළඟ විතරක් නෙවෙයි, හැම පරාජයක්ම, හැම දුකක්ම, හැම කරදරයක්ම ළඟ නොසැලී ඉන්නට තරම් හයියක් දෙන්නෙත් අම්මා විතරමයි. එහෙම නේද?දුකේදිත් සැපේදිත් එක විදියටම ලඟින් ඉන්න ලෙංගතු හිතක් තියෙනවානම්, ස්ථීරවම ඒ අම්මා කෙනෙක්ගෙ හිතක්.
ලෝකෙ හුඟාක් දේවල් වෙනස් වෙද්දි, නොවෙනස්ව, හැමදාම එකම විදියට පවතින්න පුළුවන් අම්මාගෙ ආදරේ ගැන, අම්මා ගැන, ඒ ගුණ කඳ ගැන, ඒ ශක්තිමත් ගැහැනු හිතේ හයිය ගැන ලියලා ඉවරකරන්න බැරි වෙයි. ඒ තරම් අනන්ත අප්‍රමාණ සිතුවිලි ගොන්නක් අම්මා ගැන අකුරු කරන්න පුළුවන්. අද ලෝක මව්වරුන්ගේ දිනය. ඉතිං අනිත් හැමදේටම , හැමදෙයක්ම සමරන්න දිනයක් තියෙනකොට, අම්මා ගැන, මාතෲත්වය ගැන, ඒ උත්තරීතර පදවිය ගැන කතා කරන්නත් දිනයක් තිබ්බාට කමක් නෑ මං හිතන හැටියට. ඒත් එකම දිනයකට විතරක්ම මේ අම්මා කෙනෙක්ගේ ආදරේ සීමා කරන්න පුළුවන්ද?? මංදා, මටනම් බෑ...
දරුවන් වෙනුවෙන් අනන්ත අප්‍රමාන ලෙස කැපවීම් කළ/කරන, දුක් විදින , ඉවසා දරාගෙන ජීවිතේ විදින සදාදරණිය අම්මලා හැමෝටම මෙය උපහාරයක්ම වේවා!!! ඔබේ ආදරය, අනන්තයි..අප්‍රමානයි.. අසමසමයි..අමරණියයි....!!!
_______________________________________________________________________________________________________
අද මුළු බ්ලොග් අවකාශයම, මුළු සයිබරයම සසල කරපු දවසක්. ඒකට හේතුව තමා උදේ පාන්දරම ලැබුණු හද කම්පා කරන ලද ප්‍රවෘතියක්."අපේ බ්ලොග් ලෝකෙ සොඳුරුතම මිනිසා මෙලොව අතහැර සදහටම යන්න ගිහිල්ලා.." කියන ඛේදනීය ආරංචියකින් මුළු බ්ලොග් අවකාශයම කම්පා වුනා. ඔව්.. ඒක ඇත්තක්.. අපි කවුරුත් ආදරේ කරපු, අපේ ආදරණිය ඔබා මාමා, එහෙම නැත්තම් කාගේත් හිතවතා වුනු ඔබා අයියා, බ්ලොග් අවකාශයේ සදාදරණිය Observer, මෙලොව අතැර ගොස් හමාරයි..ජීවිතය අනියතයි යන්නට තවත් උදාහරන කුමටද, ආදරණිය ඔබා මාමේ, ඔබට අජරාමර නිවන් සුව ලැබේවා!!!

ගොඩක් ලස්සනයි නම හිතුවක්කාරී වුනාට අදහස් නම් හිතුවක් කාර නැ............ ගෝඩක් හිතට දෙනෙන්න ලියලා තියනවා
ReplyDeleteහික්ස්ස්... ස්තූතියි!! ආ.. මාව දන්නෝ දනිති..;) මම ඒ තරම්ම හිතුවක්කාර නෑ..
Deleteඅම්මා කියන අකුරු තුන අතරේ මේ ලොකේ තියෙන බිදින්න බැරි ලොකු බැදීමක් බැදිලා තියෙනාවා.. ඒ ගැන වචයෙන් විස්තර කරන්න අමාරුයි.. විස්තර කරන්න වචන මදි ඇත්තටම..
ReplyDeleteලස්සනට ලිය උන ලිපියක්.. ඒ ආදරණිය ආම්මා වරුන් වෙනුවෙන්..
විශේෂයි : ඔබා මාමා වගේ කෙනෙක් මේ බ්ලොග් අවකාශේ අපිට කවදාවත් මුණ නොගැහේවි..
ඇත්ත අයියේ..අම්මා ගැන ලියලා කොහොම ඉවරකරන්නද?
Deleteස්තූතියි අයියාට!!!
අෆ්ෆටතිලි ඇන්ටිලා සෙට් එක සෙට් වෙලා දැන්නෙ දැක්කෙ... :-)
ReplyDeleteඅම්මාවරුනේ.......
______________________________
ඔබා මාමේ, ඔබට නිවන් සුව ලැබේවා!!!
:O ඇන්ටිලා?? :O කවුද බොලේ ඇන්ටිලා?? :@
Deleteගොඩක් හොදයි ඔයාලට තවත් මෙවන් හොද දේ ලියන්න ශක්තිය ලැබේවා....බුදුසරණයි!!! ජය වේවා!!!
ReplyDeleteස්තූතියි ඇනෝ සහෝදරයා/ සහෝදරී...:) ජය වේවා!!!
Deleteමේක කියවලා මට කඳුළු ආවා........... මව්වරුන්ගේ දිනයේදී සෙනෙහබර පියෙකුගේ අවසානය.
ReplyDeleteඔබා මාමේ ඔබට මොක් සුව.. මතු භවයේත් අප අතරම ඉපදේවා !
අම්මා කියන්නෙ කතා කරද්දිත් ඇස් වලට කඳුළු උනන සංවේදී චරිතයක්නෙ වර්ණා..:)
Deleteඔව්.. රටක්වටින පියෙක්, අම්මාවරුන්ගෙ දවසේ ලෝකෙ දාලා ගියා..:( එහෙම තමයි.. ආවොතින් නොගිනුත් බැරිලු.. ඔහුට නිවන් සුව!!
විශිෂ්ඨයි! ජයවේවා! :)
ReplyDeleteඔබා මාමාට නිවන් සුව පතමි! :(
ස්තූතියි මල්ලි!!
Deleteගොඩක් හොඳට ලියලා තියෙන්වා නංගි....... "අම්මා" කියන උත්තරීතර චරිතය වෙනුවෙන් අපිට කරන්න බැරි කැපකිරීමක් නැති වෙන්න ඕන.මොකද අම්මා අපි වෙනුවෙන් කරලා තියෙන කැපකිරීම් අපමණයි....
ReplyDeleteඔබා මාමාට නිවන් සුව අත්වේවා..!!!
ඇත්ත අයියේ, අම්මාල අපි වෙනුවෙන් කරලා තියෙන යුතුකම් වලට ණය ගෙවන්න, ඒ කැපවීම් වලට හිලව් වෙන්න ජීවිතේ තියෙනකම් අපි කැපවුනත් මදි...
Deleteඅම්මා තමයි මගේ පන.
ReplyDeleteඅම්මා වරුන්ගේ දිනේදී රත්තරන් තාත්තෙක් මෙලොකෙන් සමු අරගෙන ගිහින්.
ඔබා මාමේ ඔබට නිවන් සුව....
අම්මා කියන්නෙ අපි කාගෙත් ජීවයනෙ.. අක්කෙ..
Deleteඇත්ත මේ පෝස්ට් එක එක අකුරක් නෑර හිතට වැදුනා..
ReplyDeleteඅම්ම කෙනෙක් ගෙ තැන වෙන කාටවත් ම ගන්නත් බෑ, අම්ම කෙනෙක්ගෙ ආදරේ තරම් වෙන ආදරයක් තවත් නෑ..
ඔබා මාමව මං කවදාවත් දැකල නෑ. ඔබා මාමව මං දැකලා තියෙන්නෙ අනිත් අයගෙ බ්ලොග් වල දාල තියෙන විහිලුකාර ඒත් ආදරනීය කමෙන්ට්ස් වලින්.
මට හුගාක් කනගාටුයි ඒ වගේ ආදරණීය කෙනෙක්ව අදුරගන්න නොලැබීම ගැන.
ඔබා මාමාට නිවන් සුව!
ස්තූතියි නි.නා..:D නම කෙටි කලාට තරහා වෙන්නෙපා..;)
Deleteඔබා මාමාව මට මුණ ගැහෙන්න තිබ්බ චාන්ස් එකේදිවත් මට එතුමාව මුන ගැහෙන්න බැරි වුනා.. මොනා කරන්නද :(
අදයි මෙහේ ආවෙ... මේ වගේ දිගටම ලියන්න ශක්තිය ධෛර්යය ප්‍රාර්තනා කරනවා.
ReplyDeleteස්තූතියි මෙහාට ආවට තාරා..:) දිගටම එන්න.. අපේ ගැහැනු හිත් වලට හයියක් වෙන්න..:)
Deleteඅම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ReplyDeleteඒ ඉර හඳින් නුඹෙ ලෝකය එලිය වුනී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
පිය සෙනෙහසට කව් ගී ලිය වුනා මදී....!!!!
ම්ම්ම්.. පිය සෙනෙහස ගැනත් ලියන්න ඕනෙ.. ඒත් ලෝකයක් සනසන ඒ හයිය ගැහැනු හිත ගැන මුලින්ම , අද වගේ දවසක නොලියා ඉන්න බැහැනෙ..:)
Deleteහිතට දැනෙන්න ලස්සනට ලියලා තියනවා හිතු..and also my deepest sympathies & condolences upon Sanath Wijewardena sir (oba mama)
ReplyDeleteස්තූතියි ඔයාට Reeza !!!
Deleteඅම්මා කියල කියන්නෙ වචනෙකින් ලියලා ඉවර කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි.
ReplyDeleteඒත් ගොඩාක් ලස්සනට හිතට දැනෙන්න ලියලා තියනවා...
එක වචනෙකින් තියා වචන කෝටියකින්වත් අම්මා ගැන ලියලා ඉවරකරන්න බෑනෙ අයියෙ..:)
Deleteස්තූතියි හුඟාක්..
හරිම ලස්සනයි හිතූ... මට මගේ අම්මා මතක් වෙලා ඇඬූනා.... :((
ReplyDeleteස්තූතියි අනූ!!! සංවේදිකම දෝතින්ම තුරුලු කරගෙන උපන්න ජාතියක් ගෑනු ජාතිය..:)
Deleteඅම්මා කියන්නේ අම්මා. ඒකට ඊට වඩා නිර්වචනයක් නෑ...දරුවන් වෙනුවෙන් දුක් ගිනි උසුලන සුවහසක් අම්මලාට උපහාරයක්ම වේවා..!
ReplyDeleteඔබා මාමාට නිවන් සුව ලැබේවා..!
ඇත්ත.. අම්මා කියන්නෙ අම්මා :)
Deleteලස්සනයි හිතූ ඇත්තටම කියන්න වචන නෑ දැනෙන්නම ලියල තියනවා
ReplyDeleteජයෙන් ජය...
ඔබා මාමාට නිවන් සුව !!!!