Sunday, August 26, 2012

හොද ළමයෙක් වෙන්න දුවේ.....02

හොද ළමයෙක් වෙන්න දුවේ පළවෙනි ලිපිය කියවලා භාගෙට හොද ළමයි වෙලා හිටිය අය දැන් ආයෙම නරක ළමයි වෙලාද දන්නෙ නෑ. මොකද බට්ටි ඉතුරු පොස්ටුව දාන්න හුගක් පමා වුන නිසා. සමාවෙන්න ඕන ඒ ගැන හැමෝම.

ඔන්න එහෙනම් ඉතුරු ට්කත් බලල හොදම හොද ළමයි වෙන්නකෝ.....




17. යමක් කරන්නට පෙර සිතා බලන්න. තීරණයක් ගැනීමය පෙර විමසා බලන්න. ඉක්මන් නොවන්න.වඩාත් බොරු කියන්නේ කුඩා දරුවන් නොවන බව සිතට ගන්න.

18. සැබෑ මාර්ගය ඔබ ඉදිරියේ බව සිතට ගන්න. එහි පසුමගක් හෝ අතුරු මාර්ගයක් නැත. ඉදිරියට තැබූ පියවර පිටුපසට නොගන්න.

19. නිතරම යුතුකම් හා වගකීම් ගැන සිතන්න.
අපේ ජීවිතය නිතරම වගකීම් හා යුතුකම්වලින් පිරී ඇති බව මෙනෙහි කරන්න. ඒ යුතුකම් අවස්ථාවක් ලැබෙන හැම විටම ඉටුකරන්න. එවිට ලෝකය ඔබේ  සතුට කිසිදාක උදුරා නොගන්නා බව මතක තබාගන්න.

20. මෝඩකමට බෙහෙත් නැත.
මෝඩකමත් එක්තරා රෝගයකි. එහෙත් එම රෝගයට මෙතෙක් බෙහෙත් සොයාගෙන නැත. එහෙයින් මොඩකම් නොකරන්නත්, කල මෝඩකම් නැවත නොකරන්නත්, ඉන් පාඩමක් ඉගෙන ගන්නත් සිතට ගන්න.

21. අනුන් තුල ඇති ගුණ ගයන්නට තරම් ඔබ නිහතමානීවන්න. ජනප්‍රියවීමේ එක් රහසක් එය බව ඔබ නොදන්නවා විය හැක. තමා හා විශ්වාසයට කී රහස් කිසිසේත් පිට නොකරන්න. විශ්වාසවන්ත මිතුරියක් වීමේ අගය වටහාගන්න. 

22. තමා අභිමුඛයට එන බොහෝ දේ තම නුවණ නැමති තරාදියට දමා කිරා බලන්න. තරාදියේ බර ඇදෙන්නේ තම වාසි පැත්තටදැයි නිතර විමසිලිමත් වන්න.

23. දෙදෙනෙකු නිතරම එක සමාන නොවන බව සිතට ගන්න.
  • එකම කූඩුවක සිටින පක්ෂීන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු වැඩියෙන් ශබ්ද කරන බවත්,
  • එකම කූඩුව සිටින සුනඛයින් දෙදෙනෙකුගෙන් එකෙකු වඩා සැරපරුෂ බව තේරුම්ගන්න.
24. ඔබ මෝටර් රථයක් පදවන අවස්ථාවේ , ඉන් බැසීමටවත් , එය තල්ලු කිරීමටවත් නොසිතන්න.

25. දෙවියන් ඔබට නොදෙන දෙයක් මේ මිහිපිට නැත.ඒ කුමක්ද?
     ඒ ඔබට කල හැකි දෙයයි. ඔබට කල හැකි දේ නොකොට දෙවියන්ගෙන් ඉල්ලන්නේ කුමක්ද? ඒ දෙවියන් පවා නොදත් දෙයයි.

26. ඔබට නොවැටහෙන, ඔබට විශ්මිතයි හැගෙන බොහෝ දේ අවසානයට ඔබ තවකෙකු පිට පටවනු ඇත. ඉන් සිදුවන්නේ ඔබ විසින් තවත් දෙවියෙකු නිර්මාණය කිරීමයි. එහෙත් ඒ දෙවියන් අවසානයේදී ඔබම බව දන්නේ ඉතා ස්වල්ප දෙනෙකු පමණක් බව මතක තබාගන්න.

27. කෙනෙකුගේ සේවය අවතක්සේරු කිරීමත්, තමන්ගේ සේවය හැමවිටම ඉස්මතු කිරීමත් නිසා බොහෝ දෙනා ඔබ අතහැර යන බව තරයේ සිතට ගන්න.

28. දිනකට අඩු තරමේ පැය භාගයක්වත් ව්‍යායාම්වල යෙදෙන්න. අඩුම තරමේ කිලෝමීටර් දෙකක්වත් පයින් ගමන්  කරන්න. ගත ලෙඩවීම සිත ලෙඩවීමට එක් හේතුවක් බව සිහි තබාගන්න.

29. බුදුන් වහන්සේට ජීවක නම් වෛද්‍යවරයෙකු සිටි බව අමතක නොකරන්න. හාස්කමින් ලෙඩ සුව කරන්නේ නම් , කිසිදාක වෛද්‍ය විද්‍යාව මෙලොව බිහි නොවන බව සිතට ගන්න.

ඉතිං හැමෝම මේ ලිපි දෙක කියවලා යම් දෙයක් ජීවිතයට ගත්තනම් ඒක ගැහැනු ළමයි ලියන අපි හැමෝටම ලොකු සතුටක්........

උපුටා ගැනීම: සුනිල් රෝහණ මහතාගේ ‍''හොද ළමයෙක් වෙන්න දුවේ" කෘතියෙනි....

14 comments:

  1. ආපොයි! බලන් යද්දි හොඳ ළමයෙක් වෙන්න කොච්චර දෙවල් කරන්න තිනවද නේද, මට නම් කම්මැලි අප්පා! :D

    ReplyDelete

  2. ඇත්තටම හොද උත්සහයක් බට්ටි.... අද වෙද්දි මිනිස්සුන්ට තමන් යන ගමන ගැන අමතකවෙලා තමන් කවුද කියල අමතක වෙලා.. ඒත් හැමදාම හරි දේ හරි කියල දකින අය තවමත් ජීවත් වෙනව..

    ReplyDelete
  3. මේක නම් සමාජ සත්කාරයක් :)

    ReplyDelete
  4. සමබරව සමහර දේවල් කරාන්වා සමහර දේවල් කරන්නේ නැහැ.
    නොකර දේවල් කරන්න හිතන ගන්න ඕනි.
    ගොඩාක් පින් බට්ටිට මේ වගේ දේවල් අපි එක්ක බෙදාගන්නවාට
    -ලිහිණි-

    ReplyDelete
  5. ඔක්කොම කරන්න නම් කම්මැලි. අපි ඉතින් පුතාලානේ....හෙහ් හේ

    ReplyDelete
  6. හොඳ ලිපියක් යාලු :)

    ReplyDelete
  7. මෙන්න මෙයා තවත් එකක් ලියනෝ !! මං මේ තිඑය්න එක ලියාගන්න බැරුව දඟලනකොට .

    ReplyDelete
  8. වැරදුනා මේක දුවලට විතරක් දුවලා ලියන එකක්නේ.. තාත්තලාට තහනම් ඇති..

    ReplyDelete
  9. තිත් දෙකයි ඕ

    ReplyDelete
  10. උයා මේක පරක්කු කරපු නිසා මම නරක ළමයෙක්වෙලා හිටියේ දැන් ආපහු මුල එකත් කියවලා හොද ළමයෙක් වෙන්න ඕනෙ

    ReplyDelete
  11. අපි පිරිමි ලමයින්ටත් මේව අදාල වෙන්න පුලුවන් නේද? (හැම එකම නෙමෙයි ඉතින්..) ඇත්තටම ගැහැණු ලමයි මේක කියවල හොදම හොද ගැහැණු ලමයි වෙනවනම්! වටිනා ලිපියක්! - ඩයිනමයික්

    ReplyDelete
  12. වටිනවා අක්කෙ.. ජිවිතේට හරිම වටිනවා!!!

    ReplyDelete
  13. What is the meaning of 24th point? I did not understand it. Can you kindly explain? (I don't know how to type in Sinhala, sorry)

    ReplyDelete
  14. බට්ටි අක්කේ..,කොළඹ අවටින් මේ පොත ගන්න පුළුවන් තැනක් කියන්නකො.

    ReplyDelete

අපේ සිනිඳු හිත් වල හයියට, මොනා හරි කියලා යන්න... ඔයාලාගෙ ශක්තිය හුඟාක් වටීවී....