Saturday, November 3, 2012

සමාවෙයන් මට

                             




                                    ඇඳි වත 
                                   ගලවා දමා
                              වැතිරුණා සයනයේ
                                 ආත්මගත ඔහුගේ
                               මා වැසූ සෙවනැල්ල

                                    කුමක් කරම්ද
                                  කාලකන්නි මා,
                                   වැදු දරුවන්ගේ
                                  කුසගිනි නිවන්නට
                                               .
                                               .
                                               .
                                               .
                                               .
                                               .
                                               .
                                               .
                                               .
                                               .
                                               .

23 comments:

  1. එහෙමත් වෙන්න පුළුවන් නේ! හ්ම් හ්ම්..

    ReplyDelete
  2. ගණිකාවකගේ ප්‍රේමය


    සිතල හැගුමන්
    හදවත පිපිදිලා
    නොපිදුනු සිතුවිලි
    හිමිහිට පිපිදිලා
    සයනයේ රැගුමන්
    යලි යලි සිහිවෙලා
    අහිමිද ප්‍රේමය
    කදුලැලි වියැකිලා ..............
    නැති මුත් දෙන්නට
    බබසර සුරකිලා
    දුන්නොත් නුබේ පෙම
    රකිනෙමි පති වූත ..................
    පෙර කල පවකට
    කෙලසුනි මගේ ගත
    අහිමිද මට පෙම
    නැතිදෝ හිමි සඳ ..............
    දෙන්නම් කම් සැප
    මට හුරු පරිදිම
    ඉන්නම් නුබ ලග
    දාසිය විලසින..............


    දහසක් සිතුවිලි
    හදවත තෙරපුනා
    නුබ ලග වැතිරුණු
    රාත්‍රිය සිහි වුනා
    රාගය අතරින් බැදී පෙම
    සිහිවෙලා
    රහසින් මගේ හිත
    හිමිහිට වැලපුනා....................
    දහසක් මල් ගොමු
    සිහිනෙක සගවලා
    අහිමිද ප්‍රේමය
    සදාකල් මා හට ...............

    වසන්තය පැත්තෙත් ඇවිත් යන්න ජය

    ReplyDelete
    Replies
    1. @සචිත්
      අදහස හොදයි,.. මේ ඔයාගේ නිර්මාණයක් ද ?

      Delete
  3. hama ganikawakma me tatweta waatenne me nisa tama.

    ReplyDelete
    Replies
    1. //වැදු දරුවන්ගේ
      කුසගිනි නිවන්නට// ද අයියේ ?

      Delete
  4. හ්ම්ම්..ඇත්තට මෙහෙමත් වෙනවනේ නේ..අපේම වැරැද්ද!

    ReplyDelete
  5. හ්ම්ම්ම්........කියන්නට කිසිවක් මසිතට නො එයි....

    ReplyDelete
  6. ඕක ගොඩක් පොදු උත්තරයක් ලේසියෙන් ගැලවෙන්න...සාධරානීයකරණය කරන්න කියන දෙයක් කියලයි මට හිතෙන්නේ. ඔයිට වඩා දුක් විඳලා ළමයි වෙනුවෙන් මහන්සිවෙන අම්මල ඕනේ තරම් ඉන්නවා. සල්ලි හොයන්න ලේසි පහසු ක්‍රම හොයන්න ගියාම ඔහොම තමයි.

    ReplyDelete
  7. ලස්සනයි සිතුවිල්ල

    ReplyDelete
  8. ලස්සන පද ටිකක්... සිතුවිල්ල ගැන එක එක පැතිකඩ වලින් දකින්න පුලුවන්...කොහොම වුනත් මේ පැත්තෙ පාලූ මැකුවාට ස්තූතියි ලිහිණි!!!!

    ReplyDelete
  9. ටිකක් වෙලා ගියාට පස්සේ තේරුනේ :(

    ReplyDelete
  10. පනින්න පෙර සිතා බලනු! හැබැයි ලස්සනයි!

    ReplyDelete
  11. Sithuwili athare siraweelaa.....

    ReplyDelete
  12. Sithuwili athare siraweelaaaaaaa...

    ReplyDelete
  13. සංවේදී සිතුවිල්ලක්
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  14. මේකෙ නොදකින පැත්ත මෙන්න මේ වගේ තමයි..

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  15. හ්ම්..සල්ලි සල්ලි..

    ReplyDelete
  16. මොනවා කියන්නද.... ඉල්ලුමට සැපයුම.
    දැන් ළඟදි එක මූසලයෙක් කෑ ගැහුව ඕක නීතිගත කරල බදු අය කර ගන්න ඕන කියල.. කාලකන්නි

    ReplyDelete
  17. ඕකත් එක දුර්වල සමාජ තත්ත්වයක්..අපරාදේ අහිංසක කාන්තාවන් සල්ලි හොයන්න අපතයන්ට බිලිවෙනවා


    ........මම උමා.........

    ReplyDelete
  18. ලැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ........... සල්ලි වලට යටවෙන්නේ මිනිසත් කම නේද?
    කෝරලේ වලව්ව

    ReplyDelete
  19. ඔවුන් සමාජය පවසන ආකාරයට නින්දිත කොට්ටසයකි. නමුත් කාමාතුරයන්ගේ ආශාවන් නිවා අන් ගැහැනුන් හට ඇති වන හිරිහැර අඩු වන්නේද ඔවුන්ගේම ක්‍රියාවන් නිසාවෙනි..

    ReplyDelete

අපේ සිනිඳු හිත් වල හයියට, මොනා හරි කියලා යන්න... ඔයාලාගෙ ශක්තිය හුඟාක් වටීවී....