මම කාව්‍යා ..ඔන්න මමත් එකතු උනා ගැහැණු ළමයි එක්ක හොදේ.ඉතින් මේ මගේ පළවෙනි පෝස්ට් එක ගැහැණු ළමයින්ට.පළවෙනි එකම ටිකක් දුක්බර සංවේඳී කතාවක්.
ම්ම්ම් අපි මෙහෙම හිතමු තමන්ගෙ තාත්තගෙ එහෙමත් නැත්තන් අම්මගෙ අකල් මරණය ගැහැණු ළමයෙක් කොහොමද දරාගන්නෙ....? එයාට මොනවද දැනෙන්නෙ...?හිතාගන්නවත් බෑ නේද...? හිතා ගත්තත් කොහොම ඒවා වචන වලට හරවන්නද...?ජීවිතේ හොදම වයසෙදි මමත් මේ බියකරු අත්දැකීම ලැබුව.ගල්කිස්ස කනත්තෙ ආදාහනාගාරයේ දුම් බටෙන් තාත්තගෙ සිරුර දැවි දැවී නගින දුම් දකිනකන්ම මම ඒ ඇත්ත පිළිගන්න මැලි උනා.අදත් එතන පහු කරන් යද්දි මට දැනෙන මල මුස්පේන්තු හැඟීම විස්තර කරන්න සිංහල හෝඩියේ මම දන්න අකුරු මදි.ඒ ගැන මම ගොඩක් කතා කරන්න යන්නෙ නෑ එහෙම උනොත් මට මේක ලියාගන්න බැරුව යනවා.
මේ හැම දේම ආයෙ ආයේ මට මතක් උනේ ඊයේ පෙරේදා මගේ හොදම යෙහෙළියකගේ පියාගේ අවමගුලකට සහභාගි වෙන්න මට සිද්ධ උන නිසයි.සාමාන්‍යයෙන් මම අවමගුල් උත්සව හිතා මතාම මඟහරින කෙනෙක් ඒ හේතු දෙකක් නිසා පළවෙනි එක මළගෙවල් වල මල් වඩම් වලින් එන අමුතු සුවඳ (ගඳ )මට දරාගන්න බෑ,අනිත් කාරණේ කවුරුවත් අඬනවා බලන් ඉන්න බැරිකම .මෙන්න මේ හේතු නිසා මළගෙවල් වලට මගේ සහභාගිවීම බොහොම අඩුයි.ඒත් මේ නම් නොයාම බැරි එකක්. ඒ නිසා ගියා.මළගෙදරක උච්චතම අවස්ථාව මිනිය ගෙදරින් එලියට ගන්න මොහොත හා භූමදානය හෝ ආදාහනය කරන මොහොත. මෙහෙත් ඒකේ වෙනසක් තිබුනේ නෑ.අඬල දොඩල හෙම්බත් වුන මගෙ යාලුවට හරියට සිහියක් පතක්වත් තිබුනේ නෑ.මම එයා තුලින් දැක්කෙ මාවමයි.මං වගේම තවත් ගැහැණු ළමයෙකුට තමන්ගේ ආදරණීය පියා අහිමි උනා නේද කියන හැඟීම මගේ ඉහ මොළ පසාරු කරගෙන ගියා.

ජීවිතෙ හොදම වයසෙදි දරුවෙකුට තාත්තෙක් අහිමි වෙනවා කියන්නේ සුලුපටු කාරණයක් නෙවෙයි.විශේෂයෙන්ම ගැහැණු ලමයෙකුට පියාගේ අත්වැල , රැකවරණය ආදරය අහිමිවෙනවා කියන්නෙ ජීවිතේ හරි අඩක් නෑ ..එහෙමත් නැත්තම්,සම්පූර්ණයෙන්ම කඩාවැටුණා හා සමානයි.කාලෙත් එක්ක දුක තුනී වෙනවා කඳුළු වේලෙනවා තමයි ..ඒත් ,දරුවෙක්ට අම්මෙක් තාත්තෙක් නැති අඩුව වෙන කාගෙන්වත් වෙන කොහෙන්වත් සම්පූර්ණ කරන්න බෑ. ඒක තමා ඇත්තම ඇත්ත.
ඉස්කෝලේ උසස්පෙළ පංති වලදීත් අනිත් සේරම වැඩ පැත්තක දාලා මගේ තාත්ත මාව එක්ක යන්න හරියට 1.30 වෙද්දි ඉස්කෝලෙ ගේට්ටුව ගාව හිටිය.මගේ බෑග් එක එයාගෙ කරට දාගෙන අතින් අල්ලලා මාව පාර පැන්නුව.එහෙව් තාත්තා මාව ඒ අතින් අල්ලලා පෝරුවට නග්ගන්න ඉන්නෙ නැතුව ඉක්මනටම යන්න ගියා.මහ ලොකු කෙල්ලෙක් වෙලත් තාත්තගෙ කකුල් දෙක උඩ නැගල ඔන්චිලි පදිද්දි " දැන් ඔයා බරයි මේවා කරන්න බෑ මගේ මුණුබුරෙක්ව හරි මිණිබිරියෙක්ව හරි තමා ආයෙත් මෙහෙම උඩ දාන්නෙ " කියල හීන මවපු එයා ඒ හීනේ එළි නොකරගෙනම යන්න ගියා.
දරුවො කොච්චර උස්මහත් උනත් දෙමාපියන්ට එයාලා පුංචි දරුවන් ගානයි.සමහර අවස්ථාවලදී "දැන් ඔයා ලොකුයි ඕවා තනියම කරගන්න පුලුවන් වෙන්න ඕනෙ " කියන එයාලම තමා සමහර තැන් වලදී " තාම පොඩි උන් ඔයාලට මේවා කරන්න බෑ " කියන්නේ.එකම වයසෙදි විවිධ අවස්ථාවලදි කොහොමද මෙහෙම ලොකු වෙන්නෙයි පොඩි වෙන්නෙයි කියල ඉස්සර මම තාත්තා එක්ක තර්ක කරල තියෙනව. ඒත් දැන් මම දන්නව ඒ ආදරේට කියල.හැම තැනකදිම එයාල බලන්නෙ අපිව නපුරෙන් බේරන්න. අපිව ආරක්ශා කරන්න.
හැම තාත්තෙක්ටම තාත්තෙක් උන පළියටම ආදරණීය තාත්තෙක් වෙන්න බෑ, ප්‍රශංශා ලබන්න බෑ ,දරුවන්ගේ හිතේ සදාකාලයටම ජීවත් වෙන්න බෑ.එහෙව් තාත්තෙක් වෙන්න වගේම ,එහෙව් තාත්තෙකුගේ දරුවෙක් වෙන්නත් වාසනා කරන්න ඕනෙ.මම එහෙම වාසනාවන්ත ගැහැණු ළමයෙක් .මගේ පියා එහෙම වාසනාවන්ත පියෙක්.
මම මෙතනදී විශේෂයෙන් තාත්තා ගැන කතා කලාට අම්මා කෙනෙකුගේ වියෝවත් මේ හා සමානයි.ගැහැණු ළමයෙකුට සමහර විට ඒ අහිමිවීම තාත්තෙකුගේ අහිමි වීමටත් වඩා බරපතල වෙන්න පුලුවන්.මොකද ගැහැණු දරුවෙක් ළඟින්ම ඉන්නේ අම්මා. ඒ යෝධ හෙවනැල්ල ජීවිතෙන් ඈත් වෙලා ගියොත් කාටද ඒ අඩුව පුරවන්න පුලුවන් ...? මිහිතලය කම්පා වෙන්න ඇඬුවත් හැපුනත් ඒ වේදනාව කෙලවර වේවිද...?
සමහර දෙමාපියන් දරුවන්ගේ ලෝකයෙන් මේ විදියට සදහට සමුගෙන යනවා.ඒ වගේම තමයි සමහර දෙමාපියන් දරුවන්ගේ සැපත සතුට වෙනුවෙන්ම එයාලගෙන් දුරස් වෙලා දේස දීපංකරේ ගිහින් මුදල් හම්බකරනවා.දෙරටක තනිවෙච්ච ඒ මව්පියන්ගෙ , ඒ දරුවන්ගෙ හිත් වල මොන තරම් ගින්දරක් ඇවිලෙනවා ඇද්ද..?අඩුම තරමේ සිංහල අවුරුද්දකටවත් එක මේසෙ වාඩි වෙලා එකට කිරිබත් කෑල්ලක් කන්න තරම්වත් වරම් නැතුව හූල්ලන ඒ ආත්ම කොයි තරම්නම් හිතින් වැලපෙනව ඇද්ද...?ඒත් එයාලා යම් තරමකට හරි වාසනාවන්තයි. මොකද දෙපැත්තක හිටියත් එකම ඉරක් එකම හඳක් යට එයාලා ඔවුනොවුන් වෙනුවෙන් හුස්ම ගන්නවා.
උපන්නොත් කෙනෙක් දිනෙක මේ මහ පොලවට පස් වෙනවාමයි... ඒක තමා බුදු බණ... ඒක තමා ලෝක සත්‍ය.මරණයේ දුක මිය යන්නාට නොව ජීවත් වන්නාටයි.ඒක මොන තරම් දුක උනත් නියම හපන්කම ඒ කෙනා වෙනුවෙන්ම හැපි හැපී ජීවිත කාලෙම හීල්ලීම නොවේ.ඒ කෙනා වෙනුවෙන් ජීවත් වීමයි.ඒ කෙනා ජීවත් කරවූ අය ජීවත් කරවීමයි.
ඉතිං එහෙම හිතෙ හයියෙන් ජීවත් වෙන අම්මා තාත්තා අහිමිවුණ ඕන තරම් දිරිය දියණියෝ මේ රටේ ඉන්නවා..මේ ලෝකේ ඉන්නවා... ජීවිතේ කියන්නේ හිමිවීම් විතරක් නෙවෙයි.. ජීවිතේ කියන්නේ බැඳීම් විතරක්ම නෙවෙයි.අහිමිවීම් තියෙන්න පුලුවන්... බැඳීම් ලෙහෙන්න පුලුවන්...ජීවිතේ අත්වැල ගිලෙහෙන්න පුලුවන්...ඒ හැම දේම සම සිතින් විඳ ගෙන ජීවිතේට මුහුණ දෙන ගැහැණු ආත්ම මොන තරම් ඇද්ද...නැතිවෙච්ච තාත්තා වෙනුවෙන්, නැතිවුනු අම්මා වෙනුවෙන් ඇස් වල කඳුළු හංගගෙන , ජීවිතේ දිනන සටන මෙහෙයවන දිරිය දියණිවරු මොන තරම් ඉන්නවාද.. ඒ අය හැම අම්මෙක් තාත්තෙක්ටම ආශිර්වාදයක්...අම්මා අහිමි පවුලට අම්මා වෙච්චි දුවලා , අම්මා අහිමි මල්ලිට අම්මාගෙ සුවඳ බෙදන්න උත්සාහ කරන අක්කලා ලෝකෙටම සම්පතක්... තාත්තා නැති පවුලෙ බර කරට අරන්, තාත්තාගෙන් දුවට වෙන යුතුකම් ඉටු කරන්න නැහෙන අයියලාත් ආදර්ශයක්!!!
ඉතින් ලියන්න තව බොහේ දේ තිබුනත් මම මෙතනින් මේ පෝස්ට් එක නවත්තනවා.ආයෙ දවසක මේ ගැන කතා කරනන් පුලුවන් කමක් තිබුනොත් අපි කතා කරමු.අවසානයේ මගේ එකම පැතුම වන්නෙ මෙයයි... මට වගේ , මගේ යෙහෙළියට වගේ ,කිසිම දරුවෙකුට ,කිසිම දියණීයකට, ගැහැනු ලමයෙකුට ,අකාලයේ පිය සෙනෙහස අහිමි නොවේවා!!!

අවසාන වශයෙන්,ජීවිතේ හැටි එහෙමයි... මොන දුකක්, මොන කරදරයක්, මොන බාධකයක් ආවත්, මහ මුහුද තරම් කඳුළු ඇස් වලින් ගැලුවත්, ගැහැනු හිත් වල හයිය කොයි මොහොතක හරි මතු වෙනවා.. එහෙම මතුවෙන ශක්තියෙන්, ඒ හයියෙන්, ජීවිතේ හුඟාක් දුර යන්න පුළුවන්...