Wednesday, August 8, 2012

සදාකාලිකවම....



පවන වී හමන්නම්
ඔබේ විඩා දුරලන්න
ලංවෙලා හිඳින්නම්
ඈත් වී නොමයන්න
සඳක් වී දිලෙන්නම්
ඔබේ ලොවේ තරුවක් වෙන්න
අනේ හිත රිදවලා නම්
එපා වෙන් වී යන්න.............
මී බිඳක් වෙන්නම්
දෙතොලතර මිහිරක් වෙන්න
සුසුම වී රැඳෙන්නම්
හැමදාම ළඟ ඉන්න
හදවතේ ඉඩ තියෙනවානම්
මලක් වී සුපිපෙන්න
අනේ වෙන් වෙලානම්
කිසිදිනක නොම යන්න.....


40 comments:

  1. ඇති යාංතන් ගෑණු ළමෝ කල එලි බැහැලා, ලස්සනඉ වර්ණා ... හිතට දැනුනා මේ කව

    ReplyDelete
  2. සුපෙම් සිතුවිලි සුන්දරයි හැමදාට....

    ReplyDelete
  3. මං ඒත් බැලුවා මේ බ්ලොග් එකට මොනා වෙලාද කීලා..
    මේ තීන්නේ යස අගේට..

    ReplyDelete
    Replies
    1. හැමදාම පේනකොට අගේ නැහැනේ

      Delete
  4. //..සඳක් වී දිලෙන්නම්
    ඔබේ ලොවේ තරුවක් වෙන්න
    අනේ හිත රිදවලා නම්
    එපා වෙන් වී යන්න..//

    ලස්සනයි හුගක්..හිතට හුගක් ලගින් දැනුනා....

    ReplyDelete
  5. නන්දා මාලිනියගේ මලට රේණු ඒ සිංදුව මතක් වුණා :)

    ReplyDelete
    Replies
    1. මම ඔබ කියුවට පස්සෙයි ඒ සින්දුව ඇහුවේ

      Delete
  6. ළිහිණි ලියාපු කවි පද වලට මේ ළිහිණිත් හරිම කැමතියි. ලස්සනයි පද ටික

    ReplyDelete
    Replies
    1. තව ලිහිනියක්. සන්තෝෂයි

      Delete
  7. අනේ මට කවි නම් තේරෙන්නේ නෑ..

    ඒත් අපේ අම්මයි තාත්තයි මතක් උනා....

    කෝල් එකක් දෙන්න ඕනේ......

    ReplyDelete
  8. ම්ම්ම්ම්මම්ම්.....කාලෙකින්....ලස්සනයි...

    ReplyDelete
  9. ලස්සනයි යාලු :)

    ReplyDelete
  10. පාලුවෙලා ගිහින් තිබ්බ මේ පලාත ලස්සන කලාට තෑන්ක්ස් ලිහිණි!!! :)

    ලස්සනම ලස්සනයි!!!

    ReplyDelete
    Replies
    1. ඒවා යුතුකම් හිතුවක්කාරී.

      Delete
  11. සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට යමු. මතකෙට ආවේ සින්දුව.

    ReplyDelete
    Replies
    1. සින්දුව අහලා නැහැ එත් මේ පද ටික අහලා තියෙනවා

      Delete
  12. ලස්සන පැදි පෙළක්!

    ReplyDelete
    Replies
    1. විසිතුරු කලාට තෑන්ක්ස්

      Delete
  13. සදාකාලිකවම......!!!

    ReplyDelete
  14. ගොඩාක් ලස්සනයි යාලු.

    අනේ වෙන් වෙලානම්
    කිසිදිනක නොම යන්න....

    මේකෙන් අදහස් කලේ ජීවිතෙන් සමුගන්න එපා වගේ අදහසක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් වර්ණා. ඒ අදහස තමයි

      Delete
  15. හරිම ලස්සනයි ලිහිණි.. :)

    ReplyDelete
    Replies
    1. රෙඩ් රයිඩින් හුඩ් මම ආසාවෙන් බලපු කියවපු අහපු බලපු කතාවක්

      Delete
  16. වැහි ලිහිණියෙක්ද?

    ReplyDelete
    Replies
    1. වෙලාවකට චණ්ඩ මාරුතයක් වගේ තමයි

      Delete
  17. හප්පේ...මෙහෙම ඒවත් හිතෙනවා නේද හැබෑටම . ඒත් ඉතින් කවද හරි වෙන් වෙන්නත් වෙනවනේ..?

    ReplyDelete
    Replies
    1. හමුවීම ප්‍රේමය නොවේ වෙන්වීම ප්‍රේමය වඩයි

      Delete
  18. ජීවිතේ කිසිදාක
    නොහැක මට වෙන් වෙන්න
    නුඹේ සිනහව තුලම
    සැනසෙනෙමි දිවි තුරුම.....

    ලස්සනයි ළිහිණියේ.....

    ReplyDelete
    Replies
    1. සැනසෙන ඔබේ ඔය නෙත් සඟල
      කල්පයක් තරම් කාලයක් නෑ ඊටත් වැඩියෙන්
      මතක හිටීවි මට

      Delete
  19. පවන වී හමන්න
    මගේ විඩා දුරලන්න
    ළ0 වෙලා හිඳින්න
    ඈත් වී නොම යන්නම්

    ලස්සන කවි පේලියක්.

    ජය වේවා..!

    ReplyDelete

අපේ සිනිඳු හිත් වල හයියට, මොනා හරි කියලා යන්න... ඔයාලාගෙ ශක්තිය හුඟාක් වටීවී....