සදාකාලිකවම....
පවන වී හමන්නම්
ඔබේ විඩා දුරලන්න
ලංවෙලා හිඳින්නම්
ඈත් වී නොමයන්න
සඳක් වී දිලෙන්නම්
ඔබේ ලොවේ තරුවක් වෙන්න
අනේ හිත රිදවලා නම්
එපා වෙන් වී යන්න.............
මී බිඳක් වෙන්නම්
දෙතොලතර මිහිරක් වෙන්න
සුසුම වී රැඳෙන්නම්
හැමදාම ළඟ ඉන්න
හදවතේ ඉඩ තියෙනවානම්
මලක් වී සුපිපෙන්න
අනේ වෙන් වෙලානම්
කිසිදිනක නොම යන්න.....
ඇති යාංතන් ගෑණු ළමෝ කල එලි බැහැලා, ලස්සනඉ වර්ණා ... හිතට දැනුනා මේ කව
ReplyDeleteහෆොයි මම නෙමෙයි ලියුවේ
Deletegodaak sthuthi kaawya
Deleteසුපෙම් සිතුවිලි සුන්දරයි හැමදාට....
ReplyDeleteow aththatama
Deleteමං ඒත් බැලුවා මේ බ්ලොග් එකට මොනා වෙලාද කීලා..
ReplyDeleteමේ තීන්නේ යස අගේට..
හැමදාම පේනකොට අගේ නැහැනේ
Delete//..සඳක් වී දිලෙන්නම්
ReplyDeleteඔබේ ලොවේ තරුවක් වෙන්න
අනේ හිත රිදවලා නම්
එපා වෙන් වී යන්න..//
ලස්සනයි හුගක්..හිතට හුගක් ලගින් දැනුනා....
ගොඩාක් සතුටුයි
Deleteනන්දා මාලිනියගේ මලට රේණු ඒ සිංදුව මතක් වුණා :)
ReplyDeleteමම ඔබ කියුවට පස්සෙයි ඒ සින්දුව ඇහුවේ
Deleteළිහිණි ලියාපු කවි පද වලට මේ ළිහිණිත් හරිම කැමතියි. ලස්සනයි පද ටික
ReplyDeleteතව ලිහිනියක්. සන්තෝෂයි
Deleteඅනේ මට කවි නම් තේරෙන්නේ නෑ..
ReplyDeleteඒත් අපේ අම්මයි තාත්තයි මතක් උනා....
කෝල් එකක් දෙන්න ඕනේ......
ඔව් ඒවා හොද වැඩ
Deleteම්ම්ම්ම්මම්ම්.....කාලෙකින්....ලස්සනයි...
ReplyDeleteකාලෙකින් හොඳ දෙයක්
Deleteලස්සනයි යාලු :)
ReplyDeleteනියමයි යාලු
Deleteපාලුවෙලා ගිහින් තිබ්බ මේ පලාත ලස්සන කලාට තෑන්ක්ස් ලිහිණි!!! :)
ReplyDeleteලස්සනම ලස්සනයි!!!
ඒවා යුතුකම් හිතුවක්කාරී.
Deleteසැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට යමු. මතකෙට ආවේ සින්දුව.
ReplyDeleteසින්දුව අහලා නැහැ එත් මේ පද ටික අහලා තියෙනවා
Deleteලස්සන පැදි පෙළක්!
ReplyDeleteවිසිතුරු කලාට තෑන්ක්ස්
Deleteසදාකාලිකවම......!!!
ReplyDeleteඅනිවාර්යෙන්
Deleteගොඩාක් ලස්සනයි යාලු.
ReplyDeleteඅනේ වෙන් වෙලානම්
කිසිදිනක නොම යන්න....
මේකෙන් අදහස් කලේ ජීවිතෙන් සමුගන්න එපා වගේ අදහසක්ද?
ඔව් වර්ණා. ඒ අදහස තමයි
Deleteහරිම ලස්සනයි ලිහිණි.. :)
ReplyDeleteරෙඩ් රයිඩින් හුඩ් මම ආසාවෙන් බලපු කියවපු අහපු බලපු කතාවක්
Deleteවැහි ලිහිණියෙක්ද?
ReplyDeleteවෙලාවකට චණ්ඩ මාරුතයක් වගේ තමයි
Deleteහප්පේ...මෙහෙම ඒවත් හිතෙනවා නේද හැබෑටම . ඒත් ඉතින් කවද හරි වෙන් වෙන්නත් වෙනවනේ..?
ReplyDeleteහමුවීම ප්‍රේමය නොවේ වෙන්වීම ප්‍රේමය වඩයි
Deleteජීවිතේ කිසිදාක
ReplyDeleteනොහැක මට වෙන් වෙන්න
නුඹේ සිනහව තුලම
සැනසෙනෙමි දිවි තුරුම.....
ලස්සනයි ළිහිණියේ.....
සැනසෙන ඔබේ ඔය නෙත් සඟල
Deleteකල්පයක් තරම් කාලයක් නෑ ඊටත් වැඩියෙන්
මතක හිටීවි මට
පවන වී හමන්න
ReplyDeleteමගේ විඩා දුරලන්න
ළ0 වෙලා හිඳින්න
ඈත් වී නොම යන්නම්
ලස්සන කවි පේලියක්.
ජය වේවා..!
තෑන්ක්ස් මී පැටියෝ
Deleteu re welcome..
Delete