Thursday, June 21, 2012

ගැහැනු ළමයින්ට මොකද වුනේ???

මේ ගැහැනු ළමයි බ්ලොග් එකට ලියන 2වෙනි ලිපියයි. ඒත් ඒක මෙහෙම ලිපියක් වේවි කියලානම් හිතුවෙ නෑ.. ඇත්තටම මට ඕනෙ කලේ ගැහැනු ළමයි වෙනුවෙන් යමක් කියන්නයි.දැන් කට්ටිය බලයි ගැහැනු ළමයි බ්ලොග් එක නවත්වන්නද යන්නෙ කියලා..:D නෑ.. ඒක එහෙම වෙන්නෙ නෑ.. 
මේ බ්ලොග් එක දිගටම ලියාගෙන යනවා.. බාධක, ප්‍රශ්න,හිත් රිදවීම් ජීවිතේට මූණ දෙද්දිත් අත්දකින දේවල් වෙච්චිකොට, බ්ලොග් එකක් ලියාගෙන යද්දි ඔහොම දේවල් වලට මූණ දෙන්න වීම බොහොම සාමාන්‍යයි. ඒ නිසා නියම ජයග්‍රහණය රඳා පවතින්නෙ උත්සාහය, අධිෂ්ඨානය සහ බාධක හමුවේ නොසැලී හිදීම තුළ බව දන්න ගැහැනු ළමයි අපි, මේක දිගටම ලියාගෙන යනවා.මොන බාධකය ආවත් අපි මේ පටන්ගත්තු වැඩේ දිගටම කරගෙන යනවා.

ඊලඟට කියන්න ඕනෙ වැදගත්ම දෙයක් තමා, මේ "ගැහැනු ළමයි" බ්ලොග් එක ගැන. මේ බ්ලොග් එකේ අරමුණ ගැන සමහර අයගෙ හිත් වල වැරදි ආකල්පයක්, සිතුවිල්ලක් තියෙන්න පුළුවන්.මේක මේ බ්ලොග් අවකාශෙ ඉන්න පිරිමි ළමයින්ට,පිරිමි පාර්ශවයට මඩ ගහන්න, ඔවුන් හෙළාදකින්න, චරිත ඝාතනය කරන්න, අපහසුතාවයට ලක් කරන්න ලියන බ්ලොග් අඩවියක්වත්, ස්ත්‍රීවාදී සංකල්පයක් විතරක්ම පෙරදැරි කරගෙන ලියන බ්ලොග් අඩවියක්වත් නෙවෙයි. බ්ලොග් අවකාශෙ සමකාලීන, එක වයස් පරතර වල කීපදෙනෙක් එකතුවෙලා, විනෝදය, සතුට වගේම ගැහැනු ළමයිගේ අදහස්, ආකල්ප, සිතුවිලි, හීන වගේම ගැහැනු ළමයින්ගෙ හිත් ගැන කතා කරන්න ලියන බ්ලොග් අඩවියක්. නමුත් මේ බ්ලොග් එකේ ඊට අමතරව, විවිධ කතා, සමාජ ගත විවිධ සිද්ධි, ගීත, සාහිත්‍ය වගේ විවිධ පරාස ඔස්සේත් ලිපි ලියන්න, කතා කරන්න තමයි අපි උත්සාහ කරමින් හිටියෙ.

මේ බ්ලොග් එක තාම පටන්ගත්තා විතරයි. තාමත් අපි අඩුපාඩු හදාගනිමින්, එන්න එන්න ලියන දේවල් වල ගුණාත්මක බව වැඩි කරගන්න සිතමින් මූලික අවදියේ ගත කරන බ්ලොග් අඩවියක්. ඉතින් තවමත් අපි බ්ලොග් අවකාශෙට තරමක් හරි පරණ වුනත්, මේ බ්ලොග් එක නම් තාම අලුත්. අපිට තව කල යුතු සහ, කිරීමට දේවල් හුඟාක් තියෙනවා.ඉතින් මේ බ්ලොග් එක දිහා බැලුවාම කෙනෙක්ට සෑහීමකට පත්වෙන්න පුළුවන් තරම් දෙයක් තියෙන්නත් ,නොතියෙන්නත් පුළුවන්.ඒ අපේ බ්ලොග් එක ගැන..

ඊළඟ කාරණාව තමයි, මේ බ්ලොග් එක ලියන්න එකතුවුනු අපි. අපි මේ බ්ලොග් අවකාශෙ මහා ලොකුම ලොකු චරිත නෙවෙයි. බ්ලොග් තරු නෙවෙයි. ඒක එහෙමයි කියලා අපි හිතාගෙනවත්, එහෙමයි කියලා කියන්නෙවත් නෑ. හුදෙක්ම ආත්ම තෘප්තිය වෙනුවෙන් බ්ලොග් ලියන අපි කීපදෙනෙක් එකතුවෙලා පටන්ගත්තු මේ බ්ලොග් එක හදන්න, මූලික අඩිතාලම හදාගත්තෙ මම, වර්ණා, ප්‍රාර්ථනා අක්කා වගේම සිහින මදාරා එකතු වෙලායි.  අපි මේ බ්ලොග් එක හදලා,ලස්සන කරලා,අනිත් අයටත් කියලා ,අනිත් අයගෙනුත් අදහස් අරගෙන තමා මේක පටන් ගත්තෙ. ඊටපස්සෙ අපි මේකට කුමාරිහාමි අක්කා, පිටස්තරී, දඟමල්ල,බට්ටි සහ අනූ ව එකතු කරගත්තා.ඉතින් මේක ආරම්භයේදි ඇඩ්මින් ලා විදියට වර්ණාත්, ප්‍රාර්ථනා අක්කාත්, මමත් මූලික වුනා. නමුත් ඇත්තටම මෙතනදි අපි කාටවත් සමඅයිතීන් ලබා දුන්නෙ නෑ කියන්න බෑ.. මොකද අපි බ්ලොග් එක වෙනුවෙන් හදාගත්ත ගෲප් එකේ තියෙන පෝස්ට් වලින්, චැට් වලින් ඒක තහවුරු වෙනවා. අපි හැමදෙයක්ම හැම කෙනෙක්ම කතා බහ කරලා කණ්ඩායමක් විදියටයි වැඩ කලේ. පළවෙනි පෝස්ට් එක ලිව්වෙත් මමයි ප්‍රාර්ථනා අක්කායි එකතුවෙලා , අක්කාගෙ අදහස් වලට මමත් අදහස් කියලා එකතුවෙලා තමයි අපි ඒක  ලියලා Draft කලේ. ඊටත් පස්සෙ වර්ණා, සිහින මදාරා වගේ වපි මූනූ පොතේ බ්ලොග් එක වෙනුවෙන් හදාගත්තු ගෲප් එකත් එක්ක ,නිතර මුහු වුනු අනිත් අයටත් කියලා, ඒ අයගෙ අදහසුත් අරගෙන තමා අවසානෙදි ලිපිය පබ්ලිෂ් කලේ. මම, සිහින මදාරා, පිටස්තරී , වර්ණා ,කුමාරිහාමි අක්කා අපි හැමෝම ලිපියක් ලියලා ඒක අනිත් අයට පෙන්නලා, ඒකට දාන්න ඕනෙ පින්තූරෙ පවා අනිත් අයගෙ අදහස් අරගෙන තමා අවසානෙදි ලිපිය පබ්ලිශ් කලේ. ඉතින් මේක කණ්ඩායම් වැඩක් නෙවෙයිද?. අපි වැඩ කලේ එකතුවෙලා.( එතනදි අනූ කාන්චනා අපේ කිසිම සාකාච්ඡාවකට, කිසිම ගෲප් පෝස්ට් එහෙකට අදහසක් දක්වන්න එකතුවුනේ නෑ. එතනදි අපි හිතුවෙ අනූ ට වැඩ අධික කම නිසා, වෙලාවක් මද කම නිසා කියලයි. ඉතින් අපි ඇයව සාධාරණිකරණය කලේ එහෙමයි.)

ඊලඟට විශේෂයෙන් අපි ඇඩ්මින් වුනා කියලා ,අපිට ඕනෙ විදියට විතරක් හැමදේම වෙන්න ඕනෙ කියලා අපි අපේ අයිතිවාසිකම් ගැන කෑගැහුවෙ නෑ. කුමාරිහාමි අක්කා වුනත් මුලින්ම ලිපියක් ලියන්න කිව්වාම, අපි හැමෝගෙන්ම අහලා "නඟාලා මම මොකක් ගැනද ලියන්න ඕනෙ?" වගේ අපෙනුත් අදහස් අහලා තමයි ලිව්වෙ. එයා අක්කා කෙනෙක් නිසා, අක්කලා නංගිලාගෙන් අවසර ගන්න ඕනෙ නෑ කියලා , අයිතිවාසිකම් , සම අයිතීන් ,අනං මනං ,ගැන කතා කලේ නෑ. අපි එකතුවෙලා වැඩ කලේ.කොටින්ම කුමාරිහාමි අක්කාගෙ ලිපියෙ නම පවා අපි දැම්මෙ එකතුවෙලා. එතනදි කුමාරිහාමි අක්කා, එයා ලියපු ලිපියට එයා කැමති නමක් දාන්න ඕනෙ කියලා, අයිතීන් ගැන කතා කලේ නෑ. අපි උත්සාහ කලේ එකතුවෙලා වැඩ කරන්න. ඔව් අපි එහෙම කළා.ඉතින් මෙතනදි මේ ඊයේ දවස වෙනක්ම්, කිසිම කෙනෙක් තමන්ගෙ අයිතීන් ගැන කිය කිය ,මේ තිබුණු කණ්ඩායම්, සාමූහික හැඟීම නැතිකරගන්න උත්සාහ කලේ නෑ.මම මේකෙ ඇඩ්මින් කෙනෙක් කියලා මටත් අමතක වෙලයි තිබුණේ. මොකද මම එහෙම දෙයක් ඔළුවට දාගෙන නොහිටි නිසායි. මට තිබුණෙ "ගැහැනු ළමයි " කියන්නෙ අපේ  බ්ලොග් අඩවියක් කියන අදහස පමණයි.

ඊලඟට අනූ කාන්චනා ගේ ප්‍රශ්නෙ දිහාවට හැරෙන්නම්. මොකද මම මේ ලිපිය ලියන්න මූලික වුනේ ඇය නිසා.ඊයෙ හවස අහම්බෙන් මම මූණූ පොතට ආපු වෙලාවෙ තමයි මේ ප්‍රශ්නෙ ගැන දැනගත්තෙ.ඒවෙලාවෙ අනූ මට කිව්වා එයාගෙ පෙම්වතාගෙ කමෙන්ට් එකක් එයා ලිව්ව ලිපියෙ ,ඒ වෙලාවෙම, ඒ ක්ෂ්ණිකයෙන් , ඇසිපිය හෙලන මොහොතින් බ්ලොග් එකේ පල නොවීම නිසා, ඔහුට ඉවසගන්න බැරිව ,අනූට බ්ලොග් එකෙන් අයින් වෙන්න කියන බව. (ඒ මොහොතේ තමයි මම දැනග්ත්තෙ අනූ අපේ බ්ලොග් එකට ලිපියක් ලියලා බව).එතනදි මම වර්ණාවත්, ප්‍රාර්ථනා අක්කාවත් සම්බන්ධකරගෙන මොනාහරි දෙයක් කරන්න උත්සාහ කලා. නමුත් අනූ ට ඒ වෙන තුරු ඉවසන්න බැරි බව කිව්වා. එයාගෙ පෙම්වතාට ඒ වෙනතුරු ඉවසන්න බැරිලු.ඉතින් මමත් අසරණ වුනා.

නමුත් මට එවෙලෙ අනූගේ අසරණ කමත් දැනුනා. මොකද මමත් ඔය ගින්නට පිච්චිලා තියෙන නිසා ,මට ඇයව දැනුනා. ආදරේ කරන කෙනෙක් අහිමි වේවී කියන බය කොයිතරම්ද කියලා මට දැනිලා තිබුණු නිසා , මට අනූ ව තේරුම් ගන්න පුළුවන් වුනා. ආදරේදි හැම කෙනෙක්ම එක විදිය නොවන බවත් දැනගෙන හිටියා. මිනිස්සු විවිධාකාරයි කියලා මම තේරුම් අරන් හිටියා.ඒ නිසාම මම මේකට විසදූමක් හෙව්වා.ඒත් ක්ෂණිකයෙන් මගේ හිතට මහ පුදුම වේදනාවක් දැනුනා. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි, අනූ මට එව්ව "ඉවත්වීම" කියන එයාගේ පොස්ට් එකේ ලින්ක් එක නිසා.ලිපියක් ලියලා මුළු බ්ලොග් අවකාශෙටම අණබෙර ගහලා, ඉවත්වෙලා යන්න තරම් ලොකුම ලොකු ප්‍රශ්නයක් නොවුණූ මේ සිදුවීම කතා බහ කරලා විසඳගන්න තිබුණා අපිට. ඒත් අනූ ඉස්සර වුනා. ඒ පොස්ට් එකේ වචන, ඒ ලියපු ශෛලිය ,වගේම අන්තර්ගතය තුළ එක හෙළාම ඇගිල්ල දික් කරලා තිබුණෙ අපිට නිසා ,මටත් ඇතිවුනේ කළකිරීමක්.මෙච්චර කාලයකට මේ බ්ලොග් අවකාශෙ කිසිම කෙනෙක්ට හිතාමතා වරදක් වෙන්න දුන්නෙ නැති මම ඒ ගැන කම්පා වුනා. 

අවසානේදි  අනූගෙ පෞද්ගලික බ්ලොග් එකටවත්,  අපේ ගැහැණු ළමයි බ්ලොග් එකටවත් කවදාවත් ඇවිල්ලා නැති පිරිසක්, ඇනෝ ලා පිරිසක්, ඒ වගේම ඇවිලෙන ගින්නට පිදුරු දාන්න බලන් උන්නු පිරිසක්, අවස්ථාවෙන් මදි නොකියන්න ප්‍රයෝජන ගත්තා.ඒ නිසාවෙන් මේක ලියන  අපිට, ගැහැණු ළමයි බ්ලොග් අඩවියට, අනූට විතරක් නෙවෙයි, ඇගේ සදාදරණීය පෙම්වතාටත් කළු පැල්ලමක් එකතුවුනා.මොකද මෙතනදි එක එක්කෙනා මේ ප්‍රශ්නෙ දිහා බැලුවෙ එක එක කෝණ වලින්.. එක එක විදියට. ඒ නිසා ඔවුන්ට වැරදිකරුවො විදියට පෙනුනේත් එක එක පාර්ශව.සමහරු ඇඩ්මින්ලාට බැන්නා. සමහරු අනූට බැන්නා. සමහරු ඇගේ පෙම්වතාට දොස් කිව්වා.ඔය විදියට එක එක්කෙනා ,  එක එක විදියට මේකෙ දොස් දැක්කා.ඒත්,  ඒකට අපිට ඔවුන්ට දොස් කියන්නත් බෑ. මොකද ඒක මනුස්ස ස්වභාවය. එක අත්තෙ වැහුවාට කුරුල්ලො ඔක්කොම එක වගේ නෑ. මිනිස්සු වෙච්චි අපිත් එහෙමයි. බ්ලොග් ලිව්වාට අපි හැමෝම එක වගේ නෑ නේද?

අනිත් කාරණාව වුනේ කමෙන්ට්ස් මොඩරේට් කිරීම ගැන. ඇත්තටම සාමූහිකව ලියන බ්ලොග් එකක කමෙන්ට්ස් මොඩරේට් කරන්න අපි යොමුවෙන්න හේතු කීපයක්ම තිබ්බා. ඒ තමා

  • මේ බ්ලොග් එක ලියන්නෙ ගැහැනු ළමයි කීපදෙනෙක් එකතු වෙලා නිසා. 
  • විවිධ මානසික මට්ටම් වල විවිධ අය බ්ලොග් කියවන නිසාත්, කමෙන්ට්ස් ලෙස සමහර කියවන්න පිළිකුල් ,අසභ්‍ය වචන  ලැබෙන්න ඉඩකඩ තිබෙන්න පුලුවන් කියා උපකල්පනය කල නිසා.

  • එක් අයකුගේ පෝස්ට් එහෙකට එහෙම නරක දෙයක් වැටුනොත්, මුළු බ්ලොග් එකටම එය බලපාන නිසා.නිකන් හිත් නරක් කරගන්න කලින් මොඩරේට් කරන එක හොද නිසා.
මෙන්න මේ කාරණා අපේ බ්ලොග් එකේ කමෙන්ට්ස් මොඩරේට් කරන්න හේතු වුනා. ඒකෙ ලොකු වරදක් මම දකින්නෙ නෑ. මොකද බ්ලොග් අවකාශෙ බොහෝ දෙනෙක් කමෙන්ට්ස් මොඩරේට් කරලා තියෙන නිසා, බ්ලොග් කියවන අයට ඒක අමුත්තක් වෙන්න කොහෙත්ම  විදියක් නෑ.

(ගැහැනු ළමයි ලියන බහුතරයක් දෙනා නම් කමෙන්ට්ස් මොඩරේට් ,තමන්ගෙ පෞද්ගලික බ්ලොග් අඩවි වල භාවිතා කරන්නෙ නෑ. නමුත් මේ බ්ලොග් එකේ එහෙම කරන්න හේතු තිබුණා.)


අනික,සාමන්‍යෙන් අපේ රටේ එක සිස්ටම් එකක් තියෙනවා. ඒ තමයි කවුරුහරි කෙනෙක් දෙයක් අලුතෙන් කරන්න පටන් ගත්තොත්, අපේ බහුතරයක් මිනිස්සු කරන්නෙ ඒ දේට අකුල් හෙලන එක, ඒක පාගන එක, හිනා වෙන එක, නෝන්ඩි කරන එක. ඊටපස්සෙ ඒ දේ නතර කරන්න නොයෙක් දේවල් කරනවා..මොන දේ කරලාත් නතර කරන්න බැරි වුනාම, දිනුම් කණුව ළඟටම කිට්ටු කරද්දි , අපේ මිනිස්සු කරන්නෙ, අර කපන්න බැරි අත ඉඹින එකයි. ඒක මේ රටේ සිස්ටම් එකක්.මේ බ්ලොග් වලටත් , කොයි දේටත් ඒක පොදුයි..

ඉතින්, කොහොම වුනත් අපේ ගැහැනු ළමයි බ්ලොග් එක නිසා, අනූගෙ පෞදගලික ජීවිතේට ඇතිවුනූ ප්‍රශ්නය ගැන, අපේ ගැහැනු ළමයි බ්ලොග් අඩවියේ සමස්ථ ගැහැණු ළමයි අපි ,කණගාටුව ප්‍රකාශ කරනවා.

ඒ වගේම අපෙන් සිදුවුනු අතපසුවීමක් නිසා පළ කරන්න නොහැකිවුනු ඔබේ පෙම්වතාගේ ආදරණීය කමෙන්ටුව පිළීබඳව සමාව ඉල්ලනවා. අනූ කියන විදියට, ඇගේ සම අයිතිය ලබා නොදුන් අපි වරදරකරුවෝ. ඒ වගේම ආත්ම හතක් යනතුරාවට ඇය ළඟ රැඳෙන්න පෙරුම් පුරන, කමෙන්ටුව පලවෙන තුරු එක මාස 7ක්, දවස් 7ක් නෙවෙයි පැය 7ක් ඉවසගන්න බැරි ඇගේ නොඉවසිලිමත් සදාදරණිය පෙම්වතා කියන පරිදි අපි වරදකරුවෝ. ඉතින් ඔබ දෙදෙනා කියන පරිදි වරදකරුවන් වුනු අප අතින් නැවතත් වතාවක් එවන් වරදක් නොවෙන්න අපි වග බලාගන්නම්..මමත්, වර්ණාත්, ප්‍රා අක්කාත් දවල් වරුව අන්තර්ජාලයේ නොරැඳෙන නිසා කමෙන්ට්ස් පබ්ලිශ් කරන්න ප්‍රමාද වීම අපේ අතපසුවීමක් නිසා ඒ වෙනුවෙන් නැවතත් කණගාටුව ප්‍රකාශ කරනවා.

අපි හැමෝම සර්ව සම්පූර්ණ නෑ.. මේ ලියන මම, ගැහැනු ළමයි අපි, කමෙන්ට් කරපු ඇනෝලා, අනිත් බ්ලොග් කියවන අය... අපි මිනිස්සු කවුරුත් සර්වසම්පූර්ණ නෑ.. ඉතින් වැරදීම්, අතපසුවීම්,  අඩු පාඩු අපි කාටත් පොදුයි. මෙතුවක් කාලයට, අවුරුද්දක් පුරාවට මම මේ බ්ලොග් අවකාශෙ කිසිම කෙනෙක්ට මඩ ගහන්න, පහර ගහන්න, නින්දා කරන්න , වෛර කරන්න , තරහ වෙන්න පෙළඹිලා නෑ.. අදටත් එහෙමයි. එදා මෙදා තුර මට හමුවුනු හැම බ්ලොග්කරුවෙක්ටම මම බොහොම ගරු කරනවා. ඒ වගේම සොඳුරුතම මිනිසුන් ඉන්න මේ බ්ලොග් අවකාශෙට මම ආදරෙයි. ගැහැනු ළමයි අපි ආදරෙයි.අපි බ්ලොග් අවකාශයම එකම පවුලක් නෙවෙයිද?. ඉතින් පවුල් ඇතුලේ පුංචි පුංචි ප්‍රශ්න ඇති වෙනවා. නමුත් ඒ හැම ප්‍රශ්නයක්ම විසඳන්න අපි උසාවි යන්නෙ, නඩු කියන්නෙ නෑනෙ? ඉතින් මින් මතුවටත් අපි පුංචි පුංචි ප්‍රශ්න කතා බහ කරලා විසඳගන්න බලමු නේද? 


ප්‍රශ්නයක් වුනාම, දෙයක් වුනාම එක එක්කෙනා හැසිරෙන විදියත් වෙනස්නෙ. ආවේගශීලි වෙන්න පුලුවන්, දුක්වෙන්න පුළුවන්, අඬන්න පුළුවන්, තරහ ගන්න පුළුවන්.. ඉතින් එහෙම වෙලාවකට අපෙන් ගිලිහෙන වචන නිසා, අදහස් නිසා කාටහරි හිත් රිදවීමක්, දුකක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඊයෙත් එහෙම දෙයක් වුනානම්, ඒ පිළිබඳවත් අපේ බලවත් කණගාටුව..

මේ ලිපිය ලිව්වෙ කිසිම වෛරී අරමුණකින්, තරහකින් නෙවෙයි. ඒවගේම අපි නිවැරදියි, අපි අතින් අතපසුවීම් වුනේ නෑ කියන්න නෙවෙයි. ඒ වගේම අනූ වැරදියි කියන්නත් නෙවෙයි.ඇගේ පෙම්වතා වැරදියි කියන්නත් නෙවෙයි.සිදුවුනේ මොකක් නමුත් වැරදි දෙයක්.. ඒ නිසා ඒ වරද නැවත ඇති නොවෙන්න වගබලාගන්න ඕනෙ වගේම , අපි කාගෙ කාගෙත් හිත් වල යම් හෝ වැරදි වැටහීමක් තියෙනවානම් ඒක නැති කරන්නයි ඕනෙ වුනේ.

කණ්ඩායමක් විදියට වැඩ කරද්දි, ඒ කණ්ඩායමත් එක්ක එකට ගලාගෙන යන්න, මුහු වෙන්න අමාරු අය මඟදි හැලෙනවා. ඒක ලෝකෙටම පොදු ධර්මතාවයක්. සාමූහික වැඩ කරගෙන යද්දි පුංචි පුංචි අවුල්, මත ගැටීම් ඇතිවෙනවා. ඒක බොහොම සුලභ දෙයක්. ලෝකෙ ඕනම බැදීමක් ඇතුලේ එහෙම දේවල් වෙනවා.මේකත් එවැනි බොහොම සුළු දෙයක්. ඉතින් කොහොම වුනත් අනූ අපෙන් ගිලිහීම පිළිබඳව කණගාටුයි. නමුත් එයා කියන විදියට, "ගැහැනු ළමයි නිසා , නිකන් මොකටද ප්‍රශ්න දාගන්නෙ කියලා " නිසාත්, ඇගේ යහපත වෙනුවෙන් ඇය ගත්තු තීරණයක් නිසාත් ,අපිට සතුටුයි!!!

අවසාන වශයෙන් පවුල් පන්සල්(ද?) කියන ලිපියට හුඟාක් ස්තූතියි අනූ.. පලවෙනි සහ අවසාන ලිපිය විදියට ලියපු ඒ ලිපියට අපි ඔයාට හුඟාක් ස්තූති කරනවා. අපි කිසිම තරහක් නෑ ඔයත් එක්ක. ඒ වගේම මේ බ්ලොග් අවකාශෙ ඔයා පුලුවන් කාලයක් රැඳෙන්න කියලා සුභ පතනවා.

ඒ වගේම අනූ කිව්ව විදියටම, පන්සලක තියෙන පූජනීයත්වය, ඒ නිසංසල ,පින්බර, දැහැමි ,නිවුනු බව, නිදහස් බව ඔබේ පවුලෙත් රැදේවා කියලා එක සිතින්ම අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා ඔයාට...!! ජීවිතේ හැමදාම, ඔයාගෙ පවුල තුළ තියෙන ඔය ශක්තිමත් බැදීම රැදේවා කියලාත් ප්‍රාර්ථනා කරන ගමන්,

                     ගැහැනු ළමයි අපි, තව තවත් ඉදිරියටම යනවා...

                               ජය වේවා!!





76 comments:

  1. ඇත්තටම ඊයේ මේ සිද්දිය වෙන වෙලාවේ මම හිටියේ ඉන්ටර්නෙට් එන්නවත් විදියක් නැතුව. මේ වගේ වෙලාවක මගේ නංගිලා එක්ක ඉන්න බැරි වුන එක ගැන මට දැනටත් තියෙන්නේ පසුතැවීමක්. හිතූ නංගා කිව්වා වගේ අපි හැමෝම හැසිරුනේ එකම කණ්ඩායමක්, එකම පවුලක් විදියට. හැම තීරණයක්ම ගත්තේ එකට කතාබහ කරලා. ඔය කිසිම වෙලාවක අනූ අපේ සාකච්ඡා වලට සම්භන්ධ වුනේ නෑ තමයි. ඒත් එහෙම වුනා කියලා එයාට වැ‍රැද්දක් කියන්න තරමට මානසිකත්වයක් අපි කාටවත්ම තිබුනේ නෑ. ඒ වගේම බෙදාගන්න බැරුව රණ්ඩු වෙන්න තරමේ දෙයක් මෙතන තිබුනෙත් නෑ. එක කමෙන්ට් එකක් නිසා මෙහෙම වුන එක හිතට ගොඩාක් වේදනාවක්. අපි ටිකෙන් ටික ගොඩනගාගන්න හදන මේ බ්ලොග් එක වැටෙනකන් බලාගෙන ඉන්න කට්ටියක් ඉන්න බව අපි නොදන්නවා නෙවෙයි.. ඊටත් වඩා මේ බ්ලොග් එකට ආදරේ කරන කට්ටියකුත් ඉන්න බව අපි දන්නවා. ඉතින් මොන දේ වුනත් මොන භාධක ආවත් අපි ගැහැණු ළයි පවුල හැමදාමත් එකටයි කියන එක මට විස්වාසයි. මගේම නංගිලා අක්කලා වුන වර්ණා, හිතූ, කුමාරිහාමි අක්කා, පිටස්තරී, බට්ටි , මදාරා ඔක්කොම හැමදේකදිම එකට ඉන්න බව මට විස්වාසයි. මොන දේ වුනත් අපේ ගමන අපි යනවා. බොහොම හෙමින්, ඒත් ස්ථාවරව. එහෙම නේද මගේ කෙල්ලනේ...

    ReplyDelete
    Replies
    1. ප්‍රා..., පිස්සුද නංගි... කවුරුත් මේ බ්ලොග් එකට ආදරේ නෑ.. කවුරුත් මේ බ්ලොග් එක වැටෙනකන් බලාගෙනත් නෑ... ලියන ඔයාලා විතරයි ආදරේ... බ්ලොග් කියන්නේ බ්ලොග්... මේක කියවන අයට මේක වැහුනත් එකයි තිබ්බත් එකයි තවම..... නමුත් වැහුනොත් පාඩුවක් කියන තරමට බ්ලොග් එක ගොඩ දාන්න පුළුවන්නම් අන්න කෙල්ලෝ...

      මුලා වෙන්න එපා.. ලියන උන් තරම් බ්ලොග් එකට වෙන උන් ආදරේ නෑ...

      Delete
    2. අනිවාර්යෙන් අයියේ... වැහුනොත් පාඩුවක් කියන තැනට මේ බ්ලොග් එක ගේන්න අපි පුළුවන් තරම් උත්සාහ ගන්නවා. ගොඩාක් ස්තූතියි.

      Delete
    3. ඔව් අක්කී, අපි පුලුවන් විදියකට මේක ලියමු... අපි දන්නවානෙ අපේ හිත් වලින් , කාටවත් වරදක් කරන්න අපි හිතුවෙ නැති බව..:)

      අභීත අයියාගෙ කතාවෙත් ඇත්තක් තියෙනවා.. ලියන උන් ඇරෙන්න වෙන අයට ඒ ගැන හැඟීමක් නැති වෙන්න පුලුවන්...:)

      Delete
  2. 1. හොඳ වැඩක්

    2. බ්ලොග්වල තමන්ගෙ අය අතරෙ යන ප්‍රශ්න වලට පිළිතුරු ලිපි ලිවීම ප්‍රශ්ණය තවත් වවාගෙන කෑමක්....

    3. තමන් කැමති තීරණ අරගෙන යන ය ගියාවේ.. ඉන්න අය උන්නාවේ...

    4. අසඹ්හ්‍ය වචන වලට බියනම් බ්ලොග් ලියන එකේ තේරුමක් නෑ...

    තවත් ගොඩාක් දේවල් කීවැකි.... ඉස්සරහට බලමු නංගිලා.....

    ReplyDelete
    Replies
    1. ඔය කතාව මේ ගෑනු ළමයි ටිකට කියනවට වඩා මුලින් ඔයාගේ යාලුවට කියලා තේරුම් කරලා හිටියනම් හොදයි නේද අභීත අයියා. ඔය යාළුවා ලියලා තියෙන්නේ අපුරුවට මොඩරේට් කිරිල්ල ගැන. http://r4ng4.blogspot.com/2012/01/blog-post_31.html

      Delete
    2. අභීත අයියා- හ්ම්ම් කරුණු 4ම ඇත්තක් නැත්තෙම නෑ.. ඒත් 4වෙනි එක අයියේ අපි විතරක් කරන දෙයක් නෙවෙයිනෙ... හුඟාක් අය කරනවා..කොහොම වුනත් බ්ලොග් ලෝකෙ ප්‍රවීන, ජේෂ්ඨ ඔබතුමා වගේ කෙනෙක්ගෙ උපදෙස් අලුත් අපිට වටිනවා.. හුඟාක් ස්තූථියි...:)

      Delete
    3. අභීත අයියා කියපු දෙවෙනි කාරනාව මාත් අනුමත කරනවා..

      Delete
    4. හෙහේ.... මේ ලක්ස කෝටි ගානක් ආසවල්, අයිතීන් කියාගෙන නැහෙන්න හදන ලෞකික හිත් වැඩ කරන විදිය උඹටවත් මටවත් 100%ක් තේරුම් ගන්න හම්බෙන්නෙ නෑ අභීතයියෙ!!!

      Delete
  3. එකායි !!!!!!
    මේ මම එක කියල නෙමේ.. එකෙක් ගියා.. කියන්න..

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ..ඇල්වින් අයියාට තියෙන සතුට.. :P

      Delete
  4. නියමයි. කියන්න ඕන දේ කියලා තියෙනවා.
    මොන ප්‍රශ්න ආවත් අපි හැමෝම එකටම ඉන්නවා. කව්රු වට්ටන්න ආවත් වැටෙන්නේ නැහැ අපි.

    ReplyDelete
  5. අපි මේක පටන් ගත්තේ අතරමග නතර කරන්න නෙවෙයි. බ්ලොග් කියවන අයට යමක් දෙන්න. අපිට පුළුවන් ඒ දේ කරන්න.
    අනූ පුද්ගලික හේතුවක් උඩ ගියා. එච්චරයි. මොන ප්‍රශ්නේ ආවත් අපි හැමෝම එකටයි ඉන්නේ.කවද හරි දවසක මේ බැදීමේ ශක්තියෙන් අපි ගෑනු ළමයි ‍බ්ලොග් එක සයිබර් අවකාශේ ඉහලටම ගෙනියනවා..

    ReplyDelete
    Replies
    1. ඔව්.. අනූ එයාගේ ආදරේ වෙනුවෙන් නෙ එහෙම කලේ... ඒක ඉතින් වෙන්න තිබුනු දේ...ඉස්සරහට වෙන දෙයක් ගැන අපි බලමු!!!

      Delete
  6. මම ඔය අදාළ පෝස්ට් එකවත්, ඉවත්වීම යන පෝස්ට් එකවත් තවම නුදු‍ටුවෙමි.

    මොකක් උනත් මම මෙහෙම කියන්නම්, අනූ අයින් වුනානම් ඒක අපරාදෙ, නමුත් ඒක එයාගෙ කැමැත්ත.
    හැබැයි නංගලා, බ්ලොග් එක කියන්නෙ තමන්ගෙ හැමදේම නෙවෙයි. කිසිම ප්‍රශ්නයක් ඔය හැටි ගනන් ගන්න ඕනෙ නෑ...

    ජය !!!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්.. ඇත්ත අක්කෝ... ප්‍රශ්න වලට මීට වඩා මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න තිබ්බා.. අපි හැමෝටම..:)

      Delete
  7. ඉදිරියටම යන්න.ගැහැණු ළමයි බිමටම හෙලන්න එක එක පිරිමි වෙස්මුහුණු මතුවේවි.සැලෙන්නෙපා.මේක වැහුනොත් ගැහැණු ළමයින්ට වඩා පිරිමි ළමයින්ට දුක් හිතෙන තරමට ගොඩනැගෙන්න ජය පතනවා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ස්තූතියි මල්ලියෝ...:)

      Delete
  8. අනේ යන්න නංගිල යන්න. ඔයාලා ගෑනු ළමයිගේ හිත් මල් වගේ කියලා නේද කිව්වෙ? ඇයි එහෙනම් ඔයාලම එකතුවෙලා එක මලක් තලලා විසික්කරල දැම්මෙ?

    ReplyDelete
    Replies
    1. අපි එහෙම කලේ නෑ අයියේ.. ඒත් අපි හැමෝගෙම එක එක අතපසුවීම් මත කතා බහ කරලා විසඳගන්න තිබ්බ ප්‍රශ්නයක් දුර ගියා විතර්යි..

      Delete
    2. අපිද අයින් කලේ? එයානේ ගියේ රටටම කියලා :පි

      Delete
  9. සුභ පතනවා ඉදිරියට මේ වගේ නොවී සහයෝගෙන් යන්න ලැබෙන්න කියලා...

    ReplyDelete
  10. මම කලින් දාපු කොමෙන්ටුව මොඩරේට් කරලා. කමක් නෑ. ප්‍රා දන්නවා මම තරහ වෙන්නෙ නෑ කියලා.

    අභීත,

    මම ඇත්තටම ආදරෙයි. ටිකක් ගොඩක් හිනාවෙන අඬන භේදයක් නැතුව හිතට වදින හැම දේටම... හැම කෙනාටම... ඒක වෙන කාටවත් වැඩිද අඩුද ලිව්වෙ කවුද කියන එක මට අදාල නෑ.

    ඔහොම යං... ඔහොම යං...

    ReplyDelete
    Replies
    1. අයියා දාපු කමෙන්ට්ස් ඔක්කොම පබ්ලිශ් කලානෙ :O

      Delete
    2. මට පොඩ්ඩක් පැහැදිලි මදි.. මල්ලි පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද?

      Delete
    3. අභීත,

      අපි ආදරය කරන්නෙ අපිට. අපි කවුරුවත් එහෙම නෑ කියනව නම් ඒක බොරු. අපි වෙන කෙනෙකුට ආදරය කරන්නෙ ඒකෙන් අපිට යම් දෙයක් ලැබෙන නිසා. හිතට සහනය, තනිකම මැකීම, රැකවරණය වැනි ආධ්‍යාත්මික දෙවල් වගේම භෞතික ආසාවන් අපේ හිතට ගතට ලැබෙනතාක් අපි අනික් අයට ආදරය කරනවා.

      බ්ලොග් එකක් ලියන්න, විශේශයෙන්ම වල් පල් නැති නිර්මාණයක් කරන්න නම් අපි ඒකට හිතෙන්ම යොමුවෙන්න ඕන. ඉතින් අපි ඒ නිර්මාණයට ගොඩක් ආදරෙයි. මොකද අපේ හිතට ගොඩක් ලඟ නිසා. මම බ්ලොග් එකක් ලියන්නෙ නැත්තෙත් ඒ නිසා. මොකද ඒ අවශ්‍ය මානසික කැපවීම කල නොහැකි නිසා.

      ඒත්, වෙන කෙනෙක් කල නිර්මාණයක් අපිට මුළු හිතෙන්ම විඳින්න බැරිද? ඒකම වෙනස් වචනයෙන් කිව්වොත් අපිටත් ඒ ලියපු කෙනා වගේම ඒකට ආදරය කරන්න බැරිද?

      Delete
    4. සමාවෙන්න උත්තරය පරක්කු උනාට මල්ලි.... ඔයාගේ කථාව ඇත්ත... අ[ඉට නිර්මාණයකට වගෙම නිර්මානකරුටත් ආදරය කරන්න පුළුවන්.. ඒත් හුටස් ගාල නෙමෙයි.... හොදම උදාහරනේ දෙන්නම්... බුද්ධිගේ හා සඳරුගේ බ්ලොග් බලන්න.. අපි ඒවාට ආදරය කරනවා... ඒවා වැහුනොත් අයියෝ කියලා හිතෙනවා... ටැබූ නැති අඩුව තාමත් දැනෙනවා කියලා කියනවා.. ඒත් ඒවා කියන්නේ එක ලිපියකින් නෙමෙයි.. සමස්ථයක් විදිහට අරගෙන... මම අදහස් කරන්නේ ඒකයි... නැතුව මේ බ්ලොග් එක වැඩක් නෑ කියන එක නෙවෙයි.. මගෙ බ්ලොග් එකෙත් එහෙම චාටර් ලිපි තියෙනවා.. මිනිස්සු ආදරය කරන පෝස්ට් තියෙනවා... ඒක විවිධයි...

      තේරුනාද දන්නේ නෑ.... :D

      Delete
  11. ගහාක අත්තක් හුළගකට කඩාගෙන වැටුනට ගහා මැරෙන්නෙ නැ.... නැතුවුන අත්ත වෙනුවට අලුත් අත්තක් ලියලාවි.....
    ගැහැණු ළමයි කියන ගහෙත් අත්තක් කඩන් වැටුනා එත් ගැහැණු ළමයි කඩන් වැටුනෙ නැ... වැටෙන්නෙත් නැ.....

    ReplyDelete
  12. ප්‍රශ්න හැමෝටම ඇති වෙනවා. ඉතින් එහෙම වුනාම සමහරුන්ගේ හිත් රිදෙනවා. හැමෝම මීට වඩා පොඩ්ඩක් හරි හිතනවානම් ප්‍රශ්න වලින් ටිකක් හරි බේරෙන්න, මගාරින්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඒක තමයි පැතුම්!!! මෙතන ප්‍රශ්නෙ ඇතුවුනු අපි අතරට තවත් පාර්ශව ඇවිල්ලානෙ..:)

      Delete
  13. මෙකනම් බීලා විසදන්න ඕන ප්‍රශ්නයක් වගෙ

    ReplyDelete
  14. ගෑහැනු ළමයි අළුත් වැඩක් අළුත් සංකල්පයක්...
    ප්‍රශ්ණ කප්පරක් ආවත්..
    නවත්තන්නනං එපා
    ජය වේවා ඈ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරියා.. ප්‍රශ්නයක් ඇතිවුනාම, වටින්නෙ මෙහෙම කමෙන්ට්ස්!!!

      Delete
  15. ළිව්වොත් කියවනව මිසක් ඔවට ආදරෙ කරන්නෙ කව්ද

    ReplyDelete
  16. ම්ම් ප්‍රශ්නයක් වෙලා වගේ... විශ්වාසය අවබෝධය ගැන කතා කරපු පෝස්ට් එකකින්ම විශ්වාසය බිඳිලා ගිහිල්ලා... මොනවා උනත් ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව , ප්‍රශ්න දුර දිග ගෙනියන්නේ නැතුව ඉන්න එක තමා වැදගත් අර මහී කියනව වගේ ගහක අත්තක් කඩන් වැටුනට ගහ මැරෙන්නෙ නැහැනේ

    ReplyDelete
    Replies
    1. නෑ.. එහෙම දෙයක් වෙලා නෑ අක්කි..අනුයි එයාගෙ බෝයි යි හොදින්.. :) අපේ බ්ලොග් එක දාලා එයා ගියේ ආදරේ වෙනුවෙන්...

      ප්‍රශ්නෙ වුනේ තවත් තුන්වෙනි පාර්ශවයක් මැද්දට පැනලා ප්‍රශ්නෙ දුර ගිය එකයි...

      Delete
  17. එක දෙයක් ගැන විතරක් කියන්නම්.
    //විවිධ මානසික මට්ටම් වල විවිධ අය බ්ලොග් කියවන නිසාත්, කමෙන්ට්ස් ලෙස සමහර කියවන්න පිළිකුල් ,අසභ්‍ය වචන ලැබෙන්න ඉඩකඩ තිබෙන්න පුලුවන් කියා උපකල්පනය කල නිසා.//
    මෙහෙම හිතුවට එච්චරම අවුලක් නෑ. ගෑල්ලමයි ලියන බ්ලොග් වලින් වැඩිම කොමෙන්ටු වැටෙන පොඩි කුමාරිහාමිගෙ බ්ලොග්එකේ මොඩරේට් නෑ.
    හුඹස් බිය!

    ReplyDelete
    Replies
    1. කමෙන්ට්ස් වැටුණු නිසයි මොඩරේට් කලේ. බයට නෙමෙයි. එකෙන් ලියපු කෙනා අපහසුවට පත්වෙන නිසා. හැමෝම එක වගේ නැහැ වගේමයි හැමෝම හිතන විදියත් වෙනස්

      Delete
  18. හිතුවක්කාරී, තරහ වෙන්න එපා කිව්වට. ඔයා මේ ලිපිය ලියලා තියෙන්නේ අනුත් එක්ක කිසිම තරහක් නෑ, අපේ ගමන අපි යනවා කියලා කියන්න උනත් මතුපිටින් පේන ඒ අර්ථයට වඩා ගැඹුරු උපහාසයක්‌ ලිපිය ඇතුලේ හැංගිලා තියනවා.

    තනියම හිතලා බලන්න මම කියන්නේ බොරුද කියලා. අන්තිමට ලොකු අකුරෙන් ලියල තියන ටිකෙන් ඒක හොඳටම දැනෙනවා....

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් මෙහෙමයි, මම ඇත්තටම තරහකින් නම් ලිව්වෙ නෑ.. මට තිබ්බෙ දුකක්, කලකිරීමක් ..මේ ලියමනෙන් මම උත්සාහ කලේ කවුරුත් වැරදියි කියන්න නෙවෙයි.. සිද්ධ වුනු දේ වෙනුවෙන් සමාව ඉල්ලන්නත්, කණගාටුව ප්‍රකාශ කරන්නත්...

      ඔයා අන්තිමට ලියපු ලොකු අකුරු වල උපහාසයක් දකින්නෙ ඇයි කියන්න මම දන්නෙ නෑ.. අනූගෙ ලිපියෙන්ම අරන්, එයාගෙ ආදරේ වෙනුවට "පවුල" කියලාම දාලා ලිව්වෙනම් නිකමට. මොකද එයා බ්ලොග් එක අතෑරලා ගියේ එයාගෙ සම්බන්ධෙ රැකගන්න ඕනෙ නිසා..මම එයාගෙ වචනෙන්ම පවුල කිව්වා. ඒක උපහාසයකට නෙවෙයි ලිව්වෙ..

      ඇත්තටම මමනම් පෞද්ගලිකවම මේ බ්ලොග් අවකාශේ කිසිම කෙනෙක් එක්ක තරහා නෑ.. ප්‍රශ්නයක් ඇතිවුනත් අපි ඒවා විසඳගත්තා. අනූ එක්කත් මගේ කිසිම තරහක් නම් නෑ...:) එහෙම තරහක් තිබුණානම් මම මෙහෙම කණගාටු වෙලා, සමාව ඉල්ලලා ලිපියක් ලියන්නෙත් නෑ...

      Delete
  19. කමෙන්ට් එකක් නිසා ගියපු දුර. අම්මෝ එහෙම කොල්ලෙක් මගේ ජීවිතේටම දෙකයි දැක්කේ.

    ඇවිලෙන ගින්නට පිදුරු දැමීම දුටුවා....

    ඌරා කැකුණ තලද්දී හබන් කුකුලට මගුල්ලු. ඒකත් දුටිමී.

    ReplyDelete
    Replies
    1. //ඇවිලෙන ගින්නට පිදුරු දැමීම දුටුවා....

      ඌරා කැකුණ තලද්දී හබන් කුකුලට මගුල්ලු. ඒකත් දුටිමී.//


      ++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  20. මම නං දැක්කා ඔක්කොම පෝස්ටු... අනේ මන්දා ඉතින්..

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජාටනම් නෝ ප්‍රොබල්ම් නෙ?? අන්තඃපුරයක්ම ඉන්නවානෙ..:p හික්ස්ස්...:D

      Delete
  21. අනේමන්ද මොනවා කියන්නද කියල දුකය්,
    කලකිරුණා :(

    ReplyDelete
  22. ගින්න බලන්නත් ගියා. එතනින් ගොඩක් දේ ඉගනගත්තා. පුද්ගලික ප්‍රශ්නයක් නිසා කමෙන්ට් කලේ නෑ, ඒ නැතත් එතන කමෙන්ට් කරන්න දේකුත් තිබ්බේ නෑ.

    අසරණයා කිව්වා වගේ ඌරෝ කැකුණ තලනවාත් හබන් කුකුලෝ ආතල් ගන්නවාත් දුටුවා.

    ඇත්තෙන්ම ඒ පොස්ට් එකවත් මේ පොස්ට් එකවත් කියන දෙකෙන් එකක්වත් පල කල යුතු දෑ නෙවෙයි.

    ඒත්, ඔයාලගේ බ්ලොග් එක ඔයාලා කැමති විදියට ලියන්න. එකේ අභ්‍යන්තරය පිටට පෙන්න දෙන්න එපා. ඒක කැතයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.. ඇත්ත අයියේ!! මටත් ටිකක් පහු වෙලා තේරුම්ගියේ... දැන් ප්‍රමාදයි.. ආයෙත් මෙහෙම අතපසුවීම් නොවෙන්න වග බලාගන්නවා..:)

      ස්තූතියි!!

      Delete
  23. බෝතලයක්ම බී විසදුමක් දෙන්නම්කො ඉතාකන් තව ලියන්න ......... :D

    ReplyDelete
    Replies
    1. :D හික්ස්ස්.. වැඩිය බොනන් එපා.. මද පමනින් ගන්න..;)

      Delete
  24. අනේ මෙයාලගේ මළ සමයන්. රට පෙරට ගෙනියන්නද බ්ලොග් ලියන්නේ? "ගෑණු අපි හරියට මල් වගේ" කිව්වට මෙයාලා තරම් බෙලි කපාගන්න එවුන්න් නෑ අපේ ෆීල්ඩ් එකේවත්.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ෆීල්ඩ් එක මොකක්ද දන්නේ නැහැ නේද?

      Delete
    2. ඔහේගේ ෆීල්ඩ් එකේ කොහෙද හලෝ ගෑණූ?? දෙකටම නැති එවුන් තමා බහුතරයක් ඉන්නෙ.. ඔහේ වගේම.. රට නෙවෙයි තමන්ගෙ පවුලවත් හදාගන්න බැරි එවුන් ඉන්න ඔහේගේ ෆීල්ඩ් එක ගැන මොන කතාද යකෝ...

      Delete
  25. මේවට ගොඩක් දේවල් කියන්න පුළුවන්.. ඒත් නංගිලා මම නිහඩව ඉන්නම්.. කලින් වතාවේ වගේ නිකන් ප්‍රශ්ණ වලට මගේ නම ගා ගන්න බෑනේ..

    කොහොම උනත් ඔයාලා දිගටම ලියන්න.. ප්‍රශ්ණ ඔයාලා අතරෙම කතා කරන්න.. ඒවා පිටට දෙන්න එපා..

    ReplyDelete
    Replies
    1. හුඟාක් ස්තූතියි අයියේ!! ඔව්, නිකන් අනුන්ගෙ ප්‍රශ්න වලට පැටලිලා තවත් ප්‍රශ්න වැඩි කරගන්නවාට වඩා ඔහොම නිශ්ශබ්ධව ඉන්න එක හරි :)

      Delete
  26. කොහොම උනත් මේ සුළු ප්‍රශ්නය නිසා, හොඳින් හෝ නරකින් ගැනු ළමයි බ්ලොග් එකට හොඳ ප්‍රකටත්වයක් ලැබි තිබෙනවා. අනු ඇතුලුව ඔයාලා හැමොගෙම පෞද්ගලික බ්ලොග් ගොඩාක් කැමැත්තෙන් කියවන මම ඔයලා හැමෝම එකතුවෙලා නඩත්තු කරන මේ ගෑනු ළමයි බ්ලොග් එකට ඉතාමත්ම ගෞරවය කරමි. ඔය වගේ සුළු සුළු ප්‍රශ්න අඩු පාඩු හදාගෙන ජය මාර්ගය හරහා යමු ඉදිරියට. All the best for all you (anu , prarthana , hithu , kumarihami , batti ,madara ,varna , mahi & pitasthari):))

    ReplyDelete
    Replies
    1. හි හි.. ඔව්නෙ... ;) ෆාතිමාට විතරයි ඒක පෙනුනෙ.. මේ ප්‍රශ්නෙ නිසාම කවදාවත් අපේ බ්ලොග් එකට ආපු නැති අය කීදෙනෙක් ඇව්ත්ද?? අපිට උපදෙස් දෙන්න, බනින්න, ඇනෝලා කොච්චර ඇවිල්ලාද? :D

      හිට්ස් කමෙන්ට්ස් එහෙමත් වැඩිවෙලා... ගැහැනු ළමයි හොදට හරි නරකට හරි... ප්‍රසිද්ධ වුනා.. පෙරළුනු පිට හොදයි කියනවානෙ.. යංකෝ දිගටම..

      ස්තූතියි කෙල්ලෙ...:*

      Delete
  27. බ්ලොග් ලියන කොට..එක එක සිදුවීම්..හිත් තැවුල්..මඩ ගැසීම් වලට මුහුන දීම්...වගේ දේවල් වෙනවා..ඒක සාමාන්‍ය දෙයක්..ඒත් ඒවා ප්‍රසිද්ධ නොකර..අනිත් අයගෙ හිනාවට ලක් නොකර(මම කිව්වෙ ඊරිසියාවෙන් කුහක කමින් මඩ ගහන්න බලාගෙන ඉන්න අයගෙ.)හෙමින් විසඳ ගන්න ඕනා...
    ඇයි මීට කලින් කට්ටිය කොමෙන්ට්ස් දානකොට එවෙලෙම පළ උනාද??මේකද ප්‍රමාද උන පලමු අවස්ථාව..??

    ReplyDelete
    Replies
    1. ඇත්ත!!!

      හැබැයි ඔය ඇත්ත.... සමහරුන්ට..... තිත්තයි......

      Delete
  28. අනන්ත ප්‍රශ්න එනව..
    ඒ හැටි.

    ඔයාල වැටෙන්න එපා.

    දිගටම ලියන්න...........
    මමත් තවමත් අලුත්..

    සුබ පතනව හදවතින්ම මේක ලියන අක්කියාලාට සහ නංගියාලාට!

    ReplyDelete
    Replies
    1. හුඟාක් ස්තූතියි යාලු!!! ඔයාලා වගේ මනුස්සකම් ඇති අය, මේ බ්ලොග් ලෝකෙට විතරක් නෙවෙයි.. ලෝකෙටම වටිනවා...:)

      Delete
    2. ස්තුතියි හිතූ..
      මම ජීවිතේ අනන්ත ඔය වගේ ප්‍රශ්න වලට මූන දීල තියෙනව.ඒවලින් හිත රිදෙන හැටි මම හොඳට දන්නව..

      දිගටම ලියන්නකො!

      Delete
    3. :) ස්තූථියි ආයෙම වතාවක්!!!

      Delete
  29. ගොඩක් පිරිමි අයගේ අදහස ගෑනු ලමයින්ට එකට එකතුවෙලා කාලයක් වැඩ කරන් යන්න බෑ කියලයි. ඒත් එහෙම නෙමෙයි කියන එක අපි දන්නවා. ප්‍රශ්න එන එක සාමාන්‍ය දෙයක් සාමුහික දෙයකදී. අනුගේ පෙම්වතා ගැන මම දන්නේ නෑ.ඒත් මමත් එහෙම කෙනෙක් ගැන දන්න නිසා ඒකට අනුට අපි සමාව දෙමු. සමහර පිරිමි අය හරිම ආත්මාර්ථාකාමියි එයාලා හිතන්නේ එයාලගේ පෙම්වතිය එයාගේ යටත් වැසියෙක් කියලා. ඒකයි මෙතනත් සිද්දවෙන්න ඇත්තේ. මමත් අනුගේ අත්දැකිමට මුහුන දීලා තියෙනව. කොහොම උනත් අපි සහෝදරියො අතරේ ලොකු ප්‍රශ්නයක් නෑ. අපි පටන් ගත්ත වැඩේ කරන් යනවා.

    ReplyDelete
    Replies
    1. //එයාලා හිතන්නේ එයාලගේ පෙම්වතිය එයාගේ යටත් වැසියෙක් කියලා//

      මේක නම් ඇත්ත.මේ වගේ සිදුවීම් නිසා මගේ හොඳම යාලුවො කීප දෙනෙක්ම මට නැති වුනා.
      ඒත් මම නම් හිතන්නෙ නෑ එහෙම හිතන කොල්ලෙක් එක්ක කෙල්ලෙකුට ලස්සනට ජීවත් වෙන්න පුලුවන් කියල.
      අනූගෙ සිද්දිය ගැන මම දන්නෙ නෑ.ඒක මට අයිති දේකුත් නෙමෙ.මම දැක්ක දේවල් වලිනුයි මම කිව්වෙ..

      Delete
  30. කාගෙකින් බ්ලොග් අවකාශෙට ආවේ...

    මේ කියන පොස්ට් එක දැක්කා.

    හැමෝම තමන්ගේ අදහස් කියද්දි මම එක දෙයක් කියන්නම්

    මේ පොස්ට් එක හිතූ ලියපු ක්‍රමය හා ස්වරය බොහෝදුරට හරි.. ඔයාලාගේ සාමාජිකාවෝ(ඇතැම්) අනූගේ බ්ලොග් එකේ කමෙන්ට් කරපු විදියත් එක්ක...

    හිතූ ගැන සතුටුයි නැතට සුදුසු විදියට කතා කරන්න එයා දන්නවා කියලා එයා ඔප්පු කලා

    ජය!!

    ReplyDelete
    Replies
    1. කාලෙකින් වුනත් සාදරෙන් පිලිගන්නවා..:D

      මුලින්ම හුඟාක් ස්තූතියි අක්කෙ!! එක එක්කෙනාගෙ එක එක අදහස් මැද අක්කාට හිතුනු දේ කෙලින්ම කිව්ව එක ගැන ස්තූතියි!!! :)

      හැම කෙනාම එක වගේ නෑනෙ අක්කෙ. මිනිස්සු එක එක අවස්ථා වලදි හැසිරෙන හැටි, ප්‍රශ්න වලට මූන දෙන හැටි, ඒවා විසඳන හැටි වෙනස් තමා. අඩුපාඩු, දුර්වලකම් කාගෙත් තියෙන්න පුලුවන්.. ආවේගශීලි වුනාම, තරහා ගියාම,කලබල වුනාම අව්ස්ථාව අමතක වෙන්නත් පුලුවන් නේද? මිනිස්සුන්ගෙ ස්ව්භාවයනෙ :) කාටත් පොදුයි ඕක මං හිතන්නෙ..

      මම මෙහෙම ලිව්වෙ හැමෝගෙම හිත් වල තියෙන වැරදි අදහස(එහෙම දෙයක් තියෙනවානම්) නැති කරන්න හිතාගෙන.. ඒකෙන් යහපතක් වුනානම් සතුටුයි..:)

      අක්කාට ස්තූතියි!! ජය වේවා!!!

      Delete
  31. ලොකු ප්‍රශනයක් නෙමෙයි... වවාගෙන කන්න ඕනත් නෑ... වෙච්ච දේ කිවුව නම් එච්චරයි...
    ලියන අය ඒක සාධාරණද නැද්ද කියල කතා කරන එක තේරුමක් නෑ...

    ආදරේ වැඩි උනාම කොල්ලො එහෙම තමයි.. මොක කලත් එයා කවද හරි බඳින්න ඉන්න කෙල්ල නෙ..
    අනූ ට වරද තේරෙන්නත් ඇති... ඒත් ආවේගශීලී වැඩ්යි නෙ..
    කෝම හරි කමක් නෑ.. වෙච්ච දේ දන්නවනෙ... ඒ ඇති...
    මේ වගෙ පොඩි පොඩි දේවල් වලට මෙච්චර දිග පෝස්ට් ලියන්න ගියොත් එහෙම.. පික්සු හැදෙයි...
    :ඩී

    ---ජය---

    ReplyDelete

අපේ සිනිඳු හිත් වල හයියට, මොනා හරි කියලා යන්න... ඔයාලාගෙ ශක්තිය හුඟාක් වටීවී....