Tuesday, July 3, 2012

හොද ළමයෙක් වෙන්න දුවේ.....01



බට්ටි මහ හුගක් ආදරේ කරන පොතකින් තමයි,මේ අද බට්ටි ලියන දෙවෙනි පොස්ට් එක සරසන්නේ. ඒ පොතේ හැම අකුරක් අකුරක් ගානෙම තියෙන්නේ ගැහැනු ළමයින්ට වැදගත් දේවල්.ජීවිතේට, අනාගතේට ගැහැනු ළමයෙක්ට හුඟාක් වටින කරුණූ ගොඩාරියක් ඒ පොතේ අන්තර්ගත වෙලා තියෙනවා.

ගැහැනු ළමයෙක් හදලා සමාජයට දෙනවයි කියන්නේ මුළු රටක්ම ගොඩගත්තා කියන එකයි." තොටිල්ල පදවන අත ලොව ආණ්ඩු කරයි" කියලා කියමනකුත් තියෙනවනෙ. ඉතින්,ගැහැනු ළමයින්ගේ ප්‍රාර්ථනා මල් ඵල ගන්වන්න ,මේ උපදෙස් ටික වැදගත් වෙයි කියලා බට්ටි හිතනවා.

1. ඔබ ස්වභාව ධර්මයට එකතුවෙන්න
උසට වැඩුනු ගස් කොලන් ..... පෙරී එන පිරිසිදු වාතය ..... නිල් තණබිම් ..... කදුහෙල් , මිටියාවත් , පිපී විකසිත වන මල් ..... පෙතිවල රැදෙන පිණිබිදු ..... සිහින් හිරු රැස් ..... අහස උසට නැගෙන සිහින දුමාරය .... ගලා යන තුෂාරය ..... ශිත පින්න ..... මේ හැම දේකින්ම ඔබේ ජීවිතය වර්ණවත් කරන්න. ඔබට අධ්‍යාත්මික සුවය ලඟාකර ගැනීමටත් සිතට එන පීඩනය අවම කර ගැනීමටත්, මානසික විවේකය ලබා ගැනීමටත්, මේ හැම දෙයක්ම ඉවහල් වෙන බව සිතට ගන්න.


2. ජීවිතය දෙස මේ කරුණු තුලින් එබී බලන්න
කහපාට වෙන විට , ඉදුනු ගෙඩි, ගස්වල කොල , බිමට හැලෙන බව.
සිහින් පින්න බිමට වැටී නොපෙනී යන බව.
ලස්සන රෝස මල් පෙත්තක හිමිදිරියේ වැටුනු පිනිකැටය දියවී යන බව.
කවුළුව අද්දර ඊයේ පිපුනු ලස්සන මල හෙටකදී පරවී යන බව.
ආදර හැම කෙනෙක්ම , හැම දෙයක්ම , කවදා හෝ අපෙන් ඈත්වන බව.


3. යථාර්ථය දකින්න පුරුදු වෙන්න.
අප මුහුදු වෙරළේ ගමන් කරන විට දකින සුදුවන් පෙණ පිඩු සහිත රළ අතට ගත්තොත් ,අතෙහි ඉතිරි වන්නේ වතුර පමණක් බව.
ඈතදී දකින ගිණි වළල්ලේ ඇත්තේ වළල්ලක් නොව, ගිණි පෙනෙල්ලක් බව
හැම දෙයකම , හැම ගැටළුවකම පෙනෙන පැත්තට වඩා යථාර්ථවාදීව නොපෙනෙන පැත්තක් ඇති බව.


4. ජීවිතය ජීවත් කරවන්න, එය ගගක් සේ ගලා යාමට ඉඩ දෙන්න.
මනුෂ්‍ය ජීවිතයක වටිනාකම තක්සේරු කරන්න බැහැ. අංග විකල නොවූ (ඇස්,කන,අත පය , මනස) ජීවිතයක් ලබාගන්න , අපි මොනතරම් පින් කරන්න ඕනද? ඒ නිසා ඒ වගේ වාසනාවන්ත ජීවිතයක් ලැබූ අපි ඒ ජීවිතය රැකගන්න කොයිතරම් මහන්සි විය යුතුද? කැපකිරීම් කල යුතුද ? අන්න ඒ ටික හිතට ගන්න. ඒ නිසා ඒ වගේ වටිනා ජීවිතයක් විනාශ කරන සියළුම ප්‍රවේගකාරී බලවේගයන්ගෙන් ඈත්වෙන්න. සියළු බාධක ජයගෙන පහලට බැස යන ගඟක් සේ ජීවිතයට ගලායන්න ඉඩදෙන්න.

5. ජීවිතය සුන්දරය
සුන්දරත්වය හැම විටම ජීවිතයට එක්කර ගන්න. එය කවුළුව අද්දර සිට ශිත කදුකරය දෙස බලමින් සෙමින් සෙමින් තොල ගාන පළතුරු යුෂ බදුනක් සේ සිතා සියමු මිහිරකට එක් කරන්න. ජීවිතය මිහිරි ගීයක් සේ සලකා හැකි හැමවිටම ආසාවෙන් ගයන්න. 


6. අසුබවාදී සිතුවිලි සිත තුලින් ඈත්කර දමන්න.  
ක්‍රෝධය , දේවේශය , මෝහය , තණ්හාව අපේ සිත ලෙඩකරන විෂබීජය. මේ විෂබීජ‍ බොහෝ දුර‍ට අපේ සිත තුල පහල කරන්නේ විෂමාචාර සිතුවිලිය. එහෙයින් , අප යුද්ධ වැදිය යුතු සතුරන් සේ සලකා මේ විෂබීජ තුරන්කර දැමීමට සටන් කරන්න.

7. දවසේ වැඩ ඉතා උනන්දුවෙන් , උද්යෝගිමත්ව පටන්ගන්න
එවිට ඒ සියල්ල ආසාවෙන් කෙළවර කළ හැකිය.
අද දවසේ වැඩ සියල්ල අදම ඉටුකරන්න.
නිදහසට කරුණු දක්වනවාට වඩා එය කෙතරම් අගනේදැයි නිතරම සිතන්න.

8. ඔබ කරන හැම ක්‍රියාවකටම වටිනා තක්සේරුවක් දෙන්න
පළමුව පොත් මේසය අස්කරන්න.
දෙවනුව කාමරය අස්කරන්න.
ඔබ කරන දෙයක ප්‍රතිඵලය හැකි සැමවටම හොද නරක දෙක තුළින් තක්සේරු කොට හොද දේ ජීවිතයට එකතු නරක දේ තුළින් තව තවත් පාඩම් ඉගෙන ගන්න.
ජය පරාජය දෙකටම එකසේ නොසැලී මුහුණ  දෙන්න. ජයග්‍රහණයේදී අත්පුඩි සලන්න. පරාජයේදී තවත් එක් පාඩමක් ඉගෙන ගෙන එයද ජය මාවතක් වෙත යොමු කරන්න.

9. සැමවිටම ඔබ , ඔබ ගැනම විශ්වාසය තබන්න.
ඔබට කල නොහැකි දෑ ගැන සිතනවාට වඩා ඔබට කල හැකි දෑ ගැන සිතන්න. එසේම කිසිදාක නොවෙන දේවල් ගැන සිතමින් අහස් මාලිගා තනනවාට වඩා සැබෑ ලෝකය මත පුංචි ගෙයක් හෝ තනන්න උත්සාහ ගන්න.


10. අන්‍යයන්ගේ අදහස්වලට ඇහුම්කන් දෙන්න.
ඔබ දේශකයකුවීමට සිතන්නට කලින් ජනප්‍රිය අසන්නෙකුගේ තත්වයට පත්වෙන්න. ඔබ වඩාත් හොදින් අසන්න. ඔහු / ඇය වඩාත් ඔබගේ ජීවිතයට ලංවන බව සිතන්න.


11. ඔබට සතුරන් ඇති බව නිතරම සිතන්න
මෙම සතුරන් වඩාත්ම අරක්ගෙන සිටින්නේ ඔබගේ සිත තුලම බව වටහාගන්න. උදාසීනත්වය, අලසකම . වැඩ කල්දැමීම , මෙම සතුරන් අතර සිටින ප්‍රධාන සතුරන් බව බුද්ධියෙන් වටහා ගන්න.


12. ඔබට වේදනාවක් දැනු‍නහොත් , දුකක් දැනුනහොත් දෑසින් කදුළු හැකිතරම් පිටකරන්න.
වේදනාව හදවත තුලත් , සිත තුලත් තෙරපාගෙන සිටීමෙන් ඇතිවන පීඩනය ඔබගේ මුළු ගමත රෝගී කිරීමට හැකි බව නිතරම සිහියට නගාගන්න. වේදනාව තුනීකර ගැනීමේ හොදම ඖෂධය වන්නේ කදුළුය. එසේම එම වේදනාවට හේතුව ඔබ ඔබේ හොදම යෙහෙළියට පවසා සිත සැහැල්ලු කරගන්න.


13. ස්වභාව ධර්මයේ මේවා රැදී තිබෙන බව සිතන්න. ඒවා ඔබට පමණක් අයත් දේයැයි නොසිතන්න.

ලා‍භය               අලාභය                         කීර්තිය                          අපකීර්තිය


14. ඔබට අත දෙන්නට සුර දූතයෝ මෙහි නැති බව සිතන්න. 
ඔබේ සිත් වේදනාවට හේතුව ඔබම සොයාගන්න. සිතට විවේකය ගන්න. පරිසරය වෙස් කරන්න . ඔබ මුළුමනින්ම පීඩනය කල අදහස් මොහොතකට අමතක කොට දමා වෙනත් මගකට ‍සිත යොමු කරන්න.


15. ඔබේ ශක්තිය , බලය ගැන නිරම සිහියට නගන්න. එය කිසිවෙකුට පාවා නොදෙන්න.
මෙතෙක්  ‍ලෝකයේ සියළු විස්කම් කලේ දෙවියෙකු නොව මිනිසෙකි. මිනිසා වුවද අන්ධයෙකුට දෙවියෙකු ලෙස දැකිය හැක. මිනිසා මැවූ දෙයට සාක්ෂි ඇතත් , දෙවියෙකු මැවූ දෙයට ඇත්තේ විශ්වාසයක් පමණි. ලොව පාලනය කරන්නේද මනුෂ්‍යයෙකි. දෙවිවරුන්ට පවා බණ කීයේ මනුෂ්‍යයෙකි. නිවන් මග දුටුවේ මනුෂ්‍යයෙකි. එසේ නම් නොපෙනෙන දෙවියෙකුගේ බලයට වඩා මනුෂ්‍යයෙකු සතු බලය අසීමිත බව සිතන්න.


16. දෙවියන්ගේ දේවාලවලින් මේ රට හිස්ව නැත. එහෙත් එහි වෙසෙන මනුෂ්‍යයින්ගේ සිත් සතන් හිස්ය. දෙවියන්ගේ උද්‍යනයේ මල් කඩන්නට අපට අවසර නැත. එහෙත්  එහි මල් වවන්නට අපට අවසර ඇත. අපි ඔවුන්ගේ පුදසුන රකින්නේ අපේ පුදසුන හිස්ව තබාගෙන බව අමතක නොකරන්න. 


උපුටා ගැනීම: සුනිල් රෝහණ මහතාගේ ‍''හොද ළමයෙක් වෙන්න දුවේ" කෘතියෙනි....

ඉතිරිය ඊලග ලිපියට........

42 comments:

  1. Replies
    1. හුරේ වර්ණා එක...
      තැගි නම් දෙන්න මම දන්නෙ නැතෝ....

      Delete
  2. මේ කරුණු ගැහැණු ළමයින්ට විතරක් නෙමෙයි පිරිමි ළමයින්ටත් වටිනවා නොවැ :D

    ReplyDelete
    Replies
    1. හුගක් කරුණු දෙගොල්ලන්ටම වැදගත්..ස්තූතියි යාළු ඇවිත් යන්න ආවට...

      Delete
  3. හොඳයි හොඳයි !! :D

    ReplyDelete
  4. ජීවිතේ අපිට මතුපිටින් පේන දේවල් වලට වඩා නොපෙනෙන දේවල් වැඩියි. ඒ කියන්නේ අවධානම වැඩියි. ඒ නිසා ජීවිතේ අපි තියන එක පියවරක් ගානේ ඒක අපේ අනාගතේ තීරණය වෙන සාධකයක් වෙනවා. මේ දේ ගැහැණු පිරිමි හැමෝටම පොදුයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත පැතුම්. අඩියක් තියද්දි එක පාරක් නෙවෙයි සිය දහස් වතාවක් හිතන්න ඕන..එහෙම නැති වුනොත් අන්තිමේදි මහ හුගක් පසු තැවෙන්න වෙනවා...

      Delete
  5. බට්ටි ඩිපොසිට් උනේ මේ පොත කියවලද..... දැන් ඉතින් බ්ලොග් කියවන හැම ගෑල්ලමයෙක්ම ඩිපෝසිට් වෙයි

    ReplyDelete
    Replies
    1. ඉතිං මේකෙ විදියට කරුණු අරන් හොද පුතෙක් වෙලා මී ගොඩයත් ඩිපොසිට් ‍වෙන්නකෝ....

      Delete
  6. මේවා මතක හිටීද කියන එකයි ප්‍රශ්නේ.. :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔහොම නම් බෑ රජෝ....මතකතියා ගන්නම වෙනවා..

      Delete
  7. වසන්තයක්ම උදා වේවා මේ උවදන් වලින් >>>>>>>

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා සචිත්

      Delete
  8. ඔන්න ඕක තමයි කියන්නේ හොඳ ළමයෙක් වෙන්න බට්ටියෝ කියලා!
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. අම්මත් කියනවා අනේ..
      ස්තූතියි රැංගෝ

      Delete
  9. එකක් දෙකක් හැර ඉතින් අනික් හැම එකක්ම පිරිමි ළමයින්ටත් වැදගත් නේ ? හැබැයි ඉතින් බලපු ගමන් මතක තිබිල ටිකක් කල් ගියාම මතක නැතිවෙයිද දන්නේ නෑ... :)

    ReplyDelete
    Replies
    1. ඕනම දෙයක තත්වෙ ඒකනේ යාළු.අපේ අයට තරම් දේවල් ඉක්මනින් කාටවත් අමතක වෙන්නෙ නෑ. ඒත් මේතන ලියවුන හැම කරුණක්ම නැතත් එකක් දෙක්ක හරි තමන්ගෙ ජීවිතේට ඈදා ගත්තොත් කවුරුම හරි බට්ටි ලිව්ව පොස්ටුව සාර්ථක වෙන්නේ එතකොටයි.

      Delete
  10. හොඳයි හොඳයි.. බට්ටියෙ, වටිනා පොස්ට් එකක්! :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මගේ යාළු...හා හා ඔයා නම් මේක කියවලා හොද ළමයෙක් වුනා කිව්වා නේ? (Y)

      Delete
    2. ඔව් බට්ටියෙ ඔයාට පිං සිද්ධ වෙන්න දැන් හැමෝම කියනවා, මං හරිම අහිංසකයිලු...කීකරුයි ලු. :P :D

      Delete
  11. බොහොම වටිනා කරුණු ටිකක් . ගොඩක් ස්තුතියි බට්ටිට අපිටත් කියවන්න සැලස්සුවට .බට්ටිටත් ගොඩක් මේ ගති ගුණ පිහිටලා තියනව නේද ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මගේ අක්කියෝ...
      ‘‘බට්ටිටත් ගොඩක් මේ ගති ගුණ පිහිටලා තියනව නේද ? ‘‘ සේරම නැතත් මගේ අම්මට හොද දුවෙක් වෙන්න හැම අතින්ම උත්සාහ කරනවා...

      Delete
  12. බට්ටි වුනත් හැමදාම ලොකු ලොකු කතා කියනවනේ..ඇත්තටම හුගක් වටින ලිපියක්..ගැහැණු ළමයි වෙච්ච අපට ජිවිතේට වටින පාඩමක්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතුවිලි මේ කමෙන්ට් තමයි පොස්ටුවෙන් බට්ටිට ලැබෙන ලොකුම තෑගි...

      Delete
  13. මේවා කියවලාවත් ගෑණු ළමයි හොඳට හැදෙනවානම්..

    ReplyDelete
    Replies
    1. පියවරෙන් පියවර යයි හරී..හැදුනොත් හොදට හැදී දෙවියොත් නමට වදී....

      Delete
  14. පොතේ විදිහටම වැඩ කරන්නැති එකනේ වැඩේ...

    ReplyDelete
    Replies
    1. එක තමයි අපිට වෙච්චි ලොකුම වරද. අපි හැමෝටම එකතු වෙලා පොතේ හැටියටම නැතත් නිවැරදි දේ නිවැරදි විදියටම කරන්න පුළුවන් නම් අපේ රට අද ලොකු තැනක නේද තරියා...

      Delete
  15. ම්ම් වටිනා කියන කරුණු ටිකක්.ගොඩක් ආසාවෙන් කියෙව්වා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කාව්‍යා අක්කේ....

      Delete
  16. අය්යෝ... මං ඉස්සෙල්ල දාපු කමෙන්ට් එක නෑ... :( :( :'(
    හ්ම්ම්ම් ඔන්න බට්ටි මං අයිත් කමෙන්ට් එකක් ලියන්නයි යන්නේ....
    "අප මුහුදු වෙරළේ ගමන් කරන විට දකින සුදුවන් පෙණ පිඩු සහිත රළ අතට ගත්තොත් ,අතෙහි ඉතිරි වන්නේ වතුර පමණක් බව." ඇත්තටම සමහර දේවල් ඇතට ගොඩක් ලස්සනයි... එත් ළගට එහෙම නෑ.
    යථාර්තය තේරුන් අරන් ජීවත් වෙන එක ගැණු ළමයින්ට වගේම පිරිමි ළමයින්ත් හොදයි....
    ඔන්න බට්ටි අද ඉදන් මං 1/2 ට හොද ළමයෙක්.. ඔයා කතාවේ ඉතුරු 1/2 ත් දැම්මම මං හොදම හොද ළමයෙක් වෙන්නම්... :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ බලන්න මම මේ කමෙන්ට් බොක්ස් එක ඔයා කිව්ව වෙලාවෙ ඉදලා පෙරලුවා..හැබෑට ඒ කමෙන්ට් එක ගිනි නරියා ගිල්ලවත්ද? මගේ යාළුවගෙ එකටම එහෙම කලානේ මේ නාක ගිනි නරියා..කමක් නෑ ඔයා ආයෙම කමෙන්ට් කලානේ. ස්තූතියි මගේ යාළු...
      එතකොට මේක දානකල්ම ඔයා නාක ළමයෙක් වෙලාද අනේ හිටියේ...එහෙනම් එක පාරට හොද ළමයෙක් වෙන්න හොද නෑ ඉතුරු ටික ළමයා මේ ටික පිලිපදිනවද කියලා බලලා තමයි දාන්නේ...:D

      Delete
  17. වටිනා ලිපියක් හ්ම්ම් ..

    ReplyDelete
  18. මාර වටින උපදෙස් ටිකක්නෙ

    ReplyDelete
  19. සෑහෙන දුරට එකඟයි!

    ReplyDelete
  20. ම්ම්ම්ම්ම්ම්ම්ම් ..... බොහොම වටිනවා... මේ ලිපියෙදි දෙන උපදෙස් ඉතා සරලව කියල දීලා තියනවා ගැහැනු ප්‍රිමි බේදයකින් තොරව දෙපක්ශයටම වැදගත් ලිපියක් (කොහොමත් වැඩිපුර කමෙන්ට්ස් දාල තියෙන්නෙත් කොල්ලොනේ) .. humen mind maintence පිලිබද වූ වැදගත් ලිපියකි,., බොහෝ දුරට ඔබ දැක්වූ ක්අරුනු සමග එකගයි ,., ජයෙන් ජය .. අපේ පැත්තෙත් ගොඩ වෙලා යන්න ඈ

    ReplyDelete
  21. නියම ලිපිය බට්ටි අක්කෙ!! මෙන්න මෙහෙම දේවල් කාටත් වැදගත්!!! නියමයි!!

    ReplyDelete
  22. වටිනා උපදෙස් ටිකක්..ගොඩක් ස්තුතියි බට්ටිට :)

    ReplyDelete
  23. මේ අපිට නැද්ද ඕවා....
    හරි අසාධාරනයිනෙ අෆ්ෆා..
    මාත් ලියනවා හොද ළමයෙක්වෙන්න පුතේ කියලා..නැත්තම්අපිපවුනේ..

    ReplyDelete
  24. ගුනාත්මක දේවල් දිගටම ලියන්නට අසාධාරණයට හඬක් නගන්නට නිර්මාණ ඔප්නංවන්නට දිගාසිරි...ජය

    ReplyDelete
  25. මම මනෝ විද්‍යාව පිළිබඳව ආචාර්ය (PhD) උපාධිධාරි යෙක්. දැනට විශ්වවිද්‍යාල දෙකකින් උපාධි හා පශ්චාත් උපාධි 7 ක ට වඩා ලබා තිබෙනවා. ඒ වගේම ශාස්ත්‍රීය පර්යේෂණ සම්බන්ධ කෘති 28 කට අධික ප්‍රමාණයක් මුද්‍රණය කර ප්‍රකාශයට පත්කර තිබෙනවා. කාලයක් තිස්සේ මනෝ උපදේශන සේවාවේ නිරත වෙනවා. අන්තර්ජාලය හරහා විවිධ මනෝ උපදේශන සේවාවන් සිදු කරනවා. දැනට රාජ්‍ය ආයතනයක ( අමාත්‍යාංශයක) ඉහළ කළමනාකරීත්වයට අයත් ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරියෙක් ලෙස සේවය කරන අතර විශ්වවිද්‍යාලයීය ආරාධික කථිකාචාර්වරයෙකු විදිහට කටයුතු කරනවා. මම කැමතියි ඔයාගේ වෙබ් අඩවියට ඔයා හොඳට මේක කරගෙන යනවා. (0718064226)

    ReplyDelete

අපේ සිනිඳු හිත් වල හයියට, මොනා හරි කියලා යන්න... ඔයාලාගෙ ශක්තිය හුඟාක් වටීවී....