Thursday, June 14, 2012

__කපමුද කොන්ඩේ__

කොහොමද ගැහැනු ළමයි? කොහොමද පිරිමි ළමයි? හිකිස් !
ඔන්න මගේ දෙවන පෝස්ටුව........ 
ගැහැනු ළමයි බ්ලොගයේ අපි වැඩිපුරම කතා කරන්නේ ගැහැනු ළමයි ගැන, එයාලගේ සිතුම් පැතුම් ගැන.  ඉතින් ගැහැනු ළමයි ගැන කතාකරද්දි නිතැතින්ම කියවෙන වචනයක් තමයි ෆැෂන්..  සාමාන්‍යයෙන් කොල්ලෝ රන්චුවක් එකතු වුනාම අරෑ මොනවද ඇඳගෙන ආවේ, මූ මොනවද ඇඳගෙන ආවේ, අරෑගේ ෂර්ට් එක අයන් කරලා නැහැ නේද, අරැගේ බෙල්ට් එකේ වර්ගේ මේක කියලා කතා වෙන අවස්ථා නැහැ නේද? කලාතුරකින් තමයි වෙන්නේ. සමහර විට එහා පැත්තේ එකා බෙල්ට් එක වෙනුවට ලණුවක් ගැටගහගෙන හිටියත් තමන්ට වගේ වගක් නැතුව තමයි ඉන්නේ. එ කොල්ලන්ගේ හැටි.  ඉස්සර කාලේ අමුඩ කොටයක් ගහගෙන හේනේ වැඩ කරපු පිරිමි උන්දැලාට, තන පොටේ ගහගෙන ඇඹුල අරන් ගිය ගැහැනු උදවියට කොයින්ද ෆැෂන් ගැන හාන්කවිසියක්, විලි වහ ගන්නවා ඇරෙන්න..
                                     ඒත් කාලයත් එක්ක මිනිස්සු ගල් යුගයේ ඉඳන් එ‍ෙඬරෙ යුගයට, ඊළඟට ගොවි යුගයට සහ කාර්මික යුගයට පිවිසෙනවාත් එක්කම සිතුම් පැතුම් ආකල්ප වගේම ඇඳුම් පැළඳුමුත් වෙනස් වුනා. ඒත් දැන් දැන් ආපහු ගල් යුගයේ විදියට ආපහු ඇඳුම් පැළඳුම් වෙනස් වේගෙනයි එන්නේ. ඊයේ බස් එකේ හිටියා කෙනෙක් මෙන්න බලන්න ඇඳුම :P

අනවශ්‍ය කොටසක් අඳුරු කර ඇත :පි


කොහොම වෙතත් ඔයිට වඩා අසබ්‍ය ඇඳුම් දැන් අඳිනවා උනත් මට පින්තුරයක් හොයාගන්න බැරි උනා :පි
ඉතින් කාලයත් එක්කම මිනිසුන් තුල ෆැෂන් කියන සංකල්පය ගොඩ නැගුනා. අද කාලේ ඔය ෆැෂන් නිසා තමයි වැඩිපුරම මිනිස්සු හම්බ කරන්නේ.. මොකද ඉතින් ෆැෂන් එන්න එන්නම වර්ධනය වෙනවා මිසක් අභාවයට යන්නේ නැහැනේ. 
                                 ෆැෂන් නැත්තම් විලාසිතා ගත්තම කස්ටිය එක එක ඒවා කරනවනේ දැන් කාලේ. ගැහැනු ළමයි තමයි ඕවා වැඩිපුරම කරන්නේ.  අද මම මගේ ලිපියේ කතා කරන්නේ කාන්තාවන්ගේ විලාසිතා ගණයට වැටෙන කාන්තාවන් වැඩිපුරම සල්ලි යොදවන විලාසිතා අංශයක් ගැන. ඒ තමයි කොණ්ඩය. අපි කොන්ඩේට මොන මොන විලාසිතා කරනවද? අපි ඒවා ගැන අද කතා කරමු. 


කොන්ඩේ කපාගන්නේ කොහෙන්ද?  හන්දියේ සමන් අයියාගේ බාබර් සාප්පුවෙන් නේද?


 නෑ අපි යන්නේ අහවල් නිළියගේ සැලෝන් එකට..


මමනම් සමන් අයියට කියලා රුපියල් 100 ට කපාගන්නවා. 


රුපියල් 100 ට කොන්ඩේ කැපෙන්නේ නැහැ.මට යනවා 2000 ක් ලෙයර්ස් කපන්න අහවල් සැලෝන් එකේ


අහ එතකොට 2000 ටද කපෙනං :පි


මේ තියෙන්නේ Short Blond Hair කියන කොණ්ඩ විලාසිතාව.
මේ තියෙන්නේ Layered Hair Style කියන විලාසිතාව.ඒ කියන්නේ කොන්ඩේ තට්ටු තට්ටු විදියට තියෙන්න තමයි කපන්නේ. ඔය ක්‍රමය තමයි දැන් ගොඩාක් අය බාවිතා කරන්නේ.
මේ  තියෙන්නේ Blunt cuts කියන කොන්ඩ විලාසිතාව. මේක සුපිරි නේද :D




මේ තියෙන්නේ  Short Pixie Style Haircut කියන විලාසිතාව.. එමා කෙල්ලත් කපලා නොවැ :පි




මේ තියෙන්නේ Mullet Haircut  කියන විලාසිතාව. මෙහි ඉස්සරහ කොටස කොටට සහ පිටුපස කොටස දිගට සිටින සේ කපන විලාසිතාවයි.








මේ පහලින් තියෙන්නේ තව Mullet වර්ගයක්. :P


මීට අමතරව ඉතින් ඔයාලා දන්නවනේ straight hair and curl hair. ඒ පින්තුර නම් දැම්මේ නැහැ. 
ඊළඟ විලාසිතාව තමයි කොන්ඩේ පාට කිරීම. හෙවත් tint කිරීම.



ඔය කොච්චර විලාසිතා තිබුනත් මම නම් කියන්නේ කළු කොන්ඩේ තමයි ලස්සනම සහ ශරීරයට හිතකරම කියලා. ඒ වගේම පොකට් එකටත් ලාබයි. අද කාලේ සැලෝන් වල ඉන්න අය තමයි වැඩිපුරම සල්ලි හොයන්නේ.... ඔය ඔලුවට දාන ඩයි වර්ග විස වෙලා කීයක්‌ නම් මිනිස්සු නැති වෙලා තියෙනවද?මේ හැම විලාසිතාවක්ම තාවකාලිකයි. සදාකාලිකව අපිට නිරෝගිකම ඉතුරු කරගන්න' තාවකාලික දේවල් අත්හැරියොත් තමයි හොඳ කියලා තමයි අවසානයේදී කියන්න තියෙන්නේ...
මමනම් Mullet Haircut එකක් කරගන්නයි ඉන්නේ :D
එහෙනම් මම ගියා :)


46 comments:

  1. මේ විලාසිතාවලින් තාම ලංකාවේ ප්‍රසිද්ධ ලේයර් හෙයාර් කට් එක නේද ! මමත් ඒක තමයි කරන්නේ ...

    ReplyDelete
    Replies
    1. Short Pixie Style Haircut සහ Long blond haircut දෙක ත් මම දැකලා ටියෙනවා අක්කා

      Delete
  2. මම කැමති Layered Hair Style එකට, මම කපලා ඉන්නෙත් ඒක හැබැයි ඉතින් මේ කොණ්ඩයට ඕනාවට වැඩිය වද දීමනම් මම අකමැති දෙයක්.ඔය ටින්ට් කිරිලි එහෙම ඒ තරම් හොද නෑ කියන එක තමා මගේ හැගීම

    ReplyDelete
    Replies
    1. අම්මේ ඔව්. ටින්ට් කිරිල්ලනම් භයානකයි.
      මම කාලයක් relaxing කරලා තිබුනා. ඔලුව රිදිල්ලක් ආව‍ා, දැන් නම් දෙයියන්ගේ පිහිටෙන් හොඳයි..

      Delete
  3. අම්බෝ.. මාර මාර නම් ටිකක්නේ තියෙන්නේ.. අනේ මම නම් ඔය මුකුත් දන්නේ නෑ, ඩොන්කි කට් කියලා එකක් නම් අහලා තියෙනවා..
    :P
    මම නම් පෞද්ගලිකව ගැල්ළමයෙක් මේවා කලාට වරදක් දකින්නේ නම් නෑ..හැබැයි පොකට් එකටයි , පෙනුමටයි ගැලපෙනවා නම් විතරක්.. :)

    ReplyDelete
    Replies
    1. ඩොන්කි කට් :පි
      ඉස්සර පොඩි කාලේ අපේ තාත්තා මාව තකහනියක් නුවර අරන් යනවා කොන්ඩේ කපන්න. ඩයනා කට් කියලා තමයි ඒ කාලේ කියන්නේ :D

      Delete
  4. මට මේ කොන්ඩෙන් වැඩක් නැත..මට අවශ්‍ය වන්නේ වර්ණා ඊයේ ගියා යැයි පවසන බස් රථය කොහේ සිට කොහාට ගියාදයි දැන ගැනීම පමණය..
    හපුච්චියේ ඔය පින්තූරෙ විදිහට ඇදගෙන ගෑණු ලමිස්සියෙක් ඊයෙ ඔය බස් එකේ ගියානම් මම මේ සියල්ල දමා ගසා ඔය පැත්තෙන් පදිංචි වෙමි..
    අනේ වර්ණො කියහන්කො බං කොහෙද ඔය ගෑණු ලමිස්සි ඉන්නේ....

    ReplyDelete
    Replies
    1. තරුවෝ එව්වා කියන්න බෑ උඹලා නරක් වෙයි :D

      Delete
    2. ආයෙ මේකෙ අමුතුවෙන් නරක්වෙන්න මොනවද තියේන්නේ...
      හරි හරි කියන්න බෑ කිව්වනම් ඉවරයිනේ...
      ඕක තමයි කියන්නෙ කෙනෙක් දියුණු වෙනවට ඊරිසියයි කියලා...කමක් නෑ ඉතින් අපිටනෙ ඔහොම කරන්නේ....

      Delete
    3. හරි උදව්වක් කරන්නම්කො කොළඹ බස් එකක තමයි හිටියේ :D

      Delete
  5. මට නම් කිසිම ප්‍රශ්නයක් නෑ ඕනෑම බාබර් කෙනෙකුට කියනවා නෝට් ගහන්න කියලා ඊට පස්සෙ චුට්ටක් වෙන්න නිදියනවා එච්චරයි

    ReplyDelete
    Replies
    1. නොට් හැක හැක හැක. ඒ කියන්නේ ජෝන් තට්ට ලාභියෙක්ද?

      Delete
    2. හැමෝටම තට්ටෙ තියනවනෙ. ඒත් මට හොදට කොන්ඩෙ තියනවා මම කොන්ඩෙ කපන්න හෙතුව මගෙ පොස්ට් එකක දැම්මා කැමතිනම් බලන්න මෙන්න ලින්කුව පමා නොවී එමි අකුරට.

      …කොන්ඩෙ කපලා ඉන්නකොට දැනෙන සනීපෙ කියලා වැඩක් නෑ පුදුම සහනයක් දැනෙන්නෙ

      …ඔයගොල්ලන්ට ඉරිසියා හිතුනා නෙද මෙ අපි වගේ කොල්ලො කොන්ටෙ කොටටම කපලා සැහැල්ලුවෙන් ඉන්න එකට. මොකද ගෑනු ළමයිනට ඒ සැහැල්ලුව නෑනෙ . ඉරිසියාකරන්න එපා හොඳේ.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. අනේ ඔව් අනේ. ඊරිසියා හිතෙනවානේ.. මම ගෙදර ඉද්දිනම් කොන්ඩේ එකට කරල‍ා උස්සලා බැදගේනමයි ඉන්නේ. මේ දාන දාඩියට ඇඳුම් ගලවලා ඉන්න හිතෙන එකේ කොන්ඩේ මොකක්ද :p

      Delete
    5. අන්න වැඩෙ එහෙම ඉන්න වෙලාවට කියන්න අපිත් එන්නම්

      Delete
    6. ඊයා නලක සමනලයා :පි

      Delete
  6. මමනම් ඉතින් කොන්ඩෙ ට්‍රිම් කරනවා ව්තරයි . හොද කළු කොන්ඩයක් මට තියෙනෙවා . ඒ ඇතිනේ .

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අක්කේ මමත් එක කරනවා. අපේ පුංචි ගේ කොන්ඩේ එයා මුකුත් කරන්නේ නැහැ. අගිසි පැලිලා හෙන විකාරයක් වගේ දැන් එක :/

      Delete
  7. ඥයාව්.. මටනම් කොන්ඩේ නැති කෙල්ල හරියට කරමලේ නැති කිකිළි වගේ..

    අද තමයි ඉතින් දෙය්යනේ කියල මෙහෙටත් කඩාන වැටුනේ.. ගිහින් එන්නම්කෝ..

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත. කාන්තාවකගේ ලස්සන ඇයගේ කොණ්ඩය''යි
      සාදරයෙන් පිලිගන්නවා

      Delete
  8. Short Pixie Style Haircut එකට අපි ඒ දවස් වල කිව්වෙ කුරුම්බා කට් කියලා. මොකද කපපු කුරුම්ම්බ ගෙඩියක් වගේමයි.

    ස්කයි හාමිනේ නම් ඔය මොන කට් එකක් වත් නෑ... හැබැයි ඒ දවස් වල ලස්සනට දිගට තිබ්බ එක මට හිතෙන විදිහට අර ගිමහානි කරපුදේම කරලද කොහෙද දැන් බාගයයි..

    ReplyDelete
    Replies
    1. ඉහි ඉහි එහෙම තමයි හාමිනේ ගේත් කොන්ඩේ නුතන විලාසිතාවට භාජනය වෙලා :)

      Delete
  9. Replies
    1. අග්නියා කොන්ඩේ කපලා තියෙන්නේ කොහොමද හෑ?

      Delete
    2. අනී මගෙ කේශ කලාපය.....හපූ කෙස්ගාක් වැටෙනවටට් මං මාල බයයි.......:(
      මං ආසාවෙන්ම පලිස්සම්කලන්නෙ එත්තලයි.....

      Delete
  10. //කොහොමද ගැහැනු ළමයි? කොහොමද පිරිමි ළමයි? හිකිස් !//
    මෙන්න මේ පේලිය දකිද්දිම මම ගෙස්කලා අද පෝස්ටුව වර්ණාගෙන් කියල. :P
    කට් ගැන නං දන්නෙ ඩොංකි කට් විතරයි.

    ReplyDelete
    Replies
    1. රාජ් අයියාට මගේ වචන ගැන හොඳ දැනුමක් තියෙන හැඩයි හැක හැක හැක

      Delete
  11. අනේ ඉතිං මං නං ඔ්ව දන්නෑ. අලිය එ්ව කරන්නෙත් නෑ. අලිය තනිනෙ! :D හැබැයි කරන්න එපා කියන්නෙත් නෑ. සාමාන්‍යයෙන් අලියගෙ පරිසරය තුල අලියව මෙවන් ෆැෂන් විශාල සංභාවකට නිරාවරණය වෙනව! :D

    1. දුම්බීම පිලිකා අැති කරයි. (විහිලුවක් පමනි... හැබැයි ටිකක් හිතල බලන්න)
    2. මට මතකයි මතකයි වගේ ප්‍රවීණ ගායිකාවකුත් අපට අහිමි උනා නේද කොන්ඩෙ ඩයි කරන කෙමිකල් නිසා? .... මම දැක්කෙ පට්ට පරණ වෛද්‍යවරයා කියල සඟරාවක.

    ස්තූතියි.. ජය!

    ReplyDelete
    Replies
    1. ඔව් මාලනී බුලත්සිංහල මහත්මිය තමයි එහෙම නැති උනේ.. :)) අලියා තනි උනාට කමක් නෑ ඉතින් :)

      Delete
  12. මට නම් ඔය හන්දියෙ සුනිල් අයියගෙ 50 කට් එක තමා නියම කට් එක. කට් විතරක් ඈ..'හෙඩ් මසාජ්' එකට පුටුවෙම ගොරව ගොරව නින්ද යනවා.

    ReplyDelete
  13. මම නම් එක එක කාලේට එන හැම කොණ්ඩ විලාසිතා ම අත්හදා බලනවා මොකද මම සයිඩ් එකේ ඉන්නේ හන්දා වර්ණා..හැබැයි පුද්ගලිකවම මම ස්ටේට්..රිලැක්සින්..වගේ දේවල් නම් කවදාවත් කරන්නේ නැහැ කියන මතේ ඉන්නේ මොකද මම දන්නවා අපේ අය එවා කරන විදිහ සහ .එව්වාට යන කෙමිකල් වලින් කොන්ඩේට වෙන හානිය ගැන ..

    හැබැයි ගැහුණු දරුවෙක් විදියට අපි හැමෝම කැමතියි නේ ලස්සනට ඉන්න ...හැමදාම දකින කුකුලාගේ කරමල අර මොකක්ද එකක් කියනවා වගේ හැමදාම වෙනස් වෙවි ලස්සන දෙන්න පුලුවන් නම් හරි අපුරු නැද්ද..මම කියන්නේ එක එක කොණ්ඩ විලාසිතා ගැන නම් මම ආසයි.. එ වගේම තමා අපි හැමෝටම උරුම වෙච්චි මුහිනේ ශෙප් එකක් තියෙනවා එක එක අයට තියෙන්නේ එක එක හැඩයේ මුහුණුවල්. එ මුහුණු වලට සුදුසු කොණ්ඩ විලාසිතා තියෙනවා.. හොද රුපලාවන්ය ශිල්පිනියෙක් කරන්න ඔනි එ කෙනාට අවශ්ය දේ දෙනවාට වඩා එ කෙනාට ගැලපෙන දේ දෙන්න උනන්දු වෙන එක .මොකද එ විලසිතවේ හොද නරක තිර්ණය වෙන්නේ එලියට ගියාම නේද.. ඔයා ලේයර් ආස උනාට ඔයාට ගැලපෙන්නේ ශොර්ට් පික්සි නම් රුපලාවන්ය ශිල්පිනියෙක් කරන්න ඔනි ඔයාට ගැලපෙන දේ ඔයාට හොද පැහැදිලි කිරිමකින් පසුව ලබා දෙන එකයි ..නමුත් මම හිතන්නෙත් අපේ මුහුනට ගොඩක් වෙලවට උපතින්ම ලැබිලා තියෙන කොණ්ඩය උචිත වෙනව..නමුත් අපි හැමෝම කැමතියි වෙනස් වෙන්න..එ වෙනස් විම ඔයාට ගැලපෙන පරිදි වෙනව නම් එකයි නියම ෆැශන් එක.

    ReplyDelete
  14. චායාරූප විකෘති කිරීම පිළිබඳ බලවත් විරෝදය!!!

    තමුන්ගෙ කොණ්ඩේට ඕන එකක් තරගත්තහම අපිට මොකෝ.... හැබැයි බස්වල කෝච්චිවල යද්දි ඕක වනාගෙන යන්නෙ නැතුව පිළිවලකට යනවනම් තමා හොඳ

    ගෑනුන්ගෙ කොණ්ඩ ගැන මම හිතන්නේ... ක්සැන්ඩර් අය්යා කියාපු විදියට තමා

    ReplyDelete
  15. මමනම් කැමති දිග කොණ්ඩ තියෙන ගෑණු ළමයින්ට.... හරිම සෝයි ඒක!

    ReplyDelete
  16. බොලේ බලාගෙන යද්දි අපි හොදා... ඒක නෙමේ කෝ වර්ණො ඩයනා කට් එක.. ඒකනේ ෆේමස්.. මෙවුවා මොනාද?

    ReplyDelete
  17. ගෑණු දැරිවියෝ කේශ කළ්‍යාණේට කරන ජාති තමා ජාති :D

    ReplyDelete
  18. ඇත්තම කියනවා නම් මම නම් කැමතියි ස්ට්‍රේට් කරන්න. ඒත් ඉතින් හොඳට තියන කොණ්ඩෙ නාස්ති වෙන නිසා කරන්නෙ නෑ මුළු කොණ්ඩෙම. පර්මින් නම් මම පෞද්ගලිකව අකමැතියි.

    ගොඩාක් නිළියො එහෙම පත්තර වලට කියන දෙයක් තමයි "මම ලස්සන වෙන්න මොකුත් කරන්නෙ නෑ අනේ.... මගෙ හිත පිරිසුදුයිනෙ, ඒකයි මම ලස්සන " කියල. මොන බොරුද, හිත පිරිසිදු වුණාට වැඩක් තියනවාද, ඔලුවෙ ඔකුණො නම්, ඔලුවෙ හිස්සොරි නම්, දිලීර ආසාදන නම්......... ඒ නිසා මම නම් කියන්නෙ ලස්සනට කොණ්ඩෙ මූණ තියාගන්න ඕනා නම් තියන ඒ වගේ ලෙඩ වලට බේත් ගන්න. කුරුලෑ වලට බේත් ගන්න. (කඩේ ෂෝ කේස් එකෙයි, සුපර් මාකට් එකේ රාක්කෙයි තියන ඒවා නෙමේ, ෆාමසියෙ බේත්). එතකොට නිකම්ම ලස්සන වෙනවා.

    ඒ වගේම පිරිමි ළමයි වගේම ගෑණු ළමයිනුත් තමන්ගෙ මූණට ගැලපෙන විදියට කොණ්ඩෙ ලස්සනට කපලා ඉන්නවා බලන්න මම ආසයි.

    ReplyDelete
  19. බොරු කියන්න ඕනේ නෑ..
    ලේයර්ස් හිටින්න කොණ්ඩෙ කපපුවාම කෙල්ලෝ පොශ් පාටයි... (ගොඩේ පොශ්) :-)))

    දාස් ගනන් දීලා ලස්සනට තියෙන කොන්ඩේ විනාස කරගන්නෙ මොකටද?
    හැමදාම නාලා ඉන්නවා නං කොයි කෙල්ලත් ඉස්තරම්.. ;)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  20. මරු ලිපිය වර්ණෝ..නියමයි...

    මමත් මේ දාගෙන කොණ්ඩෙ වවාගන්න ට්‍රයි කොරනවා.. ලෝන්ග් ලේයර් එකක් කරන්න...;)

    ReplyDelete
  21. මමනම් කැමති දිග කොණ්ඩයක් තියෙන ගෑනු ළමයිට කොටට කොන්ඩේ කපලා ඉන්න කෙල්ලෝ හුගක් අනවශ්‍ය විලාසිතා කරන්න ගිහින් විහින් කැත වෙලා ,කොන්ඩේ දිගට තියෙනකොට කොච්චර ලස්සනද ගෑනු ලමයෙක්ට ඇත්තටම ...

    ReplyDelete
  22. පින්තුර වල ඉන්න ගෑනු ළමයි ටික නම් මාර ලස්සනයි ඈ....!!! මම ලින්ක් එක අරන් තියා ගත්ත ඔන්න අපේ වෙන්ඩ එක්කෙනාට ගැලපෙන ඉට්ටයිල් එක මොකක්ද කියල බලාගන්නත් එක්කම.

    ReplyDelete
  23. ඔන්න වර්ණා බට්ටිව අදිද්දි ඩොන්කි කැපුවට බට්ටිට දිග කොණ්ඩයක් තියෙනවලු.
    මම නම් ඉතිං මුකුත්ම අදතාවනතුරු කරලා නෑ. ඒත් කොළඹ වතුරට හුගක් කොණ්ඩේ යනවා..
    මම විලාසිතා වලට එච්චර ආසනෑ. නොමිලෙම කරගන්න සැලුන් එකකුත් තියෙනවා.කෝ ඒත් එකෙ ළමයිත් කියනවා මම හරි ගොඩයා කියලා.
    අනේ ඉතිං ගමෙන් ආපු බට්ටි කොහොමත් එහෙමයි කියලා නිකන් ඉන්නවා. මට ඔව්වා දිරවන්නෙම නෑ.
    පර්ම් එකක් කරද්දි සැලුන් එකට නහය තියෙන මනුස්සෙයෙකුට යන්න බෑ. කරන මනුස්සයා ඒකත් උලන් දවසෙම ඒ පුටුවට වෙලා කොහොම ඉන්නවද මන්දා?

    ReplyDelete
  24. අනේ මට ඔව්වා කරන්න හිතෙන්නනෑ. මගේ කොන්ඩේ එච්චර දිගනෑ. නිකම් ලාවට පීරගෙන යනවා. මම කරාබු දාන්නෙත් නෑ. ඒක මට මහකරදරයක්. මාල වලලු මුකුත්ම මට අල්ලන්නෙ නෑ. මගේ යාළුවෝ මට හැමතිස්සෙම බනිනවා කෙල්ලෙක් උනාම මේකප් එකක් දාගෙන ලස්සනට හිටපන් කියල. ඒත් මට ඕවට කැමති නෑනේ.

    ReplyDelete
  25. හනේ අෆොයි. මමත් ඉතින් ලේයර් කරලා, ඉස්සරහා ෆිරින්ජ් එක රිලැක්ස් කරලා විතරයිලු ඉතින්. :) 


    ____සිහින මදාරා_____

    ReplyDelete
  26. මේකට කොල්ලන්ට කොමෙන්ට් දාන්නත් පුළුවන්නේ නේදෝ.....

    //එයාලගේ සිතුම් පැතුම් //

    සිතුම් පැතුම් අයියේ පරිස්සමෙන්....

    ඇත්තටම අක්කේ ඔය මොන විලාසිතා කරත් ස්වාභාවික කොණ්ඩේ තමයි ලස්සනම.අනික ස්වාභාවික තොල් වල පාට තමා ගොඩාක්ම ලස්සන.දැන් කෙල්ලෝ යක්ෂණියො වගේ තොල් රතු කරගෙන ඉන්නවා දැක්කම හිරිකිතේ බෑ සිරාවටම...

    ඩයි විසවෙලා මැරුණු කෙනෙක් තමා මාලිනි බුලත්සිංහල කියන දක්ෂ ගායිකාව.හැබැයි ඒකනම් කොණ්ඩේ කළු කරගන්න දාපු එකක් වෙන්නැති...

    අර අනවශ්‍ය කොටසක් අඳුරු කරපු අයිටම් එක කාලයක් තිස්සේ කොළඹ යද්දි අලි ලොකුවට ගහලා තිබ්බා හි හි.... කෝ කුවේණී???

    ඒක නෙමෙයි අක්කේ අර සිගරට් කොටයක් කටේ ගහගෙන ඉන්න පොටෝවක් දැම්මේ මක්කැයි???

    කෙල්ලෙක් උනාම මේකප් දාගෙන ඇහි බැමි ගාගෙන ඉන්න ඕනේ නෑ චාම් විදියට ඇඳුම් ඇන්දාම කොහොමත් ලස්සනයි.ඔය එක එක විකාර කලාම මයිල් පිරුණු බූල් බල්ලෝ වගේ තමා....

    මගේ ආදරී නම් මේ මුකුත් කරන්නැ මම හරි ආසයි ඒකට.අනික් ආසම දේ තමයි දිගම දිග කොණ්ඩ.ඇත්තටම කියනවනම් ගැමි කෙල්ලන්ගේ තියෙන සිරියාව ලස්සන මේ කිසිම ක්‍රමයකින් ලබාගන්න බෑ... මගේ ආදරී ගැමි ගෙවිලියක් වීම මට ආඩම්බරයක්

    ReplyDelete
  27. කොණ්ඩේ නැති එවුන් දැක්කම මට හිරිකිතේ බෑ....

    ReplyDelete

අපේ සිනිඳු හිත් වල හයියට, මොනා හරි කියලා යන්න... ඔයාලාගෙ ශක්තිය හුඟාක් වටීවී....