Tuesday, June 26, 2012

මතකයන් දිගේ....II


වසන්තය
ඉගිලිලා ගිය ඉක්මන.....
නුඹද
නොහඳුනන්නෙකු වු අරුමය.....
මම තවම මෙතන
නුඹ කොහිද
හිතවත...??
වියලිලා
මැයි මාර හෙවණද,
මග බලා උන්නු ඒ මතකය
යායුතුද නොදැන මම අද දින
බලා හිඳිමි
නොපෙනෙනා අනන්තය.........
හිත කිරි ගෙහෙනා සීතල
සීතලට ගල් උන අත් දෙක
තව අයෙක් පිරිමදියි හෙමිහිට......
දැනෙන මුත් ඒ සෙනෙහෙ හෙමිහිට
හිත හඬයි තව හදනු බැරි ලෙස........



තවමත් මම ලොකු ප්‍රශ්නාර්ථයක.....ජීවිතේ කියන්නෙ නැවතිලා ඉන්න ඕනෙ තැනක් නෙමේයි.මම ඒක දන්නවා. ඒත් ,මම තාමත් බයයි අලුත් ජීවිතයකට.ඒ ජීවිතෙත් ,තවත් හමුවිමක් වෙලා වෙන්විමක් වුනොත්???ඇත්තටම මට ගොඩාක් බයයි, අලුත් පටන්ගැන්මත් ,මතකයන් ගොඩක් එක්ක වේදනාවක් විතරක් ඉතිරි කරල දාලා යාවි කියලා........


සෑහෙන කාලයක් තිස්සෙ මම විඳවපු , වින්ද ඒ වේදනාව මතක් වෙද්දි, ආයෙ ආයෙත් ඒ දුක් ගින්න උහුලන්න වුනොත් කියලා, මගේ හිත මාව බය කරනවා....

හැම දෙයක්ම වෙනස් වෙන ලෝකෙ, ආයෙමත් වතාවක් වෙනස් නොවී තියෙන්න පුලුවන් කියලා විශ්වාස කරන්න පුලුවන් දෙයක් තියෙනවාද?? ආයෙමත් මාව බය කරනවා.....


ඒත්, අනාගතේට බයේ, ජීවිතේ ඉස්සරහට යන්න බයේ, යථාර්තයට , ඇත්තට මූණ දෙන්න බයේ... මම හැමදාමත් මෙහෙම , මේ ඉන්න විදියටම..

මෙතනම නැවතිලා හිටියොත් හරීද??


ලබන සතියට.................


පලවෙනි කොටස කියෙව්වේ නැත්තම් මෙන්න පාර

21 comments:

  1. ගැහැනු ලමයින් දැන් එක දිගට අහපු වැඩ වගේ.........

    ReplyDelete
    Replies
    1. නොසැලි ඉදිරියටම :D

      Delete
  2. Replies
    1. හ්ම්ම්ම්ම්...

      Delete
  3. එක තැන හිටියොත් හිටියම තමා ඉතින්...
    ඉදිරිය බලමු... :)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. නවතින්න එපා..එහෙම හිටියාම හරියන් නැ.

    ReplyDelete
    Replies
    1. ඔව් නන්ගා ටිකක් කල් යනවනෙ හැමදේම තේරුම් ගන්න.බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියල :)

      Delete
  5. පළවෙනි කොටස මට මතක නෑ.. මාර කේස් එක.. මේ එහෙම උනාමයි.. ආයෙම කියවමි..

    ReplyDelete
    Replies
    1. ඒකනම් මාරම කේස් එකක් තමා අයියා :( තාම ඉතින් මම අලුත් නෙ :)

      Delete
  6. හැමදේම අමතක කරලා ජිවිතේ අලුතින් පටන් ගන්න.. එක පාරක් වැරදුනාට ඒ ශක්තියෙන් ආපහු කිසිම දවසක වරදින්නේ නෑ.. අත්දැකීමෙන් කියන්නේ..

    ReplyDelete
    Replies
    1. ස්තුති ලිහිනි :) අලුතෙන්ම පටන් ගමු නෙ?

      Delete
  7. නවතින්නේ නැතිව මේ ජීවිතේට මුහුණ දෙන්න..හිත හයිය කර ගත්තොත් ඒක කරන්න බැරි වෙන්නේ නැහැ....

    ReplyDelete
  8. පාර වැරදුණාට ජීවිතේම වරද්දගන්න එපා...අතීතයට යන්න දීල වර්තමානයේ ජීවත් වෙන්න අනාගතය දිහා බලමින්...

    ReplyDelete
  9. අපි හිතන තරම් මේ ජීවිතය මහා ලස්සන දෙයක් නෙමෙයි. එත් අපි නොඉතන ලොකු ලස්සනක් මේ ජිවිත ඇතුලේ තියෙනවා.. අන්න ඒ ලස්සන මතුකරගන්න. සුභ පැතුම්

    ReplyDelete
  10. හ්ම්ම්ම්ම්.....

    ReplyDelete
  11. බය දැනෙන්නෙ අරමුනක් නැති වුනාම..ජීවිතේට අරමුණක් හොයාගන්න..බය ඉබේම නැතිවෙලා යයි..

    ReplyDelete
  12. ගලන ගගකිලුනේ ජීවිතේ....යමු ඔහොම්ම...

    ReplyDelete
  13. අමාරු වුනත් ජීවිතේ පුරා තැවරිලා තියෙන කදුළු කතා අමතක කරන්න.

    ReplyDelete
  14. ජීවිතේ එක තැනක නැවතිලා බලන් ඉන්න එක අපරාදෙ, ජීවිතේ ඉස්සරහට යන ගමන්, "නැවතිල්ලෙ" හිතන්න... එතකොට, අයිති දෙයක් තියෙනවානම් පස්සෙන් එලවගෙන හරි ඇවිල්ලා ඔයාට අයිතිවෙයි..:D

    ReplyDelete
  15. Himi de obata himi ewa..suba pathum

    ReplyDelete

අපේ සිනිඳු හිත් වල හයියට, මොනා හරි කියලා යන්න... ඔයාලාගෙ ශක්තිය හුඟාක් වටීවී....