Tuesday, May 15, 2012

බල්ලොත් නොකන සල්ලි

කොහොමද කස්ටියට? මේක මගේ පළමු පොස්ටුව ගැහැණු ළමයි අඩවියේ.. 
ඔන්න කතාව..... 
---------------------------------------------------------------------------------------------------
වෙදමහත්තයාගේ  කසාය වඩිය වගේ තිත්ත වෙලා තිබ්බ ටියුෂන් පන්තිය දොස්තර මහත්තයාගේ අන්ටිපා පැණිය වගේ රසවත් වෙලා. දැන් මම පන්ති යන්නේ තාත්තා පඩි ගන්න යනවා වගේ ප්‍රීතියෙන් ඉපිලී ඉපිලී. මේ හදිසි විපර්යාසයට හේතුව මොකක්ද දන්නවාද? මම ගිය සතියේ විජිත සර් ට දීපු උත්තරේ තමයි එකට හේතුව. ඒ උත්තරේ හින්දා මම දැන් පන්තියේ වීරයෙක් වෙලා...


මෙච්චර දවසක් ටියුෂන් පන්තියේදී මගේ තනි නොතනියට හිටියේ චාමින්දයා විතරයි. එත් දැන් සගයෝ වැහි වැහැලා. හැබැයි කියන්න කනගාටුයි තාම සගිච්චියෙක්වත් ඇති කරග්ගන නම් බැරි උනා. (සගයා ගේ ස්ත්‍රීලිංග පදය නොදනී.) එක දවසක් පන්තිය පටන් ගන්න පැය භාගයකට විතර කලින් මමත් චාමින්දත් තව දෙතුන් දෙනෙකුත් සගිච්චියෝ බිලිබා ගැනීමේ ව්‍යාපෘතියක් දියත් කළා.
                                                                                         හා හා පුරා කියලා අපේ ඉස්සරහට ආවේ හතර රියන් යුවතියක්. අපි එයාට නිරුපද්‍රිතව යන්න දුන්නා.මීළඟට එනවා හැඩකාර වැඩකාර සුරදුතිකාවක්. එයාගේ කොන්ඩේ කරීනා කපුර් වගේ. ගමන කාජල් වගේ. එත් නියපොතු ටික වැලහින්නියක්  වගේ. උල් කරලා පාට කරලා. කවුද කැමති නිකන් තියන ඇඟ හුරගන්න? ඒ නිසා අපි එයාටත් අභය දානය දුන්නා. ඊළඟට ආවේ හංස ධේනුවක්. එයාගේ ඇඳුම ඈතට කලිසමක් වගේ. ලඟට ගවුමක් වගේ. අපේ ගමේ පච්ච සිරා හිරෙන් පැනලා එනකොට ඇඳලා හිටියෙත් ඒ වගේම ඇඳුමක්. ඒ ඇඳුමට කියන්නේ "කියුලට්" කියලා චාමින්දයා කියුවා.


     "හලෝ නංගි, ඔයාගේ නම මොකක්ද? "


මම ටෙලිවිශෝන් භාෂාවෙන්ම කතාව පටන් ගත්තා. එත් එයා නො හෙල්ලූම් පොල් මැල්ලුම්. 


      "නංගි ඔයාගේ නම මොකක්ද? "


මම ආයෙත් ඇහුවා. ම්හ් එත් ඒ මුඛ විවරය විවර උනේ නැහැ. එයා කඩාගෙන බිඳගෙන ගිහින් ආසනයක් මත පතිත උනා.


      "නංගිට නංගිගේ නම මතක නැද්ද?කමක් නෑ එහෙනම් අපිට ඔයාගේ ගමවත් කියන්නකෝ "


සමවයසේ ඉඳං නංගි කියලා කතා කරන නම්බුවටවත් එයා කට ඇරියේ නෑ.


      "ඔයා මීරිගමද , ගොඩගමද , කතරගමද , සීනිගමද , වැලිගමද , අලුත්ගමද , නොච්චියාගමද , ජයවඩන ගමද ?


කෝ තවම සුරවමිය නිහඩයි........


     "ඔයා ඉන්නේ බම්බලපිටියේද? කොල්ලුපිටියේද? ජින්තුපිටියේද? ඇල්පිටියේද? ඇඹිලිපිටියේද? "


ඔන්න ඒ පාරනම් ඇහෙනවා ලඳ බොළඳ ගෑනු කටහඩක්. එත් ඒ අපේ කුමාරිකාව නෙමෙයි. එයාගේ පරිවාර ස්ත්‍රීන්ගෙන් කෙනෙක්.


       "ගිම්හානි එන්නේ එයාගේ ගෙදර ඉඳං. අනික එයා කොහේ ඉඳං ආවත් ඔයාලට මොකෝ ?


ඒ වචන ටික රළු පරළු උනත් මොකද අවශ්‍ය නම කියවුනානේ...


"අයියෝ මෙයාගේ නම ගිම්හානි ද? ගිම්හානි නම් වේලිලා කොලහැලිලා ඉපලක්වෙලා ඉන්න එපැයි. එත් මෙයා ඉන්නේ නිකන් ජම්බෝල ගෙඩියක් වගේ. "




"එහෙම තමයි. කපුරුබන්ඩාරගේ කට මඩ පුවක් වලක් වගේනම්,  ධන සිරිගේ සාක්කුවේ හිලක් නම්, මෛත්‍රී පාල මිනිස්සුන්ට ඇසිඩ් ගහනවානම් වසන්තය වගේ ඉන්න මෙයාට ගිම්හානි කියුවම මොකෝ. "


ගිම්හානි දිගටම ගොළුවත රැක්කත් එයාගේ සෙට් එක අපිත් එක්ක කතාවට වැටුනා.


  "ඉතින් ඔයාලගේ විනෝදාංශ මොනාද?"


අපේ පිලේ ශනිල්ක ඇහුවා.


    "කච කච ගැන කොල්ලන්ගේ මුණුවල බාටා මාක් තියන එක. "


  "තව තව ? "


      "පිස්සු කරත්තවලට ගුටි ගෝනි පටවන එක "


" ඇත්තට ඔයාලා ගුටි ගෝනි පටවපු පිස්සු කරත්ත වෙන්න ඇති අර ඇක්සිඩන්ට් වෝඩ් එක පිරෙන්න පාක් කරලා තියෙන්නේ නේද "


  "මගේ විනෝදාංශේ බල්ලන්ට ආප්ප අරන් දෙන එක " චාමින්දයා කියුවා.


"බල්ලෝ සල්ලි දෙනවාද? "


"නෑ. :( උන්ගෙන් සල්ලි ඉල්ලපුවම උන් කියනවා  බල්ලොත් නොකන සල්ලි කියලා"






ඔය අතරේ සර් පන්තියට ආවා. සගිච්චියෝ බිලිබෑමේ මහා ව්‍යාපෘතිය අපි අපි ඊළඟ දවසට කල් දැම්මා :)


---------------------------------------------------------------------------------------------


අන්න ඔහොමලු බල්ලොත් නොකන සල්ලි ආප්තොපදෙශය නිර්මාණය වෙලා තියෙන්නේ. :)


එහෙනම් මම කැපුනා :D

54 comments:

  1. ඉතිං මේකට ඉබ්බෙක් දැම්මෙ මොකෝ ? :D

    ReplyDelete
  2. බල්ලොත් නොකන සල්ලි ඒ උනාට නෑකමට දෙයියන්ගේ මල්ලි....

    ReplyDelete
  3. බල්ලොත් නොකන සල්ලි.... ඒක නම් ඇත්ත... සල්ලි ඇතුවත් බැ. නැතිවත් බැ.. ගැහැනු ලමයි කොල්ලාන්ට මඩ ගහන්න වගේ ලැස්තිය.. ඔන්න අපිත් පටන් ගන්නවා පිරිමි ලමයි කියලා එකක්... හිකිස්

    ජය හා සතුට

    ReplyDelete
    Replies
    1. සිරාවට ඈ... දානවනං මාත් එනවා අම්මපා... මටත් තියෙනවා කෙල්ලොත් එක්ක විසඳගන්ඩ ගණුදෙනු

      Delete
    2. ගහන්න දේවා අයියේ ඕන මඩක්.. අපි නෑ සැලෙන්නේ ඔව්වට :)

      Delete
  4. යකෝ මුන් ලියන්නෙ කොල්ලො ගැනනේ. පටන්ගත්තෙනම් කෙල්ලො ගැන ලියනවා කියලා. කැතයි ඈ...

    ReplyDelete
    Replies
    1. කෙල්ලෝ ගැන ලියනවා තමයි. මේ කතන්දරයක්... එච්චරයි

      Delete
    2. අනික මොකෝ යකෝ කියන්නේ? කෝ යකෙක් :o

      Delete
    3. පුහ්... වර්ණාට යකා වැහිලනේ මං යකා කිව්වා කියලා. මං කිව්වෙ යකාට. ඔයාට නෙමෙයි.

      Delete
  5. මම හිතුවේ මේකත් මෙගා කතාවක් කියල..
    එල ඈ. මම එක!!

    ReplyDelete
  6. හැකැස්...

    //අන්න ඔහොමලු බල්ලොත් නොකන සල්ලි ආප්තොපදෙශය නිර්මාණය වෙලා තියෙන්නේ. :)//

    හොදා හොදා.. ;-)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එහෙමලු එහෙමලු :))))))

      Delete
  7. හික් හික් නියම යාලුවෝ බිලි බෑම :D ඇත්තටම සල්ලි නම් මිනිස්සු පිස්සු වට්ටන දෙයක්.:/ ඔය සල්ලි නම් බල්ලොවත් නොකා ඉන්න තරමට හොදා... මොන උනත් ඇත්ත කතාව..නියමයි නංගෝ...ජය...!!!

    ReplyDelete
    Replies
    1. ටැංකු අක්කා... සල්ලි සල්ලි සල්ලි අද කාලේ හැමදේකටම සල්ලිනෙ.

      Delete
  8. මේ බ්ලොග් එක පටන් ගනිද්දි කියපු තේමාවෙන් අපගමනය වෙන්න දෙන්න එපා.
    "අපේ ගැහැනු හිත් වල හදගැස්ම,ඔබේ හිත් වලටත් දැනෙන්නට......"
    මේ කියපු තේමාවට අදාල කිසි දෙයක් මම මේ පෝස්ට් එකේ නම් දැක්කෙ නෑ. තරහවකට වත් අධෛයිර්යයට පත්කරන්නවත් නෙමෙයි මෙහෙම කියන්නෙ. "ඇත්තටම ගෑණු හිත් ගැන" කියන්න ගිය ලස්සන අදහසක් අපගමනය වෙනවා බලන් ඉන්න බැරි නිසා...

    ReplyDelete
    Replies
    1. තේමාවක් තියෙනවා. එත් හිතට දැනෙන දෙයක් කියන්න බය වෙන්න ඕනා නැහැ. අනික මේක කතන්දරයක්. හිනා වෙන්න ලියුවේ. ඔබතුමාට මේක මෙලොරහක් නැත්තම් කමක් නෑ.. එකට මට කරන්න දෙයක් නැහැ. ගැහැණු හිත් වල හැමවෙලේම ලඳ බොළඳ දේවල් විතරක්ම තියෙන්නේ කියලානම් හිතන්න එපා. මම කිසි විටෙකත් මේ වගේ දේවල් නිසා සැලෙන කෙනෙක් නෙමෙයි . :))))))

      Delete
    2. මම මේ දෙය මෙලෝ රහක් නෑ කියලා කොතනකවත් සදහන් කළේ නෑ. ඒ වගේම මම මේ දෙය කිවුවෙ මේ පෝස්ට් එකේ වරදක් කියන්නවත් ඇනෝ කෙනෙක් විදිහට ඇවිත් බ්ලොග් අක නැති කරන්න කුමන්ත්‍රණ කරන්නවත් නම් නෙමෙයි. මම කියපු දේ ඇත්තක්ද බොරුවක් ද කියලා අක්කාටම තේරෙනවා ඇති නේ. මම කිවුවෙ මට දැනුන දේ.ඒ මොනවා වෙතත් මම මේ "ගෑණු ළමයි" කියන බ්ලොග් එකේ තේමාවට ගොඩක් ආස කරපු කෙනෙක්. අක්කාගේ පළවෙනි බ්ලොග් පෝස්ට් එකේන්, බ්ලොග් එකේ 3 වෙනි බ්ලොග් පෝස්ට් එකෛන් "තේමාව" කියපු දෙයින් බැහැර වෙන එක "සාධාරණ" ද? මම මේ දේවල් කියන්නෙ මගේ හිතට මේ දේ දැනුන නිසා. ප්‍රාර්ථනා අක්කලා, හිතුවක්කාරිලා, මහී එක ලියන අක්කලා එහෙම මට මගේ අක්කලා වගේ.. එදා "ජය වේවා" කියලා පටන් ගත්ත දවසෙ කමෙන්ට් එකක් ගැහුවෙ ඇත්තට මේ අදහසට කැමති වෙච්ච නිසා..

      ඒ මොනවා වෙතත් මේ බූරු ආගන්තුකයා මොනවාද දන්නෙ. මුකුත් නෑ. ඔහේ කියවනවා.

      අපි වගේ බල්ලො බිරැවා කියලා කදු පහත් වෙන්නෙ නෑ නෙ.

      හිත රිදුනා නම් සමාවෙන්න. මම කිවුවෙ මට දැනුන දේ විතරයි.

      අපි හොද නරක ගුණ දොස් විමසන්න පොඩි වැඩි ඇති.. ):

      Delete
    3. මේක නිකම් කතාවක් විතරයි. මම ලියන්නේ මට කැමති මට හැගෙන දේ. ඒ දේ වැරදි කියලා මට හිතෙන්නේ නැහැ. ඒ උනාත් වැරද්දක් ඔබ දුටුවා නම් ඒ දේ කියපු එක ගැන සතුටු වෙනවා. අමං කවදාවත් පුද්ගලයෙක්ව පහත හෙලලා කතා කරන්නේ නැහැ.

      Delete
  9. අන්න හරි නංගි. මෙහෙම තමයි ලියන්න ඕනා.

    මේ කොල්ලො හිතාගෙන ඉන්නෙ එයාල තමයි පොරවල් කියලා. ගැහැණු ළමයින්ට ජය වෙවා!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අක්කේ. අපිට ජය

      Delete
    2. මෙන්න ජාතිවාදියෝ....

      Delete
  10. නියම කතාවම. ඒත් බොරු කතාවක් නේ.මම රැවටුනා.

    ReplyDelete
    Replies
    1. කතාවක් බව සිතට ගන්න :පි

      Delete
  11. දැන් මොකද්ද එතකොට මේකේ සර්ට දුන්නා කියපු උත්තරේ.. ටැපලෙනවනේ අෆ්ෆා.. වර්ණටද ඩෝප් වර්ණාටද ඩෝප්... :)

    ReplyDelete
    Replies
    1. කාටත් ඩෝප් නැහැනේ. :)))

      එක නිකන් යොදාගත්තේ එයා පන්තියේ ජනප්‍රිය උනේ කොහොමද කියලා පෙන්නන්න විතරි අයියේ

      Delete
  12. බල්ලොත් නොකන සල්ලි... හැමෝම ඔහොම කියන්න ගත්තොත්...ඩොලර් මිල අඩු වෙන්න ඉඩ තියනවා :D වර්ණාගෙ පෝස්ට් එකත් හරි එතකොට...ඉලඟට කාගෙද...ඉක්මණට පොස්ට් කරන්න​ :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති යාලු කමෙන්ටුවට

      Delete
  13. හයියූ වර්ණා අක්කේ.. සන්ගිච්චියෝ සගයෝ බිලි බාන වෙලාවලුත් තියෙනවා.. :P

    ReplyDelete
    Replies
    1. හෑ එහෙම බොලව් :පි
      එහෙනම් ඒ වෙලාවටවත් මේ කතාවේ ඉන්න කොල්ලට කියමු බිලිබාගන්න කියලා

      Delete
  14. මෙන්න අර කවුද කිවුවා වගේ සුවසල් හනි පොට් එකක්... එළ එළ... අද තමයි දැක්කේ... හැබැයි ඉන්ඩිවිඩුවල් කැරුක්ටර්ස් ටිකනම් දන්නවා... සෙට් උණාම බලමුකෝ... ළිඳ ළග සංගමෙ වෙයිද දන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. හෑ හෑ බලන්නකෝ බලන්නකෝ

      Delete
  15. හප්පුච්චියේ වර්ණා සගිච්චියක් දෑ හොයන්නෙ? "අපේ ගැහැනු හිත් වල හදගැස්ම" කියන්නෙ මේකට දැ? අදෝමැයි...

    ReplyDelete
    Replies
    1. දැන් කොතනද තියෙන්නේ මේ කතාවේ කතා නායකයා මම කියලා. ඇස් පොට්ටනම් බලවගන්න හොඳේ යාලු.,. මේක නිකම් කතාවක් විතරයි. සුපර් මෑන් කතාවේ අපි ඔයාව සුපර් මෑන් කියලා කවදාවත් හිතන්නේ නැහැනේ. ඒ වගේම තමයි මේකෙත් මේ කොල්ලා මම කියලා හිතන්න එපා :D

      Delete
  16. හප්පුච්චියේ වර්ණා අක්ක ගෑල්ලමය් බිලි බාගන්න යනවය් :ඩ අපිවත් ඔහොම කරන්නේ නැහැ නෙව :ප
    එල එල ලස්සන කතාව
    ජය නියතය්!!

    ReplyDelete
    Replies
    1. උඩ රිප්ලයි එකත් බලන්නකෝ මල්ලි. ටැංකු කමෙන්ටුවට.. ජය ඈ.. :)))

      Delete
    2. ඉතින් මම ඇත්තටම කිව්වය් :ප
      මේ හැන්දිමිටට ජෝක්කෙකක් තේරෙන්නේ නැති හැටි :ඩ්
      ජය !!

      Delete
  17. හික්ස්ස්.. මරු කතාව වර්ණෝ.... :D

    ReplyDelete
  18. යේ.............කොල්ලන්ට ජය වේවා.............!!!

    ReplyDelete
    Replies
    1. හා කමක් නැද්ද :පි
      කෙල්ලොන්ට ජය වේවා

      Delete
  19. එල කතාව කෙල්ලේ.... ඉවර වෙනකල් මට දැනුනෙවත් නෑ... :)))

    ReplyDelete
  20. බල්ලොත් නොකන සල්ලි ...
    …මරු නෙ වර්ණා අක්කෙ..
    නියමෙට ලියලා තියෙන්නෙ ඔය.. ඕවා තමයි ඉතින් කොල්ලෙ පන්ති වල ගිහින් කරන්නෙ

    ReplyDelete
  21. හේ හේ.. :D..නියමයි අපේ කෙල්ලගේ ඉස්සල්ලම කතාව...

    ReplyDelete
    Replies
    1. ටැංකු අක්කා... බලමුකෝ ඔයාගේ කතාව :)

      Delete
  22. මලු මලු ........... කොල්ලෙක් විදියටම ලෙසටම ලීල ටියෙනෝ....^_^

    ReplyDelete
  23. හයියෝ... දැන් මෙතන කොල්ලෝ කවුද? කෙල්ලෝ කවුද? කෙල්ලෝ තව කෙල්ලන්ව යාලු කර ගන්න ඔහොම කරනවද? අනික කෙල්ලෝ ඔහොම කතා කරනවද? කෙල්ලෙක් ඔහොම කතා කරනකන් අර අනිත් කෙල්ලෝ සෙට් එක ඔහොම නිකන් ඉදිද? මෙයාලගේ මේ කතා වෙන අතරේ අර අනිත් කොල්ලෝ කෙල්ලෝ වගේ ඔහොම ඉදීද? එතකොට ඔය මාතෘකාවට මේ කතාව ගැලපෙනවද????? හානේ... මටනම් මේවා තේරෙන්නේ නෑ... අම්මෝ.... දැන්නම් මගේ ඔලුවත් කැරකෙනවා.... O.o

    ReplyDelete
    Replies
    1. අනිත් කොල්ලෝ සද්ද බද්ද දාන්න ආවේ නැහැලු කෙල්ලොන්ට බයේ :පි
      ගැලපෙනවද නැද්ද කියලා මම දන්නේ නෑ :පි

      Delete
    2. හා හා... මං එහෙමවත් හිතාගන්නම්කො... පවුනේ කාගේ උනත් දරුවෙක්නේ... :P

      Delete

අපේ සිනිඳු හිත් වල හයියට, මොනා හරි කියලා යන්න... ඔයාලාගෙ ශක්තිය හුඟාක් වටීවී....