Thursday, May 17, 2012

දිරිමත් සිතකට කලනොහැකි කිසිවක් නොමැතිබව....




ගැහැනු ළමයි ගැන කියනවා කිවුව නිසාම ඔන්න මම කෙලින්ම ගැහැනු ළමයිගේ හිත ගැන කතා කරනවා...

         පුංචි කලේ ඉදන් මම වැඩිපුරම දැක්කෙ මගේ අම්මායි අච්චි... අදටත් මගේ ලෝකේ ඉන්න ගැහැනු විරවරියෝ දෙන්නා තමයි දෙන්නා.. මගේ ජිවිතේට ආව ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න ධෛර්ය  ශක්තිය ලැබුනෙ දෙන්නා නිසා. ඔන්න මුලින්ම දෙන්නාව මතක් කලේ ස්තුති කරන්න ඔනේ නිසා. දැන් කියන්නන් මගේ කතාව.

          පුංචි කලේ ඉදන් ඉගන ගන්න බැරි නිසා මම මානසිකව ගොඩක් දුක් වින්ද කෙනෙක්. අනන්තවත් බැනුන් ඇහුවා. පංතියේ යාළුවො නැතුව කොන් වුනා. දෙක වසරේදි මට සත 50 සත 50 එකතු කලාම රැපියලයි කියා ගන්නවත් දන්නෙ නැ මම කියන්නෙම සත 100යි කියලා. English dictation වලට හැමදාම 0.. කොටින්ම මම ශිෂ්‍යත්තෙත් ෆේල් හොදේ.  පංතියේ අන්තිමයා වෙච්ච වාර ගණන් කරන්න බැරි තරම්...

අපේ තාත්තා දවසක් කිව්වා  -  “මේකව හැදුවට වඩා හොදයි එළදෙනක් හැදුවනන් අඩුම වශයෙන් කිරි ටිකයි පැටියෙකුවත් ලැබෙනවානේ ”  කියලා...

සියා තමයි මගේ ඉංග්‍රිසි ගුරැවරයා... අපේ සියා ඉස්සර මට ඉංග්‍රිසි කියලා දෙන්න මාර පට්ට උත්සාහයක් ගත්තේ. කොච්චර කලාත් මට මෙච්චර තමයි කියන්න වගේ මගෙ නම් කිසිම උනන්දුවක් තිබ්බෙ නැ ඉගනගන්න. බැරිම තැන සියා ඉංග්‍රිසි  පොත පැත්තකට දලා යනවා යන්න....

අපේ අච්චි එයා තමයි මගේ හොදම රසිකාවිය. මම මොනා කලත් අච්චි තමයි හොද නරක කියන්නෙ.. එත් අච්චි මට කිව්ව කතාවක් මට අද වගේ මතකයි. එදා තමයි o/l එකට කලින් තිබ්බ අන්තිම වාර විභාගේ ලකුණු ආව දවස.
මට ඉතින් වහ කාලා මැරෙන්න තරම් සතුටක් තිබ්බෙ එදා මොකද කිව්වොත් මට විෂයන් තුන හතරකටම ලකුණු 30න් අඩුයිලු ... අච්චි ලකුණු බලලා කිව්වා  “ කමක් නැ පුතා ඔයා o/l කරලා ඉවර වුනාම මම ඔයාව මාමාගේ ගාමන්ට් ෆැක්ටරි එකක වැඩට දන්නන් කියලා ”...  වචන ටික මට මැරෙනකම් අමතක වෙන එකක් නැ. ඇත්තමයි අච්චි නෙමෙයිනම් මම මුණකට සමතලා කරනවා ආව කෙන්තියට. එත් o/l රිසල්ට් ආව දවසේ මම ඉස්කොලෙ ඉදන් ගෙදර දුවගෙන ඇවිත් කෙලින්ම ගියේ අච්චි ලගට... “ අච්චි මට A3, B5යි මම පාස් ආච්චි අර මාමාගේ ෆැක්ටරියට මාව දාන අදහස අත්ඇරගන්න වෙයි ඔන්නකියලා මම කිව්වා...

  ඉට පස්සෙ එන්නෙ පාසල් ජිවිතේ මගේ ස්වර්ණමය යුගය. මට දඟ මල්ල හෙවත් මගේ අතිජාත මිතුරිය හම්බවෙන්නෙත් මේ කාලෙදි තමයි. නැටුම්, නාට්‍ය, පිහිනිම, වුෂු, හොකී මේ හැමදෙකටම වගේ සහාභගි වෙන්න ලැබෙන්නෙ මේ කාලේ. ඉගනිමට වගේම අනිත් අමතර සියල්ලටම තියන දක්ෂතා පෙන්නන්න ලැබෙනවා... පුළුවන් හැකි උපරිමයෙන් මට උසස් පෙළ සමත් වෙනවා. විශ්වවිද්‍යායලයකට ඇතුලත් වෙන්න නොහැකි වුනත් අද වෙන විට බාහිර උපාධියේ 2වන වුරැද්ද. අවසන් විභාගයට මුහුන දෙන්න බලන් ඉන්නවා...

        අනේක වු අපහාස මැද්දෙ යාළුවන්ගෙන් , ගුරුවරුන්ගෙන්, නෑදැයින්ගෙන් මානසිකව මම විඳපු දුක පුංචි හිතට දැනුන වේදනාව මට වචනයෙන් විස්තර කරන්න දන්නෙ නෑ. කොට්ටෙ තෙත් වෙනකන් තනියම හොරෙන් ඇඬුව හැටි දන්නෙ මම විතරයි... මට නොලැබුනු දෙවල් වෙනුවෙන් එදා මම ගොඩක් දුක් වුනා. සෙනගක් මැද්දෙ කොන් වුනාම තනි වුනාම දැනෙන දුක මම ඕනෑවටත් වැඩිය විදලා තියනවා..  තමන්ගේ දුක කියාගන්න බෙදා ගන්න කෙනෙක් නැති වුනාම හිතට දැනෙන අපහාසුතාවය. යම් යම් අවස්ථා වලදි මට හිතුනා දෙවියනේ ඇයි මාව කෙල්ලෙක් කලේ කියලා.

        එත් මේ හැම දෙයක්ම හැම දුකක්, වේදනාවක්, මානසික පිඩනය, අපහාස, නින්දා ගැරහුම් මට මගේ ජිවිතේ ජය ගන්න අත්වැලක් වුනා කියලා මම හිතන්නෙ. එදා මම අඬ අඬම නැගිට්ටා හැමදෙම විද දරාගෙන ඉස්සරහට ගියා. අද මම ඉන්න තැන ගැන මම ගොඩක් සතුටුයි. 21.වු මම ගැන මම සතුටු වෙනවා.

        *මම දැන් අත්දැකිමෙන් දන්නවා ගැණු පිරිමි භේදයක් නෑ උත්සාහයයි වුවමනාවයි තිනවානම් මිනිහෙක්ට කරන්න බැරි දෙයක් නැති බව.. 

        *මනුස්යෙක්ට දියුණු වෙන්න ඉස්සරහට යන්න නින්දා අපහසත් ගොඩක් වැදගත් කියලා හිතෙනවා .. මොකද තුලින් ජිවිතේට අමුතු ධෛර්යක් ලැබෙනවා..

        *කෙනෙක්ව පාගලා කකුලෙන් ඇදලා බිමට දාන්න හදන තරමට මනුස්සයා නැගිටින් දරන උත්සහායත් වැඩි වෙනවා..

අදටත් මේ නින්දා ගැරහුම් වලින්නම් අඩුවක් නෑ මට. එත් තවමත් මම මගේ අරමුණු  වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා... කෙල්ලෙක් විදියට මේ දරා ගත්තා වගේ ඉස්සරහටත් නොසැලි නොබියව මගේ ගමන මම යනවා.. 

          අන්තිමටම එකක් කියන්න ඔනේ කෙල්ලෙක් කියන්නෙ දුර්වල අමුතු සත්තු ජාතියක් නෙමෙයි.. කොල්ලන්ටත් වඩා ශාක්තිමත් හිතක් කෙල්ලෙක්ට තියෙනවා. හැබැයි මේ ශක්තිය අපේ කෙල්ලො අතර තවම අවදි වෙලා නැ. හැබැයි සැගවුනු ශක්තිය කලඑළිබැස්ස දවසට කට්ටියටම පරිස්සම් වෙන්න වෙයි. ;) කෙල්ලෙක්ට මඩක් ගහන්න කලින් ඔන්න අයේ හිතලා බලන්න වෙයි... ;)

එහෙනම් මේ ඇති අදට... 

මම සිහින මදාරා.... 

56 comments:

  1. ඔහොම යාන් ඔහොම යාන්....:D

    ReplyDelete
    Replies
    1. යාළුවා නිසා තැන්කු කියන්නෙ නැ.... :) 

      Delete
  2. උත්සාහය නිරතුරුවම ජය ගනී කෙල්ලේ. ඔයාට වරදින්නේ නැහැ... කවදාවත් කඩා වැටෙන්නේ එපා කවුරු මොනවා කියුවත්. ඒ වගේමයි තමන් හිසට තම අතමය සෙවනැල්ල :)
    ජය නියතයි

    ReplyDelete
    Replies
    1. අන්න හරි පාට පාට කෙල්ලෙ එකනේ මමත් කියන්නෙ....

      Delete
  3. ගෑණු පිරිමි බේදය කියන්නෙ තවත් ලෝකයෙ පවතින පැහැදිලි මායාවක් සුදු අක්කණ්ඩියො.අන්තර් පුද්ගල වශයෙන් වෙනස් බව විතරයි ඇත්ත.හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් මයෙ අක්කණ්ඩි ගැන මෙහෙම කතාවක් මම දන්නෙ නෑනෙ.අදනෙ දන්නෙ.පොඩි කාලෙ ඉඳන් මමත් දාහට ගනින්න බෑ වගේ හිටියෙ.ඒත් වැඩ ඕනෙ තැනදි කනාවට වගේ වැඩකරුත් වුනා.ඒත් මමනම් අද දුක් වෙන ගමන්ම සතුටු වෙනව මගේ අතීතය ගැන.දුක් වෙන්නෙ මම ශිෂ්‍යත්වෙට ලකුණු 169ක් හා ඕලෙවල් වලට ඒ9ක් ගත්තෙ නැත්නම් අද මම ඒලෙවල් පාස්.සතුටු වෙන්නෙ ඒලෙවල් ෆේල් වුනු නිසයි අද මම ලෝකයේම ප්‍රමුඛ පෙලේ විශ්ව විද්‍යාලෙක උපාදිය හදාරන්නෙ.සැලෙන්න එපා.අපේ ගමන අපි යමු.හපෝ මමත් හොටු පෙරාගෙන කොට්ට මෙට්ට තෙත් වෙනකල් අඬල තියෙනව.ඒත් ඒ නම් ඉගෙනීම සම්බන්ධ දේවල් වලට නෙමේ.වෙන වෙන දේවල් වලට :p

    ReplyDelete
    Replies
    1. කිඳුරා ජය වේවා මල්ලි

      Delete
    2. යකෝ මූ දන්න ඒවා.. :-0

      Delete
    3. අෆ්ෆාටසිලි මගේ මල්ලි පැටියාත් මම වගේමයි නේ.... හොද අවංක මිනිස්සුන්ට වරදින්නෙ නැ පැටියෝ කවදාවත්.. :)

      Delete
  4. කතාව ඇත්ත.. උත්සාහය උනන්දුව තියෙනවනම් දියුණුවෙන්න ගැහැණු පිරිමි කියන එක බලපාන්නේ නෑ.. ලස්සන අනාගතයකට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. තැන්කු සහෝ :) 

      Delete
  5. Replies
    1. වයි දිස් කොලවරි ඩි :)

      Delete
  6. ශක්තිය ගන්න නංගියෝ හිතට. ජීවිතේ අඩියටම වැටිලා හිටිය අපිට අරමුණක් තියෙනවා. ඒ අරමුණ වෙනුවෙන් යන්න. මොනදේ බාධාව ආවත්. හයිය හිතක් තියෙන කෙල්ලෙක් කවද හරි නැගිටිනවමයි. ඒක මම විශ්වාස කරන දෙයක්.

    ReplyDelete
    Replies
    1. සතුටුයි කමෙන්ටුව දැක්කම අක්කියෝ....

      Delete
  7. කතාව නම් 100% ඇත්ත, උත්සාහය කැපවීම තියෙනවනම් සාර්ථකත්වයට ගැහැණු පිරිමි භේදයක් නෑ.. සුබ අනාගතයක් සහෝදරීට.. :)

    ReplyDelete
    Replies
    1. තැන්කු සහෝ :)

      Delete
  8. හප්පේ....................
    මට මාව මතක් උනා ...............

    ReplyDelete
  9. පෝස්ට් එකේ මුල් ටික හොඳයි ඒකවචනයි
    යටම ටික තර්ජනාත්මකයි බහුවචනයි

    ReplyDelete
    Replies
    1. හි හි අපිත් රැඩිකල් හරිය :) හිකිස්.... එව්වා ඉතින් එහෙම තමයි ......

      Delete
  10. හප්පේ මට මාව මතක් උනා
    වෙනසකට තියෙන්නේ මදාරා අදින ඇදුම් අදින්නේ නැතුව මම කලිසම් කොටේ ඇදපු එක විතරයි :D

    ReplyDelete
    Replies
    1. බයිසිකලේ කතාව මමත් කියෙව්වා. අර අසාර් ගේ කුකුලාගේ කතාව වගේ :)

      Delete
    2. අහා මගේ අතිජාත කැවුම් සහොදරයා... කියන්න ඔනි ටික මම ඔන්න චැට් එකේ කිවුවා ;)

      Delete
  11. නියමයි මදාරෝ... දුක, කරදර බාධා වලින් තමයි ජීවිතේ පදම් වෙන්නෙ..:) අනාගතේට සුභ පතනවා!!

    ReplyDelete
    Replies
    1. ගැහැනු ළමයි ලියන හැමොම එහෙමයි නොවැ... තැන්කු හිතුවෝ

      Delete
  12. හප්පේ කෙල්ලොන්ට පුළුවන් දේවල් නේද? :P
    අද කාලේ කෙල්ලෝ තමන්ගේ දක්ෂතා,හැකියාවන් ප්‍රයෝජනයට ගන්නවා ගොඩක් අඩුයි. ඒ ප්‍රයෝජනයට ගත්තත් ගන්නේ වැරදි දේට. සම තැන ඕනේ,සමතැන ඕනේ කියලා කෑ ගහන වෙලාවේ හිමි තැන අරගෙන තමුන්ගේ හැකියාවන් හරියට පෙන්නුවොත් ඉබේම කෙල්ලන්ට සමතැන හිමිවෙන එක නවත්තන්න කාටත් අමාරු වෙයි...

    ReplyDelete
    Replies
    1. ලයික් හොදේ කමෙන්ටුවට :) :) :)

      Delete
  13. මාරයි නේ..........ද?

    //*මම දැන් අත්දැකිමෙන් දන්නවා ගැණු පිරිමි භේදයක් නෑ උත්සාහයයි වුවමනාවයි තිනවානම් මිනිහෙක්ට කරන්න බැරි දෙයක් නැති බව..

    *මනුස්යෙක්ට දියුණු වෙන්න ඉස්සරහට යන්න නින්දා අපහසත් ගොඩක් වැදගත් කියලා හිතෙනවා .. මොකද ඒ තුලින් ජිවිතේට අමුතු ධෛර්යක් ලැබෙනවා..

    *කෙනෙක්ව පාගලා කකුලෙන් ඇදලා බිමට දාන්න හදන තරමට ඒ මනුස්සයා නැගිටින් දරන උත්සහායත් වැඩි වෙනවා.. //

    කට අරින්න නෙක්ටො බෝතලයක් හලන්ඩ.. :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! (මේක තමා මගෙ අළුත් වචනේ ඈ..)

    ReplyDelete
    Replies
    1. නෙට්ටො එපා ෆැන්ටා දෙන්න අලේ :(
      අලුත් වචනේ ටොපේ ටොප් :)

      Delete
  14. //කොට්ටෙ තෙත් වෙනකන් තනියම හොරෙන් ඇඬුව හැටි දන්නෙ මම විතරයි... මට නොලැබුනු දෙවල් වෙනුවෙන් එදා මම ගොඩක් දුක් වුනා. සෙනගක් මැද්දෙ කොන් වුනාම තනි වුනාම දැනෙන දුක මම ඕනෑවටත් වැඩිය විදලා තියනවා.. තමන්ගේ දුක කියාගන්න බෙදා ගන්න කෙනෙක් නැති වුනාම හිතට දැනෙන අපහාසුතාවය. යම් යම් අවස්ථා වලදි මට හිතුනා දෙවියනේ ඇයි මාව කෙල්ලෙක් කලේ කියලා.

    මුල් කාලේදි ප්‍රශ්නයක් වුනාම අඩනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් හිතන්නේ නෑ. ඒත් දිගින් දිගටම එහෙම දේවල් වුණාම ප්‍රශ්නවලින්ම ජීවිතේට හොද පන්නරයක් එනවා. කොහොම හරි ඒ ප්‍රශ්නේ විසදගන්නවා. ජීවිතේ කියන්නේ ප්‍රශ්නවලට සාර්ථකව මූණදීම. ප්‍රශ්න නැති ජීවිතේ මෙලෝ රහක් නෑ කියලයි මටනම් හිතෙන්නේ. ඒවගේම ඒවට සාර්ථකව මූණ දුන්නම අපිට අපි ගැනම දැනෙන ආත්මතෘප්තිය කවමදාවත් සල්ලිවලට ගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. අෆ්ෆෙ දන්න දෙවල් හොදයි හොදයි :)

      Delete
  15. අර අන්තිමටම කියපු දේ ගැන මම ටිකක් බය වෙලා ඉන්නේ. ඔයාල හරි සරයි නේ. ඔයා වුෂු කරලත් තියේද? තවත් බය හිතෙනවා.


    උත්සාහය තියෙනවා නම් ගැහැණු පිරිමි කියල වෙනසක් නැහැ.ඔයාට හිනා වුන හැමෝටම ඔයා ක්‍රියාවෙන් උත්තර දීලා තියෙනවා නේ.

    ReplyDelete
    Replies
    1. අන්න එක තමයි මම හිතන්නෙ නියම විදිය කියලා බොරැ කයිවාරැව වැඩක් නැ ක්‍රියාවෙන් තමයි කරන්න ඔනි ;) ක්‍රියාවෙන් බැරි දෙයක් නම් ඉතින් කතාවෙන් තමයි හිහිහිහිහිහිහි..........

      Delete
  16. කතාවට එකඟයි! ඒ වගේ ම සතුටුයි..
    ජය!

    ReplyDelete
  17. මසුරන් කතාව.. උත්සාහයයි කැපවීමයි තියන ගෑණු ළමයි පිරිමි අයව පහුකරන් ගිහින් කියන දේ ඇත්තම ඇත්ත. මට මතක විදිහට නම් ඕ ලෙවල් රිසල්ට් නම් මතක ඇති කාලෙක කොල්ලෙක් උඩින්ම උන්නෙ නෑ. ඒ පුංචි උදාහරණයක් විතරයි මතකෙ තිබ්බ. ඕනතරම් දේවල් වලදි උත්සාහය යි කැපවීමයි අනලස බවයි ඇත්නම් කළ නොහැක්කක් නෑ. මම කලින් පෝස්ට් එටක් කියපු දේවල් එහෙම කිවුවෙ මෙන්න මේ වගේ පෝස්ට් එකක් වැටෙයි කියන බලාපොරොත්තුවෙන්. අක්කලාට ජය..!!!

    -ආගන්තුකයා

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් මලයාගේ බලාපොරොත්තුව හරි ගියා... මමත් ඒ කමෙන්ටුව දැක්කා. :ඩී

      Delete
    2. මගේ පොස්ට් වලනම් ගහ මරාගන්න ඒවා ඇරෙන්න අනිත් දේවල් නැහැ හොඳේ එකත් මතකේ තියාගන්න ආගන්තුකයෝ

      Delete
    3. අම්බේ මට දැන් දැනෙන සතුට.. හි හි.. අනේ අප්පච්චියේ වර්ණා අක්කා කියුව එක නං තේරුනේ නෑ ඕං.. :/

      Delete
  18. නියමයි නංගියෝ.. අපිට වෙන කිසිම දේකින් වැටෙන්න ඕනේ නෑ තමයි.. මේ හිත ඒ තරමට හයියට හදලා තියෙන්නේ ඕනේ දෙයක් දරාගන්න. ඒවා දරාගන්නම බැරි වුන වෙලාවට කඳුළු ගලන් ගියාට ඒ ශක්තිය අඩු වෙන්නේ නෑ.. කොල්ලෙක් මත් වතුර බෝතලේකට තමන්ගේ ප්‍රශ්න පවරනවා වගේ කෙල්ලෙක්ට කරන්න බෑ.. ඒ තරම් දේවල් දරාගන්න ශක්තියක් මේ හිතට දීලා තියෙන්නේ ඒකට..

    ReplyDelete
    Replies
    1. ඔක්කම හරි අක්කෙ මේ බ්ලොග් එකේ වැඩ කැලි ටික බැරි එක තමයි එකම අවුල මට තින :පී හිකිස්

      Delete
  19. කෙනෙකුට ආදර්ශයක් ගන්න විදියට පෝස්ට් එක දාල තියනවා.. මෙච්චර දුර ආපු ගමනට සුභ පැතුම් ඉතිරි ටිකත් ආවට වඩා සාර්තකව යන්න...

    අර ගෑනු පිරිමි බේදයක් නෑකිව්ව එකනම් දිරෙව්වෙ නෑ ඕං...

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු සහෝ... :)

      Delete
  20. මගේ කතාවද කියල හිතුන ? ? සමහර වෙලාවට තවත් අඩන්න කදුළු නෑ කියලත් හිතුන . . ඒත් අද වෙනකම් මට වැරදිලා නෑ , වරදින්නෙත් නෑ , වරද්ද ගන්නෙත් නෑ :/ :/

    ReplyDelete
    Replies
    1. හොදයි හොදයි :)))))))))))

      Delete
  21. අන්න නියම පොස්ට් එක... කවුරු මොනව කිව්වත්, මට පුළුවන් කියලා මම හිතෙන දාට තමයි මම ජයගන්නෙ. මටත් තියනවා එවෙනි අත්දැකීමක්. මහි කිව්වා වාගෙ උත්සාහයයි වුවමනාවයි තිනවානම් මිනිහෙක්ට කරන්න බැරි දෙයක් නැත.. සම්පූරණ ඇත්ත. ඔබට ජය!

    ReplyDelete
  22. හරියට හරි.. ඔයා කියපු දේ තමා ඇත්ත.. හැමදාම වැටිලා අඬ අඬ් හිටියොත් අපි හැමදාම දුකේමයි..

    ReplyDelete
  23. හරියට හරි..ඔයා කිව්ව දේ තමා ඇත්ත. අපි වැටෙන්න වැටෙන්න නැගිටින්න ඕනෙ

    ReplyDelete
  24. ෂා.... මාරයි නේ මහි...මට නම් පොඩි කාලේ නෙමේ ඔය ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දැන්... :(

    ReplyDelete
  25. *මම දැන් අත්දැකිමෙන් දන්නවා ගැණු පිරිමි භේදයක් නෑ උත්සාහයයි වුවමනාවයි තිනවානම් මිනිහෙක්ට කරන්න බැරි දෙයක් නැති බව..

    *මනුස්යෙක්ට දියුණු වෙන්න ඉස්සරහට යන්න නින්දා අපහසත් ගොඩක් වැදගත් කියලා හිතෙනවා .. මොකද ඒ තුලින් ජිවිතේට අමුතු ධෛර්යක් ලැබෙනවා..

    *කෙනෙක්ව පාගලා කකුලෙන් ඇදලා බිමට දාන්න හදන තරමට ඒ මනුස්සයා නැගිටින් දරන උත්සහායත් වැඩි වෙනවා..


    මෙන්න මේ කාරණා තුන මම තරයේ අනුමත කරනවා.. වැදගත් උත්සාහ.. ගැහැනුද පිරිමිද කියලා ප්‍රශ්ණයක් නෑ..

    ReplyDelete
  26. නියමයි මදාරෝ.... සම්පූර්ණයෙන් එකඟයි... :))))

    ~~~***දඟ මල්ල***~~~

    ReplyDelete
  27. කවුරුවත් ඇහැරන් නැති රැක ඔය ඇස් වලට උනපු කදුලු.......
    රත්තරං වගේ පරිස්සට එකතු කරගන්න............ජිවිතේට එන හැම අභියොගයක් ආශ්ර්වාදයක් කරගෙන ජිවිතේ ඉහලට යන්න පුලුවන් වේවා කියලා මම මගේ නංගියට පාර්ථනා කරනවා............

    ReplyDelete
  28. සුපර් ලයික් මහී!

    ReplyDelete
  29. වැටෙන තනිනේ නැගිටින්න ඕන වැටි වැටි නැගිටිමු...ජිවිතේ ඔය ආපු ගමන දිගටම ඔය විදියටම යමු.ආපස්සට තියන එක අඩියක් ගානේ ඉස්සරහට අඩි දෙකක් තියන්න හැකිවේවා කියලා හදවතින්ම සුබපතනවා..ජය..!!!

    ReplyDelete

අපේ සිනිඳු හිත් වල හයියට, මොනා හරි කියලා යන්න... ඔයාලාගෙ ශක්තිය හුඟාක් වටීවී....