Saturday, May 19, 2012

.......දිරිය යුවති..... (1)


ජීවිතේ එපා වෙලා මැරෙන්න ඕනේ කියලා කවදා හරි දවසක ඔබට හිතිලා තියෙනවද? 
අපි හැමෝටම එහෙම එක පාරක් හරි හිතෙනවා. ආදරෙන් පැරදුනාම,බලාපොරොත්තු ඉටු නොවුනම, අපි ගොඩක් ආදරේ කරපු අය මේ ලෝකෙන් සමුගත්තම, එහෙමත් නැත්නම් රැකියාවක් නැතිවෙලා විභාගේ ෆේල් වෙලා..?.. 


එදා ඔබට හිතුනේ මේ ලොකේ අන්තිම දවස කියලා නේද. ඒත් එහෙම නෙමෙයි.. එදා එහෙම හිතලා ජීවිතේ නැති කරගත්තනම් අපරාදේ කියලා අද ඔබට හිතෙනවා නේද..


මේක කියවන අපේ  ගෑනු ළමයි..අක්කලා නංගිලා හැමෝම මේ විදියේ නොයෙකුත් හිත් අමාරු කම් වලට ජීවිතයේ නොයෙකුත් පරාජයන්ට මූණ දීලා ඇති


අපි අද ඉදන් අපේ ගැහැනු ළමයි බ්ලොග් එකත් එක්ක එකතුවෙන හැම ගෑණු ලමයෙක් එක්කම ජීවිතයේ මේ විදියේ කඩාවැටුනම ආයෙත් කකුල් දෙකෙන් නැගිටින්නේ කොහොමද කියලා කතා කරන්න අදහස් කරා


ඒවගේම ඔයාලටත් පුලුවන් අපි එක්ක ඔබේ අදහස් බෙදාගන්න.. වෙනුවෙන් අපි ක්‍රමයක් සකස් කරලා ඔබට කියන්නම්..


ජීවිතේ සමහර දේවල් ගැන ආපහු හැරිලා බලද්දී ලොකු පසුතැවීමක් ලැජ්ජාවක් සමහර විට ඔබට ඇති."ඇයි මම මෙහම දෙයක් කරේ" කියලා ඔබම ඔබෙන් විමසනවා ඇති


ඒත් දැන් සිද්ධවුන දේ සිද්ධවෙලා ඉවරයි.ඒක නිසා ඔබ මොනතරම් අතීතයේ සිද්ධියක් නිසා අඬා වැලපුනත් පසුතැවිලි උනත් ඒකෙන් වෙනසක් වෙන්නේ නෑ.


අපි බලමු වැරැද්ද උනේ කොහොමද කියලා. හිතලා බලන්න ඔබ සමහරවිට ඔබේ යහලුවන්,පෙම්වතාව ගොඩක් විශ්වාස කරනවා. එයාලා විශ්වාසේ කඩනවා
එතකොට ඔබට හිතෙන්නේ ජීවිතේම නැති වුනා වගේ නේද.. ඒත් එහෙම නෙමෙයි.. අපි විශ්වාස කරා වැරැද්ද කරේ එයාල. එයාලා කරපු වැරැද්දට ඇයි අපි හිතින් වන්දි ගෙවන්නේ.


හිතට ගන්න. ජීවිතේ කියන්නේ හීනයක්ම නෙමෙයි.. ඔබට මතකද පුංචිම කාලේ බෝනික්කො ගොඩක් වට කරන් බෝනික්කන්ට අම්මා වුනා. වගේම දවසක ඔබ ඔබේම දරුවන්ට ඇත්තටම අම්ම කෙනෙක් වෙයි


ගැහැණියක් මවක් කියන්නේ මහ පොළොව වගේම ඕනෙම දුකක් දරාගන්න පුලුවන් කෙනෙක්..ඔබේ පුංචි හිතේ.. ශක්තිය හොදටම තියෙනව. නැත්නම් හිතට ගන්න ශක්තිය ඇති කරගන්න..


මුලු ලෝකෙම පිරිමි හිතෙන්නේ ගැහැණිය කියන්නේ හරිම ලඳ බොළද හැමදේටම අඬා වැලපෙන කිසිම දෙයක් දරාගන්න බැරි කෙනෙක් කියලයි..ඒත් ඒක නෙමෙයි ඇත්ත..


ගොඩක් පුංචි දේවල් වලට අඬන ගෑණු හිත ලොකු දෙයක් ඉස්සරහ හරිම ශක්තිමත්.ඇඟිල්ලක් කැපුනාම හඬාවැටිලා දුක්වෙන අපේ හිත්, සමහර වෙලාවට අතක් පයක් නැතිවුනාම මේක තමයි දෛවය කියලා දිරියෙන් ජීවිතයට මූණ දෙන්න හිත හදාගන්න අවස්ථාවන් ඔබ දැකලා ඇති අනන්තවත්..


ගොඩක් ගැණු ළමයි මූණ දෙන හැමෝමටම පොදු ප්‍රශ්නයක්නේ ආදරය.. පලවෙනි ආදරෙන්ම විවාහය කරා යන්න පුළුවන් වෙන්නේ ගොඩක් අඩුවෙන්.එහෙම වෙනව නම් ගොඩක් සතුටුයි නේද..?ඒත් අවුරුදු ගානක් ආදරේ කරලා ,මුල්ම ආදරේ විවාහයෙන් කෙළවර ගෙන ,ඊට පස්සේ වෙන් වුන අයත් ඕනේ තරම් ඉන්නවා.


ආදරෙන් පැරදුන කෙනෙක්ට එහෙම නැත්නම් ලොකු වංචාවකට අහුවුන කෙනෙක්ට අපි වෙනම දවසක කතා කරමු. මොකද ගැන ගොඩක් දේවල් අපිට කියන්න සිද්ධ වෙන නිසා.


අපි හිතමු අපේ ලඟම නෑයෙක් මියගියාම කොහොමද ජීවිතේ ආයෙත් මුල ඉඳන් පටන් ගන්නේ කියලා. කෙනා අපේ සහොදර සහොදරියෙක්..දෙමාපියන්.. පෙම්වතෙක්..මිතුරෙක් වෙන්න පුළුවන්.. කෙනා එක්ක තිබ්බ බැඳීම අනුව ඔබේ ජීවිතේ කඩන් වැටීම අඩු වැඩි වෙන්න පුළුවන්.


ඒත් කරන්න ඔනේ මුල්ම දේ මානසිකව කඩන් වැටිලා ඉන්න ඔබ ආයෙමත් මුලින් හිතන්න පටන් ගන්න එක.ඔබට ගොඩක් ආදරේ කරපු කෙනෙක් නිසා මියගිය කෙනා කොහොමටවත් කැමති වෙන්නේ නෑ ඔබ කෙනා නිසා ජීවිතේ ඇඬු කඳුලෙන් ගත කරල අවුල් වෙනවා දකින්න..


ඒක නිසා මුලින්ම ජීවිතේ අළුතෙන් පටන් ගන්න හිතන්න. අපිට අපෙන් ඈත්වුන කෙනාව කොහොමටවත් ආයෙත් ගෙන්න ගන්න බෑ.මේ සංසාරේ හැටි එහෙමයි..එයා ගියපු ගමන අපිත් දවසක් යනවා.. 


ඔබ බිරිඳක් නම් ඔබට දරුවෝ ඉන්න පුළුවන්.. එයාලා ගැන එයාලගේ අනාගතය ගැන දැන් වගකීම තියෙන්නේ ඔබට


ඔබ වැඩිමල් සහෝදරීනම් ඔබේ කුඩා සහොදර සහොදරියන්ගේ වගකීම තියෙන්නේ ඔබට.ඔබ කඩන් වැටිලා ජීවිතේම දුකක් කියලා හිතුවොත් ඔබ දිහා බලන් ඉන්න බලාපොරොත්තු තියන් අයත් අසරන වෙනවා වල්මත් වෙනවා.


සමහර ගැණු ලමයි තමන්ගේ පෙම්වතා ජීවිතෙන් සමු ගත්තම එයත් ජීවිතේ නැති කරගන්න හිතෙනවා..ඒත් මොහොතක් හිතන්න. ඔබට ඔබෙ ජීවිතේ කියන්නේ ඔබම විතරක් වුනාට ඔබේ දෙමව්පියන්ට ඔබව ගොඩක් වටිනවා.


මැරෙන්න ගොඩක් ලේසියි..අනික ඒක කවදා හරි වෙනමයි.. ඒත් ජීවත් වෙන එක ගොඩක් අසීරු දෙයක්.. ඔබ කවදා හරි ගිහින් තියෙනවද පිළිකා රෝගීන් ඉන්න රෝහලකට. අයගේ ඇස්වල තියෙන බැල්ම ඔබට මතකද. ජීවිතේ යදින ඇස් දැක්කම ඔබට නිකන්වත් හිතුනේ නැද්ද අපි අපේ ජීවිතේට ආදරේ කරන්නේ මොනතරම් අඩුවෙන්ද කියලා. (එහෙම ලෙඩක් තියෙන අපේ යෙහෙලියක් මේක කියවනවනම් මානසිකව වැටෙන්න එපා. මම ඔබලටත් ලියනවා. ජීවිතේ වටිනාකම ඔබලා දන්න බව කියන්නයි මට ඕනේ උනේ)


අදම පටන් ගන්න ජීවිතේ අළුතින් හිතන්න.මේ ජිවිතේ ගොඩක් කෙටියි.. උදේ ඇවිත් දවල් වෙලා ඊලඟට හවස රෑ වෙලා දවස ඉවර වෙනවා වගේම ඉක්මනින් ජීවිතේ ගෙවිලා යනවා.ඔබ තවම ගෙවන්නේ උදෑසන..මතක තියගන්න ඉක්මනින් දවල් වෙනවා.ඊට පස්සේ ගෙවුන උදේ කාලේ ආයෙත් ගන්න බෑ. උදෑසන කරන්න තිබ්බ දේවල් දවල් කරන්නත් බෑ.


ඔබේ ජීවිතේ මුල් කාලේ ඔබට අතපසු වෙන ගොඩක් දේවල් පසු කාලෙක ඔබේ ජීවිතේට ගොඩක් බලපානවා කියලා ඔබට තේරෙන්නේ ඔබ වැඩිහිටියෙක් විදියට සමාජයට බැහැල අත්දැකීම් ලබන කොට...
ඒක නිසා අඬ අඬ ඉදලා බෑ


අදම පටන් ගන්න. ඉස්සෙල්ලම අඬ අඬ ඉන්නේ ඇඳට වෙලා නම් ඇඳෙන් බහින්න. යන්න ජනෙලේ ලඟට.. ජනේලේ ඇරලා හොද හුස්මක් ගන්න ..පේනවද වටපිටාව? ඔබ නැවතුනාට ලෝකය නතරවෙලා නෑ.හැමදේම දරාගන්න ඔබට පුළුවන්.. 


අපිව හැරගිය ආදරණීය අය ආයෙත් එන්නේ නෑ. ඒත් අපි ඔවුන් වෙනුවෙන් ජීවත් වෙන්න ඕනේ.


ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම් හෙට ඉදන් ආයෙත් අළුතින් ඉගෙන ගැනීමේ වැඩ කටයුතු පටන් ගන්න.
රැකියාවකට යන කෙනෙක් නම් වැඩ ආයෙත් මුල ඉඳන් පිළිවෙලකට කරන්න පටන් ගන්න.. 


දන්නවා ඔබ හැර ගිය කෙනාව දහස්වාරයක් මතක් වෙන බව. මියගිය කෙනා වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් හොදම දේ එයාව මතක් කරලා වෙනුවෙන් පිනක් කරන එක. ඔබට හැකි අයුරින් ඒක කරන්න


ආගමට ධර්මයට ටිකක් සමීප වෙන්න..මොන ආගමෙන් උනත් ඔබේ සිත නිවන දෙයක් දැනගන්න ලැබෙයි.
ටිකෙන් ටික ඔබේ සිත නිමෙයි.. ජීවිතය තේරුම් ගන්න


පලා යන එක නෙමෙයි වැදගත් සටන් කරන එක..


ඔව්. ඔබට ලැබුනූ මේ වටිනා ජීවිතේ රැකගන්න, ඒ වෙනුවෙන් සටන් කරන්න. ඉක්මණින්ම පරාජය භාරගන්න එපා. අතෑරිලා යන්න දෙන්න එපා මේ ජීවිතේ...


කුණාටු වගේ ප්‍රශ්න හමුවේ,ජීවිතේ තව තවත් බදලා අල්ලගන්න.. හයියෙන් වැළඳගන්න.. ආදරෙන් රැකගන්න.පරිස්සම් කරගන්න.. මේ ජීවිතේ වෙන කාගෙවත්ම නෙවෙයි..මේ ඔබේ ජීවිතේ....



ඉතින් අපි ඔබෙන් ඉල්ලනවා දිගින් දිගටම අපි එක්ක එකතුවෙලා ඉන්න. අපිත් එක්ක ඔබේ අදහස් බෙදාගන්න.. 


ගැහැණිය කියන්නේ වැටිලා ඉන්න කෙනෙක් නෙමෙයි.. අපි ජීවිතේට මූණ දෙමු..ඔබ තනියෙන් නෙමෙයි.. ගැහැනු ළමයි බ්ලොග් එකේ අපි හැමෝම ඔබ එක්කමයි.. ....


ආයෙත් මේ වගේම ලිපියකින් අපි අපේ ජීවිත ගැන කතා කරමු....තවත් දවසක....


ඉතින් ඔබේ සිත මොහොතකටවත් නිවෙන්න ඇති කියලා මම හිතනවාආයෙත් අපි හමුවෙනකන් ඔබේ සිතට සහනයක් ලැබේවාඔබේ සිත නිවේවා..!





40 comments:

  1. මම ආයි ආයිත් කියනවා...අපිටත් තැනක් ඕනි........
    ඇයි අපි ඔටුවොද........
    මේ අපිට හිතෙන දේවල් කිව්වට කමක් නැද්ද....

    ReplyDelete
    Replies
    1. මමත් ඔය සදාතනික අමිහිරි අත්දැකීමට මුහුණ දුන්නා....ඒ අත්දැකීම කෙතරම් වේදනාවක් උණත් දරාගන්න එන ශක්තිය හරිම බලවත්....අපේ ගැහැනුකම ට වඩා දරාගැනීම ජීවත් වෙන්න පාර කියනවා.....අළුත් බ්ලොග් එකට සුභ පැතුම්.....

      Delete
    2. @තරූ.. ඔයා ඔටුවෙක් නෙමෙයි නේ.. :D
      ඔයාට හිතෙන ඕනෙම දෙයක් කියන්න.. අපි කැමතියි ඔයාලගේ අදහස් බෙදාගන්න...

      Delete
  2. නියමයි... මමත් කාලයක් ඔහොම හිටියා..ආදරෙන් පරාද වෙලා.. ජීවිතේට ලගම කිපදෙනේක්ගේ ශක්තිමත් වචන වලින් මම ආයෙමත් ජීවිතේට මූන දුන්න. දැන් ලස්සනට ජීවත් වෙනවා.(එයා හිටපු කාලෙටත් වැඩිය සන්තෝසෙන්). ජීවීතේ හරිම ලස්සනයි. අක්කේ නංගියේ ඒ ලස්සන විදින්න.

    ReplyDelete
    Replies
    1. ඔව් ජිවිතෙන් පරාදවෙලා පලා යන එක නෙමේයි හපන්කම ජීවිතේට මූන දෙන එක.. සතුටුයි ඔයා ගැන..

      Delete
  3. කොල්ලෙක් උනාට ඉතින් විභාගේ පලවෙනි පේපරේට කෙල උනාම මටත් එහෙම හිතුණා.. ඒත් ඉතින් යන්තම් යාළුවොන්ගේ දිරි ගැන්වීම් හින්දා Combined වලට B එකක් දා ගත්තා!
    ජය අක්කේ!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ මල්ලියෝ..විභාගේ කියන්නේ ජීවිතේ එක කඩඉමක් විතරයි.. සතුටුයි ඔයා ගැන..

      Delete
  4. මට කියන්න තියෙන්නෙ...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! :-)

    ReplyDelete
    Replies
    1. ඔයාට නම් රජ සම්පත් ලැබිලානේ. අපි අපේ කෙල්ලන්ව රැජිනියො කරන්නයි අදහස.. :D

      Delete
  5. "අපි අද ඉදන් අපේ ගැහැනු ළමයි බ්ලොග් එකත් එක්ක එකතුවෙන හැම ගෑණු ලමයෙක් එක්කම ජීවිතයේ මේ විදියේ කඩාවැටුනම ආයෙත් කකුල් දෙකෙන් නැගිටින්නේ කොහොමද කියලා කතා කරන්න අදහස් කරා."

    මොකෝ පිරිමි ළමයි වැටෙන්නේ නැද්ද? ගෑණුළමයි නැගිට්ටම ඇතිද?

    ලිපිය බොහොම හොඳයි.. හොඳ උපදේශනයක්..

    ReplyDelete
    Replies
    1. පිරිමි ලමුනුත් වැටෙනවා. මගේ ගොඩාක් යාළුවො ඉන්නවා එහෙම වැටුණු. හැමෝටම දිරිය දෙන්න තමයි අපි උත්සහා කරන්නේ. ගැහැණු පිරිමි කියලා භේදයක් නෑ සහෝ

      Delete
    2. නෑ හරී..වර්නා කිවා වගෙම ගෑනූ පිරිමි බේදයක් නෑ. ජීවිතේ කඩන් වැටුන හැමෝටම. ඒත් අපි මේක ඉල්ලක්ක කරන් ඉන්නේ ගෑනි ලමයිනේ ඒකයි එහෙම ලිව්වේ.. කොහොම උනත් ආවටත් පිලිතුරු ලිව්වටත් ස්තුතියි..

      Delete
  6. හොඳ ලිපියක්! :) පිං සිද්ද වෙන්න ඔ්න මේව ලියනවට! :)

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තූතියි.. හැමදාම එකතුවෙන්න අපිත් එක්ක. අපි හොද දෙයක් කරමු...

      Delete
    2. අනිවාර්යෙන්ම! මනුස්ස ප්‍රාණයක් බේරගන්න වැඩක්නං මම එන්නම්! :)
      මේක publish උනත් එකයි නැතත් එකයි! මම ඔයාලත් එක්ක ඉන්නවා! :)

      Delete
  7. මැරෙන්න හදන එකට වඩා උපරිම උත්සාහ දරල එක පාරක් ජීවත් වෙන්න උත්සාහ කරන එක වටිනව - http://mathakawasthuwa.blogspot.com/2012/02/blog-post_10.හ්ට්ම්ල්

    මේ වෙනුවෙන් අදහස් වලින් දායක වෙන්න මමත් ලෑස්තියි....

    ---ජය---

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පවනි..ඔයාගේ අදහස් අපි ගොඩක් අගේ කරනවා. අපිට ඔයාගේ අත්දැකීම් කියන්න...

      Delete
  8. ඇත්තටම මම දන්නේ නැහැ මේ ලිපිය ලියපු සහෝදරිය වයස කීයක කෙනෙක්ද කියලා ,නමුත් අනීවාර්යෙන්ම සමාජය ගැන හොදට අත්දැකීම් තියෙන කෙනෙක් වෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. ජීවිත අවබෝදය වයස විසින් විතරක් ලබල දෙන දෙයක් කියලා සහෝදරයා හිතනවනම් මට 60 කට වැඩියි කියලා හිතාගන්න්කෝ..:D..
      අත්දැකීම් සහ වයස යන දෙකෙන්ම කෙනෙක් පරිනත වුනාම ජීවිතය සාර්ථක වෙනවන් කොච්චර හොදයිද නේද..
      ස්තුතියි රොබින් ඔයාටත්...

      Delete
  9. වටිනා ලිපියක් කුමාරිහාමි...:) අපි අපේ ජීවිතය අවබෝධ කරගෙන හැම දෙයක් ගැනම ප්‍රායෝගිකව හිතුනොතින්, අප කාගෙත් ජීවිතෙ සුන්දරයි අරුත්බරයි කියන එක සහතික ය​.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පාතිමා ඔයාට හැමදාම වගේම.ඔයා අපිට හැමදාම ශක්තියක්...

      Delete
  10. අදහස ගොඩක් වටිනවා ඒ වගේම ඒකෙන් ගන්න ගොඩක් දේවල් තියනවා.

    ස්තූතියි අක්කේ. ඔයා මේ පෝස්ට් එක ලියලා කලේ ලොකු පිනක්.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තුතියි බලලා වචනයක් ලිව්වට..

      Delete
  11. මේක නම් පිනක්.
    කුමාරිහාමි ලියපු විදිය හදවතේ පතුලටම දැනුනා...

    ReplyDelete
  12. මේ වචන ටික හදවතටම දැනුනා... මමත් එනවා... හැමදාම...

    ReplyDelete
    Replies
    1. අපි හැමදාම තාරාව ආදරෙන් පිලිගන්නවා.

      Delete
    2. නැවත එන්න තාරා. ස්තූතියි ඔයාට..

      Delete
  13. මේ ලිපිය ගොඩාක් වටිනවා...විවිධාකාර අවස්ථාවල අපි හැමෝම මානසිකව වැටෙන වෙලාවල් තියෙනවා...ඒ වෙලාවට ලගින් ඉදලා හිතහදන්න කෙනෙක් ඉන්න එකේ වටිනාකම කියලා නිමකරන්න බෑ..ඒත් හැමෝටම එහෙම යහළුවෝ නෑ...සමහරු ඒ දේවල් හිතේ හිරකරගෙන ඉදලා ඉවසගන්න බැරි උන තැන මරණය කියන වැරදි උත්තරය තෝරගන්නවා...එහෙම නැතිවෙන්න පුලුවන් එක ජීවිතයක් හරි (අඩුම තරමින්) මේ ලිපිය නිසා බේරෙයි කියලා මම විශ්වාස කරනවා...හදවතට කතා කරලා ජීවිතේ අගය තෝරපු පුංචි කුමාරිහාමිට ගොඩාක් පින්....

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ගොඩක් ස්තූතියි. යම් කිසි දෙයක් මේකෙන් ඔයාලට ලැබුනා නම් මට ගොඩක් සතුටුයි..

      Delete
  14. //මුලු ලෝකෙම පිරිමි හිතෙන්නේ ගැහැණිය කියන්නේ හරිම ලඳ බොළද හැමදේටම අඬා වැලපෙන කිසිම දෙයක් දරාගන්න බැරි කෙනෙක් කියලයි//
    මේ කථාව නං ඇත්තටම පිළිගන්න බෑ.. ඕනිම පුද්ගලයෙක් (ගැහැණු/ පිරිමි) තමන්‍ට ගොඩාක් සමීප අය ඉන්දැද්දි බොලද වෙනවා තමයි.. ඒක සාමාන්‍ය දෙයක්.. ඒත් ඒ බොළදකමට යටින් තියෙන අරටුව සොයාගන්න එක තමයි වටිනම දේ..
    සාර්ථක උත්සාහයක්.. ජය!!

    ReplyDelete
    Replies
    1. බොළද කම ගෑණු ගතියක් විදියට තමයි මේ ලොකේ මිනිස්සුන්ගේ අදහස. ඒක ඔයා නෑ කිව්වත් ඒක එහෙම තමයි. මම කියන්නේ ආදරේ ඉස්සර බොළද වෙන එක නෙමෙයි..
      කොහොම උනත් ස්තූතියි.

      Delete
  15. ජිවිතේ හැමදේකින්ම කඩාවැටුන කෙනෙක්ට එක පාරට නැගිටින්න බැරි උනත් ටික ටික නැගිටලා සමාජය එක්ක පොර බදන්න පුළුවන් කියන එක මාත් ඉගන ගත්තා.මාත් හුගක් වැටිලා ඉදලා ටික ටික නැගිටින කෙනක්.එදා එක්ක බලද්දී මම හුගක් සාර්ථකයි කියලා මට දැනෙනවා..එත් තාමත් කලින් තැනට වැටෙන වෙලාවල් නැතුවම නෙවෙයි.එත් ජීවිතේට කොහම හරි අපි මුණ දෙන්න ඕනේ.නොලැබුන දේවල්,නැති උන දේවල් අපෙන් නැති උනේ අපේම හොදටයි කියලා හිතලා වැඩ කරන එක හුගක් හොදයි කියලා මම හිතනවා.හුගක් වටිනා කතාවක්..ගැහැණු,පිරිමි කියලා බේදයක් නෑ ජීවිතේට මුණ දෙද්දී..හුගක් සතුටුයි මේ දේ ගැන කතා කරන්න ගත්තු එක.ඕනෑම දේකට,ඕනෑම උදවුවකට, ඔන්න මාත් ඉන්නවා දිගටම...ජය..!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි හිරු.. ඔයා වගේ අය අපේ ගෑනු ළමයිට ශක්තියක්.. වැටිලා දුක්වෙවී අඬ අඬ ඉන්න එක නෙමෙයි හපන් කම හැමදෙයක්ම දරාගෙන ආයෙත් නැගිටින් එක.

      Delete
  16. හරි අපූරුයි අක්කේ.... මේ පළවෙනි ලිපියනේ... ඉස්සරහටත් මේ දේවල් ගැන කතා කරන එක වැදගත් කියල කමෙන්ට් බැලුවම පේනවා නේ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනූ ඔයාට.

      Delete
  17. කට්ටිය එකතු වෙලා හොද දෙයක් පටන් අරගෙන . හරි සතුටුයි .
    …වචනෙකින් හෝ කෙනෙක්ව නැගී සිටුවන්නට උත්සාහ කරන එක ඉතාමත් අගය කල යුතු දෙයක් .
    …බිම දාල පාගනවට වඩා , බොහෝ අය කරන්නෙ ඒකයි . ජය පතනවා දිගටම ලියන්න .

    ReplyDelete
    Replies
    1. ගිම් ඇවිත් කාලෙකට පස්සේ... ඔයාට මතකද මම බ්ලොග් ලියන්න ආපු කාලේ ඔයා මට දුන්න හිතවත් කම අවවාද, ඔයා වගේ අය තමා අපිට ඕනේ..

      Delete
  18. නියමම නියමයි ලිපිය අක්කෙ!! මීට අවුරුද්දකට විතර කලින් කියවන්න මටත් ලැබුනානම් මෙහෙම ලිපි සෙට් එකක්.... සතුටුයි.. ජීවිතේ වැටෙන්න අය නැගිටවන්න අපි උද්ව් කරමු!!

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔයා තාමත් පරක්කු නෑ හිතු,.. අපි අනිත් අයටත් උදව් කරන ගමන් අපිත් ඒවා ප්‍රයෝජනයට ගමු.

      Delete

අපේ සිනිඳු හිත් වල හයියට, මොනා හරි කියලා යන්න... ඔයාලාගෙ ශක්තිය හුඟාක් වටීවී....